කොයි කාලේද හොඳ? We don’t pray for love, we just pray for cars!


අද අපගේ පළාතේ, මේ වසරේ අවසාන පාසල් දිනයයි. අනෙක් ප්‍රාන්ත වලද එසේම වෙන්න ඇති. ඒ අතරින් සමහර සිසුන්ට, තමන්ගේ පාසල් දිවියේ අවසාන වාරයද  මෙමගින් සනිටුහන්  කෙරුව. දරුවනට පමණක් නොවේ, දෙමාපියනටද එය ජිවිතයේ වැදගත් සංදිස්ථානයක් කියල ඔබ හැම කවුරුත් දන්නා කරුණක් නේ.

ඊයේ මට හමුවුණේ, තමන්ගේ පුතාගේ උපේ ප්‍රතිඵල ගැන හරිම සතුටින් ඉන්න සුදු තාත්තෙක්. මා සුදු කියා විශේෂණ පදයක් එකතු කෙරුවේ, ලෝකයේ හොඳම දෙමාපියන් ඉන්නේ සමහර රටවල පමණයි කියා සිතන අයගේ අවධානය පිණිස.

කොහොම වුවත් වසර දොළහක් කියන්නේ අපගේ ජිවිතයේ සැලකිය යුතු කාලයක්. ඊයේ උදේ පාන්දරින් ගෙදරින් එලියට බැහැල, ආපසු ගෙදර එන විට රේඩියෝවේ ගියේ, මේ වසරේ එයාලගේ වැඩ සටහනේ හොඳම එව්වා වලින් කෑලි. එවෙලේ ගිය කෑල්ල වුණේ  වසරේ මුල් අවධියේ කරපු සම්මුඛ සාකච්ඡාවක්.

එය ඇත්තටම වැඩසටහන කරන තරුණියගේ එක මිතුරෙක් හා කරපු එකක්. එයාට  මෙලනෝමා කියන සමේ පිළිකාවේ අවසාන අදියර කියා හඳුනාගෙන තියෙන්නේ, ඔහුට වයස අවුරුදු 24 පිරෙන මොහොතේම වගේ. ඒ මේ වසරේ පෙබරවාරියේ. ඒ වන විට දොස්තරලා ගේ නිගමනය වී තියෙන්නේ ඔහුට තව ජිවත් වීමට ඇත්තේ වැඩිම වුණොත්  මාස හයක් කියා.

ඔහු ඒ ජීවත්වීමට තියන ඉදිරි කාලය ගත කර තියෙන්නේ බකට් ලිස්ට් එකේ කරුණු ටිකක් ඉටු කර ගන්න හා සමේ පිළිකා ගැන ජනතා අවධානය යොමු කරන්න. මේ දෙවෙනි එක ටික කාලයක් ජිවත් වීමට තියන මිනිහෙක් කිසිම ලාභ පරමාර්ථයක් බලා කරන එකක් නොවේ. මොකද ඔහුගේම වචන වලින් කියුවොත් ඔහු පරලොවක් ගැන විශ්වාසයක් නැති තරුණයෙක්.

ඒ කතාවේදී මැරෙන්න ඔබ බයද කියල අර තරුණිය අහන ප්‍රශ්නයට ඔහු දෙන්නේ අප කවුරුත් දන්නා කියමනක්. එනම් මා බය මැරෙන එකට නොවේ, ජිවත් නොවන එකට කියා. එය සාමාන්‍ය යෙන් අපට නිතර අහන්න ලැබුණත් , නියම තේරුම වැටහෙන්නේ මෙහෙම කෙනෙක් කියන විටදී විතරයි. මිනිහෙකුගේ වයස 24 ක් කියන්නේ කොතරම් කුඩා හෝ විශාල කාලයක්ද කියන එකට තමා මා එන්න හැදුවේ.

දරුවෙකුගේ පාසල් දිවිය වෙනුවෙන් දෙමාපියන් වශයෙන් අපද ලොකු කාලයක් හා ශ්‍රමයක් වෙන් කරනවා. දරුවන්ද පාසල් කාලය වෙනුවෙන් ජිවිතයේ සැලකිය යුතු කොටසක් වෙන් කරනවා විතරක් නොවේ, එය ජිවිතයේ ෆොර්මටිව් නැතිනම් හැදෙන කාලයෙන් සැලකිය යුතු කොටසක් වෙනවා. මේවා ගැන මා කලින් ටික ටික ලියා ඇති.

අප ජිවිතයේ සොයා යන්න ඕනේ මොනවාද? කරන රැකියා මොනවාද? අත්පත් කර ගන්න භෞතික දේවල් මොනවාද? පවුල් ජීවිතය හෝ තනිකඩ ජීවිතය මොන වගේ වේවිද? යනාදී දේවල් වලට මූලික  පදනම පාසල් කාලය හා දෙමාපිය ඇසුර නිසා වැටෙනවා කියන එක බැහැර කරන්න බැහැ.

පසු වදන

ලංකාව කියන්නේ මට අමතක කරන්න බැරි රටක්. මොකද මගේ ෆොර්මටිව් ජිවිත කාලයෙන් වැඩිපුර කොටසක් ගෙවුනේ එහි නිසා. මා ලබපු අධ්‍යාපනයන් ලැබුවේ කොයි රටේ වුවත් ඒ සියල්ල මා හැමදාම අගය කරන වග මා නිතර සටහන් කරන දෙයක්.

අද මා දිවයින පත්තරේ මා ප්‍රියතම ගායකයෙකුගේ කතාවක් තිබුන නිසා එය කියෙව්වා. එය රොම්ලස් පෙරේරා ගැනයි. ඔහුගේ ගීතයක් කලින් මා එක් කර ඇති. එයනම්, මා කැමතිම මල් පෙත්තක පන් හිඳකින්  යන ගීතයයි.

ඒ ගැන ඔහු මෙහෙම කියනවා //රංජිත් පීරිස්‌ එකල ගුවන්විදුලියේ නිවේදකයෙක්‌. ඔහු මේ ගීය පුදුමාකාර විදිහට ජනප්‍රිය කෙරෙව්වා. ප්‍රේමකීර්තිට බොහෝ දෙනා මේ ගීයේ පදමාලාව ගැන දොස්‌ නැඟුවා. විශේෂයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන්.

කොහොමද කියන්නේ මල් පෙත්තක ආදරය ගැන ලියන්න පුළුවන් කියලා. දොස්‌ කියපු අයගේ තර්කය වුණේ ඒක.//

අම්මපා නියම තර්කයක් නේද? දීපන්කො ගුරුන්නාන්සේ උත්තර? මා ඉතාම කැමති සිංහල ගීත රචකයෙක් වන ප්‍රේමකීර්ති ද “යහපත් සමාජයක්” වෙනුවෙන් කෙරුණ අරගලයකදී බිලිගත් සුන්දර මිනිසෙක්.

ඒවා සේරම නොවේ මට උපුටා දක්වන්න ඕනි වුනේ. රොම්ලස් කියන මේ කතාව; //අද මම පුදුමාකාර සතුටකින් ඉන්නෙ. මම හිතුවෙ නෑ. මේ තරම් දුරක්‌ මට එන්න පුළුවන් වේවි කියලා. මට සංගීතය පරතෙරටම ඉගෙන ගන්න බැරි වුණා. ඒ මගේ පාසලේ සංගීත ගුරුවරයා හදිසියේ හෘදයාබාධයකින් වියෝවීම නිසා. ඉන්පස්‌සේ අම්මා තාත්තා ඒ තරම් උනන්දු වුණෙත් නෑ. පිහිටට හිටියේ රේඩියෝ එක. රේඩියෝ එකෙන් සිංදු අහලා තමයි ගායනයට හුරු වුණේ. මේ වෙද්දී මට සම්මාන ඇගයුම් ඕනෑ තරම් ලැබිලා තියෙනවා. මේ අවුරුද්දේ විතරක්‌ සම්මාන හයක්‌ හතක්‌ ලැබුණා. මේ ගෙවන්නේ මගේ හොඳම කාලෙ. වයසට යද්දී තමයි හැම දෙයක්‌ම ලැබෙන්නේ. මම මේ ක්‍ෂේත්‍රයට ආවේ 1964 දී. අවුරුදු පනස්‌ දෙකක්‌ වෙනවා. මගේ හැත්තෑ තුන්වැනි උපන් දිනය යෙදෙන්නෙත් අනිද්දාට (18 වැනිදාට).

අවුරුදු හැත්තෑ තුනක් වන මිනිහෙක්,  //මේ ගෙවෙන්නේ මගේ හොඳම කාලේ// කියන එක මටත් ඇති කෙරුවේ පුදුමාකාර සතුටක්.  මොකද කියා මා කලින් සටහන් වල කියා ඇති. ජිවිතයේ අප සොයා යන් ඕනේ මොනවාද කියන එක සහමුලින්ම පෞද්ගලික දෙයක්. එහි තියන පොදු බලපෑම වෙනම කරුණක්. මෙහෙම ජිවත් වෙයල්ලා කියා සමාජයේ කුඩා කොටසක් විසින් තීරණය කර, අපට පැටවීම මා කැමති දෙයක් නොවේ.

අද ගීතය මා කැමති වුවත්, එහි සමහර යෙදුම් තේරුම් ගන්න බැරි නිසා මා ඒවා සෙවුවා. කියවපු දේවල් වලින් වැඩිපුරම මසිත් ගත්තේ මෙය.

Advertisements

9 Comments

Filed under Lifestyle, Opinion

9 responses to “කොයි කාලේද හොඳ? We don’t pray for love, we just pray for cars!

  1. Pra Jay

    Lovely post, R.

  2. රොම්ලස් පෙරේරාට අවුරුදු 73ක් වෙලා කියලා මටනම් හිතුනෙවත් නැහැ. මේ සතුට හරිම වැදගත්. මගේ බිරිඳගේ පියා අවුරුදු අසූව විතර වෙනකම් රැකියාවට ගියා. ඒ ඔහු සතුටු වුනු හැටි.

    රොම්ලස් ගුවන් විදුලියේදී ආධුනිකයින් වෙනුවෙන් ගීත වැඩ සටහන් නිශ්පාදනය කරා. අත හිත දුන්නා. මමත් කැමති ගායකයෙක්.

    • //මගේ බිරිඳගේ පියා අවුරුදු අසූව විතර වෙනකම් රැකියාවට ගියා.// මේ යන විදිහට අපටත් ඒ සේතේම තමා මචෝ! 😀

      උඹවත් කල්පනා කර බලපන් මල් පෙති වල මොනවා හරි ලියන්න!

  3. මොනවද අම්මේ අකුරු ජාතියක් මල් පෙත්තක කවුදෝ ලියලා!

    • මේ කරන්න බැරි දේවල් කියන්න එපා රසික. පේරාදෙණි ගුරු කුලය වලියක් දමන්න වලෙන් නැගිටලා එන්න පුළුවන්!

  4. ජිවත් වෙන කොයි කාලෙත් හොඳම කාලය කරගන්න පුළුවන් නම් වැඩේ හරි.

    • මෙහෙමනේ මනෝ, වර්තමානය හොඳයි කියන්නේ අතීතය නරකයි කියන එක නොවේනේ. මොකද අතීතය මත තමා වර්තමානය රඳා පවතින්නේ. ඒ වගේම වර්තමනාය් හොඳයි කියන්නේ අනාගතය නරක වෙන්නට වඩා හොඳ වන්නට තියන ඉඩ කඩ වැඩිය කියන එක නේ. 🙂

      • ///// වර්තමානය හොඳයි කියන්නේ අතීතය නරකයි කියන එක නොවේනේ. මොකද අතීතය මත තමා වර්තමානය රඳා පවතින්නේ. ඒ වගේම වර්තමනාය් හොඳයි කියන්නේ අනාගතය නරක වෙන්නට වඩා හොඳ වන්නට තියන ඉඩ කඩ වැඩිය කියන එක නේ////////////////

        ++++++++++++++++++++

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s