හෙට නිවාඩු!


රජයේ නිවාඩු දින නැත්නම් මහජන නිවාඩු දිනයන් දෙක-තුනක් හෝ තිබීම කොතරම් දෙයක්ද? හෙට  අපට නිවාඩුයි. දැන් කන්තෝරු ගිහිං අයිස් ගහන අයියල කියන්න එන්න එපා, වැඩට යන දවස් නේද ඇත්තටම නිවාඩු කියා. හෙට විතරක් නොවේ ලබන සඳුදත් අපට නිවාඩු.

මා මෙය කලින් ලියා ඇති.  සතුටින් කතාබහක්  කරන්න මනුස්සයෙකු අපට හමු වන්නේ කලාතුරකින්. ඒ වගේම යහළුවන් කියා අප සිතන මිනිසුන් ටිකක් ලංවී බලන කළ, අර අප කලින් සිතන්  හිටි විදිහ ගැන සැක  සාංකා ඇති කරනවා.

කලින් සිතපු හැටි ගැන කනගාටු වන්න ඕනේ නැති කෙනෙක් මට ඊයේ හමු වුණා. ඒ නිසාම නොවුවත් මා උදේ නැගිටින විට දැනුණේ  තෙහෙට්ටුවක්. ඒ විතරක් නම් කමක් නැහැ, අද ස්වේච්ඡා කටයුත්තක් කරන්න දවසින් භාගයක් ගත වූවා.

සාමාන්‍යයෙන් ක්‍රියාශීලි දිවියක් ගෙවුවත්, අපට නොපුරුදු, එනම් සාමාන්‍යයෙන් නොකරන දෙයක් කර අවසන් වුණු  පසුව දැනෙන්නේ වෙනම තෙහෙට්ටුවක්. මෙය දැන් නරක විදිහට අර්ථකථනය කර ගන්න එපා. මා අද කෙරුවේ තීන්ත ගෑමක්.

යමක් කරන්න බාර ගත්ත විට එය මට කරන්න හැකි හොඳම විදිහට කිරීම සමහරවිට නරක ලක්ෂණයක්. අද නම් මගේ ශරීරාංග වලට විවේකයක් අවශ්‍යයි. හෙට නිවාඩු නේ.

අද ගීතය:

මගේ සෝවියට් දිවියේ පළමු වසරේ, අපේ කාමරේ නොවන එකෙක්, අපේ කාමරේට ගෙනත් නැවත නැවත අහපු හින්දි සින්දු සහිත කැසට් පටයක තිබුන සින්දු කිහිපයක්, යලි ශ්‍රවණය කරන විට අතීතයට යන්නේ නිතැතින්. මේ එයින් එකක්.

මට අතීතය වෙනස් කර ගන්න  ඕනේ නැහැ. හැබැයි අනාගතය “වෙනස්” කර ගන්න උත්සහ කරනවා.

19 Comments

Filed under Lifestyle, Opinion

19 responses to “හෙට නිවාඩු!

  1. Pingback: හෙට නිවාඩු! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. ලබන සඳුදා නම් මටත් නිවාඩු.
    හෙට නම් ලෙඩ නිවාඩුවක් දානවා.

  3. හොර ලෙඩ කියා මා දන්වන්නම්. ලබන සතියම නිවාඩු ගන්න මා හිතන් ඉන්නේ. 🙂

  4. ඇණයා

    මගේ සෝවියට් දිවියේ පළමු වසරේ, අපේ කාමරේ නොවන එකෙක්, අපේ කාමරේට ගෙනත් නැවත නැවත අහපු හින්දි සින්දු /
    අපිට නම් ඒ කාලේ හින්දු සින්දු අහන එක තහනම් කරලයි තිබ්බේ, මම හිතාන හිටියේ ඒක මුලු යුනියන් එකේම ලංකාවේ උන්ට බලපවත්තපු තහනමක්ය කියල

  5. කාගේද ඒ ගොන් පාර්ට් එක ඇනයෝ?

  6. Anonymous

    මෙහෙත් එහෙමයි සාමාන්‍ය යෙන් නොකරන දෙයක් කරල ඉවර වුනාම මහන්සියි

  7. හාහා, ඔබ වැනි කෙනෙක් ඔහොම දෙයක් ලියාවි, කියා හිතුන නිසා මා කලින්ම ඒ ගැන ලියා ඇති.

  8. Pra Jay

    read

  9. //සතුටින් කතාබහක් කරන්න මනුස්සයෙකු අපට හමු වන්නේ කලාතුරකින්. ඒ වගේම යහළුවන් කියා අප සිතන මිනිසුන් ටිකක් ලංවී බලන කළ, අර අප කලින් සිතන් හිටි විදිහ ගැන සැක සාංකා ඇති කරනවා// ම් ම් ම් හිතන්න දෙයක්

  10. /////////සතුටින් කතාබහක් කරන්න මනුස්සයෙකු අපට හමු වන්නේ කලාතුරකින්. ඒ වගේම යහළුවන් කියා අප සිතන මිනිසුන් ටිකක් ලංවී බලන කළ, අර අප කලින් සිතන් හිටි විදිහ ගැන සැක සාංකා ඇති කරනවා.///////////////////

    හිතට ආපු දේ නොලියා ඉන්න හිතුනා. සමහර අත්දැකීම් හරිම අප්‍රසන්නයි.
    අත්දැකීම්…..අත්දැකීම්.

    සතුරන් විශ්වාස කිරීම, මිතුරන් විශ්වාස කිරීමට වඩා සුවදායකය.

  11. දුකා, මා ඔය කියන්නේ මෝඩ සන්සන්දන කරන, අනුන්ටම හිනාවෙන්න බලාගෙන ඉන්න මිනිසුන්. මට ඒ කතාබහ දැන් එපා වෙලා. මොකද එයිට වඩා වෙනස් මිනිසුන් ඉන්න වග දන්නා හින්ද. 🙂

  12. මේවා ගැන ලිවීමත් වැඩදායක නැහැ අරූ. ලිස්සා යන්න ලියුවේ ඒ නිසයි. අප කරපු දෙයක් තමා “මෝඩ සංසන්දන” සංස්කෘතියෙන් දරුවන් වෙන් කර තැබීම.

  13. හොර බොරු නැත.

    උදේ අත්‍යාවශ්‍යම වැඩ නිසා කන්තෝරුවට ගියත් දවාලෙන් ආපසු ඇවිත් රේඩියෝලොජි ලැබ්වල, කන්සල්ටන්ට් කාමරවල රස්තියාදු වුණා!

    යළිත් අදත් වැඩට ආවා!

    ඔහෙලා නිවාඩු. අපි වැඩ, මේ ලෝකේ කොයි තරම් අසාධාරණ ද?

  14. tharushi m

    මමත් සතුරු කමක් ඇති මිතුරන්ගෙන්නම් දුක් විදලා තියෙනවා..ඒ වගේ මිනිස්සුන්ව ඈත් කරනවට වඩා ඒ මිනිසුන ගනන් නොගෙන ඉදීමෙන් වඩා හොද දෙයක් වෙනො කියලා දැනුන නිසා… මම ඔවුව ලගින්ම ඇසුරු කරමින් ගනන් නොගෙන වැඩ කලා… ඔවුන් මිතුරු වේශයෙන් කරන සතුරු කම් ඉවත් වුනා…

         ලිපිය හොදයි..මමනම් කාලෙකින් නොකරපු වැඩක් කරන විට තිනේනේ එය අවසන් කිරීමට නොඉවසිලිවන්ත කම එයට හේතුව එහි අවසාන ප්‍රතිඵලය දැකගැනීමට
    
  15. ඔබ සෝවියට් දේශය කීවාම මට මතක් මුලින්මැ මතක් වන්නෙ.
    රතුපාට තොල් තියෙන සුදුපාට හමක් තියෙන උස කෙල්ලෝ.. මොකද කලකට පෙර ආපු රශියන් වැල වල හිටිය කෙල්ලො ගොඩක් ඒ වගේ නිසා..

  16. තරු, මේ වගේ කටු කන වැඩ පටන් ගත්තු විට ඉවර කරන්න කොහොමත් නොඉවසිලියි. හැබැයි ඉවර කරපුවහම, මෙයිට වඩා හොඳට කරන්න පුළුවන්කම තියනවනේ කියා සිතෙනවා.

  17. බජට් වැලවල රුසියානු ලඳුන් කියන්නේ නිකම් වෙළඳ නාමයක් විතරයි අමිල. 😉

  18. Tharu´ M ^_^

    ඇත්ත ඒකනම් තෘප්තිමත් නැතිකම නේද….

  19. //ඔහෙලා නිවාඩු. අපි වැඩ, මේ ලෝකේ කොයි තරම් අසාධාරණ ද?// පව් නේ? 😉