උදේම ආ අපේ හොඳම මිතුරා! A pleasant intruder!


අද හැර, තව දිනයක් විතරයි තියෙන්නේ මේ වසර අවසන් වීමට. මිනිසුන් විසින් කාලය, තත්පර, විනාඩි, පැය, දින සහ අවුරුදු යනුවෙන් වෙන් කර තිබුණත්, එහි ගලා යාම අඛණ්ඩයි. මේ නිසා අවුරුද්දක් අවසන් වීම හා යලි තවෙකක් පටන් ගන්නේ අපට මිසක්, කාලයට නම් නොවේ.

මෙවැනි බ්ලොග් ලිවීමක් පවා දීර්ඝ කාලයක් තිස්සේ අඛණ්ඩව පවත්වාගෙන යාම පහසු කටයුත්තක් නොවන වග, ඉතා උද්වේගයකින් පටන් ගෙන, ඉබේම නතර වන බ්ලොග් ද පෙන්වනවා. සමාජයෙන් ගොඩ දේ බලාපොරොත්තු වන අප, අපට ලාභයක් (මෙතැනදී අදහස් කරන්නේ මූල්‍යමය දෙයක් විතරක් නොවේ) නොමැති නම්, දෙයක නියැලෙන්නට සිතන්නේ නැහැ. ඒ කියන්නේ අපේ ජිවිතයේ ප්‍රමුඛතා නිර්ණය වන්නේ, ඒවයින් අපට තියන ප්‍රයෝජනය අනුවයි.

මේ බ්ලොග් එක ලියන්න පටන් ගත්තු මෙයිට වසර පහ මාරකට කලින් හිටියාට වඩා, මා අද වෙනස් කෙනෙක්. මා විතරක් නොවේ, මා අවට ඉන්න සමීපතම අයත් වෙනස් වෙලා. වෙනස් වීම කියන්නේ (මා නිතරම කියන පරිදි) හැමවිටම හොඳ දේවල් හෝ නරක දේවල් හෝ නොවේ. වෙනස් වීම් කියන්නේ වෙනස්වීම්. ඒවා හොඳ හෝ නරක යනුවෙන් නිර්වචනය කිරීම, අපගේ අත්පත්කර ගත්  දැනුම අනුව රඳා පවතිනවා.

මේ වසරත්, අනෙක් හැම වසරකම වාගේ අපුර්ව සිදුවීම්, ආශ්වාද ජනක සිදුවීම්, මනුෂ්‍යත්වයට නොතරම් සිදුවීම් හා අනාගතය ගැන ධනාත්මකව සිතන්නට තුඩු දෙන සිදුවීම් වලින් ගහණයි. එයිම් සමහරක් ඔබට හා මට පමණක් අදාල පෞද්ගලික දිවියේ ඒවා. අනෙක්වා මහා සමාජයේ කෙරුණු වෙනස්කම්.

මිනිසා විසින්, තමන්ව පරිසරය විසින් පාලනය කරන එකට එරෙහිව යමින්, පරිසරය තමන්ට අවශ්‍ය පරිදි වෙනස් කර ගන්නට (තීරණාත්මක ලෙස සිතීමෙන්) පටන් ගත්තු දා සිට අප මේ කරන්නේ පර්යේෂණයක් කියා මා සිතනවා. තීරණාත්මක ලෙස ලියා මා යෙදුවේ, ගහකොළ හා සතුන් (මිනිසා වගේම ඔවුනුත් පරිසරයේ කොටසක්) පවා ඔවුනුත් වෙනස් වෙන ගමන් නිරන්තරයෙන්ම පරිසරයත් වෙනස් කරන්න දායක වෙනවා. එතන වෙනස, ගහකොළ  හා සතුන් කරන දේවල් සිතා-මතා කරන දේවල් නොවේ.

මේ වසරේ සිදුවීම් වලින් කවුරුත් පාහේ (මේ කියන්නේ වැඩියක්ම අමෙරිකාවෙන් පිට ජනයා ගැන) බලාපොරොත්තු නොවූ, එහෙත් වුන දෙයක් තමා ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ලෙස පත්වීම. ඇමෙරිකාවට කෙල වන තෙක් පිරිසක් බලා ඉන්නවනේ. අපේ සංක්‍රමණිකයන් අතරත් ඉන්නවා එහෙම අය. ඇත්තටම ඇමෙරිකාවට කෙල වීම, මුළුමහත් මනුෂ්‍ය සංහතියට යහපතක් කරාවිද? මා නම් සිතන්නේ නැහැ.

ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙත් අනෙක් පාලන ක්‍රම වගේම, වැරදි වලින් ඉගෙන ගනිමින් හා කරපු වැරදි යලි යලිත් කරමින් පවතින එක්තරා පර්යේෂණයක්. තමන්ගේ සමාජයේ අවශ්‍යතාවයක් නිසා නොව, අනුන් විසින් හඳුන්වාදුන් ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රම තියන රටවල් දීර්ග කාලයක් තිස්සේ ආපු ගමන දිහා බලන අප, සමහර විට සිතනවනේ, මේ සමාජ වලට ඒ පර්යේෂණය අසාර්ථකයි කියා. ඒ ගැන එලෙස  අපට සිතන්නට හැකි ඒ රටවල් දිහා බැලීමෙන් පමණක් ද? නැහැ, අප ශිෂ්ටාචාරයේ මෙතෙක් ආව ගමන හා අද  ඇවිත් තැන අප විශ්වාස කරපු තරම් සොලිඩ් නැතිය කියා,  ඇමෙරිකානු ජනාධිපතිවරණ ප්‍රචාරක කාලය තුල සිදුවීම් හා එහි අවසන් ප්‍රතිපලය අපට පෙන්වා දුන්න.

ප්‍රජාතන්ත්‍රවාදයට වඩා අනෙක් ක්‍රම මා අසාර්ථක යයි සිතන්නේ, අනෙක් සියලු ක්‍රම පැවතුනෙත්, අදත් පවතින්නේත්, සංස්ථා මත නොවේ, එක මිනිහෙක් හෝ සුළු පිරිසක් නිසා. එම පිරිස සමාජයෙන් ඉවත් වීමත් සමගම “ක්‍රමයත්” නැතුව යාම අප දැකපු දෙයක්. ප්‍රජාතන්ත්‍රවාදයේ තියන ලක්ෂණයක් තමා, මොනවා කියුවත්, මෙය පවතින්නේ බහුතර කැමැත්තෙන් කියන එක. මේ බහුතර කැමැත්තට චන්දය නොදෙන පිරිසත් අයිතියි. ඒ කියන්නේ ඔවුන්, අනුන් විසින් ගන්න තීන්දුවට විරුද්ධත්වයක් නැහැ.

ප්‍රජාතන්ත්‍රවාදය පවා සංස්ථා මත රඳා පවතිනවා කියුවට, එයත් නිරපේක්ෂ නැහැ. මොකද යලිත් මිනිසුන්ගේ බලපෑමෙන් මේවා මිදෙන්න නම්, රජය කියන දේ අපට රොබෝලට බාර දෙන්න වෙනවා. ඇමෙරිකාවේ නොර්ත් කැරෝලයිනාවේ, අලුතින් පත්වූ ඩිමොක්රට් ආණ්ඩුකාරයාගේ තටු, පවතින රිපබ්ලිකන් පළාත් කොංග්‍රසය  විසින් කපා දැමීම වාගේ දේවල් වල ඉඳන්, ඇත්තටම එකක් කියා බලයට පත්වී තවෙකක් කිරීම ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයන්ට අලුත් දේවල් නොවේ. මේවා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියා නොවේනේ.

මා නම් කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ බහුතර මතය (මේ ගැන නිර්වචනය කරන්න මේ දිග සටහනේ මා වෙහෙසෙන්නේ නැහැ) හැමවිටම සමාජ සුබසිද්ධියට හේතුවන දෙයක් නම් නොවේ. ඒ වගේම නොර්ත් කැරෝලයිනාවේ වගේ ඩර්ටි ට්‍රික්ස්, ඩොනල්ඩ් විසින්ද උපයෝගී කර ගත්තොත්, ශත වර්ෂ දෙකකට වැඩි  ඇමෙරිකානු ප්‍රජාතන්ත්‍රවාදී පර්යේෂණය, එයින් නිම වනු ඇතැයි, මේ ඔපිනියන් කොලම ලියන කෙනා කියනවා.

ඇමෙරිකාවේ මෙතෙක් ආපු ස්ටේටස් කුවෝ එකේ යම් වෙනසක් (චන්දය දුන්නු ජනතාව බලාපොරොත්තු වුන දෙය* නම් නොවේ) වේවි යයි මා සිතුවත්, එය ශත වර්ෂ දෙකක් පරණ ඇමෙරිකානු පර්යේෂණය නිම කරන්නට එය හේතු වනු ඇතැයි  මා සිතන්නේ නැහැ.

හැබැයි ඉතිං  මා ඊයේ බලපු ඇන්තනි බෝඩෙයීන්ගේ කුකින් වැඩසටහනේ, ඔහුගේ ජීවිතය ගැන කියන කොට, කියුව, එනිතින් ඉස් පොසිබල් ඉන් ඇමෙරිකා කියන එක ගැන සිතුවොත්, විවුර්ත මනසක් තබා ගැනීම තමා වඩාත් හොඳ (ඔබාමා වැනි කෙනෙක් ජනාධිපති ලෙස බහුතර චන්දයෙන් පත්වීමත් කියන්නේ ඇමෙරිකානු සමාජයේ තියන ඉදිරිගාමිත්වයයි. රෙජීම් චේන්ජ් වලට මැදිහත්වීම් වලින් ලෝකයට කර ඇති විනාශය, සමාජයේ පවතින ජාතිවාදය හා තවත් පසුගාමී දේවල් අතර, මනුෂ්‍ය සංහතියට ඇමෙරිකානු දායකත්වය (කලාව, විද්‍යාව, ප්‍රජාතන්ත්‍රවාදය  හා තවත් දේවල් වලින්) කිසිසේත් පහල දමන්න බැහැ. මෙතනින් මා කියන්න අදහස් කරන්නේ නැහැ  අනෙක් රටවල් (සමාජ) වලින් එහෙම දායකත්වයක් නැහැයි කියා).

රෙජීම් චේන්ජ්/ප්‍රජාතන්ත්‍රවාදය/සමාජවාදය/අනෙක් වාද අපනයනය (බලෙන්) කිරීම කොතරම් විනාශකාරී වන්න හැකිද?

 

පසු වදන

මේ සටහනේ මාතෘකාවට අදාළ සරල සටහනින් (හෙට) මේ වසරේ මගේ අවසන් බ්ලොග් ලිපිය සනිටුහන් කරන්නට සිතන් ඉන්නවා. මෙය දිග වැඩි නිසා මට කියන්න අවශ්‍ය සමහර දේවල් ලින්කු මගින් එකතු කෙරුවා. ජීවිතය කියන්නේ සරල, එහෙත් සුන්දර සිද්දි වලින් ගහන දෙයක්. සමාජයෙන් සංකීර්ණ දේවල් බලාපොරොත්තු වන අප බොහෝ දෙනාට, ඒවාට දායකත්වය දෙන්න පවා බැහැ. එතකොට ඒ සංකීර්ණ දේවල් කරන්නේ කවුරුන් ද?

*එකක් යයි අනුමාන කරන්නට හැකි, චීනයට හා වෙනත් රටවලට ගෙනගිය කම්කරු ශ්‍රමය බහුලව අවශ්‍ය කර්මාන්ත යලි, බටහිරට එනවා නම් එනු ඇත්තේ, ඒවායේ කටයුතු සම්පුර්ණයෙන්ම පාහේ  යාන්ත්‍රිකරණය වෙලා. එවැනි කම්හල් වල වැඩ කරන්නට මහා සෙනගක් අවශ්‍ය නොවනු ඇති. බටහිරට අවශ්‍ය අනාගත ශ්‍රමය එය නොවේ.

ඒවගේම මේ කම්හල් චීනයට හා තවත් රටවලට යාම නිසා මනුෂ්‍ය සංහතියේ විශාල පිරිසකට දරිද්‍රතාවයෙන් මිදෙන්නට මං  සැලසුණා. ඒ කියන්නේ සමුර්ධිය පහලට ගලා යමක් සිදුවුනා. එය ගොඩක් වෙලාවට අප අමතක කරන දෙයක්. මෙතැනදී වෙනස් වන්න ගොඩක් දේවල් තියනවා තමා. ඉන් ප්‍රධාන වන්නේ, බටහිර ශ්‍රමිකයාගේ  ජිවිතයට ලැබෙන වටිනාකම, තවමත් ඒ රටවල් වල ශ්‍රමිකයන්ට නැතිකම. මා මේ කියන්නේ වේතනය ගැන නොවේ.

මා මතක් කරන්න කැමතියි බංග්ලාදේශයේ ඇඟලුම් කම්හලක් කඩා වැටීමෙන් සිදුවුණ මනුෂ්‍ය විනාශය. මෙය මේ කම්හල් වල ආයෝජකයන්ටම පවරා නිකම් ඉන්න බැරි දෙයක් නේද? ඒ ඇදුම් මිලදී ගන්න බටහිර සාමාන්‍ය ජනතාව, මේ ඇඳුම් නිපදවන රටවල සාමාන්‍ය ජනතාවත් මේ කරුණු වලට සංවේදී නොවනතාක් කල් වෙනසක් සිදු නොවනු ඇති. මා කියන රජයන් නොවේ වෙනස් වෙන්න ඕනේ, මිනිසුන් ම තමා කියන කාරණයට මෙය බොහොමත්ම අදාලයි.

 

 

 

Advertisements

14 Comments

Filed under Opinion

14 responses to “උදේම ආ අපේ හොඳම මිතුරා! A pleasant intruder!

  1. මිනිස්සු ස්ව කැමත්තෙන් වෙනස් වෙන්න උත්සාහකරනවාට වඩා කැමති රජය හෝ වෙනත් අයගේ මැදිහත්වීම් මත වෙනස් වෙන්නයි.එහෙම වෙන්න එක හේතුවක් වෙන්න ඇති අපිට හැමතිස්සෙම මොකක් හරි පාලනතන්ත්‍රයකට යටත් වෙලා ඉන්න සිද්ධ වෙලා තිබීම.

    ප්‍රජාතන්ත්‍රවාදය එහෙමත් නැතිනම් බහුතර කැමත්ත කියන එක හැමතිස්සෙම හරි එක නොවෙන්නත් ඉඩ තියෙනවා.ඒකනේ මිනිස්සු බර්ණබස් කියන අපරාධකාරයා වෙනුවට යේසුස්වහන්සේව මරන්න ඉල්ලන්නේ. හැබැයි ඉතින් ප්‍රජාතන්ත්‍රවාදය එහෙමත් නැතිනම් ඔය කියන බහුතර කැමත්තට ඉඩ දුන්නාම ඒ තීරණය වැරදි වුනත් එකෙන් නිදහස් වෙන්න අවස්ථාවක් හදා ගන්න පුළුවන් පිලාත් ආණ්ඩුකාරයා වගේ.මේක මම නෙමේ උඹලා ගත්තු තීරණයක් කියලා.

  2. //ප්‍රජාතන්ත්‍රවාදය එහෙමත් නැතිනම් බහුතර කැමත්ත කියන එක හැමතිස්සෙම හරි එක නොවෙන්නත් ඉඩ තියෙනවා.// මේ හරි දේ මොකක්ද? ඕකනේ මනෝ අප හැමෝම විසඳන්නට දඟලන්නේ. හරි හෝ වැරදි හෝ, ප්‍රජාතන්ත්‍රවාදයේදී මේ බහුතර මිනිසුන්ගේ කැමැත්ත ක්‍රියාත්මක වනවා යයි මා කියන්නෙත් නැහැ. හැබැයි එවැනි තැනක බහුතරය අකමැති දේ ක්‍රියාත්මක වෙනවා අඩුයි. මා කියන්නේ අනෙක් ක්‍රමයන්ට සාපේක්ෂව. එවැනි අවස්ථාවක වුවත්, ඒ ගැන තීන්දුවක් දෙන්න (එනම් තම අකමැති දේ කිරීම ගැන) ඒ බහුතරයට අවස්ථාවක් ලැබෙනවා.

    යේසුස් ගැන කියන කොට කියවෙන දෙයක් තමා අන්කන්ඩිෂනල් ලව් එක. මා හිතන්නේ ගෞතම බුද්ධ ගේත් ප්‍රමුඛ ලක්ෂණයක් තමා කොන්දේසි විරහිත දයාව, කරුණාව.හා ආදරය. තමන්ගේ පුතාටම වගේ සෝපාක ටත් සැලකීම. එහෙම මිනිසුන් මනුෂ්‍යත්වයෙන් එහාට ගිය අය ලෙස, මිනිසුන් විසින් වන්දනා කිරීම අපට පෙන්වා දෙන්නේ කුමක්ද? ඇත්තටම අපට ඒ ලක්ෂණ ලඟා කර ගන්න කොතරම් දුෂ්කරද කියන එකම තමා මනෝ.

    //මේක මම නෙමේ උඹලා ගත්තු තීරණයක් කියලා.// මේක නම් හරිම සත්‍යයක්. මා පවා හිතා මතා අඩු කරගන්න හිතන අපටම උරුම ලක්ෂණයක්.

  3. බලෙන් වෙනස් කරන්න ගිහිල්ල ඇන ගන්න එක තමා ප්‍රශ්නේ. උඹේ ලිපිය හොඳයි. ලියනවා නම් තව දිගට ලියන් පුළුවන් නේද?

  4. /* උදේම ආ අපේ හොඳම මිතුරා! */

    මාතෘකාව දකින කොට මට සිහිවුනේ පාන්දරින් පාන් ගෙනා පාන් මාමා ය!

  5. ඇන ගැනීමටත් වඩා බලපන් කරන මිනිස් ජිවිත විනාශය. ඉහත CIA කාරයාගේ කතාවෙන් පෙනෙන දෙයක් තමා, තමන්ට ද දරුවන් ඉන්න, ප්‍රචාරක රැලි වලදී දරුවන් වඩාගෙන මිරිකන, ජෝජ් බුෂ්, ජෝන් හාවර්ඩ් වගේ අය මිනිස් ජිවිත නැතිවීම (තමන්ගේ රටින් පිටත විශේෂයෙන්) කෙරෙහි දක්වපු කැෂුවල් උදාසීන ආකල්පය.

    ඔව් ලියන්න හැකියි දිගට. ඒත් ලියුවේ මචෝ, සිතීමක් පටන් ගන්න අවශ්‍ය මුල් ටික.

  6. මා අදහස් කෙරුවේ පාන් මාමට වඩා හොඳ මිතුරෙක් ගැනයි!

  7. ඇණයා

    /ඔව් ලියන්න හැකියි දිගට. ඒත් ලියුවේ මචෝ, සිතීමක් පටන් ගන්න අවශ්‍ය මුල් ටික./
    එකඟයි, කියවන අය දිගටම එම සිතුවිල්ලේම රඳවන්න ඹ්නවුනු දවසට නේද පැරණි රසාංගය දාන්නේ නැත්තේ.

  8. ඇණයා

    සමෘද්ධිය පහලටම නොගියාට පරපෝෂිතයන් බිහිවීමට ඉඩහැරීමමෙන් ප්‍රජාතන්ත්‍රවාදීව බලයේ සිටීම පහසුවෙනවා නේද? තන්ත්‍ර කියන්නේ තන්තු (නූල්) අර්ථයෙන්නම් ප්‍රජාවාදී වීමට වඩා ප්‍රජාතන්ත්‍රවාදී වීම පහසුවෙන්නේ එහෙම වෙන්නැති.

  9. ඔන්න බලන්න දැන් කිසිම දෙයක් රහසේ කරන්න බැහැනේ! 😉

  10. රටක ආර්ථිකය කොහොම විය යුතුද කියන එක මා ඕනි කමින්ම ලිවීමෙන් මග හැරියා.

    ඇනයෝ, ඇමෙරිකාව කෙල වෙනා තෙක් බලා ඉන්න පිරිසත්, එක වර තේරුම් නොගන්න දෙයක් තමා, එහෙම පහලට ගිය සමුර්ධිය නිසා තමා, සමාජවාදී (හා නව අධිරාජ්‍යවාදී) චීනයට, සමහර රටවලට “උදව්” කරන්නට හැකි වෙලා තියෙන්නේ කියන එක. හදිසියේ කෙල වුණොත්, ඇතිවන තත්ත්වය සිතා ගන්න හැකි නේ.

    මෙතැනදී අඩු මිල ශ්‍රමය සොයා ගියා තමා. හැබැයි අනික් පැත්තෙන් බැලුවොත්, දශලක්ෂ ගණනකගේ ජිවන තත්ත්වය උසස් වුණා. මේ බටහිර රටවල් වල ඉන්න මිනිසුන් අඩු මිලට බඩු ගන්න බලාපොරොත්තු වෙන ගමන්, ඒ කර්මාන්තශාලා නැවත මෙහෙට ගෙනේවි යයි හිතනවා. චීනයේ නිෂ්පාදිත බඩු වලට 45% ක බද්දක් පනවන්න ඕනිය කියන කොට එයාට චන්දෙ දෙනවා.

    අනික් පැත්තෙන් ඒ රටවල (චීනය වැනි) ඉන්න අයත්, ඒ යක්කු ඇවිත් අඩුමිලට අපේ ශ්‍රමය සූරන් කනවා කියනවා (ට්‍රම්ප් ආවට හුරේ දමන්නේත් ඔවුන්). මේ දෙගොල්ලන්ටම හැකිද විකල්ප මාවත පෙන්වා දෙන්න.

    මිනිසුන්ට තමන්ගේ පාලනයේ කටයුතු වලට දායක වීමට අඩුම හැකියාවක් ඇති චීනයේ තමා ශ්‍රමික ජිවිත වලට අඩුම වටිනාකමක් තියෙන්නේ. ඒ වගේම ශ්‍රමය අවශ්‍ය පරිදි “සූරන් කෑමට” වඩාත් රාජ්‍ය අනුග්‍රහය තියෙන්නේ. රජයම ඒ සූරන් කෑම කරන්නෙත්.

  11. ඇමරිකාව මම දකින විදියට තරමක් ප්‍රබල ක්‍රමයක් තිබෙන රටක්..පුද්ගලයන්ට බොහෝ බොහෝ දේවල් කරනවා කියලා කිව්වට සැබැවින්ම නරක දේවල් කරන්නට අමාරුයි..
    අපේ රටේ දි තවමත් ස්ථාවරව පද්ධති නිර්මාණය වෙලා නැහැ..එම නිසා බොහෝ දේ නායකයාට වෙනස් කරන්නට හැකියාව තිබෙනවා.. පද්ධති ස්ථාවර කරන්නෙත් නැහැ ..මොකද කට්ටියට එතකොට ඕනා විදියට වෙනස් කරන්නත් බෑ…

  12. //ඇමරිකාව මම දකින විදියට තරමක් ප්‍රබල ක්‍රමයක් තිබෙන රටක්.//
    බලාගෙන ඉන්නකෝ අමිල, තවම නාට්ටිය පටන් ගත්තා පමණයි. 🙂