මල් හා චොක්ලට්!


IMG_1068.jpg

අද ගෙදර නවතින්නට සිදුවුණා. මේ දින ටිකේ සාමාන්‍යයයට වඩා ටිකක් විතර වැඩ කරන්නට සිදුවුණ  නිසා, දිනක් ගෙදර ඉන්න එකත් හොඳයි. ඊයේ අල්ලපු ගෙදර ලේඩි චොකලට් එකක් අරන් ඇවිත් ස්තුති කර ගිහින් තිබුණ. මා ඉරිදා දවසේ, ගෙදර ඉදිරිපස තියන ස්වභාවික පථයේ වැවී තියන තණකොළ ටික කපන විට, එයාලගේ කොටසත් කපා දැමුවා. නිකම් ස්වේච්ඡා වැඩක් හැටියට. එයට මහා ලොකු ශ්‍රමයක් අවශ්‍ය නැහැ. අනික වියදම් ලෙස ඉතා කුඩා මුදලක් තමා පෙට්‍රල් වලට යන්නේ.

මෙයට වඩා ශ්‍රමය හා කාලය ගිය දෙයක් මා ගිය සතියේ වෙන කෙනෙකුට කර දුන්නත්, එයට ඇල්මැරුණු ස්තූතියක් ලැබුණේ. මෙතැනදී ඒ උදව්ව මගෙන් ඉල්ලපු එකක්. උදව්වක් ලෙස අප යමක් කරන්නේ, ආපසු යමක් බලාගෙන නොවේ කියනවනේ. එය ඇත්තක්ද? චොකලට් එක මා කිසිදා බලාපොරොත්තු නොවූ දෙයක් වුවත්, එයින් මට යම් සතුටක් ඇති නොවුනා කියුවොත් බොරුවක්. ඇත්තටම සතුටක් දැනුනේ අර සිද්දි දෙක එකට කල්පනාවට ආවට  පසු කියුවොත් වඩාත් නිවැරදියි.

IMG_1069.jpg

එතැනදී සංස්කෘති දෙකක වෙනසත් තියනවා කියා මා හිතනවා. මිනිසුන් ඒ වගේ දේවල් (ස්තුති කිරීම්, සමාව ගැනීම්, සතුටු වීම් හෝ නොකිරීම් හෝ නොවීම්) කරන්නේ ගොඩක් සිතා මතාම නොවේ. ඒවා ඉබේම වගේ කෙරෙන දේවල්. ඒ නිසා ස්තුති කිරීමක් හෝ නොකිරීමක් ගැන සමහර විට කල්පනාවට එන්නෙත් නැහැ. අර මා කියපු දෙවෙනි උදව්ව ගත්ත කෙනා, එවැනි දෙයක් කල්පනා නොකරන්න ඇති කියා මා විශ්වාස කරනවා.

මෙවැනි චර්යා අපගේ හැදී වැඩීම් හා කෙලින්ම සම්බන්දයි. ඒ කියන්නේ අර හෙන්රි කියන්න වගේ  කාලයක් තිස්සේ ප්‍රගුණ කරපු දේවල්. මා සංස්කෘතිය ලෙස ඉහතින් කියුවේ අන්න ඒ කරුණ. ඇත්තටම එවැනි දේවල් ජිවිතයේ එක්තරා අවධියක් පසු කළ  පසු ප්‍රගුණ කිරීම අති  දුෂ්කරයි.

ගිය සතියේ දෙදෙනෙක් කරපු කතා බහකදී වැඩිදුර ඉගෙනීම් ගැනත් කතා වුණා. එයින් එක අයෙකු අනෙකාගෙන් ඇහුවේ, ඕක කරලා ඉවර වුන පසු කරන රස්සාව, නිකම් ලංකාවේදී වගේ ශේප් එකේ කරන්න හැකිද කියා. මේ ශේප් එකේ කියුවේ ඇත්තටම වැඩ නොකර නිකම් ඉන්න හැකිද කියන එක.

img_1129

ඔතනදි මට මතක් වුණේ, ඒ ශේප් එක්කෙනා පිටරටක හිටියත් ලංකාවේ එක්තරා ජනකොට්ටාශයක් වෙනුවෙන්ම පිහිටුවා තියන පක්ෂයකට හිතෙයිෂිවන්තයි. මෙතැනදී මට මතක් වුන අනික් කරුණ තමා, තමන් ජිවත් වන රට කුමක් වුවත්, සමාජයේ තිය ප්‍රශ්න වලට, අනික් මිනිසුන් (තමාව ඉවත්කර) වරද පටවන බොහෝ දෙනෙක් හිතන හැටි. රැකියාවකට සුදුසුකම් ගන්න පෙරම සිතන්නේ, වැඩ නොකර ඉඳන් පඩියක් ගන්න හැකිද කියා.

මා  කලිනුත් කියා තියන කරුණක් තමා, වැඩක් කරන මිනිසුන් ජිවත් වන රට කුමක් වුවත් වැඩ කරනවා. සීතල  හොරුන් ද ඒ වගේමයි. ඔවුනුත් කුමන රටකට මාරු වුනත් පිළිවෙත් වෙනස් කරන්නේ නැහැ. ඇත්තටම සමාජ වෙනස්කම් බලාපොරොත්තු වන බොහෝ පිරිස්, තමන්ගේ දායකත්වය (ඉතා කුඩා වෙන්න පුළුවන්) සිතන්නේ නැතිව, ඒ වෙනස්කම් අනුන් විසින් කර දේවි  යයි බලාපොරොත්තු වෙනවා. එය ලෝකයේම දක්නට ලැබෙන දෙයක්.

මා මුලින් කියුව එදිනදා අපේ ජිවිතයේ ඇතිකර ගන්න හැකි ධනාත්මක පොඩි වෙනස්කම් පවා අති  දුෂ්කරයි. සමහර විට එවැනි කුඩා වෙනස්කමක් පවා කර ගන්න බැහැනේ. සමහරවිට ආයාසයක් දරන්න වෙනවා, සමහරවිට අනායාසයෙන් “පුරුදු” ඇතිකර ගන්න පුළුවන්. එදිනෙදා ජිවිතයේ කරන ඉතා කුඩා ක්‍රියාකාරකම් වලින් පවා සමාජයට බලපෑම් කරන්න හැකියි.

අදත් මල් පින්තූර  ටිකක්. මේ බොහෝ මල් දිග කලක් පවතින්නේ නැහැ. අන්තිමට තියන සැවැන්දරා නම් මුළු ග්‍රීෂ්ම සෘතුව ඉවර වෙනකම් පිපෙනවා. සැවැන්දරා මිමැස්සියන්ගේ ප්‍රියතම මලක්. උදේ පාන්දර වැඩ පටන් ගන්න මීමැස්සියන් හවස (රෑ) අට වෙනකම් වගේම දකින්නට ලැබෙනවා. ඒ අටට විටර කළුවර වන නිසා. තව ටික දිනකින් ඒ කාලය තව දික් වේවි. අද ඇත්තටම සුන්දර හා දීප්තිමත් දිනයක්. වැඩට නොගියත් මාත් අවදි වුනේ උදේ පහට.

img_20151217_185943567

මේ කලකට ඉහත අපට ලැබුන රුසියානු චොකලටයක පින්තූරයක්

මල් හා චොකලට් වලටත් ගොඩක් දේවල් කරන්න පුළුවන්. ගහෙන් කඩා ගෙන හදපු මල් මිටි වලට මා විශාල කැමැත්තක් නැති වුවත්, ගස් වල තියන මල් වලට කැමතියි. චොක්ලට් වලටත් කැමතියි. චොක්ලට් වලට ආවේනික රසය ගෙන දෙන්නේ කොකෝවා.

වෙළඳපොලේ ගොඩක් චොක්ලට් වල තියෙන්නේ කොකෝවා අඩු ප්‍රතිශතයක්. ඒවාට එකතු කර තියන සීනි, බටර් හා තවත් ජාති වල ප්‍රතිශතය එයිට වඩා වැඩියි. හැබැයි කොකෝවා ප්‍රතිශතය 80% ට වඩා වැඩි වුන පසු කෑම ටිකක් දුෂ්කර වෙනවා. ඒ එක්කම, ඩාර්ක් චොක්ලට් ශරීර සෞඛ්‍යට හොඳයි කියන එකත් “එවිඩන්ස් බේස්ඩ්” වලට වඩා වෙළඳ ප්‍රයෝග බේස්ඩ් මත තියන විශ්වාසයක් කියා මා හිතනවා.

Advertisements

20 Comments

Filed under Opinion

20 responses to “මල් හා චොක්ලට්!

  1. මේ ශේප් එකේ කියුවේ ඇත්තටම වැඩ නොකර නිකම් ඉන්න හැකිද කියන එක///// Onna ape aiyala

    • මේ අපේ අයියලාගේ එක කොට්ටාශයක් මචං. ලංකාවේ රජයේ සේවකයන් වැඩ නොකරනවා කියුවත්, වැඩ කරන අය ටික දෙනා, වෙන ලෝකයේ ඕනෙම රටක එවැනි වැඩ කරන පිරිස් සමග බය නැතිව සසඳන්න හැකියි.

  2. /* වැඩට නොගියත් මාත් අවදි වුනේ උදේ පහට. */

    ඒ වාක්‍යය හැර අනිත් සේරම මා සිත ගත්තා!

    • තමන්ට අවශ්‍ය නින්ද ලබා ගන්නවා නම් එපමණයි රසික. දේහ ඔරලෝසුව අපට කැමති හා අවශ්‍ය පරිදි හැඩ ගස්සව ගන්න එක මහා අමාරු දෙයක් නොවේ.

  3. ඉඋමථිඑ අදිකාරීINDUMATHIE ADIKARI

    රට ගියත් හිරමනේ පොල් ගානවා !!!අයිස් ගැහිල්ල පුරුද්දට ගියොත් ඉතින් අත්හරිනු බොරු !!

    • අයිස් (මෙතම්පෙටමින්) ගැහිල්ල හරිම භයානක දෙයක් ඉන්දු.

  4. ඕක මටත් හිතෙනවා. මට හමු වූ ගොඩක් අයත්, පීඑච්ඩී, පෝස්ට්ඩොක් ඔක්කොම කරලා, ලංකාවට යන්න හිතන්නේ, වැඩ කරන්න කම්මැලි, නිකම් ඉන්න කැමති වයසට ආවම.

    රටවල්වල සිස්ටම්ස් ඒ රටවල මිනිස්සුන්ට ගැලපෙන්නම හැදිලා තියනවා විතරක් නෙවෙයි, කොච්චර සිස්ටම් එකට බැන බැන උනත් හැමෝම ඒ විදියට ඉන්නත් කැමතියි. ඔබ කිවුවා වගේ, කුණු ගැන බනින පිරිසකට කසල වෙන් කරන්නට බඳුන් දුන්නා කියමු. ගොඩක් අය කරන්නේ කම්මැලිකමට, කවුරුවත් නැති වෙලාවක් බලලා ඉක්මනට කුණු ටික වෙන් නොකර හලල යන එක. හැබැයි නිකම්ම ඉඳලා සහනාධාරයක් වගේ පඩියකුත් හම්බෙනවා නම් මමත් කැමතියි, බොරු කියන්නේ මොකටද.. එතකොට ඒ කාලය මොනවහරි වවන්න, සංචාරයේ යෙදෙන්න, කියවන්න වගේ දේකට යොදන්න හැකියි නේ 🙂

    මල් ටික ගොඩක් ලස්සනයි රයිගම්..

    දැන් අර උදේ නැගිටින එක, අපිත් ඒ විදියටම කරන්න ඕනද? 😦

    • මට දැන් ලංකාවේ තත්වය ගැන මොකුත් කියන්න බැහැ. මොකද ඒලියනේට් වෙලා තියන නිසා. හැබැයි වැඩ කරන මිනිසුන් කොහෙත් වැඩ කරන වග නම් දන්නවා.
      විවේචන කිරීම් ගැන මා අද දරන්නේ වෙනස් මතයක්. විවේචන අපට ඕනි තමා. නමුත් විවේචන අතර, අපම ඒ විවේචන කරන දේවල් ගැන, අපටම කරන්න හැකි දේ ගැන හිතන්න ඕනි. එය හරිම වෙනස් හා අමාරු දෙයක්.

      සල්ලි ඇති තරම් තිබුණොත් මා මොනවාද කරන්නේ? නිකම් ඉන්න නම් බැහැ. සංචාර, කියවන දේවල් ගැන මා අද එතරම් ලත වෙන්නේ නැහැ. මෙයිට වඩා කියවීමෙන් මට තවදුරටත් ලොකු සෙතක් නැහැ කියා මා දන්නවා. කොතරම් සංචාරය කෙරුවත් මහා ලොකු දේවල් දකින්න නැති වගත් මා දන්නවා.

      මගේ මල් කවදද නරක වුනේ මානවි? 🙂

      //දැන් අර උදේ නැගිටින එක, අපිත් ඒ විදියටම කරන්න ඕනද// පන්දුව නිදැල්ලේ යන්න හරිමි! 😉

  5. තමන්ට ලැබෙන පඩියට හරියන සේවයක් ඒ ආයතනයට හෝ පුද්ගලයාට නොකෙරුවොත් ඒක හිසරදයක් කියලයි මට හිතෙන්නේ. මේ පුරුදු අපිම හිතලා හදාගන්න ඕන.

    ඩාක් චොක්ලට් තමයි ප්‍රියතම.

    • ලැබෙන පඩියට පමණක් නොවේ, ආයතනයක් දියුණු වීම හෝ නොවීමත් වැඩකරන මිනිසුන් මත රඳා පවතිනවා අරූ. වැඩ කරන මිනිසුනට සරිලන පඩියක් සමහරවිට ලැබෙන්නේ නැහැ තමා. යන්න විකල්ප තැනුත් නැති වෙන්න ඉඩත් තියනවා. සූරාකෑම නැතිය කියා මා කියන්නේ නැහැ. විශේෂයෙන් දැන් මේ බටහිර රටවල තියන කර්මාන්තශාලා චීනයට ගෙන යාමේ කතාව හා ඒවා ආපසු ගෙනෙන කතා තියනවනේ. මෙහෙ ඉන්න මිනිසුන් තමන්ට ජිවත් වෙන්න සරිලන පඩිත් බලාපොරොත්තු වන අතරේ, අර නිෂ්පාදිත බඩු දැනට තියන මිලටත් බලාපොරොත්තු වෙනවා. මෙය කරන්න හැකි දෙයක් නොවේ. හරි ඒ දේ වෙන දිනක කතා කරමු.

      කළු චොක්ලට් තමා හොඳ. අනික්වා සේරම සිනි හා බටර් විතරයි.

  6. ලිපිය කියවද්දි මතක් උනේ ” කැලේ මාරු උනාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නැ” කියන කියමන..

    • ඔය අතර ඉන්න “සිංහයන්” ගැන මොකද නිම්නිගේ අදහස?

      • ඔබ කියන්නේ බැටලු හම් පොරව ගත්තු සිංහයෝ ගැනද නැත්නම් නියම සිංහයෝ ගැනද රයිගම්…

        • නියම සිංහයන්ට සිතන්න හැකියාවන් නැහැනේ නිම්නි!

          • ඔබ බලලා නැද්දා රයිගම් nature programs, national geography channel එකේ.. මට හිතෙන්නේ ගොදුරු අල්ලන විදිහ අනූව නියම සිංහයෝ සෑහෙන්න හිතනවා….

            • Natural instinct නේද නිම්නි.
              සතුන් අතරින් ගෝරිල්ලන් තමා වඩාත් “සිතල” හා උපායශීලිව දඩයම් කරන්නේ. ඒ විතරක් නොවේ උන් අප වගේම ආයුධත් හදා ගන්නවා. ඇට තලන බ්‍රසීල වඳුරන් ආශ්‍රිතව කෙරුණ පර්යේෂණයකදී, උන් ඇටේ තද බව හෝ මුදු බව හෝ අනුව, තලන්න යොදන ශක්තිය වෙනස් කරන වග මා nature සඟරාවේ කියෙව්වා. අනික් සතුන් ට තියෙන්නේ එවැනි සිතීමේ හැකියාවකට වඩා උපතින් ගෙන ආපු ඉව කියල තමා කියන්නේ.

  7. වැඩකිරීම ගැන මගේ ආකල්පය..සැබැවින්ම කන්තෝරුවකදී දවසට වැඩකරන්න පුලුවන් පෑ 6ක් වගේ.. ඊට වඩා වැඩ කරන කොට මනුස්සයෝ විදියට අපි වෙහෙසට පත් වෙනවා..පීඩනයට පත් වෙනවා..
    මම පැවරිලා තිබෙන නියමිත රාජකාරි ටික පැය 3-4කින් ඉවර කරල නිකං ඉන්නවා..බොහෝවිට වෙනත් රාජකාරියක් පැවරෙන්නෙත් නෑ.. මේක වැරදියි කියල තේරෙනවා..නමුත් විකල්ප නෑ..

    බොහෝවිට දැන් පවතින වැඩරාමුවෙන් පිට මොනවා හරි ඉෂූ එකක් ආවොත් නිකං ඉන්න මම තමයි ගොඩක් වෙලාවට ඒකට පැනලා බොස් ලා හොයන් ගිහින් ඒක අවබෝධ කරලා වැඩේ විසදලා දෙන්නේ.. ඉතිං නිකං හිටියත් හදිසි අවස්ථාවලදී බොහොම ඉක්මනින් වැඩකරන නිසා වෙලාවකට හිතෙනවා මේකෙත් ලොකු වැදගත් කමක් තියෙනවා කියලා..

    • ලංකාවේ සමහර (බොහෝ) රජයේ ආයතන වල වැඩ කිරීම උනන්දු කිරීම වෙනුවට, ඒ අයට අකුල් හෙලන වගත් වාර්තා වෙනවා නේද අමිල?

      ඔබේ වැඩ ටික ඉක්මනින් ඉවර කරන ඔබට, තව වැඩත් දීලා පඩියත් ටිකක් වැඩි කරන්නට නිර්දේශ කරමි. 🙂

      ජිවත් වෙන්නට රස්සාවක් කිරීම හා රස්සාවක් කිරීමට ජිවත් වීම ගැනත් මා සටහනක් ලියන්න ඉන්නවා. කොයිකද හොඳ කියා.

  8. //මා කලිනුත් කියා තියන කරුණක් තමා, වැඩක් කරන මිනිසුන් ජිවත් වන රට කුමක් වුවත් වැඩ කරනවා. සීතල හොරුන් ද ඒ වගේමයි. ඔවුනුත් කුමන රටකට මාරු වුනත් පිළිවෙත් වෙනස් කරන්නේ නැහැ//
    එකඟ නෑ. වැඩ කරන්න පරිසරය සකස්ව තිබීමත් සෑහෙන්න වැදගත්. කොරියාවෙ යන අපේ එවුන් වැඩ කරන තරම් ලංකාවෙදි වැඩ කරනවද? නෑ! හේතුව අර කිව්ව එක තමයි. වැඩ නොකරන එවුන්ගෙන් වැඩ ගන්න වැඩ කරවන එවුන් දැනගන්න ඕන. ගාමන්ට‍් එකක ඇඳුම් මහන විදිය ගන්න. එක්කෙනෙක් එක කෑල්ල බැගින් මහනව. අයිස්ද නැද්ද කියල නෑ. හැමෝම වැඩ කලයුතුයි. වැඩ නොකලොත් තමන් ලඟ රෙදි ගොඩගැහෙනව. සිම්පල් ප්ලෑන් එකක්.

    • නැහැ රාජ්, ඔබ ඔය කියන්නේ ප්‍රාථමික මට්ටමේ කරුණක් නේ.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s