ඇමෙරිකාවේ කෙරෙන චීන ආයෝජන ඉහල යයි!


අද කඩේ ගිහිං, බඩු ටික ට්‍රොලියට දමන විට මගේ ඇඟිල්ලක් සීරුනා. මා සිටියේ ඇඟේ  ලේ රත් වී නිසා, සීරිම පොඩි වුවත් ලේ ආව.  එය ගණන් ගන්න දෙයක් වුනේ නම් නැහැ. අදත් කවුන්ටරේ හිටියේ ගොඩක් වෙලාවට අපට හමු වන සුන්දර ඉන්දියන් යුවතියක්. සුන්දර කියා මා විශේෂණ පදයක් යෙදුවේ ඇයගේ රූ සපුව නිසාම නොවේ. ඇයගේ  සේවාව ත් සාපේක්ෂව සුන්දරයි.

IMG_0608.jpg

ඔටෝ කවුන්ටර වලට නොයන එක ගැන මා කලින් ලියා තිබුනහම, තාක්ෂනයට එරෙහි වනවා යයි දෙතුන් දෙනෙකු ලියුව. තාක්ෂනය නිසා අප‍ගේ ජිවිතයට එක්කෝ පහසුවක් වන්න ඕනි, නැත්නම් අපගේ අතින් යන ගාණ සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වෙන්න ඕනේ. මේ දෙකම නොදෙන ඔටෝ,  පාන් ගෙඩියක් ගන්න වගේ නම් හොඳයි.

IMG_0609.jpg

ලෝකයේම තියන සුපර්මාර්කට් ජාල වලින් වැඩිම ප්රෝෆිට් මාර්ජින් එක තියා ගන්නවා යයි විරුදාවලිය ලත් කඩ වටම අප යන්නේ එහි අප බලාපොරොත්තු වන සේවයත්, තෝරා ගන්න බඩුත් දෙකම තියන නිසා. කොහොම වුවත් බඩු  ටික බෙල්ට් එකේ දමල තියන පිළිවෙලටම බෑග් වලට දමල දෙන එක මා බලාපොරොත්තු වන තව දෙයක්. සමහරුන් ඉන්නවා බිත්තර එක හරස් අතට බෑග් එකට දමන කට්ටිය. ගෙදර එන විට බිත්තර දෙක තුනක් බිඳිලා.

කොහොම හරි බඩු ටික ආපසු මල්ලට දමන විට, මගේ අතේ කුඩා සිරීම දුටුව  අර යුවතිය, ඕක දැන් ද වුණේ  කියල අහල මට බැන්ඩෙඩ් එකක් ගෙනල්ල දුන්න. මේ කවුන්ටර වල ඉන්න බහුතරයක් තරුණ කට්ටිය. එක්කෝ පාසල් යන යව්වනයන්. නැත්නම් ඉහල අධ්‍යාපනය ලබන්නන්.

IMG_0611.jpg

මේ යුවතිය ඉන්දියාවෙන් ඇවිත් මෙහෙ සරසවියක ඉගෙන ගන්න කෙනෙක්. අද මේ වසරේ, ඇගේ අවසාන වැඩකරන දියය යයි කියුව. නිවාඩුවට ඉන්දියාවට යන ඇය, ආපසු එනවා යයි කියුවේ පෙබරවාරි වල. දැන් බොහෝ සරසවි වල අධ්‍යයන වසර අවසානයි.

මා කියාගෙන ආපු කතාවට ගියොත්, මේ කවුන්ටර වල සේවය කරන හැම දෙනාටම පාහේ ලැබෙන්නේ එකම වගේ වේතනයක් කියා මා හිතනවා. හැබැයි ඔවුන් සපයන සේවයේ තත්ත්වය  එකම නැහැ. එය බොහෝ වෙලාවට රඳා පවතින්නේ ඔවුන් අතේ මයි.

IMG_0631.jpg

මිනිසුන් ඉපදුන රට හා සේවය කරන තැන කුමක් වුවත්, වැඩ කරන විට වෙනස් අයුරින් වැඩ කරන අය  අප අතර ඉන්නවා. මා කලිනුත් ලියා ඇති පරිදි රටින් රට මාරු වුවත් පුද්ගලයන්ගේ තියන මේ ලක්ෂණ  (හොඳ හෝ නරක) වෙනස් වන්නේ හරිම අඩුවෙන්.

පරිසරයෙන් වන්නේ වැඩ කිරීමට තියන මෙවැනි කැමැත්ත එක්කෝ යටපත් කර දැමීම හෝ ප්‍රවර්ධනය කිරීමයි. හැමටම එකම විදිහට ගෙවීම හෝ ඕනෙම රැකියාවකින් උපයා ගන්න හැකි මුදල සමාන කිරීම නිසා සමානාත්මතා සමාජයක් බිහිවන වග සමහරුන් හිතනවා. නමුත් එයින් සිදු වන්නේ අපතකම ප්‍රවර්ධනය විතරයි කියා ප්‍රයෝගික තලයේදී පෙන්වා දී තියනවා.

කොහොම වුවත් අර යුවතිය, නුපුරුදු රටකටත් ඇවිත්, වැඩත්  කරමින්, උපාධියක් ද කරන්නේ අනාගතය තවත් යහපත් කර ගැනීමේ අරමුණෙන්. ජිවිතයේ කරන ආයෝජන අතරින්, ඉගෙනීමට කරන ආයෝජනය වැඩිම රිටර්න් එකක් දෙන එකක් ලෙස සමහරවිට කියනවා. හැබැයි එය හැමවිටම සැබෑවක් නොවන වග දත්ත  පෙන්වනවා. ඒ මුල්‍යමය නැවත ලැබීම අතින්. ජීවිතය ගෙන යාමට (වෙනත් අංශ වලින්) ඉගෙනුම් ලබාදෙන නැවත ලැබීම් එක්ක ගණන් හැදුවොත් චිත්‍රය ටිකක් හෝ වෙනස් වේවි.

මා අද කියවපු ලොස් ඇන්ජලීස් ටයිම්ස් වල තිබුණ  මේ කතාවේ කියන්නේ  වඩාත් යහපත් අනාගතයක් බලාපොරොත්තුවෙන්,  ඇමෙරිකා එක්සත් ජනපදයට එන චීන පාසල් ශිෂ්‍යයන් ගැනයි. පසුගිය දශකය තුලදී ඇමෙරිකානු මධ්‍යම හා උසස් විද්‍යාල (සාපෙ හා උපේ) වල ඉගෙන ගනිමින් ඉන්න චීන සිසුන්ගේ සංඛ්‍යාව 1200 සිට 52000 දක්වා වර්ධනය වී ඇතැයි  මේ ලිපිය කියනවා.

IMG_0611.jpg

එම සිසුන්ගෙන් සැලකිය යුතු සංඛ්‍යාවක් දෙමාපියන්ගෙන් වෙන්ව ඇවිත් ඉගෙන ගන්න සිසුන්. ඒ ගැන තමා ලිපිය කතා කරන්නේ. දෙමාපිය සෙවනෙන් ඉවත්ව එන මේ සිසුන් මුහුණ දෙන ප්‍රශ්න කිහිපයක් එහි කතා වෙනවා.

හැබයි දෙමාපියන් තම දරුවන් එහෙම එවන එක මා කලින් කියපු අනාගත ආයෝජන හා බැඳී තියන දෙයක්. වසරකට චීනයේ සරසවි වරම් පතන සිසුන් මිලියන නමයකින්, ඒ සඳහා අවස්ථාව ලැබෙන්නේ මිලියන හතකට පමණයි. අවස්ථාව අහිමි මිලියන දෙකෙන්, එකක් වෙන රටවල් වලට යනවා.

දැන් තම දරුවන් තමන්ගේ සෙවනින් ඉවත් කර වෙන රටක ඉගෙන ගන්නට යවන්නේ, චීනයේ මේ තියන අධික තරඟයෙන් ඉවත් කර, ඔවුනට ස්ථාවර සරසවි අවස්ථාවක් ලබා දෙන්නට. නමුත් මේ ලිපියම කියන පරිදි, එහෙම ඇවිත් යන අයගෙන් //rates of employment and compensation for returnees with American degrees in China are lower than those of domestic graduates//.

එහෙම වුවත් ඇමෙරිකාවට ගොස් උපාධියක් අරන් චීනයට යන එකේ පාඩුවක් නැතැයි  කියනවා. ඒ මොකද එය පවුලේ තත්ත්වය ඉහල දමන නිසා.

 

 

 

 

Advertisements

4 Comments

Filed under Careers/Employments, Education, Social

4 responses to “ඇමෙරිකාවේ කෙරෙන චීන ආයෝජන ඉහල යයි!

  1. අහම්බෙන් මෙන් මං දැක්කා චීනයෙන් ඇමරිකාවට ගිහින් ඉගෙන ගෙන අවසානයේ විහිළුකාරයෙකු වුණු ශිෂ්‍යයෙකු. ඔහු ආපසු චීනයට ගිහින් දැන්.

    රයිමගම [මේ වීඩියෝ] දැක තියෙනවාද?

    • He is great Rasika!
      මිනිහා නියම පොරක් නේ. මොලෙකියුලර් බයෝලොගිස්ට් කෙනෙක් නේද? බලන්න ඇමෙරිකාව මිනිසුන්ගේ නැචුරල් ටැලන්ට් එක සොයා ගන්න හැටි. 😀

  2. Pra Jay

    ඔබ ඡායාරූප ප්‍රදර්ශනයක් කල යුතුයි.
    “කාලගුණය/දේශගුණය/සීසන්ස්,/දවසේ කාලය ආදිය අනුව වෙනස්වීම ඡායාරූප මගින්” වගේ එකක් නම් හොඳයි මං හිතන්නෙ

    • ස්තුතියි ප්‍රා කාරුණික වචන වලට.
      මගේ පොටෝ බ්ලොග් එක වේලෙනවා ප්‍රා. අකුරු ලිවීමට වඩා පොටෝ එඩිටින් වලට වෙලාව යනවනේ.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s