වීණාවේ සත්සර රාවේ, ආවේ කොහොමද?


මගේ නිවාඩුව වකුර් වෙලා ගිය එක කණගාටුවට කරුණක් නම් තමා. හැබැයි කොහේ සිටියත් නෙස්ටොමෝල්ට් නොමැති නිවාඩුවක් බොහෝ කාලයකට පසු ගෙවන අවස්ථාවක් විතරක් නොවේ, එය කොතරම් “බෝරින්”  ද කියලත් අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. මේවා කුඩා දරුවන්ට කියවීම පිණිස නොවේ.

කලින් සටහනේ මා හරුන්  ලන්ත්‍රා ගැන පොඩ්ඩක් ලියුවනේ. මා බලපු රූපවාහිණී  වැඩසටහන් දෙකකට අදාළ වුණේ ඔහුගේ ජීවිතය. මේවා නිෂ්පාදනය කරනට ඇත්තේ මෙයට කිහිපයකට පමණ  පෙර යයි මා  අනුමාන කරනවා.  කුමක් හෝ රෝගී තත්ත්වයක් නිසා, ඔහුට ඒ වනවිට මිනිසුන් මෝහනයට පත් කරපු කට හඬ හෝ තිබුණේ නැහැ.

ඒ වැඩ සටහන් දෙකම ඔහුගේ අතීත ශ්‍රී විභූතිය වර්ණනා කරන ගමන්ම, ඔහු ගේ අද “අසරණ” කමත් උලුප්පලා දැක්වුවා. මේ මිනිසුන්  සාර්ථක වෘත්තීය දිවියකින් පසුව මෙතරම් අසරණ වුනේ කෙසේද යන්න ගැන යමක් මා ලියන්න කැමතියි. එය ප්‍රසිද්ධ කළා කරුවනට පමණක් නොවේ, සාමාන්‍ය අපට පවා යමක් කියා දෙන දෙයක්.

ඔබ අද යූ ටියුබයේ හරුන් ව සෙවුවොත් බලා ගන්න හැකි වේවි ඔහුගේ ගීත කොතරම් ප්‍රමාණයක් විවිධ අයුරින් මෙහි අප් ලෝඩ් කර තියනවද කියා. සමහර ඒවායේ බැලුම් ලක්ෂය ඉක්මවනවා. ලෝක තත්වය අනුව, එතරම් විශාල නොවුවත් සිංහල රසික පිරිස (අන්තර්ජාලය භාවිතා කරන) අනුව එය සැලකිය යුතු ගණනක්. අනික ඔහුගේ ගීත (ගීතයන්හි නියම අයිති කරුවන් කවුරුද යන්න ගැන මා නීති නිර්වචනයට යන්නේ නැහැ) ගයන ද්විතියික පිරිසටද තියන ආකර්ශනය අපට පෙනෙනවා.

චිත්‍රපට වලට, ගුවන් විදුලියට හා වේදිකා වල ගායනයට අමතරව, වෘත්තීය ජීවිත  කාලය තුලදී හරුන් කැසට් පට ගණනාවටත්, එයිට පසුව සීඩී තැටි ගණනාවකටත් ගී ගයා තියනවා. මා ලංකාවට ගිය වතාවක බම්බල පිටියේ මැජෙස්ටික් එකේ ටොරාන එක පීරී  ගාල සොයා ගන්න හැකි වුනේ නම්, “බෙලෙක්ක සංගීතයට” ගී ගයා තියන “වීණාවේ සත්සර රාවේ”පමණයි. හොරට බා ගන්නේ නැතිව, මෙවැනි මිලදී ගැනිමකින්, නියම නිර්මාණ කරුවන්ට කීයක්  හෝ යාවි යයි මා බලාපොරොත්තු වනවා.

හැබැයි ඇත්තට ම එය එහෙම වනවා ද? හරුන් ගේ නියම වාණිජ වටිනාකම (අදත් තියන) ඔහු උපයා ගත්තා නම්, එදා ඔහු ඉන්නවා කියුව අසරණ තත්වයට ඔහු වැටෙන්නට තිබුන ඉඩ අඩු වෙන්නට තිබුණා. මාගේ සරල උපකල්පනය නම්, හරුන්  නියම වාණිජ වටිනාකම ඔහුට ලැබී ගොස් නැති වගයි. එය ඔහුට නොලැබුණත්, එයින් කියවෙන්නේ නැහැ එම වටිනාකම නිකම් කළු කුහරයක සැඟවී ගොස් ඇතිය කියා. එය විවිධ මිනිසුන් විසින් උපයා තියනවා විතරක් නොවේ, මේ කියන මොහොතේත් උපයනවා.

ඔබ කියාවි, ඔහුට තියන ඉල්ලුම අනුව ලැබෙන ගාණ  තමා, ඔහු උපයාගෙන තියෙන්නේ කියා.  මා බලපු අර වැඩසටහන් දෙකේ පවා නියම වාණිජ වටිනාකමෙන් කී  කොටසක් ඔහුට ඇත්තටම ලැබුනද කියා මා දන්නේ නැහැ. සභභාගි නොවී සිටියා නම් කීයක්වත්  නැහැනේ. ඔව් ඇත්ත. හැබැයි, ඒ ඇත්තෙන් භාගයක් විතරයි.

මට මතකයි ජීබී  සේනානායක මහළුව  අන්ධ වී ඉන්න විට, ඔහුගෙන් සම්මුඛ සාකච්ඡාවක් ගන්න ගිය, කල්පනා සඟරාවේ ගුණදාස ලියනගේ (හෝ වෙන කෙනෙකුට) ඔහු දුන්න උත්තරේ. මේකට මට කීයක් ගෙවනවද කියලයි ජීබී  අහල තිබුණේ. නිකම් කතා කර සඟරාව පුරවා විකුණා ගන්න ගිය එයාලාට මේ ප්‍රශ්නය අඥ්යකොරොස් එකක් වූවා  කියා, ඉන්පසු මුදල් ගෙවා සාකච්ඡාවක් කර, එය මුල් පිටුවේ කතාන්දරය ලෙස ලියූ ගුණදාස ම කියා තිබුණා.

 

පසු වදන

ප්‍රා කියුව වගේ අන්තර්ජාලය, කන්ස්පිරසි  තියරිකාරයන්ට තෝතැන්නක් කියා. එයටම තව දෙයක් එකතු කරන්නට පුළුවන්. අන්තර්ජාලයත් මිනිසුන්ගේ ශ්‍රමය සොරා ගැනීමේ මාධ්‍යයකුත් වෙලා.

ගීත වැනි දේවල් නිර්මාණකරුවන්ට ගාණක් නොලැබී කොතරම් පිරිසක් බා ගන්නවද? ගිත පමණක් නොවේ පොත් හා  අනෙක් නිර්මාණ ද කතෘ අයිතිය නිම නොවී තියන විට මෙහි “නිකම්ම” ගන්නට තියන අවස්ථා තියනවනේ. තොරතුරු ප්‍රවර්ධනය හොඳ දෙයක්. හැබැයි නිර්මාපකයන් ද අහසින් පහල වන පිරිසක් නොවේ.

අද කොහොමද ජිවත් වන්නේ කියා අරුන්ගේ  බිරිඳගෙන් අහන ප්‍රශ්නයට, ඇය  කියන්නේ, රසික රසිකාවියන් ඔවුන්ව අමතක කර නැහැ. අදත් ගෙදර එන කෙනෙක් නිකම් යන්නේ නැහැ කියා. එවැනි මිනිසුන් සිටීමත් හොඳ දෙයක්. හැබැයි ඔවුනට ඇත්තටම එහෙම තැනකට පත් වන්න ඕනෙද කියන එක, ඔවුන් ගැන විතරක් නොවේ, එවැනි කතා අහන පාරක් ගානේ මට සිතට නැගෙන දෙයක්.

යූ ටියුබ් වැනි මාධ්‍ය වලින් අයත් කර ගන්න කිර්තිය, මූල්‍යමය වටිනාකමක් බවට පරිවර්තනය කර ගන්න හැකි නම් එය ඉතා හොඳ දෙයක් (මගේ මතකයට එන්නේ කුඩා දරුවෙක් ලෙස ගයපු ගී, තමන්ගේ අම්ම විසින් යූ  ටියුබයට එකතු කළා යයි පැවසෙන ජස්ටින් බිබර්, නිර්මාණ කරුවෙකු ලෙස අද ඇවිත් තියන තැන). මෙතැනදී සාමාන්‍ය මිනිසුන්/රසිකයන් වන අපගේ චර්යාවද වැදගත්. ඒ වගේම බටහිර තියනවා වගේ, හෙමින් කාලාන්තරයක් තිස්සේ විකිණෙන  සිංදු  වැනි දේ වලින්, ඒවායේ සැබෑ අයිතිය හිමි නිර්මාණ කරුවනට අඛණ්ඩව මුදල් ගලා යාමක් ඇත්නම් හොඳයි.

කොහොම වුවත් මෙය දින කිහිපයකට කලින් සහෝදරයෙකු මට මතක් කරපු බර්ටෝල් බ්‍රෙෂ්ට් ගේ මේ කියමනේ තියන අදහස වසරවසාන සටහනට (ඊළඟ) යන්තමින් ගාව ගන්න මා අදහස් කරනවා.  එය නම්; would it not be simpler if the government dissolved the people and elected another?

 

 

 

 

Advertisements

10 Comments

Filed under Opinion, Social

10 responses to “වීණාවේ සත්සර රාවේ, ආවේ කොහොමද?

  1. මගේ අදහස නම් හොඳ මැනේජර් කෙනෙකු සොයා ගත යුතු බවයි.

    • අද කට්ටියට නම් ඇති මචං. ඒ කාලේ එහෙම සිරිතක් ලොකුවට පැතිරිලා තිබුනේ නැහැනේ. ඔබතුමා කියල මුහුණට ඇමතුවත්, කතා කර ගන්න ඉන්න බැරුව ඉන්න මනුස්සයෙකුගෙන්, සින්දුවක් කියන්න කියල අහන එකම ටිකක් අංජබජල් වැඩක් නේද?

  2. Anonymous

    Harun Lanthra passed away few months ago

    • So sorry ano for not knowing that. May his soul rest in peace!
      He was so fragile at the time of filming those programmes as we could see. I somehow missed the sad news of his passing. He passed away on 21 of April 2015.

  3. මමත් හරුන්ගේ ගොඩක් සින්දු යු ටියුබ් එක හරහා තමයි රසවිඳලා තියෙන්නේ.”මගේ නාමලී” ගීතය වෙනත් ගායකයකු විසින් ගායනා කරනවා පවා මම යු ටියුබය හරහා රසවිඳ තිබෙනවා.මම නම් හිතන්නේ මේ විදියට අසරණ වෙන්නේ කලාකාරයෝ විතරක් නෙමේ.පුළුවන් කාලේ හම්බකර ගත්තු දෙයක් හරියට ඉතුරුකර නොගත්,ආයෝජනය කර නොගත්තම මේ විදියේ දොම්නස් වලට මුහුණ දෙන්න වෙනවා.
    හරුන් ලන්ත්‍රා හොඳ මිලක් තිබ්බ ගායකයෙක් වෙන්න තිබ්බා හරි කළමනාකරණයක් තිබ්බා නම්.

    • මා හිතන්නේ ඒ කාලේ හිටපු ගොඩක් ගායකයන්ට නියම මිලක් ආවේ තාක්ෂනය පැතිරීමත් එක්ක. ඒවා කපා ගත්තේ අහක හිටිය පිරිස් නේ. ක්ලැරන්ස්ට පවා මෙය වුනානේ.

      සමහර සිංහල සිංදු සොයන්න කඩ වල, මා ලංකාවට ආපු වෙලාවේ කරක් ගහල තියනවා. හරි අමාරු වැඩක්. මේවා නිත්‍යානුකුලව බා ගන්න තැන් ගැන මුදල් ගෙවීමේ ප්‍රශ්න (විශ්වාසයක් නැති කම) නිසා මා සෙවුවෙත් නැහැ.

      හරුන්ලා මන් හිතන්නේ ජීවිතය ගැන සරලව සිතපු අය. ඒ කියන්නේ ඒ මොහොත විතරයි විඳින්නේ. එයින් එහාට වෙන දේ එතකොට බලනවා. එයාගේ නෝනාම කියනවා, මෙයාට කිසි දෙයක් ගානක් නැහැ කියා. එයත් ජීවන විලාසිතාවක් තමා.

      මා කියන්න හැදුවේ මනෝ, ඒ මොහොත විඳින එක අවශ්‍යම දෙයක්. එයිට අමතරව, ඉතිං එයිට පස්සේ මොකද වෙන්නේ කියලත් හිතන්න ඕනේ. මෙය පෞද්ගලික ජිවිතයට පමණක් අදාළ දෙයක් නොවේ.

      • රිං ටෝන් බිස්නස් එක ලංකාවේ අතරමැදියන්ට සල්ලි උල්පතක් ලු.

        • මේවයින් ගාණක් ඇත්ත හිමිකරුවන්ට යන්න නීති නැතුව ඇති මන් හිතන්නේ රසික. මුදල් උපයන ඕනෙම කටයුත්තකට සිංදුවක් උපයෝගී කර ගන්න විට, එහි ඇත්ත හිමිකරුවන්ගෙන් අවසරය ගන්න ඕනේ නේද?

  4. වෙනත් අය ගේ වචන, තනුව සහ සංගීතයට අනුව සින්දුවක් ගැයීමේ දී කෙරෙන නිර්මාණයක් නෑ නේද?

    • මෙය නම් විවාදයට කාරණයක් රසික. ගීතයක “අයිතිකරුවා” කවුද යන්න ගැන ලංකාවේ නම් වාදයක් තිබුණ. මෙහෙ නම් ගීතයක් එලියට දැමීමේදී එහි අයිති කරුවෙක් ඉන්නවා නේ. කාලය සමග ගීතයේ අයිතිය වෙනත් අයට යාමත් දකින්න පුළුවන්.

      වෙනත් අයගේ //වචන, තනුව සහ සංගීතයට අනුව සින්දුවක් ගැයී//ම යනුවෙන් රසික අදහස් කරන්නේ, ගයන ගායකයා කරන නිර්මාණයක් නැතිය කියන එකනේ. මා නම් හිතන්නේ ගීයක ගායකයාගේ කාර්යය 50% ක් විතර වගේ කියල (නිත්‍යානුකුල අයිතිය ගැන නොවේ මේ). එකම ගීයක්‌ ගායකයින් හෝ ගායිකාවන් දෙදෙනෙකුට එකවර ගයන්න දුන්නොත්, එයට ලැබෙන රසික ප්‍රතිචාරය එකම වෙන එකක් නැහැ.

      රසිකගේ ප්‍රශ්නය තව දුරටත් හිතුවොත් ඉහතින් තියන නෙලූ අධිකාරී ගයන, කලක් තිස්සේ නියම නිර්මාණ කරු (අයිතිකරු නොවේ) කවුද? මුල් හින්දි සින්දුවට තනුව දැමුව, ලියුව, සංගීතය සපයපු කට්ටියද?

      සින්දුවක් කිසිම අයුරකින් සොරා ගන්න බැරි වගට මෑත කාලීන ප්‍රසිද්ධ උදාහරණය Robin Thicke හා (Pharrell Williams) ගේ Blurred Lines ගීතය. මේ ගීතය සුපිරි හිට් එකක් වුනානේ. අන්තිමට එය පරණ ගීතයකින් “ආභාෂය” ලබපු එකක් කියා තීන්දු කරපු උසාවිය ගෙවන්න කියුව වන්දිය ගැන කියවන්න මේකෙන්.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s