දවසේ රස්නේ කතාව!


අද නම් නියම රත් විල්ලක් රත් වුනා. මෙලොව රත් වුණහම  ඉන්න මෙතරම් අමාරු නම්, දෙළොව  රත් වුණහම  කොහොමද කියා අනුමාන කරන්න පුළුවන්. එළියේ උෂ්ණත්වය දවල්, සෙන්ට්‍රිගේට් අංශක හතලිහට නැගුණා. හෙටත් මේ ගාණම  තමා කියනවා. දැන් නම් (8.30පව) එළිය  නරකම නැහැ. හැබැයි වෙනද මේ වෙලාව වෙනකොට තියන සීතල  නැහැ.

img_1846

img_1845

img_1844

ගිය සතියේ රස්නේ දිනක දවල් කඩා වැටුන වැස්සේ දර්ශන. වැස්ස පැවතුනේ විනාඩි 5-7ක් වගේ කාලයක්.

සිඩ්නි වල සමහර ප්‍රදේශ මෙයටත් වඩා රත්වූවා  කියා ප්‍රවුර්ති වල දුටුවා. කොහොමත් ගිය මාසය වාර්තාගත වැඩිම සාමාන්‍ය උෂ්ණත්වයක් තිබුණ  මාසය කියා කියනවා.

ඉන්න අමාරුය  කියුවට, රස්නේ හරියට දැනෙන්න එළියට  යන්න වුණේ , වතාවක් හෝ දෙකක් පමණයි. ඉතිරිය ඇතුලේ. ඒ හැම තැනකම උෂ්ණත්වය පාලනය කර තියන නිසා ගාණක්  නැහැ. උෂ්ණත්ව පාලනයට අවශ්‍ය කෙරෙන විදුලියේ ඉල්ලුම වැඩිවී, පද්ධතියට දරා ගන්න බැරි වේවි යයි කියුවත්, එහෙම වුනේ නම් නැහැ.

img_1855 img_1856 img_1860 img_1862

අද සවස 7.30 ට පමණ මේ වගේ.

 

Advertisements

9 Comments

Filed under Photography

9 responses to “දවසේ රස්නේ කතාව!

  1. Pra Jay

    Hot pix

  2. ලස්සන පින්තූර ටික. කලින් ඒවත් ලස්සනයි. කොමෙන්ට් නොදැම්මත් ඇවිත් බලල යනවා.

  3. කබල රත් වේ. රොටි තිබේද?