සුපිරි සඳ!


භෞතික පරිසරය පුරවන් ඉන්න කුණු කන්දල් ඉවත් නොකර, හිතේ තියන කුණු කන්දල් ඉවත් කර ගන්නේ කොහොමද කියන ප්‍රශ්නය ඔබේ සිතට නැගුනා නම් ඒ හොඳ ආරම්භයක්. ගිය සටහනේ ලබන සතියේ කරනවා යයි මා කියපු දේ, ගතවුන සති අන්තයේම නිම කර දැමුවා.

ඊයේ  ගෙදර එන විට කුලියට ගත්තු කුණු බක්කිය පවා රැගෙන ගොස් අවසන්. ඒ කියන්නේ අපේ හතර මායිමෙන් එහා තැනකට ඒ කුණු යනවා. අප පොඩි කාලේ මෙහෙම දේවල් කෙරුවේ නැහැ. හරියට නලපාන ජාතකයේ විල වගේ, ගෙදරට ගෙනෙන දේවල් වලින් ඉවත දමන දේවල් හා ගෙවත්තෙන් ජනනය වන දේවල් එක්කෝ ගෙවත්තේම රැඳුනා, දිරාපත්වුවා, නැත්නම් අහසට එක්වූවා.

අහස කියුවහම, පෙරේදා සුපිරි සඳ නැගුන අහස, වලාවන්ගෙන් පිරි ගොස් තිබුණා. නමුත් සඳ හොරෙන් හොරෙන් බැලුව වාර නොතිබුණා නොවේ. මා වෙන තැනක පළ  කරපු චායාරූප වලින් තෝරා ගත්තු හතරක් මේ.

img_1188

img_1219

img_1220

img_1224

එදා සඳ සාමාන්‍ය පුර්ණ චන්ද්‍රයාට වඩා 13%කින් පමණ ලොකුවට අපට පෙනෙනවා කියා මා කියෙව්වා. අනික දීප්තිය 27%කින් ද කොහෙද වැඩිය කියලත් කියුවනේ. සියයට දහතුනේ ලොකු බව පියවි ඇහැට එතරම් වැටහෙන්නේ නැහැ. හැබැයි දීප්තියෙන් වැඩි වග පෙනෙන්නට තිබුණ.

ඒ එකක්වත් මගේ පොටෝ වලින් දකින්නට නැතුව ඇති. එයට සරිලන කැමරා  කාචයක් මා සතුව තිබුනේ නැහැ. ඔය චායාරූප  ගත්තේ රෑ  නමයාමාරත් දහයත් අතර. තව ටිකක් පසුව තමා හරි සඳ පෙනෙනවා කියුවේ. මට එතරම් වෙලා බලා ඉන්න ඕනේ වුණේ  නැත්තේ, ඉස්සර වගේ රෑ  දෙගොඩහරි වෙනතුරු අවදියෙන් නොසිටින නිසා.

ආයිත් ඔය වගේ සුපිරි සඳක් දකින්න හැකි වසර 2034 දී කියනවා. ඔබට ඒ ගැන මොකද හිතෙන්නේ? ඒ වන විට ජිවත්ව ඉඳීවිද? ලෝකය පවතීවිද? හිටියොත් ජීවිතය කොතරම් වෙනස්ව තියේවිද? අධ්‍යාපන කටයුතු ඉවර වී තියේවිද? කැමති වර්ගයේ  රැකියාවක් ලැබිල තියේවිද?  ඔය වගේ ප්‍රශ්න ගණනාවක් ගැන හිතන්න හැකියි.

Advertisements

9 Comments

Filed under Photography

9 responses to “සුපිරි සඳ!

  1. NK

    පිස්සු හැදෙන සඳ

  2. Pra Jay

    The last one reminded me of Goya’s https://en.wikipedia.org/wiki/Black_Paintings.

  3. ඇත්තටම ඔබේ මේ සඳේ පින්තුර ලස්සනයි…did u ever think of exhibit ??

    • ඔබට ස්තුතියි නිම්නි. I do have an idea of publishing a photo book. Apart from that, I will keep posting selected photos on the internet.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s