හවානා නුවර නිවාස දෙදාහකට අන්තර්ජාල පහසුකම්!


ඇමෙරිකාවේ “රෙජීම් චේන්ජ්” එකට රුසියාව මැදිහත් වෙලා ඇති වග පවසන්නේ අන් කවුරුවත් නොවේ, ලෝකයේ මෙහෙම රෙජීම් චේන්ජ් වලට දායක වුණා  යයි පැවසෙන ඇමෙරිකාවේ  රහස් ඔත්තු සේවයයි.  විවිධ බලවත් රටවල්, අනෙක් රටවල් වල රෙජීම් චේන්ජ් වලට මැදිහත් වීම නව්‍ය ක්‍රියාවලියක් නම් නොවේ.  මෙතන තියන අන්ප්‍රසිඩන්ටඩ් දෙය නම්, අන්තර්ජාල හැක්  කිරීමෙන් ලබා ගත්ත තොරතුරු තෝරා මුදා හරිම මගින්, මෙහෙම බලපෑමක් කෙරුවා යයි පැවසීම.

ඒ වගේම සීඅයිඒ වාර්තාව ගැන අදහස් දක්වපු ජනාධිපති ඔබාමා, එහි ප්‍රතිඵල රුසියාවට අත්විඳින්න වනු ඇති ද කියුව (හැබැයි අලුතින් පත්වුන ජනාධිපති කියන්නේ, ඔය සීඅයිඒ වාර්තා එයට පිළිගන්න බැරිය කියා).  අර ඇමෙරිකානු රෙජීම් චේන්ජ් එකට රුසියාවේ මැදිහත් වීම ගැන අදහස් පළ  කර තිබුන ඇමෙරිකානු දේශපාලන විශ්ලේෂකයෙක් කියල තිබුනේ, ඔබාමා කියන විපාක ලෝකයාටම පේන්න  එළිපිට කලොත් තමා සැබෑ “ප්‍රතිඵල” ලබා ගන්න හැකි වන්නේ කියා.

මා ඉහතින් කියුව කරුණු පොදු ජනතාව වන අපට කියවන්නට (ලබා ගන්නට හැකි තොරතුරු) ලැබෙන ඒවා. තිරයෙන් එහා පැත්තේ මේ කරුණු ගැන ඇත්තටම ක්‍රියාත්මක වනු ඇත්තේ කොහොමද කියා, අපට අනුමාන විතරයි කරන්නට හැකි. මේ අනුමාන කියන දෙයත් මා ලියමින් එන දෙයට අදාලයි.

කොහොම වුවත් අන්තර්ජාලය කියන්නේ අද සාමාන්‍ය ජනතාවගේ (අඩුම ගානේ අතින් කටට ජිවත් නොවන පිරිසගේ) තොරතුරු  ලබා ගැනීමේ ප්‍රධාන මාධ්‍යයක් විතරක් නොවේ, රෙජීම් චේන්ජ් වලට පවා උපයෝගී කර ගන්න හැකි මාධ්‍යයක් බවට පත් වෙලා. මෙයට අතපොවන්න බැරි විශාල ජනකායක් ලෝකයේ ඉන්නවා තමා. හැබැයි ඔවුනට පවා ද්විතියිකව, මෙහි තියන බලපෑම නොදැනෙනු ඇතැයි  සිතිය නොහැකියි.

මා කලින් සටහනක ලියුව පරිදි, ඇමෙරිකානු රහස් ඔත්තු කවුන්සිලයේ ගණන් බැලීම් වලට අනුව සයිබර් ආක්‍රමණ තමා අනාගත ලෝකයේ සාමයට වඩාත් තර්ජනයක් වනු ඇත්තේ.

මා නිතර කියන පරිදි වෙනත් සන්නිවේදන මාධ්‍යය වලට වඩා, අන්තර්ජාලය හාන්සිපුටු විශේෂඥයන්ට ද හොඳ වේදිකාවක් හදල දුන්න තමා. හැබැයි එයින් මනුෂ්‍ය සංහතියට අත්කර දීල තියන අනෙක් ධනාත්මක ප්‍රතිපල හා සසඳන විට, එය අමතක කරන්න හැකි කරුණක්.

මටත් තවත් සිංහල බ්ලොග් ලියන අනෙක් අයටත්, සමහර කියවන්නන් විසින්, සමහරවිට කියනවනේ, උඹේ ලියවිලි වැඩක් නැහැ, මේවා කිසිවෙකුට කියවන්නට බැහැ,  උඹට ඔච්චර ඕනේ නම්  නිකම් පොතක ලියා ගනින් කියා. මෙන්න මෙය තමා මනුෂ්‍යයන් විදිහට අපට තියන ප්‍රධාන ප්‍රශ්නය. එනම්, තේරීම් වලට නිදහස තියන විට, අනුන්ගේ ක්‍රියාවන් ගැන වද  වන්නේ නැතිව, තමන්ට අවශ්‍ය දේවල් මොනවාද කියා තෝරා ගන්නට නොහැකි කම. එය එක කරුණක්‌.

ඇමෙරිකාවේ සමහර කොට්ටාශ වල ලක්ෂ ගණන් හොර චන්ද වැටුනා යයි කියන විට, සමාජයේ එය විශ්වාස කරන පිරිසක් ඉන්න වගත් පෙනුනා. මෙවැනි චෝදනා වලට පදනමක් තියනවද? සැබෑ දත්ත මගින් ඒවා ඔප්පු කරන්නට හැකිද? සාමාන්‍ය කරුණු පෙළගැස්විමකින් තොරව ඕනෙම දෙයක් පිළිගන්න (තමන්ට අහන්නට ආස දේවල්) ජනකායක් අප අතර ඉඳීම, මට කියන්නට අවශ්‍ය වුන අනෙක් කරුණයි.

මන් හිතන්නේ අර ඇමෙරිකානු ජනාධිපති වරණයට ඇත්තටම රුසියාවේ මැදිහත් වීමක් තියනවා නම්, එයත් මා ඉහත කියන කරුණු දෙකටම අදාලයි.  කෙනෙකුට ගූට විශ්වාසයන් වලට වඩාත් කැමැත්තක් ඇති නම්, ඒවා තෝරා ගැනීමට බාදා පැමිණවීම වැඩකට තියන දෙයක් ද? මෙය උදා හරණයක් විතරයි.

ආගම් ඇදහීමට බාදා පැමිණවීම මගින් නිරාගමිකයන් බිහි කිරීමේ පර්යේෂණය නතර වුණේ, එක පියවරක් ඉදිරියට, පියවර තුනක්  පස්සට ගිය සමාජවලිනුයි. තනි තනි මිනිසුන් වශයෙනුත්, සමාජයක් විදිහටත්, තමන් ආස කරන දේ කුමක් වුවත්, ලබා ගන්නට* තියන “විශ්වසනීය තොරතුරු” වලට විවුර්ත වෙන්නට හැකි කෙනෙක් අපට බිහි කර ගන්නට හැකි වේද? එහෙම නැත්නම් කෘතීම මනසක් බිහිකරන දිනයක් එනතුරු අපට බලා ඉන්න වේවිද?

*මා මුලින් කියපු අනුමානයන්  ද කෙරෙන්නේ ලබා ගන්නට තියන තොරතුරු ඇසුරින්ම තමා.

http://www.bbc.com/news/world-latin-america-38372814

Advertisements

6 Comments

Filed under Opinion

6 responses to “හවානා නුවර නිවාස දෙදාහකට අන්තර්ජාල පහසුකම්!

  1. //එනම්, තේරීම් වලට නිදහස තියන විට, අනුන්ගේ ක්‍රියාවන් ගැන වද වන්නේ නැතිව, තමන්ට අවශ්‍ය දේවල් මොනවාද කියා තෝරා ගන්නට නොහැකි කම.//
    දැන් ඔය ගොඩක් අය කියන අධි පරිභෝජනවාදය කියන්නෙත් ඔය වගේම දෙයක් නේද?

    • සත්‍ය වශයෙන්ම ඔව් ඉකෝ. මේවා රාජ්‍ය යාන්ත්‍රණය මගින් නතර කරන්න හැකි දේවල් නොවේ (සමහරුන් විශ්වාස කරන හැටියට). අපට වඩාත් හුරු ශ්‍රී ලාංකික උදාහරණ වලින් පෙනෙනවා, සරල ජිවිතයක් යනු, ඉන් එහාට කර ගන්න බැරි නිසා ගෙන යන ජිවිතයක් කියා. එවැනි කට්ටිය, අනුන් හම්බ කරපු මුදල්/මහජන මුදල් වියදම් කිරීමට අවස්ථාව ලැබුන පසු ඔවුනගේ පෞද්ගලික ජීවිතය පවා වෙනස් වී ඇති හැටි අපට නිරීක්ෂණය කරන්නට හැකියි.

      නමුත් අපට බලාපොරොත්තුවක් නැතිද? මා හිතන්නේ තියනවා. ඔබත් දන්නවා මේ බටහිර ලෝකේ සියල්ලන්ම ඔය කියන අධි-පරිභෝජන වාදීන් නොවේ කියා. තමන්ගේ වටා පිටවේ පමණක් නොවේ, ඉන් එහාට යන ගෝලීය (පරිසර, සමාජ හා ආර්ථික) කරුණු ගැන සංවේදී පිරිසක් මෙහි ඉන්නවා. එසේ සිතන්නට, එසේ ජිවත් වන්නට කිසිවෙකු ඔවුන්ට බල කර නැහැ.

      අනික් අතට ලෝකයේ විශාල ජනකායක් ජිවත් වන අතින් කටට දිවියට විසදුම් සොයන්නේ නැතිව, විශේෂයෙන් පාරිසරික ප්‍රශ්නය ට විසඳුම් සෙවීම අමාරු කටයුත්තක්. මොකද ඒ දෙක එකින් බැඳී තියන නිසා.

  2. මේ කාලේ ලෝකයේ ජනප්‍රිය වේගෙන යනවා මානව සම්බන්ධතා දියුනු කරගන්නේ කොහොමද කියන සබ්ජෙක්ට් එක.. මම දකින විදියට නවීන තොරතුරු තාක්ෂණය මානව සම්බන්ධතා වලට දැඩි බලපෑමක් කරනවා.. ඒ කියන්නේ මෙතෙක් කල් මිනිහා වටේ තිබුන සමාජය වෙනස්‍වෙලා.. මිනිහා ස්කීන් එකෙන් සන්නිවේදනය කිරීම ප්‍රකට වේගන යනවා.. මෙය හොදයිද නරකයිද දන්නේ නෑ..ඒත් ඉස්සරහට බොහෝ බොහෝ ක්‍රියාපටිපාටි වල හැඩය සම්පූර්ණයෙන්ම වෙනස් වේවි.

    • අමිල අපේ ශිෂ්ටාචාරය ගොඩ නැගුනේම මානව සම්බන්දතා නිසා නේ. අද අප වෙන් වෙන් පුද්ගලයන් ගැන කියුවත්, අනෙක් මිනිස් විශේෂ වඳ වී ගියෙත් බොහෝ විට එවුනට අපට තරම් හොඳින් සමූහයක් ලෙස වැඩ කරන්නට බැරි වීමෙන් යයි උපකල්පන තියනවා.

      පසුගිය දශක කිහිපය තුල අන්තර්ජාලය නිසා වුණේ, මේ සම්බන්දතා පැවැත්වීම නව මානයක් කරා යාම. දැන් මෙතනම බලන්න ඉකෝ, ඔබ හා මා ඉන්නේ රටවල් තුනක. අප කිසිදා එකිනෙකා දැක නැහැ. මා කියන්නේ ටෙලිෆෝන්, පත්තර, රූපවාහිනී වැනි සන්නවේදන තිබුන හැට හැත්තෑවේ නොවේ, අසූව දශකයේ පවා මෙවැන්නකට අපට ඉඩක් තිබුනද? නැහැනේ.

      //මෙය හොදයිද නරකයිද දන්නේ නෑ..ඒත් ඉස්සරහට බොහෝ බොහෝ ක්‍රියාපටිපාටි වල හැඩය සම්පූර්ණයෙන්ම වෙනස් වේවි.// අපේ ආතලා, තාත්තල පවා ඔවුන්ගේ කාලයේ වුන වෙනස් වීම ගැන අප වගේම සිතන්නට ඇති. අපේ මනුෂ්‍ය ඉතිහාසය දිහා බලන විට වෙනස්වීම් අපට නරකක් කර නැහැ කියා මා නම් විශ්වාස කරනවා අමිල. ඉදිරියත් එසේ වනු ඇතිය කියා සිතනවා.

  3. Pra Jay

    Internet and photoshopping created a paradise for conspiracy theorists too ! 😀