පිපි හා නොපිපි කුසුම්!


මා කලින් සටහනක ලියා ඇති ලස්සන පිලිබඳ මනුෂ්‍ය ආකල්ප ගැන ඉතාම කෙටියෙන් අදහස් ටිකක්. එහි මා මතක් කරපු දෙයක් තමා ලස්සන හා සමමිතික බව අතර තියන සම්බන්දය. ගස්-වැල්  කෙසේ වෙතත්, සත්වයන් දියුණු වෙමින් පරිණාමය වී තියෙන්නේ සමමිතිකව.

img_0929

විලාසිතා නිර්මාණය කිරීමේදී හා තවත් අවස්ථාවල මේ සමමිතික බව බිඳලා, එනම් වෙනස් දෙයක් නිර්මාණය කරන්න සමහර විට ප්‍රයත්න දරනවා. කමිසයක දෙපැත්තේ මෝස්‌තර දෙකක් නිර්මාණය කිරීම වගේ. මේවට කැමති හෝ අකමැති වීම පුද්ගලානුබද්දයි.

img_0970

මුලින් කියුවා වගේ ගස්-වැල්  වලට මෙවැනි සමමිතික බවක් නැහැ. ඔය කියන්නේ ගස් වගේ හැදෙන්න එපා කියල. කෙලින්ම නැති වුවත්, හැදෙන්නන් වාලේ හැදෙන්න එපා කියන එකේ, අර සමමිතික බව නැති වීමත් තියනවා කියල මා හිතනවා. ගස්-වැල්  කෙසේ වුවත්, එයාලගේ ප්‍රජනන අංගයක් වන මල් නම් ගොඩක් වෙලාවට සමමිතිකයි. මල් කියන්නේ එයාලගේ ප්‍රජනන අංගයක් වූවාට, මිනිසුන් මෙව්වට දක්වන්නේත් පුදුම කැමැත්තක්.

img_0945

ඒ කැමැත්ත විතරක් නොවේ, කලින් ලියපු පරිදි මල් වගේ දරුවන් හෝ දරුවන් වැනි මල් වගේ කියමන්ද සමහර විට කියමන් විතරයි. මේ දෙවර්ගයම පොඩිකර දමන මනුෂ්‍යන් ( එයින් සතුටක් ලබනවා ද කියල සිතන්නට හැකි විදිහේ) අප අතර ඉන්නවා.

පසුගිය සති දෙක වගේ කාලයක ඕස්ට්‍රේලියාවෙන් ද ඇහුනු ප්‍රවුර්ති දෙක තුනකටම දරුවන් පොඩිකර දැමීම්  වාර්තා වූවා. සමහර විට දෙමාපියන් විසින්ම. එයිනුත් අද තීන්දුව ලැබුණ  නඩුවක අම්ම හා තාත්ත දෙදෙනාම, ඔවුනගේ දරුවට, දශක දෙකහමාරක් තිස්සේ කළා යයි උසාවියේ කියවුන කරුණු අප වැනි මිනිසුනට සිතා ගන්නට නොහැකි අන්දමේ ඒවා. මා ලින්කුවක් දමන්නේ නැහැ.

img_0941

හැබැයි මල් අපගේ ඉපදිමේදීත්, විවාහය හා මරණයේදී ත් එම අවස්ථා සැමරීමට භාවිතා කරන නිසා ඒවා මනුෂ්‍ය ශිෂ්ටාචාරයේ සුවිශේෂී තැනක් හිමි කරගෙන තියනවා. ඒ විතරක් නොවේ පරලොවක් ගැන විශ්වාස කරන මිනිසුන්, එලොව යහපත් කර ගැනීමටත් මල් භාවිතා කිරීමත් සැලකිය යුතු කරුණක්.

img_0979

අනෙක් අතට එදිනෙදා ජිවිතයේ පවා, වචනයෙන් කියන්න බැරි දේවල් මල් වලින් පවසන්න පුළුවන්. ඔබට ස්තුතියි, මට සමාවන්න හා ඔබට සුබ පැතුම් කියා වචනයෙන් කියනවාට වඩා ගොඩක් ප්‍රභල විදිහට මල් වලින් කියන්න පුළුවන්.

img_0961

මේ සටහනත් සිතිවිලි ලිවීමට වඩා මා ගත්තු මල් පාත්ති ටිකක පින්තුර බෙදා ගැනීමට දමන එකක්. අද සිකුරාදා වීමත් සිතට සතුටක් දනවන දෙයක්.  මල් වල පින්තූර  සියල්ල කැන්බරා ෆ්ලොරියාඩ් -2016 මල් ප්‍රදර්ශනය නරඹන්නට ගිය විට මා විසින් ගත්තු එව්වා.

img_0997

(ඡායාරූප සියල්ල මගෙනි, ඔක්තෝබර_2016).

Advertisements

15 Comments

Filed under Opinion, Photography

15 responses to “පිපි හා නොපිපි කුසුම්!

  1. Pra Jay

    Your photography?

  2. NK

    Last one is the best!

  3. තෑන්ක් යූ රයිගම්. මේක තමයි නියම පෝස්ට් එක.

    අද මෙහෙ කළුවර වැහි දවසක්, පහුගිය ටිකේම අවුව පායලා අද වැස්ස. තෙමුණේ නැතත් සීතල දැනිල පොඩි අසනීප ගතියයි. මේ ෆොටෝස් ටික අදම දාපු එක හොඳයි.

    මල් කියන්නේ ගස් වලට අවශ්‍ය දෙයක් තමයි ඔබ කියනවා වගේ. ඒත් අපි ගොඩක් අයට මල් කියන්නේ ලෝකේ තියන හොඳම දේවල් වලින් එකක්.

    • අද අපටත් අඳුරු දිනයක්. ඊයේ හා පෙරේද හොඳට පෑව්වා. ඒ වුණත් සති දෙකක් තිස්සේ කරපු වැඩක් අද නිමා කරන්නට අවස්ථාව ලැබුණ. එයටම සිකුරාදා දිනයත් යෙදීම නරකම නැහැ නේ.

  4. සිංහල බ්ලොග් ලෝකයත් සුන්දර මල් උයණක් කරමු කියා කවුද කීවා නේද?

    • කවුරුන් හෝ එහෙම කියුවද රසික?

      මල් ලෝකයත් විවිධාකරයිනේ. රොනට එන බඹරුන් ආහාරයට ගන්න බාඳුරා මල්, මීමැස්සන් ආකර්ෂණය කරන සැවැන්දරා වගේම, නිල මැස්සන් ආකර්ශනය කරන කිඩාරම් මලුත් තියනවා. මල් මේ ලෝකයේ පහළවී තියෙන්නේ මෙයට වසර මිලියන 150-200 කර විතර එහා කාලයේ යයි කියැවෙනවා. එතැන් සිට මේවා පරිණාමය වෙලා ඇවිත් තියන විවිධත්වය, ස්වභාවධර්මයේ තියන (එකම ප්‍රශ්නයට) විවිධ විසඳුම් සෙවීමේ කුසලතාවය ගැන කියන අපූරු උදාහරණයක්වි.

      මෑත ඉතිහාසයේ මිනිසා විසින්ද, තමන්ගේ රසවින්දනය සඳහා මල් වර්ග බිහි කර ගත්තනේ. අප ස්වභාවධර්මය වසර මිලියන සියගණන් තිස්සේ ගොඩ නගපුව විනාශ කරාවිද, නැත්නම් ස්වභාවධර්මයට නොහැකි වුන දේ කරාවිද?

  5. මේ ගත්ත මල් ෆොටෝ වලින් තව පෝසට් කීයක් ලියන්න ඉන්නවද ඔබ රයිගම්..:)

    • තව සටහන් දෙක තුනක් මල් වලින්ම ගොඩ යන්න තමා හිතාගෙන ඉන්නේ නිම්නි. 🙂

  6. /ගස්-වැල් කෙසේ වෙතත්, සත්වයන් දියුණු වෙමින් පරිණාමය වී තියෙන්නේ සමමිතිකව./

    පිරිමි මානවයින් ගත්තොත් එක තැනක හැර රයිගම්,(You know where, I am sure) 🙂

    • ට්‍රයි කළොත් තුලනය කර ගන්න බැරිකමක් නැහැ නේද රවී?

  7. Tharu´ M ^_^

    මෙය බැලීමටනම් තරමක් පරක්කු වුනා අැතිවු කාර්යබහුල තත්වය නිසා….අලංකාර මල් ටික…ඔබ සිටින්නේ මල් උයනක මම හිතන්නේ…… 🙂

    • මාත් බිසී වූවා තරු. පරක්කුවක් නැහැ. මේවා ඕනෙම දිනක කියවන්න හැකියි (ඒ සඳහා කැමැත්තක් ඇති නම්).
      ඔය මල් ප්‍රදර්ශනය දැන් අවසානයි. නමුත් වසන්තය නිසා තවම හැමතැනම මල් පිපිනවා.

      • Tharu´ M ^_^

        මම එක ලිපියක්වත් මගහැරෙන්නනම් දෙන්නෑ…..ඇත්තටම මෙයනම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වසන්තයක්ම තමා

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s