Monthly Archives: November 2016

රැකියාවකට ලැයිසොමක්! An apartment for sale!


අතීතයේ ලියුව සමහර දේවල් මා යලිත් කියවන්නේ, මා කොතරම් වෙනස් වී ඇතැයි ද කියාත් දැන ගන්න. සාමාන්‍ය ජිවිතයේ පවා අතීතය, මා ස්මරණය කරන්නේ, යලිත් ඒ කාලයට යනවට වඩා, අනාගතයට යම් දෙයක් හිතන්නට. ජිවිතයේ මෙන්න මේ හිටපු තැනට ගිහිං ජිවත් වෙන්න ඇත්නම් කියා ආසාවක් මට නැහැ.

මෙහි කලින් ලියා ඇති සටහන් වල කරුණු නැවත නැවත විටින් විට ලියනවා වුවත්, ඒවා ලියන්නේ වෙනස්ව. විවිධ මුලධර්ම වාද වල එල්බ ගත්තු විට ලෝකයේ පවතින දේවල් පෙනෙන්නේ ඔවුනගේ ඒ කොටුව තුල පමණයි.

මෙයට හොඳ උදාහරණයක් තමා කියුබාව හා සිංගප්පූරුව යන රටවල් දෙක මිනිසුන් විග්‍රහ කරන හැටි. මිනිස් ශිෂ්ටාචාරයේ මෑත අවධියේ අද්විතීය “පර්යේෂණ” දෙකක් වන මේ රටවල් දෙකින්ම, සාමාන්‍ය ජනයා වන අපටත්, රාජ්‍ය තාන්ත්‍රිකයන්ටත්, දියුණු වෙමින් පවතින රටවලටත් ඉගෙන ගන්න දේවල් තියන වග නම් නිසැකයි.

ඒකාධිපතියන් කියා අප නිර්වචනය කරන දේත් තමන්ගේ මතවාද අනුව වෙනස් වන අන්ත දෙකටම හොඳ උදාහරණයක් තමා, මේ රටවල් දෙක දීර්ඝ කාලයක් පාලනය කරපු එකිනෙකට වෙනස් දෙන්න හා  ඔවුනට ලෝකයේ අනෙක් රටවල නායකයන් හා ජනතාව දක්වපු හා දක්වන ප්‍රතිචාරය.

නිමා නොකළ සටහනක්

අද කියවූ ලිපියක්

raigamahandiya

මේ දිනවල අපේ ගෙදර පොඩි නඩත්තු වැඩ ටිකක් කෙරුවා. වෙන කෙනෙකු කළේ. ඔහු ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙලා තියෙන්නේ ක්‍රෝඑශියාවෙන්. ඇත්තටම ඒ දවස්වල යුගොස්ලාවියාවෙන්. තවත් ඇත්තටම කියුවොත් ඕස්ට්‍රියාවට ගිහින් එහෙන් තමා ඕස්ට්‍රේලියානු විසා හදාගෙන මෙහෙට ඇවිත් තියෙන්නේ.

කොමියුනිස්ට් යුගෝස්ලාවියාවේ අධ්‍යාපනය නිම කර වැඩ කරන්න පටන් ගත්තු ඔහුට, ඒ දවස් වල එක ආසාවක් තිබිල තියනවා. එනම් සර්පිනාවක් මිලදී ගැනීම. සංගීතය අධ්‍යයනය කර තිබෙන ඔහුට, වෘත්තියට අමතරව විනෝදාංශයක් විදිහට තමා සංගීතය කරන්නට අවශ්‍ය වෙලා තියෙන්නේ. දැන් ප්‍රශ්නය නම් සර්පිනාවක් මිලදී ගන්න අවුරුදු දහයක් පමණ වැඩ කර, ගන්න පඩියෙන් වෙන කිසිම දෙයක් නොකර සියලු මුදල් ඉතිරි කරන්නට වෙනවා.

මේක හරියන ජිවිතයක් නොවේ කියා, ඔහු ඕස්ට්‍රියාවට ගිහින්, එතනින් මෙහාට ඇවිත්. අවුරුද්දක් වැඩ කරලා, සර්පිනාවක් විතරක් නොවේ, ගිටාරයක්, වයිලිනයක් ඈතුලු ඔහුට අවශ්‍ය සියලු සංගීත භාණ්ඩ ටික අරගෙන.

මෙයාට අවුරුදු 70 ක් පමණ වෙනවා. නමුත් ශරීරය දිහා බැලුවහම හෝ වැඩකරන හැටි බැලුවහම එහෙම වයසක් පේන්නේ නැහැ. ඔහු වැනි වෘත්තිකයන් අපට දකින්නට ලැබෙන්නේ කලාතුරකින්. අපටත් රෙකමදාරු කළේ මිතුරෙක්. කරපු…

View original post 1,479 more words

7 Comments

Filed under Opinion