ඔබේ සුවඳ රැඳි…..!


img_0962

උදේ මා මෙහෙ තියන බනින්ස් කියන හාර්ඩ්වෙයා ස්ටෝර්ස් එකට ගියේ මල් පැල  ටිකක් මිලදී ගන්න. සූ  ගාල සෙනග. රථ ගාල පවා පිරි ගිහින්. ඕස්ට්‍රේලියාවේ වසර සියයකට වඩා ඉතිහාසයක් තියන මේ බනින්ස් කියන කඩ පෙළ, මෙවැනි වර්ගයේ කඩ ජාලයන්හි ප්‍රමුඛත්වය ගන්නවා. ගිය වසරේ මෙවැනි කඩවලට ඕස්ට්‍රේලියානුවන් විසින් ඩොලර් බිලියන පනහකට කිට්ටු වෙන්නට වියදම් කර තියනවා. ඒ කියන්නේ සෑම  කෙනෙකුම ඩොලර් 2000 කට ආසන්න  ගණනක්.

img_1022

මේ සංඛ්‍යා ලේඛන කියන්නේ මොකක්ද? හෝම් ඉම්ප්රුව්මන්ට් ඉන්ඩස්ට්‍රී කියන මේ ක්ෂේත්‍රයට නිවස හා ගෙවත්ත වැඩි දියුණු කිරීම් අයත් වෙනවා. නිවාස  කියන්නේ මූලික  මිනිස් අවශ්‍යතාවයක්. හිසට වහලක් හා මේසයේ කෑම  තියනවා නම්, අනෙක්වා එතරම් වැදගත් නැතිය කියල කියමනක් තියනවා. හැබැයි, ඉහත සංඛ්‍යා ලේඛන පෙන්වන්නේ එයිට වෙනස් කතාවක්.

img_0973

හිසට වහලක් නැතිව දිවි ගෙවන මිලියන ගණන් ජනතාවක් මේ පෘථිවිය මත ඉන්නවා. එයාලට හිසට වහලක් ලැබීම සිතන්ට නිවනක් දනවන දෙයක් වන්නට පුළුවන්. ඕස්ට්‍රේලියාවේ පවා නිවස්නැත්තන් හෙවත් හෝම්ලස් මිනිසුන්ගේ ප්‍රශ්නය ගැන නිතර කරලියට එනවා. මෙයාලට උදව් කරන  මහජන මුදල් යොදවා කරන විවිධ ව්‍යපෘති තිබුණත්, ඒවා ප්‍රමාණවත් නොවන වග තමා නිතර අහන්නට ලැබෙන්නේ. මේ මිනිසුන් අතරින් කිසියම් ප්‍රතිශතයක්, එසේ ජිවත් වීම ජිවන විලාසිතා තේරීමක් වශයෙන් කරන වග මා විශ්වාස කරනවා.

img_1010

අනෙක් අතට නිවාස වල මිල අධික වීම නිසා තරුණ ජනගහණයෙන්  කිසියම් කොටසක්, නිවසක් නැතිව ජිවත් වීම තමන්ගේ ජිවන විලාසිතා තේරීමක් ලෙස කරන වග වාර්තා වෙනවා. ලෝකයේ අනෙක් රටවලට සාපේක්ෂව, ජනගහණන  ගණත්වය ඉතා පහල ඕස්ට්‍රේලියාව වැනි රටක, නිවාස මිල ඉතා ඉහල වීම ගැන නිතර කතා බහ ඇතිවුණත්, කිසිවෙකු එයට ප්‍රයෝගික විසඳුම් ඉදිරිපත් කරන වගක් පෙනෙන්න නැහැ.

img_1004

ගිය සතියේ පෙඩරල් භාණ්ඩාරගාර  ඇමති මේ ගැන කතා කෙරුව. නමුත් ඉඩම්, නිවාස සඳහා නිදහස් කිරීම තියෙන්නේ ප්‍රාන්ත ආණ්ඩු අතේ. එය ඔවුනගේ ආදායම් වල ප්‍රධාන කොටසක් වන නිසා, මෙසේ සැපයුමට අඩුවෙන් නිදහස් කර වඩා අධික අදායමක් ඔවුන් උපයන වග අසන්න ලැබෙනවා. එයට බැඳුන තවත් කාරණා නම් තියනවා තමා.

img_1000

සෝවියට් සංගමය වැනි පැරණි සමාජවාදී රටවල් නිවාස ප්‍රශ්නය 100% ක් විසඳුවා යයි පුරසාරම් කියුවා. “නිවාස කියන ප්‍රශ්නය” එසේ විසඳන්න හැකිද? ඔව්, හිසට වහලක් නැති කෙනෙකුට ඕනෙම අන්දමේ නිවසක් ලැබීම විශාල සහනයක් වෙන්න පුළුවන්. ඒ මූලික අවශ්‍යතාවය පිරිමැහුවහම ඇතිද ?  මිනිසුන් කියන්නේ එහෙමම තෘප්තිමත් වන කොට්ටාශයක් නොවන වග සෝවියට් ක්‍රමයම තහවුරු කෙරුව. බනින්ස් කඩේ පොදි  කන මිනිසුන් කියන්නෙත් ඒ කතාවම තමා.

img_1007

මා මල් පැල  දෙක තුනක් අරන් ගෙදර ආව. යහළුවෙක් දවල්ට එනවා කියල තිබුන නිසා එයාටත්  එක්ක උයල, මල්පැල ටික හිටෙව්වා. එය ඉවරවෙනවා එක්කම යාළුවා  ආව. ඉන්පස්සේ කාල බීලා ඉවර වෙන විට වහින්න ගත්ත.

Advertisements

10 Comments

Filed under Photography, Social

10 responses to “ඔබේ සුවඳ රැඳි…..!

  1. /ගිය වසරේ මෙවැනි කඩවලට ඕස්ට්‍රේලියානුවන් විසින් ඩොලර් බිලියන පනහකට කිට්ටු වෙන්නට වියදම් කර තියනවා. ඒ කියන්නේ සෑම කෙනෙකුම ඩොලර් 200ක් වගේ ගණනක්./

    රයිගම්, මෙතන බිලියන් පහක් නේද වෙන්න ඕන?

    • මගේ ගණක යන්ත්‍රයේ දෝෂයක් රවී. ඔබට තුති. අනෙක් ගණනයි වෙනස් වෙන්න ඕනේ. ඒ කියන්නේ බිලියන පනහ තියෙත්දී, අනෙක් ගණනට තව බින්දුවක් එකතු වන්න ඕනේ. ඉන්න හදන්න.

  2. ෂා ලස්සන මල් ටික.. අද අවුව නැතිම දවසක්, නියම පෝස්ට් එකක්, නියම මල් ටිකක්..
    බොහොම ස්තුතියි රයිගම්.

  3. Pra Jay

    Tulips look almost luminescent

  4. මලුත් ලස්සනයි. සිංදුවත් ලස්සනයි. 🙂

    • එමලුත්, එම සිංදුවත් හැර තව ලස්සන දේවල් හෝ කට්ටිය තිබෙනවද/ඉන්නවද මෙඩුසා?

  5. හෝම්ලස් කියන්නේ රයිගම් කියනවා වගේ ජීවන රටාවක් කරගත්තු කුඩා කොටසකුත් ඉන්නවා.

    හෝම් ඉම්පෘව්මන්ට් කියන එකත් ලොකු මාකට් එකක් වෙලා ඉවරයි. රූපවාහිනි වැඩ සටහන් එහෙම බලනකොට ඒ වෙනුවෙන් කොච්චර කාලයක් වෙන්කරලා තියෙනවද කියලා හිතෙනවා. අනිත් එක තමන්ගේ ගෙදර පොඩි පොඩි වෙනස්කම් කිරීම්, අලුත්වැඩියා වගේ දේවල් තමන්ම කරගැනීමත් මේ රටවල්වල අය විනෝදයක් ලෙසත් කරනවනේ. අනික බිල්ඩර්ස්ලගේ අයකිරීමුත් ඉහලයිනේ. මේ ඔක්කොම බැලුවාම බනින්ස්ලාගේ ආදායම පුදුම වෙන්න දෙයක් නැහැ වගේ.

    සින්දුවයි මල් ටිකයි මල් හතයි!!!

    • ඔව් අරූ, ඒ විතරක් නොවේ රැකියාවක් නොකිරීම ජිවන විලාසිතාවේ අංගයක් කර ගත්තු පිරිසකුත් මේ සමාජයේ ඉන්නවා.
      මිනිසුන් සමාජයේ අනෙක් අයට කරදරයක් නොවී කරන එවැනි කටයුතු ගැන කිසි වරදක් කියන්න බැහැ නේද? සමහර සමාජ වල ඉන්නේ, අනුන්ට හිනා වීම එකම විනෝ දාංශය කර ගත්තු පිරිසක් නේ.

      මල් හතයි නම් නියමයි.! 🙂

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s