මේ සටහනේ මුල් කොටස අපට හතුරු වී එන්නෝ යන නමින් පළවිණ. මා මේ සටහන ලියන්න ගත්තේ එම සටහනේ කියපු පරිදි ඕපා දූප කතන්දර හා මා දකින දේවල් නිසා. එහෙම දකින එක් දසුනක් තමා උදෙන්ම නැගිටින රැකියාවෙන් විශ්‍රාමික පිරිස්.
ගෙදර ඉස්සරහින් ඇවිදින්නට යන පිරිස්, වාහනයෙන් යන විට පාර දෙපස ඇවිදින ජෝඩු, පිහිනන්නට හා ව්‍යායාම කරන්නට තියන තැන් වලට එන පිරිස්. මෙයාල සමාජයේ, ඒ වයස් වල ඉන්න බහුතරය යයි මා උපකල්පනය කරන්නේ නැහැ. හැබැයි, මා කලින් නොදුටු එහෙම පිරිසක් ඉන්නවා කියා මා දැන් දන්නවා.
තමන්ගේ මුළු ජිවිතයම, සමහරවිට, රැකියාවට, දරුවන්ට, සමාජයට හා වෙනත් දේවල් වලට යොමු කළා යයි, සිතන්නට හැකි මේ පිරිස් ගේ අද දවසේ පළමු තේරීම අපට කියන්නේ මොකක්ද? පොඩි කාලේ උදෙන්ම නැගිට පාසල් යන්න ඇති, තරුණ වියේ, උදෙන්ම නැගිට වැඩට යන්න ඇති, එයිටත් පසු, දරුවන් නැගිටුවා, ඔවුන් ලේස්ති කර පාසල් වලට ගිහින් දමන්න ඇති. මේ කිසිවක් නැති ඔවුන් පස්ස රත් වෙනතුරු නිදා නොගන්නේ මොකෝ? අද ඔවුනගේ ජිවිතයේ ප්‍රමුඛතාවය මොකක්ද කියන එක තමා එයින් පැහැදිලි වන්නේ.
මෙය ඕපදූප සටහනක් නිසා සංඛ්‍යා ලේඛන වලට ගියොත් බෝරින් වෙනවා. නමුත් ටිකක් උඩින් පල්ලෙන් බලමු. වසර 2014 දී ඕස්ට්‍රේලියාවේ, අවුරුදු 65 ට වැඩි ජනගහණය , මුළු ජනගනයේ (නයනු දෙකක්) ප්‍රතිශතයක් ලෙස 15 ක් වූවා. චීනය ගත්තොත්, අද වන විට එහි වයස අවුරුදු 60 ට වැඩි පිරිස, මුළු ජනගහනයේ ප්‍රතිශතයක් ලෙස 15 ඉක්මවා අවසන් (මිලියන 202). වසර 1953 දී මේ ප්‍රතිශතය 7 ක තමා තිබිල තියෙන්නේ.
වසර 2050 වන විට චීනයේ අවුරුදු 60 ට වැඩි පිරිස් ජනගහණයේ ප්‍රතිශතයක් ලෙස 24 (මිලියන 302) ක් වනු ඇතැයි ගණන් බලා තියනවා. මෙම ගණන ඕස්ට්‍රේලියාවේ අද වන විට 22% ක් වනවා. ජනගහණය මහලු වීම ගැන ඩිෆිනිෂන් තියනවා. අද එව්වට යන්න බැහැ. ජපානය වැඩිම වයස්ගත රට විතරක් කියා මතක් කරන්නම්.
මිනිසුන් හා ගැහැණුන් සමස්තයක් ලෙස වැඩිපුර ජිවත් වීම ප්‍රශ්නයක් ද? එසේ නම් ඒ ඇයි.
Source: http://www.aph.gov.au/About_Parliament/Parliamentary_Departments/Parliamentary_Library/pubs/BriefingBook45p/WelfareCost
ඉහත බාර් චාර්ට් එක වැඩිය තේරුම් ගන්නට උත්සහ කරන්න ඕනි නැහැ ( වයි අක්ෂයේ තියෙන්නේ වියදම් බිලියන ගණනින්, ඇක්ස් අක්ෂයේ තියෙන්නේ වර්ෂයන්, ඒ කියන්නේ ඕස්ට්‍රේලියානු රජය එක එක ක්ෂේත්‍ර වල සුබසාදන සඳහා යොදවන වාර්ෂික මුදල). ඒ වෙනුවට යටම තියන ලානිල් පාටින් තියන බාර් ටික දිහා බලන්න. එයින් පෙනෙන්නේ, පෙන්ෂන් හා වෙනත් උදව් වෙනුවෙන් (වයස අවුරුදු 60ට වැඩි පිරිස සඳහා) රජය යොදවන හා යොදවන්නට බලාපොරොත්තු ඇස්තමේන්තු මුදල් වර්ෂයක් පතා වැඩි වන හැටි.
තව කොටසකට යමුද?