මේ චායාරූප ගැන උනන්දුවක් දක්වපු දෙතුන් දෙනෙක් අහපු ප්‍රශ්නයක් තමා මේ කොහෙද කියන එක. සුන්දර දසුන් යන මාතෘකාව යටතේ දමපු සියල්ල නිව් සවුත් වේල්සයේ, ශෝල් බොක්ක නම් ප්‍රදේශයේ ගනිපුවා. ඇත්තම කියුවොත්, ශෝල් බේ අසල ටොමරි කියල කඳු ගැටයක් තියනවා. එය ඇබොරිජිනල් වචනයක්. උස කන්ද කියන එක තමා තේරුම. හාත්පස විහිදෙන දර්ශන කඳු මුදුනේ සිට චිත්තාකර්ශනියයි.
මේ කන්ද මුදුනේ සිට බලන විට එක පසෙකින් ශෝල් බොක්කද, අනෙක් පසින් තස්මන් මුහුදද පෙනෙනවා. ඇබොරිජිනල්වරුන් කඳු මුදුනට නැගල, ශෝල් බොක්ක දෙසට එන මාළුන් නිරීක්ෂණය කර, හෙළි වලින් හෝ දැල් දමා ඔවුන් අල්ලා ගන්නට පුරුදු වී සිටි බව කියනවා. යුද සමයේ, කන්ද මුදුනේ රේඩාර් පද්ධතියක් සවි කර තියනවා. මේ වන විට එය නැහැ.
මේ පින්තූර බොහොමයක් මා, කන්ද මුදුනේ සිට ගත්තුවා.