චන්ද්‍ර සංචාරය හා තවත් කතා! Is this a pointless endeavour?


ඊයේ පෙරේදා මා තවත් යහළුවෙකු සමග සපත්තු කඩයකට ගියහම, සපත්තු තෝරා දෙන්නට හිටපු සුද්ද මෙහෙම කතාවක් කියුව. මිනිහා කියුවේ, අප යලිත් ස්වභාවික වරණයට ඉඩ සලසන්න කාලය හරි කියල. මේ කතාව මිනිහා විතරක් සිතන දෙයක් නොවේ. ලෝකයේ මතුවෙමින් පවතින දේවල් දිහා බලන තවත් අය  එහෙම සිතන වග උපකල්පනය කරන්න හැකියි.

ඒ සිතිවිල්ල පවා, එක්තරා අන්තයක් නියෝජනය නියෝජනය කරන්නක්. එක අන්තයකින්, තවත් අන්තයකට දෝලනය වීමෙන් අපට, අපේ ප්‍රශ්න වලට විසඳුම් සොයන්නට ලැබෙන එකක් නැහැ. නමුත් මනුෂ්‍ය ශිෂ්ටාචාරය අවුරුදු ලක්ෂයක් පමණ (නූතන  මානවයා) අත්පත්කර ගත්තු බොහෝ දේවල්, අප තේරුම් ගන්නට හරිම සරල යයි සිතුවත්, සමාජයේ බොහෝ දෙනෙකුට එවැනි හැකියාවක් නැහැ. එයට පිළිතුර අප ආපසු ගමන් කිරීමද?

එයට පිළිතුර ලෙස මා නම් සිතන්නේ නැහැ කියල. නමුත් සැබෑ තත්ත්ව යටතේ, යලි ආපසු ගමනක් සිදු වේවිය කියන එකත් බැහැර කරන්නට බැහැ. කොහොමත් මේ යන දර්ශීය වර්ධනය කොතනින් හෝ නවතිවිය කියන සැකය ඇතිවනවා.

අද මා අහම්බෙන් ඒබිසියේ ප්‍රචාරය වුන, මහාචාරිණි Alice May Roberts ගේ අයිස් ඒජ් ජයන්ට්ස් කියන වැඩසටහනේ පළමු කොටස බැලුව. එය බීබීසී නිෂ්පාදනයක්. පෘථිවියේ පැවති අවසාන තුහින සමයේ රජ කරපු මැමත් හා රයිනෝ ලට සමාන සතුන්ගේ වඳ වීම බලපාපු දේවල් ගැන එහි කියවුනේ. මෑත කාලීන කැනීම් වල හමුවීම් ද එහිදී ඉදිරිපත් කෙරුණා. නියන්ඩතාල් ලගේ අවසානයත්, හෝමෝ සේපියන්ස් ලාගේ නැගීමත් එහි කතා කෙරුණා දේවල් අතර තිබුනා. මා දෙවෙනි කොටස තාම බැලුවේ නැහැ.

පසුගිය කාලයේ ඕස්ට්‍රේලියානු ජාතික කෞතුකාගාරයේ තිබුණ ප්‍රදර්ශනයක් ද මගේ මතකයට නැගෙනවා. එයනම් “A History of the World in 100 Objects”යන්නයි. මෙයත් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ අනුග්‍රහයෙන් පැවති  එකක්. එහි මෙයට වසර මිලියන දෙකකට පමණ ඉහතදී මිනිසාගේ මුතුන්මිත්තන් විසින් නිපදවපු ගල් ආයුදයක ඉඳල, අද අප භාවිතාකරන දේවල් දක්වා තෝරා ගත්  උපකරණ, කළා කෘති හා තවත් දේවල් 100 ක් ඇසුරින් අපේ මුළු ඉතිහාසයම කියනවා.

බටහිර කෞතුකාගාර විසින්, වෙනත් රටවල කෞතුක භාණ්ඩ නොමනා අයුරින් අත්පත් කර ගත්තු කතන්දර අප දන්නවා. සමහර “කෞතුක භාණ්ඩ” ප්‍රදර්ශනය සඳහා අත්පත්කර ගැනීම සදාචාරාත්මකත් නැහැ. එහෙම දෙයකට උදාහරණයක් ලෙස, සුන්දන් විසින් ඕස්ට්‍රේලියාවෙන් අරන් ගිය, ඇබෝරිජිනල් වරුන්ගේ (මිහිදන් කරපු දේහ වල) ඇටකටු දක්වන්න පුළුවන්. පසුගිය කාලයේ මෙවැනි දේවල් පිලි අරන්, නිවැරදි කිරීම් හෝ එසේ කිරීමට උත්සහ ගැනීම් දක්නට ලැබුනා.

නොයෙක් රටවල කෙරෙන කෞතුක භාණ්ඩ මංකොල්ලය ලෝකය පුරාම විහිදී ගිය වෙළඳපොළක් තියන ජාවාරමක්. අද, එවැනි සොරා ගත්  කෞතුක භාණ්ඩ මිලට අරන් ප්‍රදර්ශනය කිරීම දුෂ්කර වන්නේ, නියම අයිතිකරුවනට ඒවා ඉල්ලීමට තියන හැකියාව නිසා.

හැබැයි සමහර රටවල මෝඩ අයියලා විසින් ඓතිහාසික ගොඩ නැගිලි හා භාණ්ඩ විනාස කරන අතරේ, තවත් රටවල අයියල මෝඩ විස්වාස නිසා, කැනීම් වලින් සොයා ගත්ත එවැනි දේවල්, කෞතුකාගාර වලින් සොරා ගන්නවා. ඒ සේරම අතරේ රිදී ඉරක් ලෙස ම දකින්නේ බ්‍රිතාන්‍ය කෞතුකාගාරය වැනි ආයතන, මේ භාණ්ඩ ප්‍රවේශම් කිරීමට දරන උත්සාහය පමණක් නොවේ, ඒවා වැඩි පිරිසකට නරඹන්නට ද ඉඩ සලසා දීම.

ඉතිහාසය (මෑත පමණක් නොවේ) ඉගෙනීම දරුවනට හා වැඩිහිටියනට හොඳ දෙයක් කියා මා විශ්වාස කරනවා. වෙන කිසිවක් නිසා නොවේ, තමන්ගේ ජීවිතය ගැන යම් ඇප්රිශියේෂන් එකක් ඒ මගින් ලැබෙනවා.

(ඉහත පින්තූර, අර ප්‍රදර්ශන යේ දී මා ගත්තු ඒවා අතරින් තෝරා ගත්ත දෙකක්).

 

raigamahandiya

මිනිසා සඳ මත පා තැබුවද, නොතැබුවද කියල කොන්ස්පිරසි තියරි ලෝකේ තියනවා. මා මේ සටහනේ කියපු පරිදි මෙවැනි කතා ප්‍රචාරයට එක හේතුවක් වුණේ, ප්‍රථමයෙන් සඳ මත පා තැබීම නම්, මිනිස් ශිෂ්ඨාචාරයේ සංදිස්ථානයක් සලකුණු කරපු තිදෙනා තමන්ගේ අත්දැකීම, මිනිස් වර්ගයා සමග ප්‍රමාණවත් අයුරින් බෙදා නොගැනීම. අර නීල් ආම්ස්ට්‍රෝන්ව දෙතුන් වරක් ඉන්ටර්විව් කරපු පත්‍ර කලාවේදියා කියල තිබුණේ, එයට හේතුව ඔවුන් ප්‍රමාණවත් තරම් කළා කාමීන් නොවීම කියල.

අප වගේ සාමාන්‍ය ජනතාවට නම් ඉස්සර ඒ වගේ අත්දැකීම් හුවමාරුවට අවස්ථාවක් තිබුනේ ඉතා සුළු කාණ්ඩයක් සමග පමණයි. එනම් පවුලේ කට්ටිය, සමීප මිතුරන් මිතුරියන් සමග විතරයි. අද එහෙම නොවේ. අත්දැකීම් පමණක් නොවේ, යමක් ඉගෙන ගෙන (මොන විදියෙන් හෝ) තියනවා නම් එයත් වැඩිපුර පිරිසක් සමග බෙදා ගන්නට පුළුවන්. දැනුම ලබා ගන්නවා කියන දේත් අද වඩා පහසු වී තියනවා. නමුත් මෙතැනදී සමාජයේ විශාල පිරිසක් තාමත් හැලී යනවා. මා මේ කියන්නේ අන්තර්ජාලය හා සමාජ ජාල වලට අත පොවන්නට නොහැකි කට්ටිය ගැනයි.

වර්තමාන ලෝක ජනගහණය බිලියන 7.2 ක් පමණ වෙනවා. මේ අතුරින්…

View original post 687 more words

Advertisements

4 Comments

Filed under Opinion

4 responses to “චන්ද්‍ර සංචාරය හා තවත් කතා! Is this a pointless endeavour?

  1. අද උඹ කියන විදියට අන්තර්ජාල සමාජ ජාල තිබුනත්, මෝඩ කමත් ඒ වගේම ඉහවහා ගිහිල්ලා. සමහරෞන් ඒවා පාවිච්චි අරන්නෙ මිත්‍යාව පතුරුවන්න

    • සම්පුර්ණයෙන් එකඟයි මචෝ. මිත්‍යාව පමණක් නොවේ, අහුලාගත් දැනුම ඇසුරින්, බිහිවුන හාන්සිපුටු විශේෂඥයයන් විසින් අන්තර් ජාලය ආක්‍රමණය කර තියනවා. එය තමා බන් මෙහි පැරඩොක්ස් එක.

      • /////සමහරෞන් ඒවා පාවිච්චි අරන්නෙ මිත්‍යාව පතුරුවන්න/////
        ඔය කියන කතාව අදාල වෙන්නේ සමාජජාල භාවිතාකරන ශ්‍රීලාංකික අයට පමනද…..නොදන්න නිසා අහන්නේ..

        • නැහැ මචෝ, එය ලෝකය පුරාම තියන දෙයක්. නමුත් සිංහලයෙන් ලියවෙන දේවල් අඩු නිසා, ප්‍රතිශතයක් ලෙස මිත්‍යාව, වැරදි තේරුම් ගැනීම්, කොහෙත්ම තේරුම් නොගැනීම් හා තාර්කික වටහාගනිමක් නැතිකම වැඩි ඇති.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s