…… කුසුමක් වී ඉන්නම්?


ගිය සතියේ අපේ ආයතනයේ එනම් වැඩකරන තැන කෙනෙක් විශ්‍රාම ගියා. ඇත්තටම ඔහු විශ්‍රාම ගියේ ටිකක් කලින්. ඔහු වැඩකරපු අංශයේ තිබුණ  තනතුරු අතරින් එකක් අඩු කළ  නිසා, අනික් තරුණ පිරිසට ඉඩ දීලා, ඔහු කැමැත්තෙන් විශ්‍රාම ගත්තා. එක අතකින් එය මුල්‍යමය වශයෙනුත් ඔහුට වාසියි. අනික් අතින් එය, තමන් සමග වැඩ කරපු අනික් අයට  කරපු උදව්වක්.

img_0937

ඔහු කෑම  මේසයේදී හා අනෙක් තැන් වලදී  මා සමග විවිධ දේවල් කතා කරන කෙනක්. ඒ අතරින් ජීවිතය, ජිවන විලාසිතා හා ශරීර සෞඛ්‍යය ප්‍රධාන තැනක් ගන්නවා. දැනට මාස හත අටකට කලින්, ඔහුගේ බිරිඳ එක පාරටම ලෙඩ වූවා. ඒ එක දිනක ලේ බඩ  යාමට පටන් ගැනීමෙන්.

සති කිහිපයක් රෝහලේ නැවතී ඉඳ විවිධ පරීක්ෂණ සුදු කෙරුවත් හරි හේතුව සොයා ගන්න බැරි වුණා. ඉන්පසු ඇය කරපු රැකියාවෙන් විශ්‍රාම ගත්ත. දැන් මෙයාත් විශ්‍රාම (කැමැත්තෙන්) ගැනීමට එක හේතුවක් එයය කියා මා අනුමාන කරනවා.

img_1008

එයාගේ බිරිඳ ලෙඩ වුන දිනවල මිනිහා හා මා කතා කරන විට මතක් කරපු දෙයක් තමා, මිනිසුන් ජිවත් වන වයස් සීමාව හා මිනිසුන් නිරෝගිව ජිවත් වන වයස් සිමාවේ පරතරය වැඩි වීම. එයාගේ නෝනගේ ලෙඩේ මතක් කරමින් තමා මෙය කියුවේ.

මෙයා මට කියුවේ මිනිහා එයාගේ ජිවන විලාසිතාව දැනට වසර හතර පහකට පෙර වෙනස් කර ගත්තා කියා. එයට එක හේතුවක් ලෙස කියුවේ විශ්‍රාම ගන්න සුදානම් වෙන්න. එයින් එකක් තමා දවල්ට දුවන්න යාම. දවල් කෑමට පෙර මිනිහා දුවල ඇවිත්, කළමනා එකතු කර එවෙලේම හදා ගත් සලාදයක් කනවා.

img_1013

පොර කියුවේ මේ වෙනස් වීම්  කර ගන්න විට බිරිඳටද එකතු වෙන්න කියුවත්, ඇය  තමන්ගේ රාජකාරියට තියන අසීමිත කැපවීම නිසා එය ගණන් නොගත් වග. දැන් ඇයට  හැදිලා තියන හඳුනා නොගත් රෝගය ජිවන විලාසිතා සමගත් සම්බන්ද වීමට තියන හැකියාව ගැන තමා ඔහුට කියන්න අවශ්‍ය වුණේ. සමහර විට එම රෝගය ජිවත් වූ විදිහ හා සම්බන්ධයක් නැතිව ඇති. නමුත් එය සම්පුර්ණයෙන් බැහැර කරන්නට බැහැනේ. අන්න ඒකයි  පොරගේ කතාවේ හරය වූයේ.

img_1035

මා මේ සටහන ලියන්නේ අද දවල් වුන සිදුවීම් දෙකක් නිසා (වෙලාවක් ලැබුන එක තමා ප්‍රධාන දේ). ඒ දෙකම විශ්‍රාම අරන්, තවමත් වැඩ කරන දෙදෙනෙකු හා සම්බන්ද සිදුවීම්. ඒවා විස්තර කිරීම එතරම් වැදගත් නැහැ. හැබැයි, දැනට දශකයකට වැඩිය කාලයකට කලින් විශ්‍රාම ගත්තත්, ගරු රඟපෑම් කරන්න එන පිරිසක් අපේ ආයතනයේ ඉන්නවා.

මොවුන්ගෙන් සමහර දෙනෙකු පසුගිය කාලයේ බලෙන් ගෙදර නැවැත්තුවේ, ඔවුන් අයත්කරන් හිටි කාමර නිදහස් කර ගන්න. නමුත් කිහිප දෙනෙක් තවම ඉන්නවා. තවමත් සුපුරුදු පරිදි උදේ පාන්දරින් ඇවිත් හවසට ගෙදර යනවා. තමන්ගේ රැකියා දිවිය තුල මොවුන් සැහෙන දෙයක් කර තියනවා. තවමත් ඔවුනගේ ඒ කටයුතු වල රස්නය තියනවා. ඔවුන් දැනටත් නිරත වන්නේ ඒ කටයුතු වලම තමා.

img_1016

මට සිතුන කරුණ තමා, ඔවුන් ගේ ජිවිතයේ ප්‍රධාන අංගය වී ඇත්තේ රැකියාව ම තමා. වෙන කිසිම දෙයකට ඔවුනට එක්කෝ වෙලාව ඉතිරි නොවන්න ඇති, නැත්නම් ආසාවක් හට නොගන්න ඇති. ඒ කරගෙන අපු දෙයට තිත තැබුවොත් ඔවුනගේ ජීවිතය ඇන හිටිනවා.

 

Advertisements

5 Comments

Filed under Careers/Employments, Lifestyle, Opinion

5 responses to “…… කුසුමක් වී ඉන්නම්?

  1. මගේ වයසෙදි අමරදේව කියන්නේ 1960 වගේ කාලේ.. එයින් පසුව අමරදේව කොච්චර සින්දු කියන්න ඇතිද? කොච්චර ජනප්‍රිය වන්නට ඇතිද? මට තවත් බොහෝ කල් ජිවත් වන්නට තිබෙනවා කියන කාරණාව අමරදේව මැරුනා කිව්වම මට සිහියට ආවා.

    • අමිල, //මට තවත් බොහෝ කල් ජිවත් වන්නට තිබෙනවා කියන කාරණාව// දාර්ශනිකව බැලුවත්, ප්ප්‍රායෝගික පැත්තෙන් ගත්ත වුවත්, තවත් “unknown” එකක් විතරයි නේ. ජීවිතය හැරයාම පැත්තක දැමුවත්, හිටි හැටියේ ජීවිතය උඩු යටිකුරු වීම සමහරවිට අනපේක්ෂිත අයුරින් සිදු වීම ඉතාම දුලබ සිද්දීන් නොවේනේ. මේවා අපට නිතර අහන්නට ලැබෙන දේවල්.

      හැබැයි ඔබට එහෙම සිතුන එක හොඳ දෙයක්. තියනවා කියා කරන්නට හිතන් ඉන්න දේවල් පස්සට දමන්න එපා. මොකද එහෙම ගොඩක් කල් ඇත්තටම නැහැ. ඒ කියන්නේ කරන්නට හිතන දේවල් එකතු වෙනවා ජිවත් වීමත් සමග හා ජීවිතය වෙනස් වීමත් සමග. මා ලොකුවට ඉදිරි අනාගතය ගැන සැලසුම් ගහන්නේ නැහැ. නමුත්, තමන්ට කෙසේ වෙතත්, අන් අයට (විශේෂයෙන් දරුවනට) කරන්න (කර දෙන්න) අවශ්‍ය අවම වත් වැඩ කොටසක් තියනවනේ. අන්න ඒකයි මන් කියන්නේ කිසිදා වැඩ කල් දමන්න එපා කියා. ඔන්න මට වෙලාව ඉවරයි. නැත්නම් ඔබේ උත්තරයට මගේ පිළිතුර තව සටහනක් වෙනවා. 😉

  2. Pingback: …… කුසුමක් වී ඉන්නම්? | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  3. Pra Jay

    ඔබ මල් ඡායාරූප ගනිද්දී mode එකේ වෙනසක් කරවාද? සමහර මල් දිලිසෙනවා

    • ඔව් ප්‍රා, ඔබ කලින් සටහනේත් ඕකම ලියා තිබුණනේ. එය එන්නේ මෝඩ් වෙනස් කරන නිසා නොවේ. පොටෝ එඩිටින් වලදී එකතු වුන දෙයක්. මල් නිසා මා ටිකක් එඩිට් කෙරුව. හැබැයි දෙයක් තියනවා. එනම් ටියුලිප් වල මල පිටින් කොහොමත් ටිකාක් දිලිසෙන මතුපිටක් තියනවා.