හොර-මාම-යිට්, vegemite and G’day mate!


අපේ වැඩකරන තැන ගොඩනැගිළි  වැඩපොළේ ගේට්ටුවේ ඉන්නේ fair dinkum ඕස්ට්‍රේලියන් පොරක්. විශාල විධිමත් අධ්‍යාපනයක් ලැබුවා යයි නොපෙනෙනවා වුවත්, ජිවිත කාලයම මහන්සියෙන් වැඩ කරපු වග හා බොහෝ ජිවිත අත්දැකීම් ඇති වග මොහු එක්ක කතා කරන විට තේරෙනවා. මා ඔය යන එන වෙලාවට කරන කතා බහ නිසා මිනිහගෙන් දේවල් ඉගෙන ගන්නවා.

එයින් එක දෙයක් මේ. දවසක් මිනිහ මට කියුව ක්ෂේත්‍රයට ගියාට කිසිදා ගම් (යුකැලිප්ටස්) ගස් යට හෙවනට කන්න නම් යන්න එපා කියල. ගම්  ගස් වලට කියන තව නමක් තමා “widow maker”. මේ නමින් හඳුන්වන්නේ ඉබේ අතු කඩා වැටෙන ගස් වලට. මේවා සෙල්ෆ් ප්රූනින්  ගස්. එය ස්වභාවධර්මයේ තවත් වැඩක්.

විශාල ගස් තමන්ගේ අතු ඉබේ හලා ගන්නේ මොකද? එය එම ගස් විසින් කරන කෝස්ට්-බෙනිෆිට් ඇනලයිසිස් වල ප්‍රතිඵලයක්. විශාල ගස් වල යට අතු ගහට තව දුරටත් ප්‍රයෝජනයකට වඩා බරක් වන විට මේ අතු ඉබේ හැලෙනවා. ඒ කියන්නේ, ඒ අතු වලින් නිපදවෙන ආහාර/ශක්තිය, එම අතු නඩත්තුවට වඩා අඩු නම් ගහකට එයින් තව දුරටත් වැඩක් නැහැනේ.

ඕස්ට්‍රේලියාවේ මුල් කොලනි අවධියේ ගස් ගස් යට දවල් ආහාර ගත්තු සමහර දෙනා මේ අතු වලට යටවී මිය ගිහින් තියනවා. ඉතිං  එයාලගේ බිරිඳන්  වැන්දඹුවන් වනවනේ. එයයි කතාව.

දවසක් මිනිහා මොකක් හරි කතාවකට මට ඔලුව පෙන්නලා,  උඩුමහල තියෙන්නේ හිතන්න, කකුල් (යටිමහල) නටන්න කියා. දෙවෙනි දවසේ එතනින් යන විට කියනවා, ඊයේ උඹට කියන බැරි වුනා, මැද  කොටස මොකට කියා, එය for romance කියා හැක හැක ගෑවා.

පෙරේදා මිනිහා මේ සතියේ එන දිග සති අන්තයට කරන දේ කියුවා. වෙරළට සමීප කැරවැන් පාර්ක් එකක කැබින් දෙකක කැරවැන් එකක් සල්ලි වලට අරන්දමල තියෙන්නේ විශ්‍රාම ගත්තට පසු ගිහිං  ඉන්න, එහි සති අන්තය ගත කරනවා කියා. එහෙම කියල මිනිහ කියනවා, උඹ දන්නවද ජිවිතේ හරියට ටොයිලට් පේපර් එකක් වගේ කියා. මොකද, රෝලේ අගට යනකොට වේගයෙන් ඉවර වෙනවා කියා දැනෙනවා නේද? ඔහොම කියා මිනිහ හිනා වුණා.

රටකින් රටකට ගියහම තියෙන්නේ දේශගුණයට හුරු වන එක විතරක් නොවේ. තව ගොදක්  දේවල් වලට හුරු වනන්නට ඕනේ. මෙයින් සමහර දේවල් වලට හුරුවන්නට මැරෙන තුරුම ජිවත් වුවත් නොහැකියි.

එහම හුරුවන්නට ඕනේ එක දෙයක් තමා මිනිසුන් කතා කරන විලාශය හා කතා කරන දේවල් වලට. අර මනුස්සයා සමග, මෙහි ආපු මුල් කාලේ කතා කෙරුවා නම්, කියන දේවල් වලින් 10% ක් හෝ මට නොතේරෙනු  ඇති. කතා විලාශය, ඉඩියම් හා මෙහි මිනිසුනට ආවේණික  වචන මා නොදන්නා හින්ද විතරක් නොවේ, මේ වගේ කෙනෙකුගේ ජිවන විලාසිතාව පවා මට අන්ඩර  දෙමල වනු ඇති. කොටින්ම කැරවෑන් පාර්ක්  එකක කැබින් එකක් සල්ලි දීලා ගැනීම වත් මට තේරුම් ගන්න බැරි කරුණක් වනු ඇති.

එහෙම හුරු වන්න ඕනේ තව දෙයක් තියනවා. නැත්නම් ජීවිතය නිකම් නයිට් මෙයාර්  එකක් වනු ඇති. එය නම් එම රටේ ආහාර  වලට. දැන් ලෝකයේ විවිධ ආහාර සංස්කෘතීන් මිශ්‍ර වෙලා තියන නිසා, අපට තියන තේරීම් වැඩි වී තියනවා තමා. නමුත් තමන් ජිවත් වන රටේ තියන ප්‍රධාන ආහාර  ටික වත් කන්නට හුරු වී නැත්නම් ජීවිතය නිකම් දුෂ්කර වෙනවා විතරයි.

අප සෝවියට් සමූහාන්ඩුවට ගිය විට එහි ඉන්දියානු ආහාර කියල කඩවල් තිබුණේ  නැහැ. මා මුලින් සිටිය නගරයේ ඉන්දියානු සිනමා නම් හරිම ජනප්‍රියයි. හැබැයි කන්න තිබුනේ වෙනස් ආහාර. හැම විටම තමන්ට ඕනේ කරන ආහාර  ගෙදර පිළියෙළ කරන්න බැහැ නේ.

අප එම ආහාර වලට හුරු වුනේ විශාල කැමැත්තකින්. සමහර ආහාර වල අවශේෂ තාම  අපගේ ජිවිතයේ තියනවා. ඕස්ට්‍රේලියානු ජීවිතය ගැන කියවෙන විට, මුලින්ම කියවෙන ආහාර අතර ප්‍රධානම තැනක් ගන්නේ මොකක්ද?

ඉතිරි කොටස ඉක්මනින්……..

 

 

Australian Slang

 

 

Advertisements

22 Comments

Filed under Lifestyle, Social

22 responses to “හොර-මාම-යිට්, vegemite and G’day mate!

  1. මම මේ ලගදි චාරිකාවක් ගිය වෙලාවක සුද්දෙක් එක්ක ටිකක් චැට් එකක් දැම්මා..මට නිකං ඒකට ආසාවක් ආවා.. ඒ කිව්වේ සුද්දට ගේ මොඩල් අසාවක් ආවා කියන එක නෙමෙ.. ඌ එක්ක කතාව ප්‍රියමනාපයි..
    ලංකාවෙ එකෙක් හමුවුනොත් මුලින්ම බයෝ එකක බලනවා.ඉන් පස්සේ මිනිහ හොයනවා අපිට හැමිනෙන්න තැනක්..අපේ ස්කෝලේ රස්සාව ඒරියා එක නෑයො යාලුවො ආදී මොකක් හරි ‍කොනකින්සම්බන්ධයක් හොයාගන්නයි මිනිහ බලන්නේ..
    ඔය ඔහෙලයි ගෙවල් හරියෙම අර පරණ කඩේ ගාවින් යද්දි තියෙන තුන්වෙනි ගෙදර මගේ යාලුවෙක් උන්නා..ගෑනි ඒ කාලෙම මලා මිනිහ බිව්වේත නෑ.. තාම ඉන්නවද් දන් නෑ..අදුරනෝ ඇති ඔහෙල කියල පරණ මතක පාරක් අදිනවා ආයෙ සුනුස විසුනු වෙලා යන්න. මොකක් හරි ලිංක් එකකින්..

    ඒත් සුද්දො වෙනස්..උන්ට ලෝකෙ පැත්තක් ගියත් කමන් නෑ උන්ගේ ෆන් එකේ ඉන්නවා.. මම ඉංගිරිසි වෙලා නෙමයි..මට දැන් ඒ විදියට ලොකේස්න සහ රිලේසන් හරහා අදුනාගැනිීමේ රටාව තිත්ත වෙලා.. ඊට වඩා බෙහොම ලේසියෙන්..ඇපල් ද සැම්සුන්ද හොද..ඇන්ඩොයිඩ්ද අයි ‍ඕ ඇස්ද? කොළඹ ද ගමද? වගේ දේකින් කතාවක පටන් ගන්න පුලුවන්නේ.. ඒකට තමයි මම ආස..ඒත් ඉතිං එතනත් රනිල්ද මහින්දද කියන කතාවට නම් මම කැමතිම නෑ..

    • අපගේ වගේම සුද්දන්ගේ සමාජයත් විචිත්‍රයි. හැම කෙනෙක්ම ඉන්නවා. අනික් අයගේ බදු මුදලින් කාල, ගංජා ගහල ඉන්න අය වගේම, දියුණු වන ලෝකයේ දරිද්‍රතාවය, නූගත්කම ගැන වොරි වන අයත් ඒ අතර ඉන්නවා.

      හැබැයි වයසට යත්දී බදා ගත්තු දේවල් ක්‍රමයෙන් අතහරින එක ඕස්ට්‍රේලියානු සුද්දන් අතර ම දකින හොඳ ගුණයක්. අපේ පන්සල් වල හාමුදුරුවන්ගෙන් බොහොමයකට වත් එය කරන්න බැහැනේ? 🙂

  2. Pingback: හොර-මාම-යිට්, vegemite and G’day mate! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  3. ඔස්ට්‍රේලියන් කාරයෝ කතා කරන ඉංග්‍රීසි නම් මට කවදාවත් පහසුවෙන් තේරුම් ගන්න බැරි වේවි. ඔවුන් වේගයෙන් කතා කරන නිසා, හා අරුම පුදුම ඇක්සන්ට් එක නිසා, ඇස් කන් ඔක්කොම යොමු කරන් හිටියම විතරයි මට තේරුම් ගන්න පුළුවන්.

    යුකැලිප්ටස් ගස් යට ඉන්න එක භයානක බව අද ඉගෙන ගත්ත. බොහොම ස්තුතියි රයිගම්.

    කෑම ගැන කියනවා නම්, ඔය වෙජිමයිට් ගැන කතාවක් තියනවා කියන්න. මාමයිට් වෙජිමයිට් මෙහෙ සුපර්මාකට් එකේ ගන්න නැහැ. කොහොමහරි එක පාරක් කට්ටිය රැස් වුනු වෙලාවක, ෆීජි වලින් ආපු තරුණියක්, බොහොම ආසාවෙන් කිවුව ඇයට ආසියානු කෑම තියන “කල්දි ෆුඩ් චේන්” එකෙන් වෙජිමයිට් හම්බුණු බව. ගෙදරදී නිතර කන්න ලැබුණු වෙජිමයිට්, ජපානේ නැති නිසා ඇය ටිකක් දුකෙන් තමයි ඉඳල තියෙන්නෙ.

    ඇය වෙජිමයිට් එක අපිත් එක්ක බෙදා ගත්තම, ආසාවෙන් කෑවේ මම විතරයි. කලින් වෙජිමයිට් කාල තිබුණු අය මග ඇරලා ගියා, සහ මම කනවා දැකපු ජපන් පිරිමි ළමයෙකුට ඕන උනා මේක ට්‍රයි කරලා බලන්න. මුලින් පොඩ්ඩක් කන්න කියල අපි කිවුවත්, ඔහු එකවරම ගොඩක් කෑවා, නමුත් ඔහු ඒක කාලා වමනේ නොදාපු ටික විතරයි. ඊට පස්සේ වෙජිමයිට් කිවුවමත් ඔහුගේ මූණ ඇඹුල් වෙනවා.

    • ඔබට ජපාන භාෂාව හැකිද යන්තමින් හෝ දැන්?

      ඔහේ ගම් ගස් තියනවද? මෙහෙ තිරුඟු වවන්න හා තැන බිම් වලට කැලේ එලි කරන විට ලොකු ගස් අතරින් පතර ඉතුරු කරලා තියෙන්නේ. සතුන්ට හා මිනිසුනට හෙවනටත් වෙන්න ඇති. දවල්ට ඕවයේ යට කන කොට තමා ගොවියන් මැරිලා තියෙන්නේ.

      වෙජිමයිට් නම් මාමයිට් වලට වෙනස් නේද?

      • ග්‍රීටින්ග්ස් ටික හා සිරිත් විරිත් වලට අදාළ බේසික්, යන්තමින් පුළුවන්. එදිනෙදා කතා බහේදී ගොඩක් වෙලාවට ගොළු භාෂාව හා, බැරිම උනොත් ෆෝන් එකේ තියෙන ගූගල් ට්‍රාන්ස්ලේටර් ඇප් එක භාවිත කරනවා.

        මෙහෙ යුකැලිප්ටස් දැකල නම් නෑ.. තිබිලා මම නොදැක තියනවද දන්නේ නැහැ, මොකද මම ඉන්න හරිය ටිකක් නාගරික නිසා.

        මාමයිට් වලට වඩා වෙජිමයිට් ටිකක් වෙනස් තමයි. නමුත් ඉතින් උන්නු හැටියට මලා මදැයි කියල වෙජිමයිට් කනවා දැන්.

  4. Pra Jay

    අහුවෙන හැමදේම වගේ කියවන එකේ ඇඩ්වාන්ටේජ් එකක් තමයි හුඟක් දේ ගැන පොඩ්ඩ පොඩ්ඩ දැන ගැනීම, කොන්වර්සේෂන් එකක් ගෙනියන්න පුලුවන් වීම. කොහෙ හරි ගියාම ඒ රටේ මිනිස්සු pleasantly surprise වෙනවා අපි දන්න දේ ගැන

    • හැමෝම එක වගේ සතුටින් ජීවත් වෙන්න ඕන කියලා හිතන්නේ නෑ . . අපිට පුලුවන් වෙන්න ඕන එහෙම හිතෙන අය ලන් කරගෙන සතුටින් ජීවත් වෙන්න

    • පොඩ්ඩ පොඩ්ඩ දැනගත්තු එකේ වාසිත් තියනවා, ඔය වගේ කතා බහවලට. හැබැයි සමහරුන් (ඔබ එහෙම නොවේ හොඳද) එහෙම දේවල් වලින්, ජිවිත කාලයක් ඒ දේවල් ඉගෙන ගත්තු අයටත් උගන්වන්න යන එක තමා හොඳ නැත්තේ ප්‍රා. 😀

  5. //වෙරළට සමීප කැරවැන් පාර්ක් එකක කැබින් දෙකක කැරවැන් එකක් සල්ලි වලට අරන්දමල තියෙන්නේ විශ්‍රාම ගත්තට පසු ගිහිං ඉන්න//
    ජීවිත පුදුම සැහැල්ලුවකින් ඉන්න මිනිහෙක් වෙන්න ඕන

    • මිනිහා හරිම ප්‍රියමනාපයි. කවුරුත් දැන් මිනිහා ගැන දන්නවා. මීහ් මිනිසුන් තමන් ජිවාත් වූ ගෙදර විකුණා, කුඩා ගෙදරකට යන එක හා ඔය වගේ කැමති තැනකට මාරු වෙන එකත් සාමාන්‍ය දෙයක් දුකා.

  6. ගහේ කතාව අපූරුයි.

  7. ටොයිලට් පේපර් කතාව නම් මරු. පබ් එහෙක සෙට් වෙන්න ඕන පොරක්නේ.

    • බලපන්, එය පවා තේරුම් ගන්න හැකි ටොයිලට් පේපර් භාවිතා කරනවා නම් පමණයි. දැන් ප්‍රාව්ද පත්තරේ ඕකට ගන්න කෙනෙකුට ඒ කතාවේ කිසි තේරුමක් දැනෙන්නේ නැහැ නේද?

  8. අද ලිපිය ජොලි.

    මම කැමතියි නෑනට.

    • කොටින් ම ලිපිය කියවලා කමෙන්ටුව ටයිප් කරන අතරේ ආපු කෝල් එකකදී ඔය ටොයිලට් රෝල් කතාව මං උදාහරණයකට ගත්තා.

      • ජොලි දේවලුත් ඉඳහිට හරි ලියන්න ඕනි නේ. කොයි නෑන ද?

        //කෝල් එකකදී ඔය ටොයිලට් රෝල් කතාව මං උදාහරණයකට ගත්තා// අන්න බලන්න කොතරම් ප්‍රයෝජනවත්ද කියා. 🙂

  9. tharushi m

    කතාව මරු….. පැඩම්නම් ගොඩායි…බොහොම ස්තුතියි!!!!!

  10. tharushi m

    පාඩම්* සමාවෙන්න අකුරු වැරදුනා 😊

    • ඉංගිරිසි අකුරු වලින් සිංහල වචන ගන්න කොට, ඔය වගේ වැරදීම් ඕනේ තරම් වෙනවා තරුෂි. මා නම් හැකි වුනොත් හදනවා, නැත්නම් එහෙමම තියෙන්නට හරිනවා. කියන්න යන දේ තේරෙනවා නම් එපමණයි.

      ඔබටත් තුති.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s