නිවාඩු ඉවරයි!


අද උදේ රූපවාහිනී ප්‍රවුත්ති විශේෂාංගයකට ගියේ, නව යෞවන පිරිස් අන්තර්ජාලයේ ගත කරන කාලය වැඩිවීම හා ඒ මගින් ඇතිවිය හැකි ප්‍රශ්න පිළිබඳව. ශාරීරික ව්‍යායාම අවශ්‍ය පමණට නොලැබීම හා  මුහුණට-මුහුණ සඹදතාවයන්ගෙන් වියුක්ත වීම වැනි ප්‍රශ්න ඒ කතා කරපු දේවල් අතර තිබුණ.

img_0882

මෙය කුඩා දරුවන් හා නව යෞවනයන්ට පමණක් නොවේ, වැඩිහිටි අපටත් අදාලයි කියල සිතන්න හැකියි නේද? අර වැඩසටහන අතරතුර මා හිටියෙත් අන්තර්ජාලයේ.  හැබැයි පොඩි වෙලාවකට. ඉරිදා සුපුරුදු කටයුතුවලට නැවත එළඹෙන්න අවශ්‍ය නිසා මා නම් ගෙදරින් එලියට බැස්සා.

හෙට සිට නැවත වැඩට යන්න ඕනේ. පාසැල් ද හෙට නවක වාරය අරඹනවා. ඒ විතරක් නොවේ, මේ සතියේ සෙනසුරාදා අපේ කැපිටල් ටෙරිටෝරි ප්‍රාන්ත මැතිවරණයත් පැවැත්වෙනවා. පාර  දෙපස මාක්ස් ලා, ජෙන්ටල්මන් ලා හා බර්ක්  ලා (වාසගම්) සිනා මුසු මුහුණු වලින් බැබලෙනවා. එයාලට රස්සාව හොයා ගන්න වැඩෙත්, එන්න එන්නම තරඟකාරී වෙන වගයි මේ ප්‍රචාරක වැඩ කාලය සමග වැඩි වීමෙන් පෙනෙන්නේ.

img_0889

ඒ අතර “වෝට් ෆෝ සෙක්ස්” කියා Sex Party එකත්, ප්‍රචාරණ කරයුතු කරනවා. මට නම් මේ කාට චන්දෙ දෙන්නේද කියල ලොකු බලාපොරොත්තුවක් හෝ උනන්දුවක් නැහැ. දැන් සෑහෙන  කාලයක සිට කම්කරු පක්ෂ පළාත් ආණ්ඩුවක් තියෙන්නේ. මෙවරත් යලි බලයට එන්න තියන ඉඩ බැහැර කරන්න බැහැ.

ඒ අතර ඔය වෙන රටවල් වල වගේම තමා, අප බලයට ආවොත් මෙයාල අත්සන් කර තියන ගිවිසුම් අහෝසි කරනවා යයි කියන කතාත් අහන්නට ලැබෙනවා. එයින් එකක් තමා කම්කරු පක්ෂ පළාත් ආණ්ඩුව අත්සන් කර තියන ලයිට් රේල් කියන ව්‍යාපෘතිය. මෙය අනාගත රේල්ලු ජාලයක ඉතා කුඩා කොටසක් පමණයි. කිලෝමීටර ගණනින් 12ක් වන පළමු අදියරේ ගිවිසුම් අත්සන් කර අවසන්.

img_0891

අනික් ප්‍රධාන පක්ෂය බලය ලැබුනොත් මෙය අහෝසි කරනවා කියනවා. අහෝසි කරන්න නම් අදාල සමාගමට වන්දි වශයෙන් ඩොලර් මිලියන 250 කට වැඩි ගානක් ගෙවන්න වෙනවා කියා කම්කරු පක්ෂය කියනවා.

මා මෙය ලියුවේ ලයිට් රේල් ව්‍යාපෘතිය හා පොදු ප්‍රවාහන සේවා ගැන ලියන්න නොවේ. මිලියන භාගයකට අඩු ජනගහණයක්  ඉන්න, කැන්බරා වල පොදු ප්‍රවාහන සේවය (බස්) භාවිතා කරන්නේ 7% ක් වගේ කියලයි කියන්නේ. මේ බස් සේවයත් අධික ලෙස සහනාධාර යොදමින් පවත්වන් යන්නේ.

img_0884

මා පොදු ප්‍රවාහන සේවයක පිහිට ගොඩක් කලකින් ලබාගෙන නැහැ. මොකද එදිනෙදා ජීවිතයේදී එහෙම අවශ්‍යතාවයක් හෝ එහෙම කරන්න ප්‍රායෝගික  හැකියාවකුත් නැහැ. හැබැයි පොදු ප්‍රවාහන සේවා කියන දේවල් රටක ලොකු කාර්යයක් කරනවා කියන එක මා  බැහැර කරන්නේ නැහැ.

කොහොම වුවත් හෙට වැඩට යන්න පටන් ගැනීම කම්මැලි වැඩක්. ඒ කම්මැලි ගතිය තියෙන්නේ පළමු පැය  දෙක තුන පමණයි. ඉන්පසු සුපුරුදු ජිවන රටාවට වැටෙනවා. ජිවිතයේ status quo ඒ ලෙසින්ම පවත්වාගෙනම යන්න ඕනෙද නැත්ද කියා සමහරවිට සිතෙන කරුණක්. අන්තර්ජාල භාවිතය ඒ වගේ මා සිතන දෙයක්. යොදන කාලයට සමාන්තර වාසියක් අපට ලැබෙනවද නැත්ද යන්න සිතිය යුතු කරුණක්.

img_0887

පින්තූර වල කතාව

රතු ලූනු වැනි කුඩා අල සහිත මල් වර්ගයක් වන Crocus වර්ගයේ පැළෑටි වලින් හැදුන  විවිධ වර්ණයන්ගෙන් යුත් මල් ටිකක් ඔය තියෙන්නේ. වසන්තය ලබන්න පෙරම අල වලින් කොල එලියට ඇවිත්, දැන් මල් පිපිලා තියන ඔය මල් තව සතියකින් පමණ පරවෙලා යනවා. ඉන්පසු පැළෑටියේ කොලත් සති කිහිපයක් තිබී වියලි යනවා. ඒ ලබන අවුරුද්දේ සහිත සමය අග යලිත් දළු එලියට එනකම්. වසරින් වසර පොලව යට හැදෙන ලූනු බල්බ ගණන වැඩි වනවා. ඒ නිසා පාලනයක් කරන්න අවශ්‍යයි.

 

 

Advertisements

17 Comments

Filed under Opinion, Photography

17 responses to “නිවාඩු ඉවරයි!

  1. Pingback: නිවාඩු ඉවරයි! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. Tharu´ M ^_^

    මටත් ඔය සදුදා වැඩට යාමේ කම්මැලිකම නම් ඉහටත් උඩින් තියෙනවා

    • ටික දිනක් ගියා පිළිතුරක් ලියන්න තරු. සාමාන්‍ය සඳුදාවක් නම් මට එතරම් ගාණක් නැහැ. මේ සතිය පමණක් නොවේ ඉදිරි කාලයම ටිකක් වැඩ බහුල වීමේ ප්‍රවනතාවයක් තියනවා.

      • Tharu´ M ^_^

        කල් ගොස් හෝ පිළිතුරු ලිවිම සතුටක්…. 🙂 එක්තරා ආකාරකින් කාර්යබහුල විමත් සතුටක් ගෙන දෙනවා නේද….

        • වැඩියම කාර්ය බහුල වීමත් හොඳ නැහැනේ තරු. මා සාමාන්‍යයෙන් පිළිතුරු ලියා මිස ඊළඟ සටහන ලියන්නේ නැහැ.

  3. Pra Jay

    +++++++++

  4. මල් ටික ලස්සනයි 🙂

  5. V. Beautiful flowers….

  6. Anonymous

    xxxxxxxxxxxxxxxx

  7. //ඒ අතර “වෝට් ෆෝ සෙක්ස්” කියා Sex Party එකත්, ප්‍රචාරණ කරයුතු කරනවා// හොලන්ඩ් වගේම ඔයාලත් ලිබරල් වගේ. මම ළමයින්ට අන්තර්ජාලේ භාවිත කරන්න දීල තියෙන්න. රෑ 10 වෙනකන් ලිමිට් එකක් දාල තියෙන්නේ.

    • එතරම් ලිබරල් නැහැ බන්. 🙂
      දරුවන් පිළිබඳව නම් අප ලිබරල් වුවත්, ඔවැනි පාලන දමා තියනවා. ඒවා බලෙන් ක්‍රියාත්මක කරන්නේ නැහැ. පාලනය කර ගැනීමේ අවස්ථාව එයාලටම සලසා ගන්න ඉඩ දී තියනවා. හැබැයි කුඩා කළ, ඔවුන් කරන කියන, ආශ්‍රය කරන අය ගැන සෙවුවා.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s