බ්ලොග් ලියා මුදල් සෙවීම; ඕස්ට්‍රේලියානු උදාහරණයක්!


මෙල්බර්න් නුවර බ්ලොග් කාරියක් වූ බෙල් ගිබ්සන්ගේ කතාන්දරය ගැන මා කලින් ලියුවා . ඇය  හා ඇගේ  බ්ලොග් එකේ කතාව ගැන කෙටියෙන් කියුවොත් මෙහෙමයි. බෙල් ඕස්ට්‍රේලියානු බ්ලොග් කරුවන් අතරින් දසලක්ෂපතියන් වූ අයගෙන් පළමු කෙනෙක්. ඇය  ප්‍රවර්ධනය කෙරුවේ ජිවන විලාසිතාවක්.

එම ජිවන විලාසිතාවේ අංග ලෙස ධනාත්මක සිතිවිලි, ස්වභාවික ප්‍රතිකාර හා සෞඛ්‍යමත් ආහාර  ත් අඩංගුයි. ඉතිං  අවුලක් නැහැනේ. හැබැයි ඇය  මේවා ප්‍රවර්ධනය කෙරුවේ, තමන්ගේ ජිවිත කතාවේ කොටසකුත් ලෙස. ඇයගේ ජිවිතයේ විවිධ අවස්ථාවල මාරාන්තික පිළිකා වලට ගොදුරුව සිටිය වග ඇය කියුවා.

ඇයගේ අනෙක් කතන්දර සියල්ල ගෙතුනේ එම ලෙඩ වලින් සුවවීම පදනම් ව. ඇය  කියුව පරිදි මේවයින් ඇයට  ගැලවෙන්නට ලැබුණේ, අර කලින් කියපු ජිවන විලාසිතා ලංකර ගැනීම නිසා. එය ඇත්ත නම් හරිම හොඳනේ. නැහැ එය නොවේ ප්‍රශ්නය. බෙල් කිසිදා කිසිම පිළිකාවකින් පීඩා  විඳපු තැනැත්තියක් නොවන වල හෙළිවුණේ ඔන්න ඔය අතර.

ඒ වන විට ඇය ඇපල්  සමාගමත්, පොත් ප්‍රකාශකයෙකුත් “ගොනාට අන්දා” ලක්ෂ ගණනක් සොයා ඉවර පමණක් නොවේ, විශාල අනුගාමිකයන් පිරිසකුත් බිහිකර අවසන්. ඒ අතර ඇත්තටම පිළිකා වලින් පීඩා විඳින පිරිස්ද ඉන්නවා. ඇයගේ  මේ ප්‍රෝඩාව ගැන වික්ටෝරියානු පාරිභෝගික කටයුතු  අධිකාරිය නඩුවක් පවරා තියනවා. එහි විභාගය දැනට කෙරීගෙන යනවා.

මා මේ කතාව යලිත් ලියුවේ බ්ලොග් වලින් සල්ලි හොයන්න හැකියි කියල මා දමපු කොමෙන්ටු පිළිතුරට, ප්‍රා, ඒ කොහොමද කියල අහල තිබුන නිසා. මා  දන්නා තරමට බටහිර ලෝකයේ මේ වගේ බ්ලොග් වලින් මුදල් සොයන පිරිස අතර ඉදිරියෙන් ඉන්නේ ජිවන විලාසිතා, ආහාර වට්ටෝරු හා ආහාර  සංස්කෘතියන්, ශාරීරික අභ්‍යාස, ඇඳුම් හා විලාසිතා, ගැජට් හා තාක්ෂණික කරුණු ප්‍රවර්ධනය කරන අයයි.

බොහෝ වෙළඳ නාම පවා මේ අය  උදව්වෙන් වෙළඳ ප්‍රචාරය කර ගන්නවා. සම්ප්‍රදායික දැන්වීම් වෙනුවට “තමන්ගේම විස්වාසවන්ත” කෙනෙක් ඇසුරින් වෙළඳ ප්‍රචාරයක් කියා නොදැනෙන්න වෙළඳ ප්‍රචාර කරන්න හැකි වීම, මෙහි තියන අනන්‍ය තාවයයි. දැන් ක්‍රිකට් ක්‍රීඩකයන් වැනි ප්‍රතිරුප සහිත අයට සල්ලි ගෙවා වෙළඳ දැන්වීම් හදනවට වඩා, මෙහි තියන විශේෂත්වය වන්නේ, එහෙම සල්ලි ගෙවුවය කියා හෝ මේ සල්ලි වලට කරන දෙයක් කියා, පාරිභෝගිකයන්ට නොදැනීමයි.

බෙල් ගේ  කතන්දරේට ගියොත් ඇය හාන්සිපුටු  විශේෂඥයයෙක්, නැත්නම් ස්වයං ඉගෙනුමක් සහිත සෞඛ්‍ය උපදේශකවරියක් කියාත් නම් කරන්න හැකියි. මේ වගේ කට්ටිය අද අන්තර්ජාලය හා ප්‍රධාන මාධ්‍ය අරක් ගෙන ඉන්නවා දකින්න තියෙන්නේ එක රටක දෙකක පමණක් නොවේ. සම්ප්‍රදායික ප්‍රතිකාර හා දැනුමට විකල්ප ඉදිරිපත් කරන මෙයාල පසුපස යන විශාල කොටසක් අප අතර ඉන්නවා.

මේ විසඳුම් ඉදිරිපත් කිරීම එකක්. ඒවා සොයා බැලීමකින් තොරව පිළිගැනීම  තව කරුණක්නේ. මෙතැනදී මේ සියල්ලන් ඉලක්ක කරන පිරිසක් සමාජයේ ඉන්නවා. එයාල නම් ලොකු කරදරයක වැටුන පිරිසක්. එක්කෝ, පිළිකා නැත්නම් වෙනත් රෝගයකින් පීඩා විඳින පිරිස, නැත්නම් ජිවිතයේ වෙන යම් කරදරයක වැටුන පිරිස.

මෙන්න මේ ඔපිනියන් කොළම  කියන පරිදි බ්ලොගර් කෙනෙක් හෝ සමාජ ජාල ක්‍රියාකරුවන් කියන්නේ නීතියට පිටින් ඉන්න පිරිසක් නොවේ. මේවයින් දෙන උපදෙස් හෝ ක්‍රියා පවතින නීතියට යටත් තමා. හැබැයි එයට මා තව කරුණක් එකතු කරනවා.

එනම්, මෙවැනි ස්වයං විශේෂඥයන් නැත්නම් හාන්සිපුටු වෛද්‍ය විශේෂඥයන් හා ගුප්ත විද්‍යා මහාචාර්යවරුන් එක වරම විශ්වාස කරන අයත් එලෙසම වැරදි කරුවන් නොවේද? මෙන්න මේ වගේ වෛද්‍ය වරුන්ට මාධ්‍ය වල විශාල තැනක් දෙන, මාධ්‍ය ආයතනත් එලෙසම වැරදි කරුවන් නොවේද?

නිතිය ක්‍රියාත්මක වීමේ  හා අනෙකුත් ආයතන වල වගකීම් වලින් ප්‍රතිඵල අපට එකවර ලබා ගන්න බැහැනේ. අපට කරන්න හැකි මූලික හා වැදගත්ම දේ, යමක් එකවරම පිළිගන්න පෙර, සේරම අනික් විදිහට වන විට එක කෙනෙක් හෝ දෙදෙනෙක්, නැහැ එහෙම නොවේ මෙහෙමත් ඕක කරන්න හැකිය කියුවට සොයා බලන එක. ලෝකයේ ආශ්චර්යයන් නැහැ.

Advertisements

51 Comments

Filed under Careers/Employments, Health, Lifestyle, Opinion, Research & Development

51 responses to “බ්ලොග් ලියා මුදල් සෙවීම; ඕස්ට්‍රේලියානු උදාහරණයක්!

  1. Pra Jay

    හරි ඔබතුමා පටන් ගන්න. අපිත් සයිඩ් සපෝර්ට් එකක්දීලා හම්බකරගන්න බලමු.

    • පබ්ලිෂ් කරන්න කලින් කියවන්න හැකි ආශ්චර්ය හැකියාවක් ඔබතුමාට තියනවද?
      දැන් මුලින්ම වැලිකඩ/ගොල්බන් යන්නේ කවුද?

      • Pra Jay

        Published 19.37
        Commented 19.43
        බෝට්ටුවෙ නෙමෙයිනෙ පෝස්ට් එන්නෙ.
        කොහොමත් දැන් බ්ලොග් ආස්චර්යමත්

        මං අඳුනන කෙනෙක් ඉන්නවා Stefan D’Silva කියලා ඔසී ප්‍රිසන් සර්විස් එකේ (අහල තියනවද) , ඔහෙ හොඳයිලු. මෙහෙනම් ප්‍රිසන් කියන්නෙ ඉස්පිරිතාලෙ තමයි

        • බෝට්ටුවේ අවොත් හරවල යවනවනේ. එහෙමනම් කියවන්න ලැබෙන එකක් නැහැ.

          මා අඳුනන අය ඉන්නේ ඇතුලේ. අරගෙන් අහල බැලුවොත් දන ගන්න හැකි වෙයි.

  2. මම නිව්ස්පේපර් කොලම් වගයක් දැම්මා බුකියේ මේ ගැන කියල.
    http://www.problogger.net/make-money-blogging/

    • මා දන්නේ නැහැ ඔය කියන තොරතුරු කොතරම් වැදගත්ද කියා මචං. උදාහරණයකට ලංකාවට වඩාත් අවශ්‍ය පේපැල් පහසුකම් තවම නැහැ. මෙහෙ ගත්ත වුණත්, සක්සෙස් ස්ටෝරි ගොඩක් නැහැ.

  3. NK

    හා එහෙනම් ඒකයි ඔබතුමා මෙතරම්ම ජිවන විලාසිතා සහ කෑම වට්ටෝරු ගැන ඔතරම්ම ලියන්නේ… තේරුනා අර මොකාටද වගේ.
    කට්ටිය ගොනාට අන්දවා ලිවිම කියන්නේ ‘බග්’ එකක් නෙවෙයි ‘ෆීචර්’ එකක් නේද? මම මේ කිව්වේ එහෙම ලියන අයට නේද සිංහල බ්ලොග් අවකාශයේ ජයකෙහෙලි නංවන්න පුළුවන්.

    හූප්… කට වහගත්ත

    • මා කිසිවක් ප්‍රවර්ධනය නොකරන වග ඔබතුමිය දන්නවා නේද? (බ්ලොගයද ඇතුළුව).
      කවුද ජයකෙහෙලි නංවන්නේ?

  4. මට මේක කොන්ෆියුසින්. දැන් ඇය වැරදිකාරියක් උනේ ඇයට පිළිකාවක් නැති නිසාද?

    අපි මොහොතකට මෙහෙම හිතමු. ඇයට පිළිකාවක් තිබුණු බවත්, නොයෙක් දේ කිරීම මගින් මෙය සුව වූ බවත් ඇය කී පමණින්, කවුරුහරි විශ්වාස කරනවා නම්, එයත් ගැටළුවක් නේද?

    ඇයට ඇත්තටම පිළිකාවක් තිබිලා සුව උනාම යයි කියමු, නමුත් ඒ සඳහා අපි නොදන්නා හේතුවක් තිබෙන්න පුළුවන් නේද? ඇයටත් අපටත් හැමෝටම මගහැරුණු? උදාහරණයක් විදියට ඇය කියනවා පිළිකාව සුව වන තුරු හැමදාම උදේට පැයක් ඇය අල්ලපු ගෙදර වහල දිහා බලන් හිටියා කියා. අපි ඒ මගින් පිළිකා සුව වන බව විශ්වාස කරනවද? නැහැ නේ. නමුත් දිනපතා ගනිපු ඔසු/කැඳ වැනි දෙයක් ඇය අපෙන් මගහරිනවා වෙන්න බැරිද හිතාමතා හෝ අත්වැරදීමකින්?

    මැරෙන්න යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවා තමයි, ඒත් කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි කියලත් කියනවා නේ. අනේ මන්දා, හරිම සංකීර්ණ ප්‍රශ්න මේවා.

    • අන්ඩර දෙමළ කොමෙන්ටුවට සමාවෙන 😀
      අද ගීතය අසා තිබෙනවා. මිතුරෙකුගේ ජීවිතයට ටිකක් සම්බන්ධ ගීතයක් නිසා යළි යලිත් ඇහුව. නොස්ටැල්ජියාත්මකයි.

      • තවම ඇය ට එරෙහි නඩුව ඇහෙනවා. අයගේ බිස්නස් සේරම දැන් අංජබජල් වී තියෙන්නේ.

        ඔය ගායකයා ගැන දන්නේ නැත්ද?

        • ගායකයා ගැන දන්නවා. 🙂

          නමුත් අපි ඒ දවස් වල ඇහුවේ එල්විස් ප්‍රෙස්ලි ගයන වර්ෂන් එක. ඒකයි ගායකයා ගැන නැතුව ගීතය ගැන නොස්ටැල්ජියාවක් ආවේ.

          • යාළුවෙකු ගාව ගත්තට, ඔබට වුනු දෙයක්නේ?

            • අනේ නෑ නෑ යාළුවා ගේ හිත ගෑනු ළමයෙකු වෙත ඇදී ගියාට පස්සේ එයා ඔය සින්දුව තමයි කිය කිය හිටියේ.

              පස්සේ රසවත් සිදුවීම් ගොඩකින් පස්සේ ඔවුන් විවාහ වෙනකොට, ඩාන්ස් කලේ ඔය ගීතයටමයි.

  5. Pingback: බ්ලොග් ලියා මුදල් සෙවීම; ඕස්ට්‍රේලියානු උදාහරණයක්! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  6. නිකං

    //ලෝකයේ ආශ්චර්යයන් නැහැ
    බොරු කියන්න එපා හලෝ මිනිස්සු පව්ව්ව්
    ඔහේ නැති වුනාට මෙහේ නං තිබ්බා .

    //මාධ්‍ය වල විශාල තැනක් දෙන
    කවුද දන්නේ රයිගම් මාධ්‍ය ආයතනට බුවා ගාණක් දෙනවද කියල
    ලාබ ලැබේ නං කවුද අකමැති.

    • බුවා දෙනවා විතරක් නොවේ, මේ වගේ සෙන්ශේෂනල් ප්‍රවුර්ති නිසා මෙයාලටත් වාසි තියනවා.

  7. කීයක් හරි හොයා ගන්න බලන්න ඕනැ මාත්

    • රසිකට ලෝකය පුරාම ආදරය කරන රසික-රසිකාවියන් ඉන්න නිසා වැඩේ අමාරු නැති වේවිනෙ?

  8. මා කියන්නේ නැහැ විසාල වසයෙන් ලක්ස ගන්න මුදල් ලැබිය යුතුයි කියලා..ඒත් සිංහල ලියන අපිට කීයක් හරි ඇඩ් සෙන්ස් වලින් ලේසියේන සල්ලියක් හොයාගන්න ඇහැකි නම් අපි අතින් වැදගත් ගුණාත්මක‍දේවල් මීට වඩා ලියවෙයි..

    අපිට යම්කිසි සයිට් එකකට එකතු වෙලා ලියත හැකි..නමුත් ඒකත් අවසානෙ පත්තරේට ලියනවා වගේ නේ.. නීති ‍රීති තියෙනවා..ඒත් අපිට බ්ලොග් විදියටම ලියලා ඒකෙන් සුලු මුදලක් ගත හැකිනම් ස්වාදීන අදහස් ටිකක් මීට වඩා ‍ඒවි..

    ඔබ කියන තාලේ ගෙවනවිට යම් යම් දේ ගැන ලිවීම ඒ නිශ්පාදනයේ මිල ඉහල යෑමට හේතු වනවා ඇති..ඒ වගේම යම් යම් ඇත තිබෙන බාන්ඩ වලට මේන් මාකට ්එකට දාගන්නත් මේ පැත්තකින් ඉන්න පිරිස හේතුවාසනා වෙනවා ඇති..

    • ඔව්, රට ඇතුලත හා රටින් ඉවත පිරිස් වලට ඉලක්ක කරන එක දෙකක් අමිල. ලංකාව අවශ්‍ය එක දෙයක් තමා පේපැල්. එය තියනවා නම් දැනට හිර වෙලා ඉන්න අයට හා අලුතින් එකතු වන්නෛන්න පිරිසට ලොකු තල්ලුවක් ලැබෙනවා.

      නොමිලේ ලැබෙන බ්ලොග් අට්ටාල වලට ඇඩ් සෙන්ස් වගේ දේවල් එකතු කරන්න බැහැ නේද?

      යම් යම් දේවල් ලිවීමෙන් මුදල් සොයන අය ලංකාවෙත් ඇතිය කියා මා හිතනවා. මේ වගේ දේවල් නිෂ්පාදකයන් හෝ සේවා සපයන්නන් සමග කතා කරන්න හැකියි විශාල ජනප්‍රියත්වයක් තියනවා නම්. විශේෂයෙන්ම පත්තර අලෙවිය අඩු වන විට, මේවගේ මාධ්‍ය හරහා වැඩි පිරිසකට යන්න හැකි වග තේරෙන කොට.

      මා හිතන්නේ අමිල ජනප්‍රියත්වය සමග බ්‍රෑන්ඩ් එකකුත් ගොඩ නංවා ගන්න ඕනේ. බ්‍රෑන්ඩ් ළකුණ (එනම් මිනිසුන් අතර යම් ගුණාත්මක බවක් ගැන විශ්වාසයක්) ගොඩ නංවා ගැනීම ජනප්‍රියත්වය ලබා ගැනීමෙන් පසුව බැහැ.

      වගේ දේවල් කරන්න සෑහෙන කාලයක් හා අවධානයක් යොදන්න ඕනේ.

      • සිංහල යුනිකේත වැඩිපුර පාවිච්චි කර තිබෙන ගූගල් එකවුන්ට් වලට ගූගල් ඇඩ්සෙන්ස් ලබාදෙන්නේ නැ..
        නැතිව වෙනත් බසින් තිබෙන බ්ලොග් වලට ඇඩ්සෙන්ස් එකතු කල හැකියි පහසුවෙන්ම..

        • එහෙමද? මගේ WP එකට එකතු කරන්න නම් එයාලගේ මුදල් ගෙවා ගන්න තියන වර්ෂන් වලට යන්න ඕනේ.

  9. tharushi m

    මටනම් ඉතින් මුදල් ඕන නෑ ….ඔන්න ඔහේ මිනිස්සුන්ට යමක් කමක් තේරුම් කරන්න වෙයි කියලයි මෙව්වා ලියන්නේ…..මට ඉතින් බලෙන් නඩු දාගන්න ඕන නෑනේ….😑😑

    • මා සාමාන්‍යයෙන් අවවාද/උපදෙස් දෙන්නේ නැහැ. හැබැයි තරුෂි මොනවා කළත් පරෙස්සමෙන් හරිද? 😉

  10. Anonymous

    ලංකාවට පෙපෑල් ඕනේ කියල කියන්නේ ඇයි?
    රුපියල් වලින් ගනුදෙනු කරන්නද (ලංකාව ඇතුලේ) එහෙම නැත්නම් විදේශ මුදල් වලින් (පිටරට භාණ්ඩ හා සේවා) ගනුදෙනු කරන්නද?

    • පේපෑල් ලෙහෙසි විකල්පයක්..මට අවශ්‍යයි මං ගාව තිබෙන පොතක් ලෝකයේ සහ ලංකාවේ වෙසෙන ලාංකිකයින්ට විකුනන්න..පේපැල් තිබුන නම් මට කෙලින්ම සයිට් එකක් අටවගෙන සල්ලි ටික ගන්නවා පොත යවනවා..වැඩේ ලේසියි..එහෙනං ඊබේ එකෙන් වුනත් පොත විකුනත හැකි ලේසියෙන්ම..

      ඒත් දැන් ටිකක් වැඩි ගානක් දීළ අපි පේමන්ට් ගේට් වේ එකක් හදාගන්නට ඕනි..ඒ ක තරමක් වියදම් සහිත වැඩක් නේ..

      • //අපි පේමන්ට් ගේට් වේ එකක් හදාගන්නට ඕනි..ඒ ක තරමක් වියදම් සහිත වැඩක් නේ.// කොතරම් මුදලකින් ඕක කරන්න හැකිද ලංකාවේ ?

  11. ඉඋමථිඑ අදිකාරීINDUMATHIE ADIKARI

    හැමදාම වගේ ආසාවෙන් කියෙව්වා.

  12. ලංකාවෙ සාත්තර කාරයො කරන්නෙත් ඔය වගේ දෙයක් නේද…

    • ඔව් සුනන්ද, සාත්තර, කේන්දර, නැකත්, පේන කරුවන් හා කාරියන් සියල්ල කරන්නේ මේ දෙයම තමා.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s