හොර-මාම-යිට්, vegemite and G’day mate! (දෙවෙනි කොටස)


කුඩා කාලය ගැන මා ලියූ  සටහන ගොඩක් දෙනා සිත් ගත්තු වග සටහන්  කර තිබුණා. බෝවිටියා නැති අද දරුවන්ගේ ළමා කාළය,  අපගේ වගේ සුන්දර නැතැයි  පිරිසක් හිතනවා. බෝවිටියා නැතිකමින් නම් දරුවෙකුගේ ජීවිතය අසුන්දර වන්නේ නැහැ. හැබැයි දරුවන්ගේ ජීවිතය අසුන්දර වීමට  සමාජයේ තෙරපුම, අධික තරඟය, ස්වල්ප අවස්ථා හා මවුපිය වැරදි තේරීම් යනාදිය නම් බලපානවා.

මගේ ළමා කාලය  යලි බලන විට සතුටක් ඇති වන්නේ අප සියලු දේවල් වලින් සම්පුර්ණව ජිවත් වූ නිසා නොවේ. සාමාන්‍ය මැද පංතියට  (ඒ කාලයේ) අයත්වූ අපගේ දෙමාපියන් ට විශාල ආදායම් මාර්ග තිබුණේ  නැහැ. ඔවුන්ට අපට දෙන්න පුලුවන් වුණේ  ප්‍රධාන වශයෙන් දෙකක්. එනම් අපත නොවුණු වටා පිටාවක්. අනික අපත නොවුණු ජාන ටිකක් උරුම කර දීම.

අපත නොව ජාන  කතාවට නොයා අපත නොවන පරිසරය ගැන ටිකක් හිතමු. දෙමාපියන්ගේ සමාජ ආර්ථික (හා අධ්‍යාපන) තත්වය දරුවන්ගේ ඉගෙනුමට බලපාන හැටි රහසක් නොවේනේ. පසුගිය වසර දහය ඇතුලත ඕස්ට්‍රේලියානු සරසවි වලට ඇතුල් වූ දේශීය සිසුන් අතර, පහල සමාජ-ආර්ථික ස්ථරයෙන් නියෝජනය වන සිසුන් ඉන්නේ 16.1% ක් පමණයි.

එවැනි පරිසරයක හැදෙන දරුවෙකුට, එම සමාජ-ආර්ථික මෙන්ම එයටම හේතු වන අධ්‍යාපන වටපිටාවෙන් ගැලවෙන්නට හැකි සම්භාවිතාවය අඩුයි. අන්තර්-පරම්පරා නූගත්කම හා දුප්පත්කම ලෝකයේම ප්‍රශ්නයක්. අපගේ ගෙවල් වල  තිබුන පරිසරය මා වැදගත් කියුවේ ඒ නිසා. හැබැයි එය පමණක් ප්‍රමාණවත් නැහැ. තව පනින්න කඩුලු  තියනවා. මේ සටහන දිග වෙන නිසා ඒ කතාව මෙතනින් නිමි.

අනික්  එක තමා ,අපගේ දෙමාපියන් ගේ තිබුණු ආකල්ප. තද ආගම් ඇදහීමකට  අපව යොමු නොකරපු එක එක හොඳක් කියා මට සිතෙනවා. අනික් අතින් අපේ අම්මල-තාත්තල අපට කියා වන්දවා ගත්තේ නැහැ. එය ඒ කාලෙට විතරක් නොවේ, අද ඉන්න අපේ දෙමාපියන් සැලකුවත් නියම ලිබරල් ගුණයක්.

මා කියුවනේ අපගේ ළමා කාලය සියලු දේ වලින් ආඩ්ය එකක් නොවේ කියා. හැබැයි සාපේක්ෂ වශයෙන් අපගේ ජිවිත ගැන මහා කනගාටුවක්  වෙන්න අවශ්‍ය නැහැ. මොකද ලෝකයම ගත්ත වුණත්, අද පවා අපගේ ළමා කාලයට වඩා බොහෝ දුෂ්කර ළමා ජිවිත  හැම රටකම තියනවා.

අප ලොකු වන්න වන්න දෙමාපියන්ගේ ගේ අතේ හැකියාව පහල ගියා තමා. ඉස්සර මට එක අයියා කෙනෙක් හිනා වුණා, මෙයා චීස් දැකල නැහැ කියා. මොකද එයාලගේ පොඩි කාලේ චීස් අපේ ගෙදරට නිතර ගෙනාපු දෙයක්. මට අද චීස් විතරක් නොවේ, අර සමබර ආහාර වේලේ  සියළු  සංගටක වැඩි අපහසුවකින් තොරව මිලදී ගන්න හැකියි.

හැබැයි මොනවා නැති වුණත්, අපගේ ගෙදර බොහෝ විට දිගටම තිබුණු තවත් දෙයක් තියනවා. එය නම් මාමයිට්. කුඹුරු වලින් ලැබුණ  වී ගොඩක් වෙලාවට ගෙදර තිබුණා  වගේම මාමයිට් බෝතලයකුත් තිබුණේ  කරුණු දෙකක් නිසා. එකක් තමා සතොසින් මේවා තාත්ත මිලදී ගැනීම, අනික තමා හැමෝම මේවා නොබීම. ඉතින් ගෙනෙන බෝතලය ටික කලක් කොහොමත් තියනවා.

මා  ඒ දිනවල මාමයිට් බොන්න විතරයි කැමති. පාන්, බිස්කට් වල ගාව  ගෙන කන්නත් හැකි නිසයි එය විශේෂයෙන් ලියුවේ. උණු වතුරේ දියකර, රම්පෙ දමා, ගම්මිරිස් සමග බීම තමා හොඳම විදිහ.

මාමයිට් ගැන විකිපීඩියා පිටුවේ ලංකාව ගැනත් සඳහන්. සුරියමල්  වැඩසටහන කාලේ තිබුන පෝෂණ ඌණතා වලට මිනිසුන්ට මාමයිට් දුන්නු හැටි ගැන එහි  සඳහන්. එහිම සඳහන් වන පරිදි මාමයිට් කියන්නේ, චීස් හෝ බියර් වගේම එක්කෝ, කෙනෙක්  ඉතාම ආදරය කරන නැත්නම් වෛර කරන දෙයක් (හරියට මගේ බ්ලොග් එක වගේ).

වසර සියයකට වඩා අතීතයකට හිමිකම් ඇති මාමයිට් හදන්නේ බියර් නිෂ්පාදනයේ අතුරු ඵලයකින්. ඒ කියන්නේ බියර් හදල ඉතිරිවන යිස්ට් වලින්. එයට විශේෂ සුවඳක්, තද ආවේණික රසක් හා ලුණු  රසක් තියනවා. අන්න ඒකයි,  එක්කෝ ආදරය නැත්නම් වෛර කරනවා කියන්නේ. වෙන විදිහකට කියුවොත් හැමටම කන්න බැහැ .

මාමයිට් වල විටමින් බී  විශේෂයෙනුත් හා තවත් පෝෂකත් අඩංගුයි. ඒ වගේම එහි තියන විශේෂ ආවේනික රසය හා සුවඳ නිසා, සමහර කන්න කිසිම පිරියක් නැති අවස්ථා වල, කන්න හෝ දියකර බොන්න හැකි වීම තවත් වැදගත් ගුණයක්.

අනික් කොටස ඉතා ඉක්මනින්!

 

 

Advertisements

38 Comments

Filed under Education, Lifestyle, Opinion

38 responses to “හොර-මාම-යිට්, vegemite and G’day mate! (දෙවෙනි කොටස)

  1. Pingback: හොර-මාම-යිට්, vegemite and G’day mate! (දෙවෙනි කොටස) | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. කුඩා අවදියේ දි මගේ සොයුරන් දෙන්නත් හරිම කෑදර හින්ද අපේ ගෙදර මාමයිට් බෝතලේ බේරගන්න අමාරුයි. පූස අපටත් වඩා මාමයිට් පෙරේතයෙක් වුන බව තවමත් මතකයි

  3. මා මාමයිට් පෙරේතයෙක්..නිවසේ අනෙක් අය මාමයිට් ප්‍රිය නොකලත් මට ඒක කිසි අවුලක් නැ..කලක් මා පාසැල් ගිය අවදියේ පාසැල් වල මෝර තෙල් මෝර ගුලි ලබා දුන්නා..මෝර ගුලි නම් ප්‍රියමනාපයි..ඒත් තෙල් නම් තරමක් අප්‍රසන්නයි..

    • අනික අය කන්න කැමති නැති එක හොඳයි නේ. එතකොට තරඟයක් නැහැනේ අමිල. මොර ගුලි වල තිබුන ඒ රසය දැන් ඉවත් කරලා තියෙන්නේ.

  4. Buying bread from a man in Brussels
    He was six foot four and full of muscles
    I said, “Do you speak-a my language?”
    He just smiled and gave me a Vegemite sandwich
    And he said

    “I come from a land down under
    Where beer does flow and men sunder
    Can’t you hear, can’t you hear the thunder?
    You better run, you better take cover”
    Down Under – Men At Work

  5. 1.මාමයිට් වෙජිමයිට් වල තියෙන්නෙ yeast extract එක නම් ඒකෙ ඔය හැටි තියෙන ගුණේ මොකක්ද මචං?
    2.Durian is another example for extremism

    • තව සිංදු තියනවා මචං.
      ඔය හැටි ගුණයක් නැහැ මචං. හැබැයි විට් B, ෆෝලික් අම්ලය, පොටෑසියම් යනාදිය තියනවයි කියනවා.

  6. මාමයිට් ෆෑන්ස්ලා ගැන කියවන්න ලින්ක්ස් දෙකක්.
    මචං අපිට කුඩාම කාලේ සීය bovril ගෙනත් දුන්නා මතකයි. ඉස්සර ලංකාවේ තිබුනා. මාමයිට් බොන්න පමනයි කැමති. ඩෝප් බස්සගන්න සහ ඊට පහුවදා hangover treatment එකකට හොඳයි. 😀

    http://www.yorkshireeveningpost.co.uk/news/why-is-this-house-painted-with-a-giant-marmite-jar-across-it-updated-1-6066336

    http://www.marmite.co.uk/super-fans-donated-their-house-car-sheep-and-even-name

    • bovril සත්ත්ව ප්‍රභව වලින් හදන එකක් මචං. අපේ කඩවල එය තියෙන්නේ සුප් කැට සමග. මාමයිට්, වෙජිමයිට්,හා චීස් ස්ප්‍රෙඩ් හා නටෙල්ල තියෙන්නේ පාන් තියන අයිල් එකේ.

  7. හැක්. මාමයිට් කියන්නේ මගේ ප්‍රියතම පානයයි. ප්‍රචාරක අනුග්‍රහය ‘විචාරක සහ සමාගම’

    • විචාරකත් එහෙනම් සුද්දන්ට කත් අදින ද්‍රෝහියෙක්. මොකෝ රත්නපුරා අලහොදී වගේ දේශීය පාන අමතක කරන්නේ? 😀

      • හෙහ් හෙහ්,

        අලහොදි, සඟටොප්, දෙහි සුදි, හිටපං මචං, ගහපං මචං, බැට්රි සුදිය, ගල් බමුණා, ඔන්න අපි පුංචි එවුන් කාලේ දේශීය පාන වර්ග.

        • Now you’re talking! 😀
          ඔය දේශීය ඖෂධීය පාන වර්ග අමතක කර, ඇට දිරන පරදේසක්කාර මාමයිට් වැනි විෂ වර්ග වලට හුරු වීම නිසා තමා රටත්-ජාතියත් විනාශ වන්නේ!

        • මං ඒ දේශීය බීම වර්ග ගැන දැනගත්තේ චන්ද්‍ර අනගිරත්න ගේ ලිපියකිනුයි.

        • මනෝසීල කියලත් එකක් තිබ්බ.ඇත්තටම නම් මනෝසීල කියන්නෙ බෙහෙතක්. විෂ සහිත ඛනිජයක්. ( Realgar )

  8. ඇණයා

    රුසියාවේ කිරි දෙනුන්ට දෙන සප්ලිමන්ට් එකක් තිබුනා මාමයිට් සුවඳ වෑහෙන, ඒක හදන්න බැගැෂ් වලට වලට එකතු කරන වෙනත් දේවල් දැනගත්තාට පස්සේ රුසියානුවෝ මාමයිට් කන අය දිහා ඇස් ලොකු කරලා බලන්නේ ඇයි කියා තේරුනා.

    • ඇණයා

      බැගැෂ් නොවේ මොලෑසස්

      • මා කලින් ද ලියා ඇති ඇනයෝ, අපි සතුන්ට කන්න වවපු තම්පල හැදුවහම, උනුත් කෑව. ගණන් ගන්න එපා අපට වඩා හරක් හොයන්න ජුපිටර් වත් යන්න වෙයි. 😀

  9. මාමයිට්, මෝරතෙල් සහ මතකද විරෝල්?…:)

    • මෝරතෙල් දැන් පොෂ් වෙලානේ රවී. විරෝල් ගැන මතක් කරන්නකෝ?

  10. Pra Jay

    Read with pleasure

  11. රයිගම්, ඔබේ මේ පුංචි කාලේ ගැන ලියන ලිපි පෙළින් මමත් යනවා අපේ පුංචි කාලේට.. ඔබට ගොඩක් සමාන වටපිටාවක් තමයි මමත් හැදුනේ.. හැබැයි අපේ ගෙදර බුදුන් වඳින එකයි , වැඩිහිටියන්ට වඳින එකයි කලා. ඒ කියලා මල්ලි වත් මමවත් ගැත්තන් කලේ නැ.. අපිට ස්වාධීනව හැදෙන්න හිත්න්න ඉඩ දුන්නා .. ඒ වගෙම අපි අවට හිටිය හැම ජාතියකම අයට ගරු කරන්නත් ඒ අයගේ සිරිත් විරිත් වලට එකඟ නැති උනත් ගැරහීමකින් තොරව සාමුහිකව වැඩ කරන්නත් තමන්ගේ අනන්‍යතාවය හදා ගන්නත් කියලා දුන්නා සාමකාමීව.. අම්මයි තාත්තයි කරලත් පෙනුන්වා එය ප්‍රයෝගිකව..

    • එළදෙනගෙන් පටන් ගෙන සුපුරුදු මැක්කටම ගියා වගේ මට දැනුනේ නිම්නි.
      //රයිගම්, ඔබේ මේ පුංචි කාලේ ගැන ලියන ලිපි පෙළින් මමත් යනවා අපේ පුංචි කාලේට.. // ශාග්! දැන ගැනීමත් සතුටක්.

      එකඟ නැති වෙන්න එකඟ වීම තමා අමාරුම දේ නිම්නි.

      කෝ මුහුණ පෙන්වන්නේ කවදද? 😉

  12. //මාමයිට් කියන්නේ, චීස් හෝ බියර් වගේම එක්කෝ, කෙනෙක් ඉතාම ආදරය කරන නැත්නම් වෛර කරන දෙයක් (හරියට මගේ බ්ලොග් එක වගේ).//

    ඔබ කිය කිය හිටියේ ඔබේ බ්ලොග් එක පතෝල හොදි වගේ කියල නේද? 😀 ඒ අදහස වෙනස් වූ එක ගැන සංතෝසයි.

    අපේ අක්ක මාමයිට් වලට එච්චරටම ආස කෙනෙක් නෙවෙයි, නමුත් ප්‍රෙග්නන්ට් උනාම මුකුත් කන්න බැරුව හිටියා, මාමයිට් පමණයි බිවුවේ. මාමයිට් වල පාටට කිට්ටුවෙන් යන පාට පුතෙක් ලැබුණු නිසා දැන් හැමෝම එයාට විහිලු කරනවා. 😀

    • //ඒ අදහස වෙනස් වූ එක ගැන සංතෝසයි.// මොන?
      අර ලැයිස්තුවට (චීස්, බියර්, දූරියන්) පතෝල හොදිත් එකතු කරන්න ඕනේ.

  13. මගේ දෙමව්පියන් අපට කියා නෑ වඳින්න කියා. තාත්තා ආච්චීට හෝ සීයාට වඳිනවා මා කිසි දිනක දැකලා නෑ.

    නමුත් පාසලේ දී දෙමව්පියන්ට වඳින ගාථා කියා දී වඳින අයට අත් උස්සන්න කියනවානේ.

    • රසික, මෙහෙදී මා දිනක් දුටුව දෙයක් කියන්නම්. එක තාත්ත කෙනෙක් කොතක් වගේ බෙදාගෙන බත් කනවා. දරුවා ඇවිත් ගාථා කියමින් වඳිනවා. මූ නොවේ බත් කන එක නැවතුවේ. අර දරුවට තිබුනේ බෝධිය වඳින ගාථාව කියන්න.

      • චෛත්‍යයට වඳින ගාථාව කිව්වනම් වඩාත් සුදුසුයි..වන්දාමි චේතියං සබ්බං……:)

  14. tharushi m

    මම අදටත් පඩි ගත්තම මාමයිට් එකක් ගෙදරට අනිවාර්යයෙන්ම අරන් යනවා…. ඒක වරදින්නෑ මට….හැබැයි කන්නේ මමයි අපේ අම්මයි විතරයි ….

    අපේ අම්මත් තාත්තට වදිනවා…ඉතින් අපි හැමෝම ගෙදරින් එළියට බහින්නෙම අම්මටයි තාත්තට යි වැදලා….

    • //මම අදටත් පඩි ගත්තම මාමයිට් එකක් ගෙදරට අනිවාර්යයෙන්ම අරන් යනවා// හරිම අව්‍යාජ කියමනක්. බ්ලොග් වල පවා මහා බරපතල දේවල් කතා කරන පිරිස්, ඒ කරුණු වලට ගොඩක් දුරින් කියා මා අනුමාන කරන්නේ අහේතුකව නොවේ තරුෂි.

      වැඳීම ගැන මගේ ආකල්පය නම්, එය ආදරය ප්‍රකාශ කිරීමේ ක්‍රමයකට වඩා, ආධිපත්වය පවත්වා ගැනීමේ ක්‍රියාවලියක් කියායි. ඔබම හිතන්න, මොකෝ දැන් තාත්ත, අම්මට වඳින්නේ නැත්තේ? එය ආදරය ප්‍රකාශ කිරීමක් නම් දෙපැත්තටම යන්න ඕනේ නේද? මේ ටික ලියුවේ, ඔබ දැනට කරන දේ නවතන්න නොවේ. අනාගතයට සිතන්න විතරයි. 🙂

      • tharushi m

        අනිවාර්යයෙන්ම …අපේ අම්මා හිතනවා අපේ තාත්තා අම්මටත් තාත්තා කෙනෙක් කියලා……මට ඔබ කියු දෙය තේරුනා….

        මාමයිට් ගැන කියනවානම් මම මාමයිට් පෙරේතියක් ….😁

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s