සුන්දර දසුන් (2)


img_1744img_1731img_1732img_1734img_1739img_1742img_1743

දරත් සමහර වෙලාවට සුන්දරයි නේ. අපේ කුඩා කාලේ ගෙදර පිසීමේ ඉන්ධන ලෙස භාවිතා කෙරුවේ දර. ඒ වන විට විදුලි බලය අපේ හරියට තිබුනේ නැහැ.  එයිට අමතරව ගෑස් කියන දේ ප්‍රචලිතව තිබුණේ  නැහැ. ප්‍රධානතම දේ නම්, දර කියන්නේ අපට බහුලව තිබුණ , මුදල් වැය  කරන්න අවශ්‍යතාවයක් නැති ඉන්ධනයක් වීමයි.

මට මතක හැටියට අපේ ගෙවල් තියන හරියේ, කිලෝ මීටර දෙකක් පමණ හිස් තැනක් ඉතිරි කර, ඉහලට හා පහලට විදුලි බලය තිබුණ.එයට හේතුව හැටියට අහපු කතාවත් ලංකාව ගැන කියැවෙන දෙයක්. ඇත්තද බොරුද නම් මා දන්නේ නැහැ. ගමේ පන්සලේ හාමුදුරුවන්, කැපුවත් එක පාටක  කෙනෙක් නිසා, මේ කුඩා කොටසට විදුලිය දුන්නොත්, පන්සලත් විදුලිය ගන්න නිසා, ඒ කොටස අත්  හැරලා, දෙපැත්තටම දීලා. ඇත්ත වෙන්න ගොඩක් ඉඩ තියනවා. මොකද, රාජ්‍ය බලය අනික් පැත්තට ගිය පසු ඒ කොටස ට විදුලිය ලැබුණා .

කලින් කියුව වගේ, අපට දර සල්ලි දීලා ගන්න අවශ්‍යතාවයක් තිබුණේ  නැහැ. මොකද පරණ රබර් ගස් නිතරම වේලි කඩන් වැටුණා. එයිට අමතරව තව දර ඉපල් ද අවශ්‍ය පමණට තිබුණා. හැබැයි, දර පලන  එක නම් ටිකක් සමත් කමක් අවශ්‍ය වන දෙයක්.

දර පලන  තරඟත් තියනවනේ. මේවට දෙන කඳන් කුට්ටි නිකම්, කේක්  වගේ. එහෙම නැති දර පැලීම ටිකක් ශක්තිය අවශ්‍ය දෙයක්. ඒ දවස් වල දර පලන කට්ටිය ගමේ හිටියා. එයිට අමතරව අපත් දර පැලුවා.

25 Comments

Filed under Photography

25 responses to “සුන්දර දසුන් (2)

  1. Awesome clicks !! its your turn now please visit https://onemanoneclick.wordpress.com/2017/02/04/stunning-flight-of-pigeon-photography/ A 5 mega pixel magic !!! a mobile photography blog

  2. /ගමේ පන්සලේ හාමුදුරුවන්, කැපුවත් එක පාටක කෙනෙක් නිසා, මේ කුඩා කොටසට විදුලිය දුන්නොත්, පන්සලත් විදුලිය ගන්න නිසා, ඒ කොටස අත් හැරලා, දෙපැත්තටම දීලා. ඇත්ත වෙන්න ගොඩක් ඉඩ තියනවා./

    රයිගම්,

    මේ කතාව සම්පූර්ණ ඇත්ත වෙන්න පුලුවන්. මට ඔය ගැන පළමෝත අත්දැකීමක් ( First hand experience) තියනව.

    අප්පච්චි විශ්‍රාම ගියාට පස්සෙ අපි අම්මගෙ මහ ගෙදර ආසන්නයෙ පරණ ගෙයක් සහිත ඉඩමක් අරගෙන පදිංචි වුනා. ආසනය යටිනුවර. කොළඹ – නුවර A 1 මාර්ගයෙ ඉඳල අපේ ගෙදරට වැඩිම වුනොත් කිලෝ මීටර් 600 ඇති. ඒත් අපිට විදුලිය හම්බවුනේ 1992 අවුරුද්දෙ. ඒත් අපි පෞද්ගලිකව ගෙවල ගත්තෙ.

    ඒකට හේතුව 1982 ජනාධිපතිවරණෙදි ජේ.ආර්. ට විරුද්ධව ඉල්ලපු හෙක්ටර් කොබ්බෑකඩුව මහත්තයගෙ ප්‍රබල ආධාරකාරයෙක් අපේ ගමේ පන්සලේ ලොකු හාමුදුරුවො. ඒ හින්ද අපිත් අහුවුනා ඒ පවට…හෙහ්.හෙහ්.

  3. හා හා රවී, උනුත් එකයි, මුනුත් එකයි නේද? 😉

  4. ඕවා ඔහොම තමයි. සමහර ලංගම බස් වල (මගම වෙන්න කලින්) ගමනාන්තය වුණේ ප්‍රධාන නගරයක් නොවන අතරමැදක තියෙන හන්දියක් හෝ නොවන තැනක්. ඒ වගේම ගම් වල ඇතැම් පාරවල් වල තාර කොටස අවසන් වුණේ ඇතැම් නිවෙස් ලඟින්. බස් එකක් හෝ පාරක් මේ වගේ ‘අහඹු’ ලෙස නැවතුනු තැන් වල නිවෙස් හිමියන්ගේ වාසනාව තමයි.

    අපිටත් පාරම්පරික ඉඩම් වල සිටින විට දර ප්‍රශ්නයක් නොවුනත් පියාගේ රැකියාව අනුව නිවෙස් මාරු කරද්දී එසේ වුණේ නැහැ. අපි කලක් ජීවත් වූ නිවසට දර සපයන ‘දර කාරයෙක්’ සිටියා. රබර් දර පලා මිටි බැඳ විකුණු ඔහුගේ වාහනය ගොන් කරත්තයක්. මේ ඒ දවස් වල අපේ යුටිලිටි කම්පැනි. දර මිටියක් රුපියල් දෙකයි. බොහෝ විට නොමිලේ ලැබුණු දර වලට සාපේක්ෂව (හා ඒ දවස් වල වෙනත් භාණ්ඩ වල මිලට සාපේක්ෂව) මෙය ඒ දවස් වල ඉහළ මිලක් කියා සැලකීම නිවැරදියි. මේ ගැන අපේ අනෙක් ඥාතීන් ඒ දවස් වල කතා කළේ තරමක් අමුතු දෙයක් ලෙස ‘දර ටිකත් ගන්නේ සල්ලි වලට’ කියලයි. (ඇත්තටම කියනවනම් හාල් සල්ලි වලට ගන්න එක ගැන තිබුණෙත් ඔය වැනිම අදහසක්. ඒ ප්‍රශ්නයේදී ඔවුන්ට උදවු කළ හැකි වුවත් දර සම්බන්ධව එවැන්නක් කිරීමේ ප්‍රායෝගික හැකියාවක් තිබුණේ නැහැ.) දර කාරයා නොපැමිණි විටක හදිස්සියකට ගන්න ආසන්න නගරයේ දර මඩුවකුත් තිබුණා. මගේ පියා කවදාවත් දර පැලීම වැනි ඇඟ හොල්ලන වැඩ කළ කෙනෙක් නොවූ නිසා ඇතැම් වෙලාවක ගෙදර දර කොටයක් තිබුණත් පලාගන්න කෙනෙක් නැත්නම් නොපැකිළ දර වෙනුවෙන් ගෙවිය යුතු ඉහළ මිල ගෙවීමයි ඔහු කළේ. ඔහුගේ දර පැලීමේ ආන්තික පිරිවැය රුපියල් දෙකට වඩා වැඩි වෙන්න ඇති.

    අවශ්‍යතාවයන්ට සරිලන සම්පත් අඩුවක් නැතුව තියෙනවනම් මිලක් ගෙවීම අවශ්‍ය නැති වුවත්, එසේ නැත්නම් ඒ සම්පත් බෙදන්න ක්‍රමයක් අවශ්‍යයි. එය ඔබ සිටි පැත්තට විදුලි බලය සපයපු විදිහට කරන්නත්, අපට දර සැපයුම සිදු වූ ආකාරයට කරන්නත් පුළුවන්.

  5. කොහොම වුනත් මේ ‘නොමිලේ’ දකින්න පුළුවන් දර්ශනනම් චිත්තාකර්ශනීයයි. මේ තැන රයිගම්ගේ නිවසා ආසන්නවමද තියෙන්නේ? නැත්නම් දුරින්ද?

  6. දර පැලීම ඉකෝ, නියම ව්‍යායාම ගෙන දෙන දෙයක්. ඔයාලගේ ජනාධිපතිලත් විශ්‍රාම අරන් කරන්නේ රන්ච් වලට වෙලා දර පලන එක නේද? 🙂

    ඔය අහඹු ලෙස පාරවල් ඉවර වීම, විදුලිය නොලැබීම, බස් ධාවනය ඇන හිටීම වගේ දේවල් එතරම් දුලබ එව්වම නොවේ. ගොඩක් දෙනාට ඒ ගැන යම් අත් දැකීමක් ඇති. අපට මේවා අතීත දැකීම් වුනාට, අද පවා මෙයට සමාන දේවල් වනවනේ.

    මේ දර්ශන දකින්න අප මිලක් ගෙවුවා ඉකෝ. ඒ කියන්නේ නිවස ළඟ නොවේ. මෙහෙ සිට කිමි 500ක් පමණ දුරක දර්ශන. ප්‍රදේශය ගැන විස්තර ටිකක් අවසන් දර්ශන සටහනේ ලියන්නම්.

  7. /කොළඹ – නුවර A 1 මාර්ගයෙ ඉඳල අපේ ගෙදරට වැඩිම වුනොත් කිලෝ මීටර් 600 ඇති. /

    කිලෝ මීටර් 600 නොව මීටර් 600 විය යුතුයි.

  8. Pra Jay

    Splitting logs is an activity which has lots of meaning and representation in Hollywood movies.

  9. මගේ හිතේ මැවුනේ ළඟ දුරක් නිසා, කිලෝ කෑල්ල මා දුටුවේත් නැහැ රවී.

  10. Lets try to enter Hollywood Pra. As a 1st step, better to start learning how to chop wood/logs.

  11. ඔව්, ඇත්ත. ඒ වගේම දර පැලීම ඇඟ මහන්සි කිරීමට අමතරව තරමක පුහුණුවකින් ලබා ගත යුතු කුසලතාවයකුත් අවශ්‍ය දෙයක්නේ. නැත්නම් යොදවන ශ්‍රමයට සරිලන ප්‍රයෝජ්‍ය වටිනාකමක් ලැබෙන්නේ නැහැ සහ ඒ නිසා මේ කාර්යයෙන් තෘප්තියක් ලැබෙන්නේ නැහැනේ. ඇතැම් විට මම මේ සඳහා උත්සාහයක් දරන විට පියා පැමිණ හවුල් වෙනවා. ඒ නිසයි මම දන්නේ ඔහු මේ ස්කිල් එක අල්ලාගෙන නොසිටි බව. ඒ හැරුණු විට ඔහු අදටත් මා මෙන් කැලරි ඉතුරු නොකරන කරන සෞඛ්‍ය සම්පන්න කෙනෙක්.

  12. ඉස්සර නිකම් වගේ ලැබිච්චි තව හොඳ ඉන්ධනයක් තමයි ලී කුඩු.දැන් නම් දකින්නවත් නැහැ.
    නිකම්ම දර ඉපල වුනත් දකින ඇස අනුව සුන්දර වෙනවානේ.

  13. ඔව් මනෝ, දහයියා පවා හොඳ ඉන්ධනයක් නේද?

    //දර ඉපල වුනත් දකින ඇස අනුව සුන්දර වෙනවානේ// අනික මනෝ, දර, සුන් වෙන්න කලින්, දර නේ.

  14. දර මඩු දැන් නම් තියෙනවද මන්දා. ඒ කාලෙ නම් දෙල්කඳ, විජේරාම අවට දර මඩු පහ හයක් තිබුනා. හොන්ඩර ගානට විකුනුවේ. හොන්ඩර බාගයක්, කාලක් වුනත් ගන්න පුලුවන්. ඕවා කිරන්නත් මහා විශාල තරාදි තිබුනා. බොහොම හයිය හත්තිය තිබුන මිනිස්සු වැඩ කරේ. අත් කරත්තේ පටවගෙන ගෙදරට ගෙනත් බානවා. පාන් පෝරනු,හුනු පෝරනු, ගඩොල් පෝරනු, උළු පෝරනු….මේවා ඔක්කොම දැන් නටබුන් විතරයි….

    ලස්සන පින්තූර ටික. මෙන්න තවත් පින්තූර කාරයෙක්. මගේ පොඩිම මල්ලි. https://www.instagram.com/basi_perera/

  15. ඔය දර පෝරණු පාන් කියල විකුනන්නේ මචෝ. ඒකත් වෙළඳ ප්‍රචාරණයක් නේ දැන්.

    මලයාගේ පින්තුරත් බැලුවා. මගේ එව්වා නම් අරූ, ඔය ඇවිදින ගමන් නිකම් ගන්න එව්වා. 🙂

  16. මචං….ඔය මලයගේ පින්තූරත් රස්සාවට ලෝකෙ වටේ යනවෙලාවට ගන්න එව්වලු. උඹ වගේම විනෝදෙට කරන වැඩක්.

  17. මචං, අන්න එහෙම තමා ඉන්න ඕනේ! 🙂

  18. Thanks. Visited and liked!

  19. Hi, thanks for visiting my blog. I like your photos! Is your language Thai? It is such a beautiful script.

  20. Hi Kath, Nice to see you here too. No, this is my mother tongue, Sinhala which is the dominant language in Sri Lanka. I love your blog. I will read it slowly over the coming weeks.

    BTW, I do have a photo blog if you are interested in : (https://myreadonlymemories.wordpress.com/

  21. Sinhala. I didn’t know that. I assumed your language would have been called Sri Lankan. I will look for more examples of the script online. It is incredibly beautiful.

    I checked out your photo blog and subscribed. 😊😊😊

  22. Good to know that you like the script. It is also known as Sinhalese, but not Sri Lankan. Sinhalese/Sinhala has been evolved with the influence of Indo-Aryan languages. However, it is unique in many ways because of being an Island. ( https://en.wikipedia.org/wiki/Sinhalese_language).

    Thank you for subscribing my photo blog. 🙂

  23. And thank you for the link!