සොඳුරු ලොවට මල් වැහලා!


අදත් මා ගෙදර. මේ දිනවල ප්‍රවුර්ති ඇහුවොත්, ඔබ දන්නවා ඇති ඇහෙන දේ. එක පිට දින දෙකක් ගෙදර ඉන්න විට යොදා ගත්තු වැඩක් නොවේ නම් දන්නවා ඇති, කම්මැලි හිතෙනවා කියා. අද මා කෙරුවේ ගෙදර හා එලිය ටිකක් අස් කරන එක.

IMG_1152.jpg

පිළිවෙලකට හෝ අපිළිවෙලකටද  ජිවත් වන්නේ කියන එක පුද්ගල තේරීමක්. මෙතන අපි නිර්වචනය කරන පිළිවෙල හෝ අපිළිවෙල කියන දේත් නිරපේක්ෂ දෙයක් නොවේනේ. මා  ජිවත් වන්න කැමති මා තෝරා ගත්  පිළිවෙලකටයි. මා සමහරවිට එළවලු කපන හැටි බලන, ගෙදර කෙනෙක් හිනා වෙනවා.  ඔව්ව මා ගණන් ගන්නේ නැහැ.

IMG_1160.jpg

කොහොම හරි මා කියන්න ගත්තේ අප ජිවත් වන විට, අපට එතරම් අවශ්‍ය නොවන නමුත්, යම්කිසි දිනෙක අවශ්‍ය විය හැකි යයි  සිතන දේවල් අප එකතු කරනවා. මගේ වැඩ කරන තැන පවා මෙවැනි දේවල් එකතු කරන් ඉන්නවා. දැන් අඩුයි. මොකද අපට තියන ඉඩ එන්න එන්නම අඩු වෙනවා. ඒ නිසා සේරම කුණු බක්කියට දමල, අවශ්‍ය වෙලාවකට යලිත් මිලදී ගන්නවා. ඕකට කියන බර වචනයක් තියනවා. ඒක  මෙතනට වැඩක් නැහැ.

img_1176

මට කියන්න අවශ්‍ය වුනේ ගෙදරත්, මේ වගේ අනාගතයේ අවශ්‍ය වේවි යයි හිතල, කුණු බක්කියට නොදාපු දේවල් ඉතුරු කරන්  ඉන්නවා. අයිරොණි එක කියන්නේ, මේවා තියනවා කියා ඒවා අවශ්‍ය කරන වෙලාවට අපට මතකයට එන්නේ නැහැ. මොකද ඒවා අඩුක්  කර තියෙන්නේ අහුමුලු වල නිසා.

අද වෙන වැඩකුත් නැති නිසා මා ටිකක් අස් කෙරුවේ/කරන්න තීරණය කෙරුවේ අන්න ඒ වගේ ඒවා. එතැනදී මා තීරණය කෙරුවේ පසුගිය අවුරුදු හතර පහ තුල අපට අවශ්‍ය නොවුණු දේවල්, ඉදිරි අනාගතයේ අවශ්‍ය වෙන්නේ නැතිය කියා.  ඒ උපකල්පනයට අනුව විසි කරන්න ගොඩක් දේ තියනවා.

img_1155

විසි කිරීමත් ලෙහෙසි නැහැ. දේවල් ගන්න වගේම විසි කරන්නත් මුදල් ඕනේ. මේක ටිකක් අන්ධ-බූත  ජාතකය වගේ කතාවක් නේද? නමුත් නුතන දිවියේ ඇත්ත කතාව එයනේ.

අප කුඩා කාලයේ, තාත්ත ඔය බඩු  අරන් එන විට සාගත මල්ල කියා භාවිතා කෙරුවේ, පොල් අත්තෙන් වියා ගත්තු, ඒ කාලේ තිබුණ  කූඩයක්. නිකම් ත්‍රිකෝණාකාර වගේ මේ මල්ලට බඩු  අරන් ඇවිත්, ඒ මල්ල වත්තේ දිරන්නට අරිනවා. නැත්නම් කෙහෙල් කැනක් වහන්න භාවිතා කරනවා. නොදිරන, නැත්නම් දිරීමට දීර්ග කාලයක් ගන්න දැවටුම්  ඒ කාලේ තිබුනේ ටිකයි. අනික ගෙවතු වල ඉඩ තිබුණා.

img_1159

නාගරීකරණය හා ජනගහණ  ගණත්වය ඉහළ යාමත්  සමග ඇතිවුන අතුරු ප්‍රශ්නයක් ලෙස, කසල කළමනාකරණ හඳුන්  වන්න හැකියි. වර්තමානයේ රටක කසල කළමනාකරණය කියන දේ මනුෂ්‍ය (හා සත්ත්ව) සෞඛ්‍යය, පරමායුෂ හා ජෛව විවිධත්වය රැක  ගැනීම වගේ ක්ෂේත්‍ර ගණනාවක් පුරා විහිදෙනවා.

img_1156

මොක වුවත් මා අද අන්තිමට කෙරුවේ තක්සේරුවක් විතරයි. කුණු බක්කියක් කුලියට අරන් මේවා විසි කරන්න ලබන සතියට දමනවා.

img_1175

ඔය තියෙන්නේ එකම රෝස මලම නොවුවත්, මල පිපිලා කාලයත් සමග වර්ණය වෙනස් වීම  මේ පින්තූර  ටික හොඳින් පෙන්වනවා. ඕවා කිසිම එන්හාන්ස් කිරීමකට ලක් කර නැහැ. මගේ කැමරාව ට ග්‍රහණය කර ගන්න හැකි උපරිම විදිහට ස්වභාවික වර්ණය ඕවයේ තියනවා.

 

 

Advertisements

6 Comments

Filed under Lifestyle, Opinion, Photography

6 responses to “සොඳුරු ලොවට මල් වැහලා!

  1. Tharu´ M ^_^

    නිවාඩුවක්නම් ලැබෙන්න කලින් වටිනවා ..නමුත් ලැබුනට පසුව මෙලෝ කමකට නැහැ😞

    • එහෙම කමකට නැති වෙන්නේ මොකෝ තරු? සාමාන්‍යයෙන් නිවාඩුවක් කියන්නේ මොකුත් නොකර නිකම් විවේකයෙන් ඉන්න එකනේ. නිවාඩු කමකට නැති වෙන්නේ, නිවාඩු දිනයන්හි, වැඩකරන දිනයන්ට වඩා “වැඩ” කෙරුවොත් තමා. 🙂

      • Tharu´ M ^_^

        මටනම් ඉතින් හැමදාම වැඩම තමා …..සතියේ දිනයන්හි කාර්යාලයේ වැඩයි පාඩම් වැඩයි….සති අන්තයේදි නිවසේ වැඩයි පාඩම් වැඩයි ….😌😄

  2. මම නම් පොඩි කාලේ ඉඳලම දැනට ඕන දේවල් විතරයි ගෙදරක තියා ගන්න කැමතියි..( අම්මගෙන් බැනුන් අහලා තියනවා ගොඩක්, මට ඕනේ නැති උනාට අම්මට ඕන දේවල් අහන්නේ නැතුව විසික කරලා ) අද වෙනකොට තියෙන්නෙත් එහෙම තමයි.. එකතු වෙන දේවල් කාට හෝ බෙදා දෙනවා නැත්නම් පිනට දෙන තැනකට හැම මාස 3-4 කට වරක්ම දීලා ගෙදර තියා ගන්නේ දැන් ඕන දේ විතරයි..

    හිතත් ඒ වගේ පිරිසිදු කරලා තියා ගන්න තමයි මම කැමති…

    • මේ පිලිබඳ මා කලින් ලියා ඇති නිම්නි. විසි කරන්න ලෙහෙසියි, ඉවතටම විසි කරන එක එතරම් ලෙහෙසි නැහැ. ලිටරලි හා ෆිගරටව්ලි දෙකම. මේ සති අන්තය මා සෑහෙන්න මහන්සි වුණා. අද කුණු බක්කිය පවා අරන් ගිහින් ඉවරයි.

      හිතේ තියන කුණු කන්දල් ටිකත් බක්කියකට දමා පිටත් කරන්න ඕනි නේද?

      • ඔව්නේ රයිගම්, හිතේ කුණු විසික කරලා දැම්මම ගෙදර එකතුවෙන අනිත් කුණු විසි කරන්න ලේසී මං .හිතන්නේ,,,,,

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s