ප්‍රණීත බද්දක්?


උදේ හතහාමරට වාහනයෙන් බහින විටම, එතනින් ගියේ අල්ලපු ගෙදර නෝනා. එයා බල්ලන් දෙදෙනා සමග ඇවිදින්නට ගිහින් එන ගමන්. බල්ලන්ව ඇවිද්දුවේ නැත්නම්, උන් තරබාරුව ගොස් ලෙඩ හදා ගන්නවා. බල්ලන් සමග ඇවිදින්නට යාම මගින්, මිනිසුන්ද ව්‍යායාම් කර ගන්නවා. නිකම් තනිවම යනවාට  වඩා බල්ලෙකු සමග යාම ආරක්ෂාවටද හොඳයි. තනියටද හොඳයි.

බල්ලන් තියා, තමන්ව බලා ගන්න වෙලාවක් නොමැති කට්ටිය අතර ඔබත් ඉන්නවද? උදේ වැඩට යන අතර රේඩියෝවේ ගියේ ඕස්ට්‍රේලියානු ජාතික සරසවියේ මෙන්න මේ පර්යේෂණය ගැන ප්‍රවුර්තියක්.  කියවෙන්නේ වයස අවුරුදු 25 ත් 54 ත් අතර ඕස්ට්‍රේලියානුවන්ගෙන් පහකින් එකෙක්ට ව්‍යායාම වලට හෝ සෞඛ්‍යමත්ව කෑමට වෙලාවක් සොයා ගන්න බැරිය කියා.

දුප්පත්කම හා සෞඛ්‍යය අතර තියන බැඳීම ගැනත් මේ අධ්‍යයනය කියනවා. එයට අමතරව සතියකට පැය 70ක් ඔබට වැඩ සඳහා බැඳීම් තියනවා නම්, ඔබ වේලාවෙන් දුප්පත්. මේ කියන්නේ වැඩ කරන, ගමනාගමනයට හා වෙන අය  වෙනුවෙන් ගත කරන්න වෙන වෙලාවල් සේරම ඇතුලත්ව.  ආර්ථික දුප්පත්කම බොහෝ විට වෙලාවේ දුප්පත්කම හා බැඳී තියනවා. නමුත් මුදල් සෙවීම කියන්නේ වෙලාව ගත වන වැඩක් නිසා, එය සැමවිටම එසේ වන්නේ නැහැ.

හැබැයි මිනිසුන්ගේ තේරීම් වලට සමහරවිට මුදල් හෝ වෙලාව බලපාන්නේ නැහැ. ඒවාට බලපාන වෙනත් බොහෝ දේ තියනවා. වැඩිහිටියන්ට සෞක්‍යමත් ජිවන රටාවක් තෝරා ගන්නට බැරි වීමත්, ස්ටීවන් හෝකින්  කියන පරිදි මනුෂ්‍ය ශිෂ්ටාචාරයේ ගමන මේ පොළොවෙන් අයින් වෙන්නට එක හේතුවක් වන්නට බැරි නැහැ.

මෙල්බර්න් වල තියන තින්ක් ටෑන්ක් එකක් වන ග්රැටන් ආයතනය  යෝජනා කරන්නේ සීනි  බද්දක් පැනවීමෙන්, ඕස්ට්‍රේලියාවේ පවතින අධික තරබාරුකමට යම් පිලියමක් සොයන්න හැකිය කියා. ඔවුන් කියන පරිදි ඕස්ට්‍රේලියානුවන් තුන් දෙනෙකුගෙන් එකෙක් තරබාරුයි. තරබාරුකම නිසා මහජන මුදල් ඩොලර් බිලියන 5.3ක් වසරකට වියදම් වෙන වගත් ඔවුන් ගණන් හදනවා.

සක්‍රීය ජනගහනය, එනම් වැඩ කරන්නට හැකි ජනගහණය  විවිධ රෝග වලින් පිඩා විඳීම මගින් ආර්ථිකයට වන බලපෑම ගණන් හදල තියෙන්නේ ග්රැටන් ආයතනය පමණක් නොවේ. මෙවැනි ප්‍රශ්න මිනිසුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමෙන් පමණක් විසඳන්න බැරි වග තමා, බටහිර ලෝකයේ වසංගතයක් ව පවතින අධික ස්ථුලතාවය හා ඒ හා ආශ්‍රිත රෝග වලින් කියන්නේ.

සීනි  බද්ද ලෝකයේ රටවල් ගණනාවක තියනවා තමා. නමුත්, නියෝජ්‍ය අගමැති ජොයිස් කියන පරිදිම, මනුෂ්‍ය පෝෂණයේ සංඝටකයක් වන සීනි වලට (මේ කියන්නේ පැණි බීම  වලට පමණක් වුවත්) බද්දක් පැනවීම මටත් එතරම් යෝග්‍ය යයි පෙනෙන විසඳුමක් නොවේ.

මෙතැනදී මහජන මුදලින් මූලික  ලෙස නඩත්තු වන සෞඛ්‍ය සේවයක් තියන ඕස්ට්‍රේලියාව වැනි රටක  ක්‍රියාමාර්ගය විය යුත්තේ කුමක්ද? තමන්ට තේරීම් තියන අවස්ථාවල, හිතකර එව්වා මගහැර අහිතකර තේරීම් කරා යොමු වන මනුෂ්‍යයන්ගේ කැමැත්තට අප දෙන විසඳුම තමන්ගේ ආරක්ෂාව, තමන්ම සලසා ගන්න සමාජ ක්‍රමයක් වෙත යොමු වීමද? මේ ප්‍රශ්න ගැන හිතන්නට ඔබට බාර කර, මේ බයිලාවෙන් සටහන නිම කරමි.

 

 

 

http://www.abc.net.au/news/2016-11-23/sugar-tax-‘could-cut-soft-drink-consumption-by-15-per-cent’/8048974

http://www.news.com.au/lifestyle/health/barnaby-joyce-shuts-down-grattan-institute-calls-for-sugar-tax/news-story/20d7b162ce104b5bcc79a455129382ae

Advertisements

17 Comments

Filed under Food, Health, Lifestyle, Opinion, Research & Development, Social

17 responses to “ප්‍රණීත බද්දක්?

  1. මුදල් සහ සම්පත් වගේම නිරෝගීකම උඵයාගත යුතු දෙයක්යැ කියලා අපේ අය සිතන්නේ නෑ..මා වැඩකරන කොළඹ කන්තෝරුවේ ස්ත්‍රීන්ගෙන් විශාල ප්‍රමාණයකගේ පියයුරු දෙකට වඩා උදරය ඉදිරිය ‍නෙරා තිබෙනවා.. ස්ත්‍රීන්ගේ මේද තැන්පතු කලවා හරහාද ගමන් කරන හෙයින් ස්ත්‍රීන් ස්ථුලවීමේදී යම් ලස්සනක් පිටුපසින් තිබෙනවා..(ඒකත් ඇදුම් ඇදල මැදල තිබුනම තමයි ඉතිං..) එහෙත් ඉදිරිපස විසාල ඇපල් ගෙඩියක් වගේ බඩක්..

    ඉතිං මේ ස්ත්‍රින් ලොකු මුදලක් ඇදුම් ආබරන වලට වැය කරනවා.. ඒත් ඔවුන් එක විනාඩි තිහක් දවසට සිය සිරුර වෙනුවෙන් වියදම් කරන්නේ නෑ..මාගේ කන්තොරුව වැනි රජයේ සහ පැරණි මාදිල‍ිය කන්ත‍ොරු බොහොමයක තත්වය එමයි..

    • // ස්ත්‍රීන් ස්ථුලවීමේදී යම් ලස්සනක් පිටුපසින් තිබෙනවා// අමිලගේ පන්ච් ලයින් එක. 😀

      //මුදල් සහ සම්පත් වගේම නිරෝගීකම උඵයාගත යුතු දෙයක්යැ කියලා // මේ කන්සෙප්ට් එක ගැන මා පසුවට එන්නම්. අමිල, ස්ත්‍රීන් විරුද්ධ ලිංගික පාර්ශ්වය නිසා ඔබට ඔවුනගේ ස්ථුල තාවය වැඩියෙන් පෙනෙනවා ඇති (එහි වරදක් මා දකින්නේ නැහැ ඔන්න හොඳේ). අද වැඩට ගිහිං පිරිමින් දිහාත් (හොරෙන්) බලන්න. වැඩේ තේරේවි.

      මා ලඟදි ගිය හමුවක හිටිය, තරුණ වයසේ ඉන්න අපගේ අයගෙන් විශාල උදර නොමැත්තන් හිටියේ අඩුවෙන්. මේවා පෞද්ගලික තේරීම් තමා. හැබැයි සමාජයට හා ප්‍රතුවියට කරන බලපෑම පෞද්ගලික නැහැ. බටහිර ලෝකයේ ආහාර (නොමනා ලෙස) පරිභෝජනය අඩු කෙරුවට, දියුණු වල ලෝකයට ආහාර ලැබෙන්නේ නැහැ. හැබැයි අපේ බල ශක්තිය, බිම හා තවත් දේවල් වලට එක්ස්පොනෙන්ෂලි වැඩි වෙමින් යන ඉල්ලුම නතර කිරීමෙන්, ස්ටීවන් හෝකින් කියන (වෙන්නට විශාල ඉඩක් තියන) දෙය එක්කෝ කල් දමා ගන්න හෝ නැති කර ගන්න අපට අවස්ථාව තියනවා.

      සමහරවිට කියන දෙයක් තමා, නිරෝගී කම, යහපත් (සෞඛ්‍යමත්) ජිවන විලාසිතා, ව්‍යායාම වැනි දේවල් පෙත්තක් ලෙස ගන්න තියනවා නම්, ඔබ ඉහතින් සඳහන් කරපු සියලු දෙනා ගනීවි.

      නමුත් දිනයෙන් ඉතා කුඩා කාලයක් (නිතිපතා) ඒ දේවල් වලට වෙන් කරන්න කිසිවෙකු සිතන්නේ නැහැ. වෙළඳපොල හා වෙළඳ ප්‍රයෝග, මිනිසුන් ස්ථුල කිරීමේ ව්‍යාපෘතියේ ඉදිරියෙන්ම ඉන්නවා තමා. හැබැයි, අවදිමත්, දැනුවත් හා තමන් ගැන විතරක් නොවේ සමාජයත් ගැන යම් එම්පතියක් සහිත මිනිසෙකු අපට අප තුලින්ම බිහි කර ගන්න හැකි නම්, එම ප්‍රයෝග නිෂ්ප්‍රභා කරන්න හැකියි.

  2. සෞඛ්‍ය ගැන බලන්න වෙලාව නැතිකම, ආර්ථික දුෂ්කරතා වගේම කම්මැලි කමත්, ‘රස තෘෂ්ණාව’ (!) ත් හේතු වෙනවා නේද? වෙලාව සහ මුදල් දෙකෙන්ම දුප්පත් නැති උනත් බඩ හොඳට ආරලා තියෙන කට්ටිය දන්න නිසයි එහෙම හිතුනේ 😀

    ඕනෑකම සහ කැපවීම තියෙනවා නම්, සික්ස් පැක් නැති උනත් අහිතකර තරබාරු කම අඩු කරගන්න අමාරු නැහැ. උදාහරණයකට තේ/කෝපි සීනි නැතුව බොන්න පුරුදු වෙන එක මහ අමාරු දෙයක් නෙමෙයි නේ…
    මට නම් කෝපි වල නියම රස දැනෙන්නේ සීනි නැතුව බොන කොට!

    හැබැයි ඕස්ට්‍රේලියාවේ කඩවල ගන්න තියෙන කෑම බොහොමයක පැණිරස වැඩි කියලයි මට දැනිල තියෙන්නේ.

    • හයියෝ මෙයාගේ කොමෙන්ටුව කැලේට ගිහිං තිබුනනේ. නිරෝෂිට එහෙම කරන්න බැහැනේ. 🙂
      /….වගේම කම්මැලි කමත්, ‘රස තෘෂ්ණාව’ (!) ත් හේතු වෙනවා නේද? // ඔව් හරියටම හරි. ඉස්සර අපට මෙහෙම අනවශ්‍ය විදිහට කන්න තිබුනේ නැහැනේ. සතෙක් එලාගෙන, ඊළඟ එකා එලා ගන්න සමහරවිට සති ගානක් කැලේ කරක් ගහන්න ඕනේ. මෙන්න මේ නිසා, කන්න හම්බ වෙලාවේ කාපු ඒවායින් වැඩි හරිය, අපේ ශරීරය ගබඩා කර ගන්න තමා අප හුරු වී හෝ පරිණාමය වී තියෙන්නේ.

      අද ලෝකයේ වෙන කවර කාලයකටත් වඩා ආහාර නිෂ්පාදයන වැඩියි. දෙවේලක් අතර අප බඩගින්නේ ඉන්නේ නැති තරම්. විටින් විට ආහාර වලින් ඉවත්වී, එනම් කඩින් කඩ බඩගින්නේ ඉන්න එක වැඩිකල් ජිවත් වීමට උදව් වෙනවා කියා පර්යේෂණ කියනවා. නැත්නම් වන්නේ අපගේ ශරීරය දිගින් දිගටම කරන්නේ කන ආහාර දිරවීමට වැඩි අවධානයක් යොමු කරන එක. පටක අලුත් වැඩියාව වැනි කරුණු වලට එයාට වෙලාවක් නැති වන වගයි කියන්නේ.

      මා කලින් ලියා ඇති ජපානයේ ඔකිනාවා වැසියන් බඩෙන් 80% ක් කන හරාහබුචි ද කොහෙද කියන ජිවන විලාසිතාව. ලෝකයේ දීර්ග කලක් ජිවත් වන වැසියන් කොට්ටාශයක් වෙන්න ඔවුන්ටා හැකි ඒ නිසාත් කියනවා.

      තේ හා කෝපි වල නියම රසය සීනි වලින් මැකෙනවා තමා නිරෝෂි. නිරෝගී දිවියක් ගත කිරීම පහසුයි නේද? මා කියන්නේ අනුගමනය කරන ඕනේ දේවල් එකතු කර ගන්න එක සමහරවිට ටිකක් අමාරු තමා. නමුත් එදිනෙදා දිවිය කොතරම් පහසුද කියා, තමන්ට පාලනය කර ගන්න නොහැකි හේතුන් නිසා හැදෙන රෝග වලින් පිඩා විඳින අය දුටුවහම නිකම්ම හිතට එනවා.

      කඩ කාරයන් හා ආහාර නිෂ්පාදකයන් වැඩිපුර සීනි හා ලුණු එකතු කරන්නේ ඇබ්බැහි කාරකයන් ලෙස. ඒ නිසා තමා උයා ගන්න වෙලාව නැති වීමත් , තරබාරු කමට මග පාදන්නේ.

  3. දිනපතා කළ ත්‍රෙඩ් මිල් යාම මාස දෙකකට ඵෙර නවතා දැමුවා ආබාධයක් නිසා. බර ක්‍රමයෙන් වැඩිවුණා. ඇවිදීම විතරක් මදි!

    ඊයේ සවස බලන විට 80 පැනලා. ව්‍යායාම වෙනුවට මිදුලේ පොඩි වැඩ කොටසක් කළා. තරමක ප්‍රගතියක් තියෙනවා.

    මං කියන්න හදන්නේ සීනි නොකෑමෙන් පමණක් සියල්ල විසඳා ගන්න බැරිය කියන කතාවම තමයි!

    • සරල සමීකරණයේ තියන ඇත්ත (ආහාර ගැනීම හා වියදම් කිරීම) අපට අමතක කරන්න බැහැ තමා රසික. හැබැයි ඔබත් කියන්න වගේ සමාජයේ ඉන්න සියලුම දෙනාට එකම පැතලි විසඳුමක් මේ ප්‍රශ්නයට නැහැ.

      අපට යලිත් අතීත ආහාර වේල් වලට යන්න හෝ ඒ දිවියට අද යන්න නොහැකියි. ඒ වෙනුවට වර්තමානයට ගැලපෙන් පරිදි අපේ දිවියට අවශ්‍ය වෙනස්කම් කර ගන්න එක තම තමන්ගේ අතේම තියන දෙයක්.

  4. Pra Jay

    //බල්ලන් තියා, තමන්ව බලා ගන්න වෙලාවක් නොමැති කට්ටිය අතර ඔබත් ඉන්නවද?//

    අප ගැනට වඩා බල්ලන් ගැන බොහෝවෙලාවට සැලකිලිමත්වන කට්ටිය අතර අපිත් ඉන්නවා. හේතුව උන්ට කතා කරන්න බැරි නිසා උන්ගේ ලෙඩ අඳුනා ගන්නනම් ඉතා සැලකිලිමත් වෙන්න ඕනෑ. එහෙම නොවුනොත් පස්සෙ හරි කරදරයි බේත් කරන්න

    • ප්‍රාට බල්ලන් කි දෙනෙකු ඉන්නවද? (පූසන්ට ත් කතා කරන්න බැහැ නේද?)

      • Pra Jay

        2.
        1. http://dogtime.com/dog-breeds/boxer#/slide/1
        2. http://dogtime.com/dog-breeds/flat-coated-retriever

        තව වෙන ගෙදරක ඉන්න එක්කෙනෙක් ගැනත් බලන්න වෙලා දැන්
        දෙවනි එක්කෙනා ගැන අමුතු කතාවක් තියනවා. රයිගම් එක්ක කතා කරන්නත් ඕනෙ. කරුණු කීපයක් දැන ගන්න

        • Pra Jay

          my Sinhala reply doesn’t get published.
          Anyway I have a boxer and
          a Flat-coated retriever ( There is a story behind her. Must contact you too to get some info)

          • ඔන්න ප්‍රා සේරම දැමුවා. එයට මගේ අනුමතිය ඉබේම ඉල්ලා තිබුනේ ඔබේ ලින්ක් දෙක නිසා වෙන්න ඕනේ.
            //තව වෙන ගෙදරක ඉන්න එක්කෙනෙක් ගැනත් බලන්න වෙලා දැන්//
            //රයිගම් එක්ක කතා කරන්නත් ඕනෙ. කරුණු කීපයක් දැන ගන්න//
            ඔය දෙකින් ප්‍රා අදහස් කරන්නේ වෙන ගෙවල් වල ඉන්න අය පිලිබඳ මා විශේෂඥයක් කියා හිතනවා කියන එකද? 😀

            • Pra Jay

              ඔබ එසේ විය හැකියි.
              But, මං අදහස් කලේ Flatie ගැනය

              • //ඔබ එසේ විය හැකියි// මේ, මාත් එක්ක තරහ වෙන්න ඔබට ඕනෙද? 🙂

      • Pra Jay

        1.http://dogtime.com/dog-breeds/boxer
        2.http://dogtime.com/dog-breeds/flat-coated-retriever#/slide/1
        3.තව වෙන ගෙදරක ඉන්න එක්කෙනෙක් ගැනත් බලන්න වෙලා දැන්

        ඔය දෙවනි එක්කෙනා ගැන කතාවක් තියනවා. රයිගම්ට කතාකරන්නත් ඕනෙ කරුණු දැනගන්න

  5. මා නම් ආහර සම්බන්ධයෙන් පාලනයක් කරන්නෙම නැති තරම්.රුචි අරුචිකම් අනුව තමයි ආහාර ගන්නේ.හැබැයි තවම “අධික” තබා නිකම් හෝ තරබාරු වී නැහැ…:D

    • මනෝජ් පාලනයක් නැහැ කියුවට, අනවශ්‍ය ලෙස කන්නෙ නැතිව ඇති. එකිනෙකාගේ පරිවුර්තිය ක්‍රියාවලියද වෙනස් වග අප අමතක කරන්න හොඳ නැහැ. 🙂

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s