රැකියාවකට ලැයිසොමක්! An apartment for sale!


අතීතයේ ලියුව සමහර දේවල් මා යලිත් කියවන්නේ, මා කොතරම් වෙනස් වී ඇතැයි ද කියාත් දැන ගන්න. සාමාන්‍ය ජිවිතයේ පවා අතීතය, මා ස්මරණය කරන්නේ, යලිත් ඒ කාලයට යනවට වඩා, අනාගතයට යම් දෙයක් හිතන්නට. ජිවිතයේ මෙන්න මේ හිටපු තැනට ගිහිං ජිවත් වෙන්න ඇත්නම් කියා ආසාවක් මට නැහැ.

මෙහි කලින් ලියා ඇති සටහන් වල කරුණු නැවත නැවත විටින් විට ලියනවා වුවත්, ඒවා ලියන්නේ වෙනස්ව. විවිධ මුලධර්ම වාද වල එල්බ ගත්තු විට ලෝකයේ පවතින දේවල් පෙනෙන්නේ ඔවුනගේ ඒ කොටුව තුල පමණයි.

මෙයට හොඳ උදාහරණයක් තමා කියුබාව හා සිංගප්පූරුව යන රටවල් දෙක මිනිසුන් විග්‍රහ කරන හැටි. මිනිස් ශිෂ්ටාචාරයේ මෑත අවධියේ අද්විතීය “පර්යේෂණ” දෙකක් වන මේ රටවල් දෙකින්ම, සාමාන්‍ය ජනයා වන අපටත්, රාජ්‍ය තාන්ත්‍රිකයන්ටත්, දියුණු වෙමින් පවතින රටවලටත් ඉගෙන ගන්න දේවල් තියන වග නම් නිසැකයි.

ඒකාධිපතියන් කියා අප නිර්වචනය කරන දේත් තමන්ගේ මතවාද අනුව වෙනස් වන අන්ත දෙකටම හොඳ උදාහරණයක් තමා, මේ රටවල් දෙක දීර්ඝ කාලයක් පාලනය කරපු එකිනෙකට වෙනස් දෙන්න හා  ඔවුනට ලෝකයේ අනෙක් රටවල නායකයන් හා ජනතාව දක්වපු හා දක්වන ප්‍රතිචාරය.

නිමා නොකළ සටහනක්

අද කියවූ ලිපියක්

raigamahandiya

මේ දිනවල අපේ ගෙදර පොඩි නඩත්තු වැඩ ටිකක් කෙරුවා. වෙන කෙනෙකු කළේ. ඔහු ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙලා තියෙන්නේ ක්‍රෝඑශියාවෙන්. ඇත්තටම ඒ දවස්වල යුගොස්ලාවියාවෙන්. තවත් ඇත්තටම කියුවොත් ඕස්ට්‍රියාවට ගිහින් එහෙන් තමා ඕස්ට්‍රේලියානු විසා හදාගෙන මෙහෙට ඇවිත් තියෙන්නේ.

කොමියුනිස්ට් යුගෝස්ලාවියාවේ අධ්‍යාපනය නිම කර වැඩ කරන්න පටන් ගත්තු ඔහුට, ඒ දවස් වල එක ආසාවක් තිබිල තියනවා. එනම් සර්පිනාවක් මිලදී ගැනීම. සංගීතය අධ්‍යයනය කර තිබෙන ඔහුට, වෘත්තියට අමතරව විනෝදාංශයක් විදිහට තමා සංගීතය කරන්නට අවශ්‍ය වෙලා තියෙන්නේ. දැන් ප්‍රශ්නය නම් සර්පිනාවක් මිලදී ගන්න අවුරුදු දහයක් පමණ වැඩ කර, ගන්න පඩියෙන් වෙන කිසිම දෙයක් නොකර සියලු මුදල් ඉතිරි කරන්නට වෙනවා.

මේක හරියන ජිවිතයක් නොවේ කියා, ඔහු ඕස්ට්‍රියාවට ගිහින්, එතනින් මෙහාට ඇවිත්. අවුරුද්දක් වැඩ කරලා, සර්පිනාවක් විතරක් නොවේ, ගිටාරයක්, වයිලිනයක් ඈතුලු ඔහුට අවශ්‍ය සියලු සංගීත භාණ්ඩ ටික අරගෙන.

මෙයාට අවුරුදු 70 ක් පමණ වෙනවා. නමුත් ශරීරය දිහා බැලුවහම හෝ වැඩකරන හැටි බැලුවහම එහෙම වයසක් පේන්නේ නැහැ. ඔහු වැනි වෘත්තිකයන් අපට දකින්නට ලැබෙන්නේ කලාතුරකින්. අපටත් රෙකමදාරු කළේ මිතුරෙක්. කරපු…

View original post 1,479 more words

7 Comments

Filed under Opinion

7 responses to “රැකියාවකට ලැයිසොමක්! An apartment for sale!

  1. තමුසෙට ඕනි ගෑනියෙක් වෙන්නද? වාහනයක් එලවන්න ඉගෙනගන්න ඕනි නැද්ද? මොකද මේ බයවෙලා.? .වාහනයක් එලෝගන්න බෑ කියන්නෙ ඕයි තමුසෙ ගෑනියෙකුටත් අන්තයි..

    ඔය මොකද කරන්නේ..දැන් මේක බැරිනං පව් නොදී බැහැල යනවා.. මේ කොයි තරං පොඩි දෙයක්ද? මේ ටික අල්ලගන්න බෑ කියන්නේ..කොහොම ලයිසන් ගත්ත උනත් පාරෙ යන්නේ?

    මේ මම සල්ලි දීල ඉගෙනගන්න රියදුරු පුහුනු පාසලේ බනින විදිය.මම සයිබර් එකේ තරමක් නාහෙට අහන්නෙ නැති බුවෙක් වුනත් මම සැබෑ ලෝකෙදි තරමක් සමාජශීලි බවින් අඩුයි.. ඉතිං මේ වාහන පදවන්න ඉගෙනගන්න එක රුපියල් 15000ක්ටත් වඩා මගේ යාලුවෝ නෑයෝ ඔෆිස් එකේ අය දැන් ලර්නස් යනවා කියල දන්න නිසාම යනවා..නැත්තං මං මේ වාහන පුරුදු වීම අතැරලා දානවා..ඒ තරම්ම මට මේ වැඩේ කියාදෙන විදිය අප්පිරියයි.

    ඉන්ස්ට්‍රක්ටර්ස්ලා බොහොම සැහැසියි.. කාන්තාවන් ඉන්න තැනම පරුෂ වචනයෙන් පවා බනිනවා. නෝන්ජල් කරනවා.. සමහර රියදුරු පුහුනු කරන තැන්වල අය පහරදනෙවාත් එක්කලු..

    අපි සල්ලි දීල ස්කිල් එකක් ගන්න ගියාම ඒ මිනිස්සු සලකන එක විදියක් මේ.. ලංකාවෙදි..

    මම දන්නේ නැහැ ලෝකෙම රියදුරු පුහුනුව කියලා දෙන්නේ පොලුවලින් ගහමින් ඉතාම නින්දිත ලෙස බනිමින්ද කියලා.. ඒත් මට නම් මේක ලොකු කැත වැඩක්.. වරක් ඉතාම නින්දිත ලෙස බැනුම් අහපු කාන්තාවක් රියෙන් එලියට එන්නේ ඉන්ස්ට්‍රක්ටර්ට වදිමින්..මොකද ඒ තරම් ස්ටෙස් එයාට..

    මං මේ කියන්න හැදුවේ අච්චර සාක්සරතාවය..එච්චර කලායක් තිබුන දහම… මේ තරං හොද සමාජේ..ඔය මොක තිබුනත් නියමිත දියුනු සාමාන්‍ය හැදියාව සහිත සමාජයට අපි කොයි තරම් දුරද…සම්මත දියුනු සමාජයෙන් සෑම අංශයෙක්ම පාහේ අපි රටක් විදියට දුරස්.. ඒත් සැනසීමට කොයි තරං දේවල් අපිට තියේද? නිදහස් අජ්ජාපනේ, සෞඛ්‍යය, ඉතිහාසය, ආගම, ජාතිය, සතුරා පරාජය.. බ්ලා බ්ලා බ්ලා..

  2. ඇණයා

    හායි, දෙසැම්බරයෙන් පස්සේ බිස්නස් එකක් පටන් ගන්න අදහසක් තියනවා‍. මොකද්ද කරන්නේ හිතා ගන්න බැරිවයි උන්නේ, ලර්නස් එකක් පටන් ගත්තොතින් බිස්නස් තියෙයි වගේ කියලා හිතුනා. ලංකාවේ වාහන එළවන අයට පාරේ අනෙත් අයට බනින්න සහ බැණුම් අහන්න හුරුවක් තියෙන්න ඕන නිසාම ලර්නස් එකෙන් පර්පස්ලිම බනිනවද කියන්නත් බෑනේ.

  3. ඇණයා

    කොඒෂියාවේදී ජීවිත කාලයක් සල්ලි එකතු කරලා ගන්න ප්ලෑන් කරලා තියෙන්නේ සර්පිනාවක්ද? පියානෝවක් නොවේද?

  4. මට කිසි දෙයක් තේරුනේ නෑ. පින්තූරේ දැක්කාම මම හිතුවේ පොල් කඩන්න හදනවා කියලනේ 😛

  5. ඔබ ඉදිරිපත් කරන ප්‍රශ්නයට කුමන අන්දමේ පිළිතුරක් ලියන්නද කියා මට සිතා ගන්න නොහැකියි. දුමින්ද සිල්වා වගේ, ස්ටෙරොයිඩ් වත් අරං ඇඟ ටිකක් හදා ගෙන, උත්තර සොයමුද?

    මා දන්නා අන්දමට ලර්නර්ස් ලා මෙයට ගොඩක් කලකටත් කලින් ඔය වගේ තමා. ඔයවයේ ඔය රියදුරු පුහුණු කරවන්නන්, කිසි පුහුණුවක් ලබපු අය නොවේ නේද? නිකම්ම ඩ්‍රයිවර් ලා විතරනේ. නූගත්කම හා අධිපතිත්වය කියන දෙකේ සම්මිශ්‍රණයක් කියා මට හිතෙනවා. ඔය දෙක එකතු වීම හරිම භයානක දෙකක්.

    අපේ අයියලත් ෆේස් බුක් එකේ, බ්ලොග් වල කස්ත්‍රෝ ව පුම්බන විට මට හිනහයි. අධ්‍යාපනයෙන් හා සෞඛ්‍යයෙන් ඉතා ඉහලට ගෙනාව කියන ඒ සමාජයේ, මේ අයියල ජිවත් වෙනවා නම්, එයාලට බ්ලොග් ලියන්න ලැබෙන්නේ නැහැ. ඒ විතරක් නොවේ අමිල, ඔබ කියනවා වගේ යම් දෙයක් ගැන ආඩම්බර වෙන්න ඕනේ, එයින් ප්‍රයෝගිකව අපේ ජිවිතයට බලපෑමක් තියනවා නම් විතරයි. සාක්ෂරතාවය 99.9% ක් වුණත් සිතුම් පැතුම් අන් අය එක්ක බෙදා ගන්න නොහැකි නම්, ඒ සාක්ෂරතාවයෙන් මොකක්ද ඇති වැඩේ.

    එය හරියටම සමාන වන්නේ ඔබත් කියන //මං මේ කියන්න හැදුවේ අච්චර සාක්සරතාවය..එච්චර කලායක් තිබුන දහම… මේ තරං හොද සමාජේ..ඔය මොක තිබුනත් නියමිත දියුනු සාමාන්‍ය හැදියාව සහිත සමාජයට අපි කොයි තරම් දුරද…සම්මත දියුනු සමාජයෙන් සෑම අංශයෙක්ම පාහේ අපි රටක් විදියට දුරස්..// කරුණට මයි!

  6. බයිසිකලයක් ගන්න කලින් ඇණය, බෙන්ස් කාර් ගැන කියනවා! 🙂

  7. //මම හිතුවේ පොල් කඩන්න හදනවා කියලනේ// ඉතිං ඔතරම් හොඳට තේරුම් අරං , නැහැයි කියන්නේ මොකෝ මෙඩුස?