White Ribbon Day! මට බලා ඉන්න බෑ දෙතොල් ඔබෙ පෙනෙනවා!


මා අද වැඩ කරන තැනින් ගෙදර එන්න පිටත් වුනේ හවස හය පහු වෙලා. සාමාන්‍යයෙන් සිකුරාදාට මා වෙනදාටත් කලින් පනිනවා. අද වැඩ කරන තැන වැඩ අවසන් වෙලා පොඩි සාදයක් තිබුණා. ඒ බ්‍රසීලයෙන් ඇවිත් ටික කලක් හිටිය කාන්තාවක් වෙනුවෙන්. ඇය  ඇවිත් හිටියේ ඇයගේ  උසස් අධ්‍යාපන කටයුත්තක කොටසක් ලෙස.

ඇයත්  සමග ඇගේ  සැමියාත්, වයස අවුරුදු 2 ක් වන දුවත් ඇවිත් හිටියා (ඉතාම හුරුබුහුටි ඒ දියණිය සමුගන්න විට මට තොත්තුවක් දුන්න). ඇය  අධ්‍යයන කටයුතු කරන අතරේ, ඇගේ  සැමියා දරුවත් බලන් ගෙදර හිටියා. මාස  හතරක කාලයකට පසු, අද ඒ කටයුත්තේ අවසාන දිනය.

ගෙදර ඇවිත් එළියේ ටිකක් මිදුලේ කරක් ගහල,මා ගෙට ඇවිත් පත්තර බැලුව. පසෙකින් රූපවාහිනියත්  ක්‍රියාත්මක වෙමින් පැවතුනේ, බිරිඳ එය බලමින් හිටි නිසා.

නිව්ස් ඩොට් කොම් ටිකක් බලල දිවයිනේ වෙබ් අඩවිය විවුර්ත කල විට  මේ ප්‍රවුර්තිය මා දුටුවා. මෙය හදපු කතාවක් නොවේ, එය කියවමින් ඉන්න විට අපේ එස්බිඑස් ප්‍රවුර්ති වලට ගියේ වයිට් රිබන් ඩේ  වලට අද තිබුන වැඩසටහන් පිලිබඳ විස්තරයක් හා ඕස්ට්‍රේලියාවේ ගෘහස්ත හිංසන හා කාන්තාවන්ට එරෙහි හිංසන ගැන අප නිතර අහන සංඛ්‍යා ලේඛන විස්තරයක්.

දයිවයේ කොතරම් සරදමක්ද කියා මට සිතුනේ ඇයි  කියා මා ඔබට විස්තර කරන්නේ නැහැ. එක රටක ජාතික පත්තරේක ප්‍රධාන පුවතක් හා තවත් රටක අද තිබුන වැඩසටහන් විස්තරය එකම අවස්ථාවේ කියවන්නට ලැබීම ඛේදවාචකයක්ද? මෙවැනි මිනිසුන්ගෙන් මගේ දරුවන් ඉගෙන ගන්නේ නැති වීම මට සිතට විශාල සහනයක් ගෙන දෙන්නේ නැති වග මතක් කරන්නම්.

White Ribbon Day: Territorians march over ‘poison’ of violence against women

White Ribbon Day 2016

කඩමාලු පත්තර පුවත් හා කඩමාලු මිනිසුන්!

//පසුගිය අවුරුදු පහළොව තුළම මට ගෑනුන්ට උගන්වලා ඇති වෙලා. ඒකෙ ඊළඟ භයානකකම නම් ඒ අවුරුදු පහළොව තුළ සිදුවුණ සමාජ විපර්යාසය. සමහර ඉස්‌කෝල දිහා බැලුවහම ප්‍රින්සිපල් විතරයි පිරිමි. මුළු ගුරු මණ්‌ඩලය ගුරු මෑණිවරු. ඉස්‌කෝලෙ නිකං අන්තඃපුරයක්‌ වගෙයි.

ඊළඟට අද රටේ ප්‍රාදේශීය ලේකම්වරු 65% ක්‌ම කාන්තාවො බෙදාගෙන ඉවරයි. වෛද්‍ය වෘත්තිය කොහොමද? මම රෝහලකට ගියා. ප්‍රධාන වෛද්‍යවරිය, සහකාර වෛද්‍යවරිය ඇතුළු වෛද්‍ය මණ්‌ඩලයම ගැහැනු. මම ඇහැව්ව මේ ඉස්‌පිරිතාලෙ පිරිමි නැද්ද කියලා. පිරිමි ඉන්නව. ඒගොල්ලො වාට්‌ටු ඇඳන්වල කීව. පිරිමි ලෙඩ වෙලා. ගෑනු බේත් දෙනවා.

ඊළඟට නීතිඥ වෘත්තිය. 70% ක්‌ කාන්තාවො අල්ලගෙන. දැන් හුඟක්‌ නඩු අහන්නෙ කාන්තාවො. නඩුකාරතුමියල දෙනව මරු තීන්දු. මේ ළඟකදි ස්‌ත්‍රී දූෂකයකුට දඬුවමක්‌ දුන්නා. විත්තිකරු අවුරුදු 385 ක්‌ හිරේට. ගෙවිල යන්න ආත්ම පහකට වැඩියෙන් ඉන්න වෙයි. ඒත් පිරිමි නඩු අහන කාලෙ නම් ස්‌ත්‍රී දූෂකයන්ට දඬුවම් දුන්නෙ කලින් අවවාද කරල රුපියල් 50 ක දඩයක්‌ ගහල ඒක හරියට දිරි දීමනාවක්‌ වගේ.

මෙම උත්සව සභාව අමතා අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් එම්. ජී. විජයබන්දු, ශ්‍රී ජයවර්ධනපුර කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ නිර්මලා කුමාරි ඒකනායක, විදුහල්පති නීල් ක්‍රිෂාන්ත ඒකනායක යන මහත්ම මහත්මීන් ද දේශන පැවැත්වූ අතර සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂවරියන් වන කුමුදු හේමමාලි ද සිල්වා, යමුනා මහානාම, සන්ධ්‍යා රංගොඩගේ යන මහත්මීන් ඇතුළු විශාල පිරිසක්‌ එක්‌ව සිටියහ.//

 

WHITE RIBBON DAY

// 1999, the United Nations General Assembly declared November 25 the International Day for the Elimination of Violence Against Women (IDEVAW) and the White Ribbon has become the symbol for the day.

The White Ribbon Campaign is the only national violence prevention campaign, and it is unique in that it aims to raise awareness among Australian men and boys about the roles they can play to prevent violence against women. The campaign calls for men across Australia to speak out and take an oath. An oath swearing never to commit, excuse or remain silent about violence against women.

The campaign culminates on White Ribbon Day (25 November) each year, when men and women across Australia are called to wear a white ribbon or wristband as a visual symbol of their commitment and oath.//
Advertisements

4 Comments

Filed under Education, Opinion

4 responses to “White Ribbon Day! මට බලා ඉන්න බෑ දෙතොල් ඔබෙ පෙනෙනවා!

  1. ඇණයා

    දිවයිනට ස්තූති කරන්න ඕන ඒ බූරුවගේ බූරුකතාව ගෙඩිය පිටින් දැම්මට, අළුතෙන් ගුරු පත්වීම් ලබන භාහිර උපාධිධාරීන් අත්තනායකට බුදුන්ට වගේ ගරුකරන අන්තේවාසිකයෝ, එයාගේ ටෝක් බාහිර උපාධි පංති වලට ඩිමාන්ඩ් වැඩි කර ගන්න කරන මාර්කටින් වැඩ. ඒ මනුස්සයට හිතාගන්නවත් බැරිව ඇති කටපාඩම් කරල උපාධිගන්න අයගෙන් රාජ්‍ය සේවය පිරවීමේ වගකීම ඔවුන් බාරගත යුතු බව. මේ දවස්වල හිත බෝම පෑරිලා ඇති, කැළණියේ බාහිර උපාධි බෝක්කුව වහන්න යන එක ගැන, ඒ ගැන හිටංව ෆෝම් කරලා එයත් හුම්බෑ කියල තිබ්බ.

    • ඔව් දිවයින මුල් පිටුවේම මේක දමපු එකත් එක අතෙකින් හොඳයි තමා (ඔවුනගේ බලාපොරොත්තු වෙනස් වුවත්.
      මා නම් හොල්මන්ද පොල් කොළ වුනේ ඇනයෝ, මිනිහගේ කතාවට නොවේ. මෙන්න මේ ටිකට.
      //මෙම උත්සව සභාව අමතා අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් එම්. ජී. විජයබන්දු, ශ්‍රී ජයවර්ධනපුර කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ නිර්මලා කුමාරි ඒකනායක, විදුහල්පති නීල් ක්‍රිෂාන්ත ඒකනායක යන මහත්ම මහත්මීන් ද දේශන පැවැත්වූ අතර සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂවරියන් වන කුමුදු හේමමාලි ද සිල්වා, යමුනා මහානාම, සන්ධ්‍යා රංගොඩගේ යන මහත්මීන් ඇතුළු විශාල පිරිසක්‌ එක්‌ව සිටියහ.//

  2. ඒ ප්‍රවෘත්තිය දැක මාත් පුදුම වුණා. සංඛ්‍යා ලේඛන නම් නිවැරදි ඇති. මං මේක ෆේස්බුක් එකේ ෂෙයා කළාම ඔහු පිස්සු කතා කියන්නෙකු බව දැන ගත්තා.

    • ඔව් රසික මෙයාගේ ගොන් කතා නිසා මටත් හිතෙනවා, පිරිමි අධ්‍යාපනයෙන් පසුබාල නම් පුදුමයක් නැහැ කියා. එය නොවේ මට තියන පුදුමය. අධ්‍යාපන දෙපාර්තමේන්තුව ප්‍රවර්ධනය කරන්නේ මෙවැනි මතවාද යයි කියන එක. බලන්න අර ලිස්ට් එකේ ඉන්න අම්බරුවන් හා අම්බරින් (පොලිටිකලි කරෙක්ට් නැති වුවත් මා එය භාවිතා කරනවා මෙතැනදී) ටිකට වත් මේවා තේරෙන්නේ නැත්ද? පාසැල් අධ්‍යාපනය නංවන්න හදන්නේ මේ වගේ අය එක්ක නම්, සොරි තමා.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s