උත්තරයක්! When the west wind moves………………!


කළින්  සටහනට ඉකෝ හා අරූ  ලියල තිබුන උත්තර වලට ප්‍රති-උත්තර ලියා පළ  කරන බොත්තම එබූ  විට එය නොපෙනී ගියා මිසක්, පළ වූයේ නැහැ. ලියන ගමන් ඉබේම සේව් වන මේ ටෙම්ප්ලේට් එකේ එය යලිත් ලියන්නට උත්සහයක් ගන්නම්. අර ලියුව එක තරම් හොඳට එන්නේ නැති වග මා දන්නවා.

IMG_0596.jpg

ඉස්සර අපේ ඉඩම් බෙදා වෙන්කර තිබුනේ නැහැ. අපේ ආතාගේ සහෝදරයින් තමා වෙනම ගෙවල් වල මේ ඉඩම් වල හිටියේ. මහා පාර ගාවින් පටන් ගෙන කුඹුරු වෙනකම් දිවුන, මේ වතු වල භූමිය වෙනස් වීමත් සමගම වගේ තිබුන ගස්-වැල් ද වෙනස් වූවා. හැබැයි ඒ ගෙවතු වල තිබුණ  පළතුරු කන්න අපට තහනම් වුණේ  නැහැ.

පසුව මේ තත්ත්වය වෙනස් වුණා. එහි ආරම්භයේ වූ එක සිදුවීමක් මට  හොඳට මතකයි. ඔන්න මහා පාරට අද්දර ලොකු බෙලි ගහක් තිබුණා. කුඩා කාලේ මේ බෙලි වැටෙන විට අප ළඟ හිටියොත් අහුලා පලල  කනවා. බෙලි වල තියන ප්‍රශ්නය තමා, ඇතුලේ ඇට  වටා තියන ගම්. මා හිතන්නේ සතුන්ගේ ඇඟේ අලවන්න හෝ ඇට  කන්නට බැරි වන්නට ඕනේ මේ ආරක්ෂාකාරී උපක්‍රමය බෙලි ගස් සොයාගෙන ඇත්තේ. අමුතු අප්‍රියජනක රසක් ඒ ගම්  වල තිබුණා.

දිනක් මා ආතාගේ  ගෙදර, එනම් තාත්තගේ මහා ගෙදර ඉන්න විට බෙලි ගෙඩියක් වැටුණා. කුඩා මා, එය ගන්න දිව ගියා. එවිට මට කලින් එතැනට දුවගෙන ආපු, අපේ ආතාගේ මල්ලි කෙනෙක් බැඳලා හිටිය, අපේ ආච්චි කෙනෙක්,  එය මට කලින් අහුලන් ගියා. මට තවම මතකයි ආතා තමන්ටම කියා ගත්ත දෙයත් (එය සාමාන්‍ය වහරේ කුණුහරුපයක්). ඒ සිදුවුණ  දෙයට ඇතිවුණ  කලකිරීම නිසා වෙන්න  ඇති. මා පාසල් යන්න පටන් ගෙන තිබුනේ නැහැ.

එතැන් පටන් බෙලිගහේ බුක්තිය අපෙන් අයින් වූවා. එයට හේතුවූ ක්‍රියාදාමය ගැන මට අවබෝධ වුනේ එයින් ගොඩක් කලකට පසුව. මේ වගේම තවත් පසෙක තිබුණ  විශාල ඇඹරැල්ල ගසකුත් අපෙන් ඉවත් වූවා.

img_0619

හැබැයි අපේ තාත්ත හා ආත පොඩි කපටි කමක් කෙරුවා. එනම් මේ බෙලි ගහට යාබදව ඉතා උස පොල් ගහක් තිබුණා. එය අයිති යයි සැලකුණේ  ආතලගේ ගෙදර තිබුන කොටසට. පොල් කඩන කෙනාට තාත්තා  හා ආත  කියනවා පොල් ගෙඩි ටික අර බෙලි ගහට අත හරින්න කියා. එතකොට වැටෙන පොල් හා බෙලි දෙකම අප එකතු කරනවා.

මේ ඉඩම් වෙන් කිරීම කුඩා අපගේ ජිවිතයට විශාල අනර්ථ බලපෑමක් කෙරුවා. එය ගොඩක් කල් ඇදිල ගිය ක්‍රියාවලියක් වූවා. අපේ ආතා ගේ ඇසුර මා ඉතා ප්‍රිය කළා. එයා පමණක් නොවේ ආතාගේ මල්ලි වන පොඩි ආතාගේ ඇසුරත් එහෙමයි. වෙන් වූයේ  ඉඩම් හා ගස් පමණක් නොවේ, මේ මිනිස් සඹදතා පවා වෙන් වූවා.

ඇත්තටම අපේ තාත්තලා මේ ප්‍රශ්න විසඳා ගත්තේ වඩාත් ශිෂ්ට ක්‍රමයට. වෙනත් මිනිසුන් වෙන් කරගන්නේ බෙලි ගස් පමණක් නොවේ. ඇත්තම බෙලිත් වෙන්කර ගන්නවා. ගස්වැල් හෝ ඉඩම් වලට තබා, මොනම දේ කටවත් මිනිස් ජීවිත බිලිදීම හා ගැනීම පුදුම ගොන් පාර්ට් එකක් වගේම, එසේ විනාශ කරන ජිවිත පමණක් නොවේ  ජිවත් වන අයත් ඉන්පසුව විඳවනවා ඇති (සමහරවිට නැතුවත් ඇති).

හරි යලිත් පළතුරු  වල කතාවට ගියොත්, ගෙවතු යයි සැලකුණු ගෙවල් තිබුන හරිය පහුවෙත්දී තිබුනේ පරණ රබර් වවා තිබුන කොටස. මේවා විශාල පරිධියක් සහිත ගස්. රබර් වල මිල පහත වැටීම හා මේ ගස් වල ඵලදායිතාවය පහල ගිය නිසා මේ රබර් කොටස නොසලකා හැරයි තිබුණේ. ඇත්තටම එය කැලෑවක්.

මේ කැලෑවේ වල්ලපට්ට, කදුරු, දිය කදුරු, බෝඹු, ගොඩපොර, වල්  දෙල් හා තවත් මට මතක් නොවන ගස් වර්ග රාශියක් තිබුණ.එයිට අමතරව බෝවිටියා, දං, බලු දං, කජු, ගොරක, වෙරළු, වල් අන්නාසි (කන්න අමාරුයි නමුත් මා නම් කාල  තියනවා), එරමිණියා, හිඹුටු  වැනි ගෙඩි කන්නට හැකි ගසුත්, තවත් ඇඹුලට  කොළ කන්නට හැකි වැල්  වර්ගයක්ද තිබුණ. පොත්ත කන කුරුඳුද තිබුණ. බෝවිටියා මලේ රේණුත් කන්නට පුළුවන්. මේවා අප ලබපු පෝෂණයේ කොටස්.

ඉකෝ කියනවා වගේ අපට මැන්ගුස් තිබුනේ නැහැ. ඒ වෙනුවට අප කෑවේ ගොරක මද. ගොරක මදත් ගස් වලින් ගස් වලට වෙනස්. මදයේ පැහැයත් වෙනස්. එයිට අමතරව ඉදුණු විට පැලෙන ලාවුළු ගස්ද තිබුණා. තව පළතුරක් ද වන හා උයන විට දමන බිලිං  තිබුණ. ගෙඩි කිසිදා නොහැදුන සැපතිල්ල ගහක් ද තිබුණ. පොල්ගස් යට හැදුන බිම් පොල් කියන්නේත්, පළතුරක් යයි සලකන්න හැකියි.

IMG_0660.jpg

තාත්තා හා අම්ම එකතු වෙලා ගොඩ නගපු, අපේ ගෙදර ඉස්සරහ කටුලොවි ගහක් හිටෙව්වේ අපේ ලොකු අයියා. එය අපට වඩා ගොඩක් වේගයෙන් වැඩුනා. කටුලොවි ගහෙ පාමුල හැදෙන කටු මාර  භයානකයි. හැම පැත්තට ම විහිදෙන අතු සහිත මේ කටු නිසා ගහට නගින්න බැහැ. ගහ ලොකු වුනහම කටු සේරම කපල ගිනි තිබ්බේ මා. එහෙම කෙරුවට පස්සේ ඉඳහිට එන අලුත් කටු, මෙලෙක් විට කඩා ඉවත් කෙරුවහම හරි. කාලයක් යන විට කටු ඒම  නවතිනවා.

කටු ලොවි ගහට නැගීම භයානක දෙයක් වන්නේ කටු හින්දම නොවේ. නැග්ගහම ආසාත්මික තාවයන් එනකම් ගෙඩි කනවා. තරු කාලෙත්  කහට ගතියට කන්න හැකියි. හැබැයි හොඳට ඉදුණු විට තලලා කන විට රසය වැඩියි. කළු වන්නට ඉදෙන්න දුන්නහම තමා රස. හැබැයි කුරුල්ලන් අපට ඉස්සර වෙනවා. පලා කොට්ටෝරුවන් තමා නරකම.

කුස්සිය ගාව තිබුන ලොවි ගහ එයිට වෙනස්. හොඳින් ඉදුණ විට තද රතු නමුත් ඇඹුල යන්නේ නැති, මේ ලොවි ගහට නැග්ග විටත් හමේ පලු එනකම් ලොවි කනවා. සමහරවිට ලුණුත් එක්ක. වෙරලුත් අමුවා කෑවේ  ලුණුත්  සමග. ඉදුනු විට සූරලා  පොල්කට්ටකට දමා සීනි  සමග කොටලා  හැකියි.

කජු ලොකුවට තිබුනේ නැහැ. උදෙන්ම ගියොත් වවුලන් විසින් පුහුළන්  කාපු නිසා, බිම වැටිලා තියන කජු අහුලන් එන්න හැකියි. නැත්නම් වෙනත් අය  මේවා සූරන් යනවා. හොඳට  ඉදුණු කජු පුහුලන්ද කහට ගතියක් තිබුනත් නරකම නැහැ.

අද ඔය මොනවත් කන්නේ නැත්තේ මෙහෙ  එව්වා නැති නිසා. වරක් කුවින්ස්ලන්තේ ගිය විට පළතුරු කඩේකට ගොඩ වැදී, අප පිස්සන් වගේ ඔය වගේ පළතුරු අරගෙන, එතැනම  කන විට, දරුවන් පැත්තකට වෙලා වුන්න. අද අපගේ ළඟ ඉන්න ස්මිත් ආච්චිටද, නැත්නම් රෝස පාට ලේඩිටද මා වඩා කැමති කියා වෙනත් දිනෙක ලියන්නම්.

පසු වදන

පින්තූර මගෙනි. ඔය ගහෙ දැන් කොළ ඇවිත්. ඊයේ ගත්තු ෆොටෝ එක පසුව එකතු කරන්නම්.  එකතු කෙරුව (8.50pm). සටහනත් පින්තූරත්, ගීතයත් දැන් සම්පුර්ණයි.

කලින් දමා තියන මේ ගීතය  සටහනට වඩාත් බද්ධයි කියා මට සිතෙනවා.

 

 

Advertisements

27 Comments

Filed under Opinion, Photography

27 responses to “උත්තරයක්! When the west wind moves………………!

  1. ඉඩකඩම් පිලිබඳ ගැටළු නිසා ගොඩක් පවුල් වල නෑදෑ සම්බන්ධකම් දුරස් වෙනවා.
    කොහොම උනත් ඉතා ලස්සන අතීතයක් හා ළමා කාලයක්.

  2. Pingback: උත්තරයක්! When the west wind moves………………! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  3. අතීතය වගේම, වර්තමානය ඉතාම රසවත්. මෙහෙම බ්ලොගයක් කරන්න හැකිවී තියෙන්නෙත් ඒ නිසාම තමා මානවි. ජීවිතේ ප්‍රීති සංචාරයක්.

    ඔව්, ඔබගේ ප්‍රතිචාරය නිසා මා අලුත් ඡේදයක් එකතු කෙරුවා. ඉඩකඩම් ප්‍රශ්න බුද්ධිමත් පිරිස් එක්ක විසඳා ගැනීමට පුළුවන්. අපේ ආතල විතරක් නොවේ, එයින්පසුව අපේ තාත්තලත් වැඩිදුර ඉගෙනීම කරපු අය නිසා මේ ප්‍රශ්න වඩාත් ශිෂ්ට ලෙස විසඳා ගත්ත.

    පසු කලෙක කෑලි වලට කඩල විකුණා දමපු සමහර ඉඩම් වල දැන් පදිංචි මිනිසුන් සමග කටයුතු කිරීමේ අමාරු කම අම්ම මට සමහරවෙලාවට කියනවා.

  4. ඉන්දුමතී අදිකාරීINDUMATHIE ADIKARI

    ඔබේ අත්දැකීම් එලෙසින්ම අපත් ලැබුවා .නෑ සබඳතා බිම්කඩවල් නිසා ඈත්වීමේ දුක වින්දා අප කුඩා කල ඒ අත්දැකීම් සිහි වුණා .ගීතය නම් මා ඉතාම ප්‍රිය එකක් .

  5. ඔබේ ගෙදර තියෙන්නෙ මොන දිස්ත්‍රික්කයේද?

  6. ඔබේ නමේ සිංහල කොටස ඉවත් කෙරුවා නම් හොඳ නේද?

  7. සුනන්ද ඡායාරූප බලල, ගීත අහන කෙනෙක් වගේ. 🙂

  8. ඔව්. මමත් ක්ලින් බ්ලොග් ලිවා. දැන් අනිත් අයගෙ ඒවා කියවනව. ඇත්තම කිවොත් මගේ ගෙදරත් ඔය වගේ. ඔය තරම්ම පලතුරු නැතත් ටිකක් තියනව.

  9. ඉඩකඩම් ගැටලුවක් නිසා අපේ පවුලේ ඥාති පාර්ශව දෙකක් සම්පුර්ණයෙන්ම අපට අහිමි වෙලා තියෙන්නේ. උඹල හිටිය පැත්ත නම් මනරම් පෙදෙසක් බව කිව යුතයි.

  10. tharushi m

    ඔය කිව්ව පළතුරු වලින් සමහරක් ඒවා පමණක් මම කාලා තියෙනවා..සමහරක් ඒවා නෑ…ඔබගේ ගම් පලාත ඉස්සර හුගාක් ලස්සන ඇති….සමහරවිට දැන් එහෙම නැතිව ඇති…..

    ඉඩකඩම් ප්‍රශ්න ගැනනම් මම කතා කරන්න තියා අහන්නවත් ආස නඅ😑😑

  11. ඉඩම් ගැටළු ලාංකිකත්වයේ ලක්ෂණයක් නේද මචං?
    එය මනරම් තමා ඒ කාලයට අනුව. අද නම් එහෙ ජිවත් වෙන්න මට පුළුවන් කමක් නැති වේවි කියලයි සිතන්නේ.

  12. හරිම ආසාවෙන් කියෙව්වේ. අතීත මතකයන්ට කොහොමත් ආසයි. මේ ලියලා තියෙන බොහෝමයක් දේවල් එක්කම ගෙවපු කාලයක් තිබුනා. ඒත් සීයා එක්ක ගමේ. මේ ලියපු දේවල්වලට අමතරව එහේ තිබුනා හොඳ නමිනං ගහකුයි, ගඩුගුඩා ගසුයි. පලු දානකං කනවා. වල් අන්නාසි ගලක ගහලා කෑලි කඩාගෙන කන්නේ.. ගස් ගඳයි කියලා ආච්චි වෙලේ ලිඳට නාන්න යවනවා. මේ පෝස්ට් එක බොහොමයක් දේවල් මතක් කෙරෙව්වා.

    මෙන්න මේකට නම් හොඳටම හිනා ගියා…
    ////////වෙනත් මිනිසුන් වෙන් කරගන්නේ බෙලි ගස් පමණක් නොවේ. ඇත්තම බෙලිත් වෙන්කර ගන්නවා./////////////////

  13. ජනාකීර්ණ වීමත් සමග එදා තත්වය අද නැහැ තමා තරුෂි. නමුත් තවම ගමක් තමා.

    //ඉඩකඩම් ප්‍රශ්න ගැනනම් මම කතා කරන්න තියා අහන්නවත් ආස නඅ😑😑// එහෙමනම් ඉතින් කතා නොකර ඉමු!

  14. අපට අපට විශාල නමිනං ගහක් තිබුණ මචං ලියුවේ නැතුවට. එහි ඔන්චිල්ලාවකුත් බැඳලා තිබුණ. පස්සේ මේ ගහ කපා දැමුවා. එතකොට අප ලොකුයි. මා තමා උඩ අතු ටික කැපුවේ. ඒ දවස් වල ගස් කපන එකත් මගේ විනෝදාංශයක් (තාමත්). පොඩි කාලේ මං කෙහෙල් ගස් මැදින් හිල් කරනවා. එතනින් දල්ල ආපුවහම, මා හිතන්නේ තාත්ත උඩ ටික කපල, යලිත් ගහ හැදෙන්න අරිනවා.

    අර නමිනං ගහ ගාවම ඇල වෙච්ච නාරං ගහකුත් තිබුණ. එය නම් අප කුඩා කාලෙම දිරල ගියා.

    එහායින් පුවක් ගොල්ලක් තිබුණ. මා ඉස්සර අර වක් පිහිය වගේ කෙක්කට අමුණන්න හදල තියන එකෙන් පුවක් වලු කැඩුව. නිකම් ආසාවට. හැබැයි තාත්ත හා අනෙක් අය බුලත්විට කෑව. ඒ නිසා අපතේ ගියේ නැහැ.

    තව තිබුණ රටපුවක් ගහක් ආතලගේ වත්තේ. මට මතකයි කෙක්ක දමල ඇද්දහම කෙක්කෙ අනෙක් කොන වැදුණේ කකුලේ මහපට ඇඟිල්ලක නියපොත්තේ. තරු විසි වුණා. ඒ නියපොත්ත හැලිලා අලුත් එකක් ආව. විට කන්න ඕනි හින්ද නොවේ, පුවක් ඉදිලා තියන කොට කඩන්න ආසාවට කරපු දේවල්.

    අර නමිනං ගහේ ගෙඩි වලින් හැදුන කුඩා ගස් ගෙවත්තේ තවම තියනවා. අද නම් මේවා කිසිවෙකු කනවද කියාවත් මා දන්නේ නැහැ.

  15. tharushi m

    අනිවාර්යයෙන්ම ….මගේ ජීවිතේ මම පිළිකුල්ම කරන මාතෘකා තමා දේශපාලනයයි ඉඩකඩම් ගැටලුයි…😑😑 සමාවෙන්න එහෙම කිව්වට

  16. හරිම රසවත් සටහනක්.. මමත් පොඩි කාලේ ගහටම නැගලම කන්න තමා කැමති.. මේ ඉඩම් අවුල තාම අපි විඳලා නැ.. අපේ අම්මා කියනවා ඉස්සර සීයා හිටපු ගමන් තැගි ඔප්පු වලින් ඉඩම් ලියලා දෙනවලු නැති බැරි අයට.. ඉගෙන ගත්තේ නැති නැදැ ළමයින්ට එහෙම..

  17. නිම්නිගේ සීයා ලොකු බර කාරයෙක් වගේ? අවුලක්ම කියන්න බැහැ. අවුල විසඳා ගත්ත මා හිතන්නේ.

    මේ ඒක නොවේ, ඔබට කොපමණ ඉඩම් ලංකාවේ තියනවද? 🙂

  18. //මගේ ජීවිතේ මම පිළිකුල්ම කරන මාතෘකා තමා දේශපාලනයයි…// හපොයි තරු, අප දැන් මොනවාද කතා කරන්නේ? මන් හිතන් හිටියේ ගොඩක් දෙවල් කතා කරන්න. දැන් ඉතිං මුනිවත හොඳයි දෙබසින්…..තමා! 😀

  19. tharushi m

    හපෝයි !!! 🙊🙊 එ් මොකද ඒ

  20. ඉන්දුමතී අදිකාරීINDUMATHIE ADIKARI

    ඒ වැරැද්ද හදා ගන්න ඕනෑකම තිබුණත් පරිගණක ශිල්පයේ අඩු දැනුම බාධාවක් වෙලයි තියෙන්නේ මේ ටිකවත් කරන්නේ දරුවන්ට පින් සිද්ද වෙන්න එයාලා කියල දුන් නිසා.ඒ ගොල්ලෝ යන්ත්‍ර වගේ වැඩනේ .ඉතින් මම බැරිම තැන තමයි කරදර කරන්නේ සිංහලෙන් වැරදුනාම බැරි බැරී ගාතේ ඉංග්‍රීසියෙන් නම කොටා ගෙන එයින් සෑ හීමට පත් වුනා .ඔයාලට මේ විදියෙන් හරි සම්බන්ධවීම හොඳයි කියා සිතුවා .නම හදා ගන්න තුරු මේ විදියට තිබුනාවේ හොඳේ !ඇත්තටම නව දැනුම ලැබීමට බ්ලොග්කරුවන්ගෙන් ලැබෙන සහාය පිළිබඳව හරවත් දේ ලියන බ්ලොග් ලියන්නන් අගය කරනවා.ඔබත් ඇතුළුව.

  21. ඉඋමථිඑ අදිකාරීINDUMATHIE ADIKARI

    ගොඩාක් ස්තුතියි !

  22. හි හී.. මට සීයව යාන්තමින් මතකයි.. ඒ තරන් බර වෙන්න බැ, හැබැයි උසයි..ඒ ඉඩම් ගැන කතා කරල වැඩක් නැ රයිගම්.. ඉස්සර එක පවුලකට අයිති වෙලා තිබ්බ ඉඩමක් හිතන්නකෝ දරුවො 8 දෙනෙකුට බෙදිලා ගිහින් ඒ එක දරුවෙකුට දරුවෝ ඉන්නවා අඩුම ගානේ 2න්නෙක්.. ඉතින් දැන් එක් කෙනෙකුට තියන ඉඩම් ප්‍රමාණය ගැන කතා කරලා වැඩක් නැ…:)

  23. අපේ ගෙදරත් ඉඩම් හුටපටය ගොඩක් ඇදෙනවා ඉස්සරහට.. ඒක විසදගන්න මම උත්සාහ කරන්නෙත් නෑ..කොහොමින් කැරකිලා හරි මට ගේ ලැබෙනවා ඒ ඇති. ඒත් මගේ අනාගත (තවම සොයාගන නැති) බිරියට ඕවා හෙන පස්න වෙයි.. එයා ඕවට මාවත් ෆෝම් කරාවි රන්ඩු කරගන්න සහෝදරයින් එක්කලා..

    මට බාල පුතා විදියට ගෙදර අයිති වුනත් කොළඹින් කාමරයක් අරං ජිවත් වෙන්න මම කැමැති වේගෙන එනවා දැන් දැන්… වගාවක් හරි මොකක් හරි කරනවා නම් රට ගිහින් කී්‍යක් හරි හම්බකරන් ඇවිත් අලුත් ඉඩමක් ගන්නවා..

    මට අයියල දෙන්නයි නංගියි..එයාල මම වගේ නෙමෙයි ඉඩකඩම් වලට ලොල් අය.. වස්තුව දේපලට ආසා අය.. ඉතිං එයාලට ඕක බෙදාගන්න ඇරලා පැත්තකට වෙන ‍එක බොහොම සණීපයි..

  24. අමිල, ඉඩකඩම් හා ගෙවල් දොරවල් වලට ජිවිතයෙන් භාගයක් හෝ මුළු ජිවිතයම කැප කිරීම මාර ගොන් පාර්ට් එකක් කියලයි මා හිතන්නේ. මිනිහෙකුට (ගොවිතැන නැතුව, වෙන රැකියාවක් කරනවා නම්) කොතරම් ලොකු ඉඩමක් ඕනෙද? මහලොකු එකක් අවශ්‍ය නැතිය කියා, අපේ ගෙවත්ත ම කියනවා. මේක කුඩා වුවත් මට අවශ්‍ය දේවල් සියල්ල මෙහි මා කරනවා. දැන් ගෙවතු ඕනෙත් නැහැ. තට්ටු ගෙවල් වල ඔය යසට ජිවත් වන්නේ. මලුත්/එළවලුත් ඕනි නම් වවන්න පුළුවන්.

    අපේ දෙමාපියන් කරපු එක මෝඩ කමක් තමා, ඒ ප්‍රශ්න ආපු වෙලාවෙම එතනින් ඉවත් නොවීම. ඒවා දැන් යටගිය දේවල්.

  25. //////////ඉඩකඩම් හා ගෙවල් දොරවල් වලට ජිවිතයෙන් භාගයක් හෝ මුළු ජිවිතයම කැප කිරීම මාර ගොන් පාර්ට් එකක් කියලයි මා හිතන්නේ. මිනිහෙකුට (ගොවිතැන නැතුව, වෙන රැකියාවක් කරනවා නම්) ///////////////
    +++++++++++++++++++++++=

  26. ඒ මොකද කියන්නේ? ජීවිතය කියන්නේ දේශපාලනයක් නොවේද?

  27. tharushi m

    අපෝ මගේ ජීවිතය දේශපාලනය නෙමේ

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.