Relationships — The Ninth Life


Quit allowing others to control your happiness. Your life should still move forward…your life should still go on…with or without them. With Love, K. L. Be sure to read Chapter 4 of my book “Everyday Isn’t Perfect.” It is dedicated to Forgiveness and Love (Relationships): http://amzn.com/B01GNLNQ28.

via Relationships — The Ninth Life

ඉහතින් බෙදා ගෙන තියන කේඑල් ගේ බ්ලොගය මා කියවන එකක්. ඊයේ සිකුරාදා නිසා, හවස හැපි  අවර්  එකට ගිහින් ටික වෙලාවක් ගතකර තමා මා ගෙදර ආවේ. එතැනදී කෙනෙක් කියුව කතාවක් නිසා මා කරකැවිල ගියා. එම කතාව සවිස්තරව ලිවිම ප්‍රයෝජනවත් නැහැ.

නමුත් කතාවේ සාරාංශය වන්නේ, අනුන්ව සතුටු කරන්නට ගිහිං, තමන්ගේ ජීවිතය මහා කරදරයක දමා ගත්තු කෙනෙකු ගැන. මේ කුඩා දරුවෙක් ගැන කියන එකක් නොවන නිසා, එම කරදරේ වැටුණ  සිද්දි  දාමය, කරගෙන ඇත්තේ තමන්ගේ කැමැත්තෙන් කියා සරලව උපකල්පනය කරන්න හැකියි.

මා සරලව උපකල්පනය කරන්න හැකිය කියුවේ හේතුවක් නිසා. එයට සම්බන්ද කෙනා ඉන්දියානු ජාතිකයෙක්. මෙතැනදී ඒ කෙනා අකමැති වුවත්, සමාජ, ආර්ථික හා සංස්කෘතික බැදීම් වලට යටවිමත් එම සිද්දි දාමයට සම්බන්දයි කියා මා හිතන්නේ, මාත් හැදී වැඩුණේ එයට සමාන වටපිටාවක නිසා.

ඔබට පවා එවැනි අවස්ථාවලට ඕනේ තරම් මුහුණ දෙන්න සිදු වෙලා ඇති. තමන් ඉගෙන ගන්න විෂය මාලාවන් තමන්ගේ කැමැත්තට තෝරා ගන්න බැරිකම, ජිවිතයේ ගමන්මග තමන්ටම තීරණය කරන්න බැරිකම (තනිකඩව සිටීම, සහකරු-කාරියන් තෝරා ගැනීම වැනි), රැකියාවලට යාම හෝ ගෙදර ඉඳීම, දරුවන් හැදීම හෝ නොහැදීම, තමන් හරිය කියා සිතෙන අයුරින් දරුවන් ඇති දැඩි කිරීමට ඇති නොහැකියාව වගේ විශාල පරාසයක ජිවිත තීරණ වලදී, අනුන්ගේ (මිනිසුන්ගේ හා සමාජ බැඳීම්) බලපෑම මගින් තමාගේ සතුට හා කැමැත්ත යටපත් වන අවස්ථා ගැනයි මා මේ කියන්නේ.

අප විශාල සමාජ් වෙනස් කම් ගැන බලාපොරොත්තු තැබුවත්, සමහර විට සිහින මැවුවත්, සාමාන්‍යයෙන් සරල කරුණු ලෙස පෙනෙන මෙවැනි තීරණ වත් අපට අවශ්‍ය අයුරින් කරන්නට බැරි වීම ගැන ඔබ සිතා තිබෙනවද?

//Quit allowing others to control your happiness. Your life should still move forward…your life should still go on…with or without them.// මෙතැන  ඔවුන් එක්ක හෝ නැතිව කියන එක අප තීරණය කරන දෙයක්ම වන්න ඕනේ නැහැ. අනුන්ගේ සතුට වෙනුවෙන් තීරණ අරන්, අන්තිමට තමන් දුක් විඳින විට, අර කට්ටිය එතන නැහැ. හිටියත් දුක බෙදා ගන්නවා කියා දෙයක් නැහැනේ.

 

Advertisements

10 Comments

Filed under Opinion

10 responses to “Relationships — The Ninth Life

  1. Pingback: Relationships — The Ninth Life | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. අකමැත්තෙන් දේවල් කිරීමේ තේරුමක් නැහැ. තමා තමාට අවංක වෙන්න ඕනේ මුලින්ම.
    ඒ වගේම අපේ ජීවිත වල යම් යම් දේවල් ‘control’ කරන්න පුළුවන් උනත්, බොහෝ දේවල් අපේ ‘control’ එකේ නැහැ. උදාහරණෙකට මම කොච්චර උත්සාහ කරත් වෙන කෙනෙක්ව සතුටු කරන්න, මට ඒක කරන්න බැරි වෙන්න පුළුවන්. මගේ සතුට තියෙන්නේ මගේ අතේ. ඒක තේරුම් ගත්තා නම් ජීවිතයේ සතුට වැඩි කරගන්න පුළුවනි.

    • //අකමැත්තෙන් දේවල් කිරීමේ තේරුමක් නැහැ.// මගේ කතාවට පාදක වුණේ ඔබ කියන දෙයමයි නිරෝෂි. හැබැයි තේරුමක් නැහැ කියුවට, නොකර ඉන්න බැරි කම, නැත්නම් අනුන්ව සතුටු කරන්නට අකමැති දේවල් කිරීම ගැනයි මා කියන්නේ. උදාහරණයක් ලෙස මේක ගන්න. දෙමාපියන් සතුටු කරන්න කියා, සොයා දෙන අකමැති ගැහැනියක් හෝ මිනිහෙක් සමග ජීවත්වන්නට කැමති වීම, කොතරම් ගොන් පාර්ට් එකක්ද? ජීවිතය වැඩිපුර ගෙවල අඩු කාලයක් ජිවත් වන්නට තියන දෙදෙනෙක් වෙනුවෙන් (ඇත්තම කතාව ඒකනේ), දීර්ග කාලයක් තමන් විතරක් නොවේ, තවත් පරම්පරාවක් (දරුවන්) අසතුටින් ගත කරන්නට තීරණය කිරීම ගැන ඔබ මොකද හිතන්නේ?

      • ඔව්..ඒකම තමයි මමත් හිතුවේ 🙂
        // දෙමාපියන් සතුටු කරන්න කියා, සොයා දෙන අකමැති ගැහැනියක් හෝ මිනිහෙක් සමග ජීවත්වන්නට කැමති වීම//

        ඉතින් නොකරම බැරි දෙයක් නම්, ඒක එහෙනම් සතුටින් කරන්න හිත හදාගන්න ඕනේ. වෙන ඔප්ෂන් එකක් නැහැ නේද?

        එක්කෝ නොකර ඉන්න ඕන,
        නැත්නම් අනුන්ගේ කැමැත්ත කරන්න ඕනේ.

        ඔය මොන දෙක කරත්, තමන්ගේ සතුට තියෙන්නේ තමන්ගේ හිතේ සහ ඒ සතුටේ වගකීම තමන් සතුයි කියන එකයි මම අදහස් කරේ.

        මම දැකල තියෙන්නේ අපේ ලාංකික සමාජේ සමහර අය අර ඔප්ෂන් දෙකෙන් පළවෙනි එක කරන්න බය නිසා දෙවෙනි එක කරනවා. ඒක කරන්නේ හිත හදාගෙන නෙවෙයි – හැමෝම ගැන තරහින්, දුකින්. ඉතින් ඒවා තමා අර self fulfilling prophecy වගේ දේවල්.
        ඒ වගේම දෙවෙනි ඔප්ෂන් එක හිත හදාගෙන කරන අයත් දැකලා තියෙනවා – ඒ අය ට යම් දුෂ්කරතා ආවත්, අඩු ගනනේ කලින් කට්ටියට වඩා සතුටින් ඉන්න බවක් පේනවා.

        • ඔබ කියන දේ මට තේරුම් ගියා නිරෝෂි. දැන් තවත් පැහැදිලියි. මටදැන ගන්න ඕනේ වුණේ, ඔබ කාන්තාවක් ලෙස මේ දිහා බලන හැටි.

          // ඒක කරන්නේ හිත හදාගෙන නෙවෙයි – හැමෝම ගැන තරහින්, දුකින්.// මා අහපු කතාව ලියන්න මා කැමති නැහැ. එය පෞද්ගලික කතාවක් නිසා. නමුත් ඔබට වුවත්, එය ඇහුවොත් නිකම් ඔල්මොරොන්දම් ගැතියන ඇති වේවි. ඒ තරම් ඒ කතාව සංකීර්ණයි.

          ආර්ථික ස්වාධින තාවය අත් කර ගත් කාන්තාවන් පවා, සමාජයට හා දෙමාපියනට බය නිසා ඔබ කියන දෙවෙනි ඔප්ෂන් එකට යනවා. මට තේරුම් ගන්න නොහැකි කරුණු මේවට සම්බන්ද ඇති.

  3. නෑ කියන්න බෑ කියන්න ඉගෙනගන්න එක හිතනවට වඩා අමාරු නමුට් ප්‍රගුණ කලයුතුම දෙයක්. මාත් ඕක ඉගෙන ගත්තෙ අත්දැකීමෙන්.

    • සමහර රටවල, කොහේ හරි නොදන්නා තැනකදී, තමන්ට යන්න ඕනේ තැන අහල බලපන්. ඒ තැන මොකක්ද කියල හාන්කවිසියක් දන්නේ නැති කෙනෙක් පවා මාර්ග විස්තරය කියනවා. දන්නේ නැහැ කියන එකට වඩා එය “ලෙහෙසි” නිසා වෙන්න ඕනේ.

  4. තමන් අනුන් වෙනුවෙන් කලත් රයිගම්, තමන්ට පුලුවන් බැරි දේවල් ගැන අව්බෝධයක් ඇතුව කලා නම් ප්‍රශ්න අඩු කරගන්න පුලුවන්…අනිත් අය තමන් වෙනුවෙන් ඉන්නවා කියන එක නම් තමන්ගේ නොතේරුම්කම…

    • Relationship නැතිනම් සඹදතා කියන ක්ෂේත්‍රය, ඉතාම සංකීර්ණ හා සරල තියරි අනුව තේරුම් ගැනීමට අමාරු දෙයන් නේද නිම්නි? මේවා ගැන මගේ අදහස් පරිණාමය වීම තවම නතර වී නැහැ.

  5. ඔව් රයිගම්.. එය තේරුන්ගැනීමට ඉතාම අපහසු දෙයක්.. ඔබත් එක්ක මමත් එකඟයි..

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s