දරුවන් වැනි මල්!


img_0989

කොතරම් වැඩ තිබුණත්  ඊයේ දවල් කෑම  වෙලාවේ මා අපේ ෆ්ලොරියාඩ් එකට ගියේ එහි විශේෂ දෙයක් තිබුන නිසා. දරුවන්ගේ කටයුතු වලට සහභාගී නොවී ඉන්න නොහැකියි. ඒ කටයුත්ත නිමා වුන පසු පින්තූර  ටිකකුත් ගත්ත. හැම අවුරුද්දේ පාහේම පින්තූර  ගත්තත්, ඒවා යලි බලන්න හෝ අවස්ථාව උදා වෙන්නේ නැහැ. අද විශේෂ දෙයක් නොතිබුන නිසා, පින්තූර  ටික වෙනම සේව් කෙරුව.

img_1003

ඊයේ ඇත්තටම හරියට වසන්ත දිනයක් කියා නම් කරන්න පුළුවන්. මෙතෙක් ගතවුණ  සති කිහිපය වසන්තයක් කියා නම් කරන්න බැහැ. අද චන්ද දිනය ඊයේට වඩා හොඳයි. උදේ පාරට බැහැපු ගමන්, වටවන්ගුවක් අසල ගැහැනු ළමයි දෙදෙනෙක් එක පක්ෂයකට කොඩි වනමින් හිටියා. එයින් කෙනෙක් වාහනයක වහලෙට නැගිලා සිටියේ. සීතලක් නොතිබුණ  නිසා අඩුවෙන් ඇඳල  ඉන්න එක ප්‍රශ්නයක් නොවෙන්න ඇති.img_1023

ලෝකයේ වැඩිපුර අහන්න ලැබෙන්නේ ආතතිය ඇතිකරවන කතා නිසා, මල් ටිකක් වත් බලමු. මල් වර්ණවත්ව හැදිලා තියෙන්නේ අපගේ රසවින්දනයට නොවුණත්, අප තරම් ඒවා දැක සිතා මතා සතුටු වන වෙන සත්ත්වයෙක් නැහැ.

img_0950

img_0975

පහත ඡායාරූපයෙන් ඊයේ දිනය ගැන වැටහීමක් ගන්න පුළුවන්.

 

img_0969

Advertisements

33 Comments

Filed under Photography

33 responses to “දරුවන් වැනි මල්!

  1. මල් ටිකනම් බොහොමත්ම අපූරුයි රයිගම්. ඔබ වනාහී නිසැකවම කෘතහස්ත උයන් පල්ලෙකි….:)

    ඔබේ මල් වල ඡායාරූප දැකල මම මෙහෙම සතුටුවුනානම් ඒ මල් වවල සාත්තු කරන ඔබට කොහොම සතුටක් ඇද්ද?

    • නැහැ රවී, මේවා මා වවපුව නොවේ. කලින් සටහනේ හා වෙනත් සටහන් වල මා වවපුවත් දමා ඇති. මෙතරම් ලොකු ගෙවත්තක් මට නැහැ. 🙂

  2. Pingback: දරුවන් වැනි මල්! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  3. ලෝකයේ වැඩිපුර අහන්න ලැබෙන්නේ ආතතිය ඇතිකරවන කතා/// true

  4. බොහොම ස්තුතියි මල් වල පින්තූර දැම්මාට. මමත් හරිම ආසයි මල් වලට.
    අපේ නම් මල් මැලවී කොළ හැලී යන කාලේ, හිතට දුක හෙමින් එබෙන අඳුරු සීත කාලේ.. පුළු පුළුවන් වෙලාවට අවුව හා මල් වල ෆොටෝ දමන්න රයිගම්.

    • මොනවාද අනේ, ඉගෙන ගන්න කාලේ ඔහොම දුක් වෙන්න දේවල් කොහෙද තියෙන්නේ? 😉
      පොටෝ නම් දහසක් තියනවා. බලමු දමන්න.

      • දුක් වෙන්න හේතුවක් නැහැ. අඳුරු සීත කාලේ දුක්බරයි වගේ නිසා විතරයි එහෙම කිවුවේ. 🙂

        • විහිළුවක් ඒ. ඇත්තටම වින්ටර් අඳුරු කාලගුණය, මිනිස් සිතිවිලි වලට බලපෑම් කරනවා. අහල තියනවද SAD (http://www.mayoclinic.org/diseases-conditions/seasonal-affective-disorder/basics/definition/con-20021047) ?

          • ඔව් රයිගම්, මේ ලඟදි මම ඔය ගැන විස්තර වගයක් කියෙව්වා.. හොඳ වෙලාවට යුරෝපයේ වගේ මෙහෙ වින්ටර් එක අඳුරු වෙන්නේ නැහැ, ටිකක් හරි අවුව පායනව. දැන් SAD ගැන දන්න නිසාම ටිකක් සූදානම් ශරීරෙන් ඉන්න පුළුවන්, ගියවර ආ ගමන් පළමු වින්ටර් එක ගත කලේ හරිම අමාරුවෙන්. මේ පාර වින්ටර් ෆැෂන් කරන්නට හිතුව, හිත සතුටු කරගන්ට. 😀

  5. ෆ්ලෝරියාඩය මෙවර මිස් විය!

  6. NK

    මල්! ආ…
    විනාඩි තිහකට වඩා යන නිසා මේ ඇති.

  7. පොඩි හරි තෙතමනයක් තිබ්බොත් ගලක් උඩ උනත් මලක් පිපෙනවාලුනේ, ලස්සනයි

  8. Anonymous

    “в зимний холод всякий молод”

    • правильно! (что может быть причиной не имея ни одного развитой страны в тропиках). 😉

  9. Tharu´ M ^_^

    කදිම මල් ටික ..මල්වල වටිනාකම ගහේ තියෙද්දිම රසවිඳින විටළු….

  10. ඉඋමථිඑ අදිකාරීINDUMATHIE ADIKARI

    ලස්සනයි .ආසාවෙන් බැලුවා

  11. රයිගම් නෙදර්ලන්තේ ටියුලිප් මල් වත්තට ගිහින් තියේය? බූහොම කැමති වෙයි. අපුරු පින්තූර ටික.

    • නැහැ, මචං මා ලෝකේ වැඩිය ඇවිදලා නැහැ. නෙදර්ලන්තේ තියා මෙයට මාසෙකට විතර කලින් ගමනක් ගිහින් එන විට තිබුන, ටියුලිප් වත්තකට බහින්න ඕනි වුනත්, ජනතාව කැමති නොවුන නිසා පිඹගෙන ගෙදර ආව. 🙂

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s