මල් සමය නිම වේවිදෝ?


img_0606img_0607img_0612img_0613img_0641img_0655

වචන ලියුවත් වැරදියි. නොලියුවත් කෝචෝක් කරනවා. කඩන්නේ නැතුව මල් වල ලස්සන බලන්නට හැකි නම් වඩාත් හොඳයි. මල් කඩන එක මා කැමති දෙයක් නොවේ. මා මේ කියන්නේ පරිසරයේ හැදෙන මල්. වෙළඳ කටයුතු වලට මල් වවන එක වෙනම කාරියක්.

පොඩි කාලේ පන්සල් යන්න අයියල සමගින් වෙල අද්දර තිබුණ කහ පාටින් යුතු මල් කඩුව කැඩුව හැටි විවිඩ්ලී විචිත්‍රව මතකයි. හැබැයි ඒ මල් වල නම මතක නැහැ*. අර වැල්  වල හැදෙන්නේ. මේවා බිමට නොවැටී කඩා ගන්න අප වෙහෙසුනා. මොකද බිමට වැටුණොත්  පූජා  කරන්න බැහැ  කියුව නිසා.

ඒ වැල් ගිහිල්ල තිබුණේ වෙල අද්දර වැටට වගේ වවල තුබුන ඉණි  වලින් හැදුන තරමක් ලොකු ගස්වල. වෙලට අල්ලපු ඉඩම කියන්නේ රබර් වත්ත. මේවා පරණ රබර්. හැබැයි රබර් කිරි නොකප හැරියට පස්සේ, මේවායේ රූස්ස කැලෑව හැදිලා තිබුණ. පසු කලෙක මේවා පවුල් වල දූ  දරුවන් අතරේ බෙදිලා, විකිණිලා ගියා.

මේ ටිකත් එක්ක, ඉතිරි පින්තූර  අනෙක් බ්ලොගයට දමනවා. මේවා කෝණ  හොයමින් ගනිපුවා නොවේ. ඇවිදින විට දැකපු විට ලස්සන නිසා ගත්ත.

*මේ “සටහන” ලියා  වෙන වැඩක් කරමින් ඉන්න අතරේ , එකපාරටම  අර උත්සහ කරළත් මතක් කර ගන්න බැරි වූ මල් වල  නම මතකයට ආව. ඒ රුක් අත්තන  මල්. හැන්දෑවට අර බඹරු හෙම නටන්නේ (13.09.16).

 

 

Advertisements

33 Comments

Filed under Nature

33 responses to “මල් සමය නිම වේවිදෝ?

  1. Pra Jay

    ++++++++++++++++++

  2. NK

    නියමයි

  3. මට මේකට ලස්සනයි කියනන් බහ. බොහොම කණගාටුයි. මම කැමති ගහත් එක්ක මල් දකින්න. එතකොට වඩා ලස්සනයි කියල මට හිතෙන්නේ. මේවල නිකම් කෘතීම ගතියක පේනව මට.

    • මෙතරම් ස්වභාවික දෙයකට උඹ කෘතිමයි කියනවා! 😀

      මට නම් ලස්සනයි විතරක් නොවේ, ස්වභාව ධර්මයේ මාර සිතීමේ හැකියාව ගැනත් තියෙන්නේ ආස්වාදයක්. බලපන් ගිය වසරේ ඉතිරි කරගත්තු ශක්තියෙන් පළමුව උපදවන්නේ මල්. කොළ නැතිව මල් විතරක් තිබීම නිසා ඒවාට අවශ්‍ය අවධානය (කෘමින්ගෙන්) ලැබෙන එකට අමතරව, අනික් ශාක මල් උපදවන්න කලින් මේවා පිපිම මගින් තරඟකාරීත්වය අඩු වෙලාවක උපරිම ප්‍රයෝජනය ගන්නවා. පරාගනය වුන පසු හැදෙන පත්‍ර මගින් අනාගත වර්ගයා බෝ කිරීමට අවශ්‍ය ශක්තිය සොයා ගන්නවා. ඒ වගේම මුලදීම ගෙඩි හැදීම පටන් ගැනීම මගින්, ගිම්හානය අවසානයේ වතුර නැති වන්නට පෙර, ගෙඩි මෝරා අවසන්.

  4. Pingback: මල් සමය නිම වේවිදෝ? | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  5. මේ මුල් පින්තූර දෙක හා අවසන් පින්තූර දෙක cherry කුලයේ ගස් ද?
    පින්තූරයට වඩා සජීවීව ගහ ලඟට ගිහින් බලන්න තිබුණා නම් හොඳයි 🙂 මොකද පේන හැටියට නම් ගොඩක් ලස්සනයි වගේ.

    • අනික් සේරම කොමෙන්ටු වලට උත්තර දෙන්න හෙටට තියනවා. මෙයට පිළිතුර ලෙහෙසි නිසාත්, කියවන/බලන අයට ඔය ප්‍රශ්නම ඇති වන්නට හැකි නිසාත් අදම ලියන්නම් මේ උත්තරය.

      ඔව් චෙරි, ප්ලම්, ඇෆ්රිකොට් හා තවත් පළතුරු ගස් ගණනාවක් අයිති වන්නේ එකම ෆැමිලියකට. උඩම තියෙන්නේ decorative ප්ලම් ගස් වගයක්. ඕවයේ කුඩා ගෙඩි හැදුනත්, කන්න බැහැ.

      කහ පාට මල් ගෝල්ඩන් වොට්ල්.

      අන්තිම පින්තූර දෙකේ තියෙන්නේ Redbud කියන ගස් වර්ගය. එය චෙරි අයිති ෆැමිලි එකේ නොවේ. පළතුරු ගසුත් නොවේ. මේ ගස් වල කොළ රතු-දම් පැහැයක් ගන්නවා. මා කොළ ආපුවහම පොටෝ එකක් දමන්නම්.

      ඔව් හැබැහින් ගොඩක් ලස්සණයි. හැබැයි ටිකක් ඈතින් බලන විට වඩාත් ලස්සණයි.

  6. මල් කඩුව කියන්නේ අර ගම්පහ පැත්තේ තියන ගම නේද.

    විවිඩ්ලී කියලා මල් ජාතියක් තියනවද. අද තමයි ඇහුවේ

  7. වින්ටරය එනවා සත්තයි!

    • එහෙම වෙන්න දෙන්නේ නැහැ, අප වගේ හොට් අය ඉන්නකම්?

  8. tharushi m

    ලස්සන සිතුවිල්ලක්……. එක වෙලාවකට හිතෙනවා අපිත් පරිසරයේ කොටසක්ද කියලා..ඒත් අවාසනාවට…. සමහර මිනිස්න්ගේ ක්‍රියාකාරකම් අපිව ඒ තත්වෙනුත් පහතට ඇදලා දානවා…..

    හොද ලිපියක්….

    • කොටසක් තමා තරුෂි. හැබැයි පසුගිය අවුරුදු දෙතුන්සියය ඇතුලත, අප එයට කර තියන වෙනස්කම් ඉතා විශාලයි. මා දුටුවා පසුගිය දිනෙක කෙනෙක් වසර බිලියන 3.7 ක පොසිලයක් සොයා ගත්ත කියා. සාපියන්ස්ලගේ වයස අවුරුදු ලක්ෂයක්වත් නැහැ නේ.

  9. මල් සමය නිම වේවි Sure

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s