විරාමයකට පෙර!


පසුගිය සතියම තරමක් සාමාන්‍යයෙන් ඉවත් වූ එකක්. එයට හේතුව වසර අවසාන වෙමින් පැවතීමයි. කරගෙන ආපු දේවල් වල අවසානය ලඟා වීමට අමතරව,  ඉවර කරපු නැති දේවල් වල “යම් කිසි” නිමාවකුත් දකින්නට අවශ්‍ය නිසා වැඩ වල යම්කිසි වැඩි වීමක් වුවා. එයිට අමතරව, සාමාන්‍යයෙන් තියන සමුගැනීමේ “හමුවීම්” ද වැටෙන කාලයක් මේ.

img_1299

මට කවුරුන් හෝ පෙන්වූවා, කෙනෙක් ෆේස් බුක් එකේ බෙදා ගත්තු  දෙයක්. එය නම් “මේ නත්තල් සමයයි, අක්මාව මට සමාව දෙන්න” වගේ දෙයක්. ඒකාකාරී දිනචරියාවෙන් මිදෙන්න මිනිසා විසින් නිර්මාණය කරන්  තියන උත්සව අවස්ථා, අපේ දිවියට යම්කිසි සතුටක් එකතු කරනවා.

මගේ බ්ලොගය සතුටින් කියවන අයෙකු මුණ ගැසීමට මා හැමදාම කැමතියි. ඒ විතරක් නොවේ, මුරුංගා ගස් එතරම් හයිය නොමැති වුනත්, නගින්න නරකම ගස් ජාතියක් නොවේ. ඒ විතරක් ද නොවේ, ජිවිතයේ අතීත කාල වල‍ට එබී බලන්න අවස්ථාව ලැබෙන එකත් නරක දෙයක් ලෙස සලකන්න බැහැ.

img_1300

දිවියේ තීරණාත්මක කාල පරිච්ඡේදයක් වන සෝවියට් දේශ දිවියට යලි මනසින් යාම චමත්කාර ජනක වුවත්, ඒ දිවියේ සමහර තේරීම් වලට ඇත්තටම යාම නම් තරමක් භයංකාර  දෙයක්.

img_1295

හිටවපු තක්කාලි පැල  වල කුඩා ගෙඩි හැදෙමින් තියන වග දැක්කේ අද. එයිට අමතරව පිපුන රෝස සියල්ලම වගේ දැන් පරවී අවසන්. පොහොර ටිකක් දැමුවොත් යලිත් මල් එන්නට කාලය තියනවා. ඒත්  ඉදිරිකාලය හරිම රස්නේ නිසා, මල් පිපි වැඩි දිනයක් යන්නට පෙර වියළී  යනවා.

img_1291

උදා වූ වසන්තේ…….

Advertisements

8 Comments

Filed under Lifestyle

8 responses to “විරාමයකට පෙර!

  1. Pra Jay

    You deserve your position on the moringa branch for your photography alone !

  2. ඇණයා

    /මුරුංගා ගස් එතරම් හයිය නොමැති වුනත්, නගින්න නරකම ගස් ජාතියක් නොවේ. /
    කොහෙත්තම එකඟ වෙන්න බෑ, වරක මම සමීක්ෂණයක් කළ පවුල් දෙසීයක් විතර ඉන්න ගමක මුරුංගා ගස් වලින් වැටී කොන්ද බිඳී එකතැන් වූ පිරිමීන් 4ක් හිටියා.

    • මගේ අදහස literally ගත්තොත් ඔබ කියන එකඟ නොවීම ගැන, මට එකඟ වන්න පුළුවන්. හැබැයි මා figuratively කියා ඇති දෙය මට නම් තවමත් වලංගුයි ඇනයෝ.

  3. //මගේ බ්ලොගය සතුටින් කියවන අයෙකු මුණ ගැසීමට මා හැමදාම කැමතියි.//
    මමනම් දැනගත් දා සිට සතුටින් කියවන බ්ලොග් අතර උඩින්ම තියෙන සහ පොඩ්ඩක් විතර හෝ ආතතිය අඩු කරන බ්ලොග් එකක් ඔබේ බ්ලොගය. බ්ලොග් එකක් එහෙම සතුටින් කියවන්න බැරිනම් කරන්නේ නොකියවා සිටීමයි. මම ලිපියක් ලියන විට රයිගම් බ්ලොග් එකට ලින්ක් දැමීම ගැනත් දෙවරක් හිතා බොහෝ විට එය නොකර ඉන්නේ එයින් (අසතුටෙන් කියවන අය ඇවිත්) මෙහි ඇති සමතුලිතතාවය බිඳෙයි කියා හිතෙන නිසයි. කරටියටම යවන්නේ නැහැ. 🙂 ආතතිය අඩු කරන්නේනම් මෙහි දකින කන්ට්‍රාස්ටින්ග් වීව් එකෙන්. (මෙය කියන්නේ හරියටම වචනයේ අර්ථයෙන්. 🙂 දැන් වුනත් එහෙමයි. ජනේලයෙන් හාත්පස වැසුණු හිම ඇතිරිලි සහ ගස් වල කෝටු අත් පෙනෙන විට රයිගම් බ්ලොග් එකෙන් පිපුණු රෝස මලක් පෙනෙනවා.) විරාමයක් ගැන කිවුවත් වසරේ අවසාන ලිපිය බව කියා නැති නිසා සුබපැතුම් පසුවට තියාගන්නම්.

    • //මමනම් දැනගත් දා සිට සතුටින් කියවන බ්ලොග් අතර උඩින්ම තියෙන සහ පොඩ්ඩක් විතර හෝ ආතතිය අඩු කරන බ්ලොග් එකක්// මෙය දැන ගැනීම සතුටට කාරණයක් ඉකෝ.
      ඔබ කියන කතාව ඇත්ත. හැම පැත්තේම පෙනෙන්නේ අසතුටින් සිංහල බ්ලොග් කියවන අය තමා. මගේ අදහස් සමග එකඟ නැති වුවත් එකඟ වුවත්, අසතුටින් මගේ සටහන් කියවන අය දිගින් දිගටම ඇවිත්, තමන්ගේ සිත් තවත් අසතුටු කර ගැනීම මා බලාපොරොත්තු දෙයක් නොවේ.

      ඉතාම ලෙහෙසියෙන් තමන්ට කරන්න හැකි, කියවීම නතර කිරීම වෙනුවට, ලියන කෙනාට ලියන්න එපා කියන දරුවනුත්, අපේ වැඩිහිටි ශරීර වල ඉන්න වග ඔබත් දන්නවා ඇති. මෙය ම හිතන්නේ සමාජයේ තියන අනෙක් බොහෝ දේවල් වලටත් අදාලයි.

      මා ඇත්තටම ලියන්නේ විවේකි රිලැක්ස් වේලාවන්ට නිසා ඔබ කියන ගතිය මෙහි සමහරවිට ඇති. සාමාන්‍ය ජීවිතය හැකි තරම් මෙයින් පිළිබිඹු කරන්න මා උත්සහ කරනවා. එය අසීරු කටයුත්තක්. ඒ නිසාම තමා අකමැත්න්තෙන් කියවන අයව මා ගණන් ගන්නේ නැත්තෙත්.

      ඔව්, මෙය අන්තිම සටහන නොවේ ඉකෝ. මේ වසර හා ජීවිතය ගැනත් මා මගේ රිෆ්ලෙක්ෂන් සටහන් දෙකක් විතර ලියන්න හිතන් ඉන්නවා, වෙලාව ලැබෙන හැටියට.

  4. මේ උඩ ඉඳන් පල්ලෙහාට ලියලා තියෙන ශෛලිය ෆකින් මසුරං. මචං උඹේ යටි පෙළ මම හීනියට තේරුම් ගන්නවා.

    • ලියා ඇති දේවල් තේරුම් ගන්න උඹ වගේ කියවන්නන් සිටීම (උඩ ඉකෝට ලියුවා වගේම) සතුටට කාරණයක් වගේම, දිගටම ලිවීමටත් උත්තේජනයක් මචෝ!

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s