සංක්‍රමණනිකයන්, දෙමාපියන් හා දරුවන්!


මා ඇත්තටම කලින් සටහනේ අම්ම කෙනෙක් ගැන ලියුවේ, අප වගේ සංක්‍රමණික පවුන් ලෝකේ කොයි රටින් ආවත් තියන පොදු ප්‍රශ්නයක් කියන්නත් එක්ක. එතනම හිටිය එංගලන්තයෙන් ආපු කාන්තාවන් දෙදෙනෙකු ම කියුවේ එයාල හැර අනික් පවුලේ කට්ටිය සේරම තාම එංගලන්තයේ කියා. මේ කිසිවෙකු නිතර තමන්ගේ මුල් රටට යන කට්ටිය නොවේ.

ලංකාව වැනි කුඩා රටක පවා, එක පළාතකින් තවත් පළාතකට ආපුවහම යලිත්, ගමේ යනවා කියා යන්නේ අවුරුද්දකට එක පාරක් දෙපාරක් වෙන්න පුළුවන්. විශේෂයෙන් විවාහයකින් පසු, සහකරු හෝ සහකාරියගේ ගම්  පළාතට සංක්‍රමණය වුන පිරිස් මෙය දන්නවා ඇති.

අද ලෝකයේ නව ප්‍රාදේශිකවාදයක් කරලියට ඇවිත් තියනවා. ඇත්තටම මේ සංක්‍රමණ විරෝධී අදහස් සමාජයේ කොටසක කවදත් තිබුණා. සංක්‍රමණය කියන දේ කවදත් සාමකාමිව සිදුවුණ දෙයක් නොවේ. අවුරුදු හතලිස්-පනස්දාහකට කලින් ඕස්ට්‍රේලියානු මුල් පදිංචි කරුවන් මෙහෙට එන විට, ඔවුනට ප්‍රතිරෝධයක් තිබුණද යන්නට විශාල සාක්ෂි (මා දන්නා තරමට) නැහැ.

නමුත් අප දන්නා තරමින් අතීතයේ සිටන් එන සංක්‍රමණය කියන්නේ අවිහිංසක ව සිදුවුණ දෙයක් නොවේනේ. නූතන මානවයා මහද්වීප වල කරක් ගහද්දි කරගෙන ගිය දෙයක් තමා, අනෙක් මානව විශේෂ එක්කත් ලිංගික සබදතා පැවැත්වීම කියා අපේ ජාන විශ්ලේෂණය කරපු මානව විද්‍යාඥයයන්  කියනවා.

අනෙක් විශේෂ සියල්ලක්ම මෙයට වසර විසි තිදාහකට පෙර සහමුලින්ම තුරන්ව යද්දී, අප විතරක් බේරෙන්නට හේතුවත් මේ කලවම් වීම කියාත් අනුමාන කරනවා. නූතන මනුෂ්‍ය ශිෂ්ටාචාරය දියුණු වෙමින් එන විට, සංක්‍රමණයේ හැඩතලත් වෙනස් වුණා. අද රටකින් රටකට යාම මගේ අදහසේ හැටියට, වෙන කවරකලට වත් වඩා පහසුයි.

දැනට ඕස්ට්‍රේලියාවට බෝට්ටු මගින් ඇවිත් ඉන්න, සරණාගත විසා බලාගෙන ඉන්න පිරිසෙන් කොටසක් ඇමෙරිකාවට දෙන්න මේ ගොල්ලන්, හිටපු ජනාධිපතිවරයාගේ සේවා කාලයේ අවසන් කොටසේදී ගිවිසුමක් අත්සන් කෙරුව. අලුතින් පත්වුණ  ජනාධිපති වරයාගේ පළමු දුරකථන ඇමතුම අංජබජල් වී ගියේ, මේ ගැන කතා කරද්දී කියල පත්තර වල ගියා. නව ජනාධිපති මෙම ගිවිසුම හඳුන්වා තිබුනේ “a very bad deal” එකක් කියායි.

කොටසක් එහෙම ඇමෙරිකාවට තල්ලු කරන්න හදද්දී, නවසීලන්තය කැමැත්තෙන් බාර ගන්න ඉල්ලපු 150 දෙනා දෙන්න,  අගමැති වරයා ප්‍රතික්ෂේප කර තිබුණා.   මිලියන 11 ක පමණ අනවසර සංක්‍රමණික ප්‍රශ්නයක් තියන ඇමෙරිකාවට, 1200 ක් මිනිසුන් දෙන්නට පමණක් නොවේ, ඇමෙරිකාව එයාලව බාර ගන්නත් තීරණය (අඩුම ගානේ කලින් ජනපති) කරන්නේ මොකද? එව්වා ගැන ලියන්න ගියොත් නම්, මා ආපු කාරණාව අමතක වෙනවා.

සංක්‍රමණිකයන්ට විරෝධී කොටස් ඉදිරිපත් කරන ප්‍රධාන කරුණක් තමා, මෙයාල ඇවිත්, අපේ වේ ඔෆ් ලයිෆ් වෙනස් කිරීම. මේ කියන දේ හරි ඇත්ත. සංක්‍රමණයේ දිගටම සිදුවුණ දෙයක් තමා මේක. මේ කරුණ මතුකර දක්වන සමහර පිරිස් මෑත කාලින සංක්‍රමණික පවුල් වල පිරිස්ම වීම දෛවයේම සරදමක්.

මා මුල් ඡේදයේ කියුව එංගලන්ත කාන්තාවන් දෙදෙනාම දැන් විශ්‍රාමිකයන්. ඔවුනගේ දරුවන් ලොකු මහත් වී ගෙදරින් ගිය අය. එක කෙනෙකුට ඉන්න පුතාල දෙන්නගෙන්, ලොකු එක්කෙනා ඉන්නේ මෙල්බර්න් වල. කොතරම් කලකින්ද හමු වන්නේ කියා මා ඇහුවහම, උන් නම් එන්නේ ඉතිං නත්තල් වලට තමා, අපි තමා ඔවුන්ව බලන්න යන්නේ කියුව.

අද හවස මා සමග බීර  වීදුරුවක් බීපු, සුදු ජාතිකයා, උඹල ආයෙත් කවදද ලංකාවට යන්නේ කියල ඇහුවහම ඇදිලා ආපු කතන්දර නිසා, එයාගේ අම්ම ගැන කියුව. අවුරුදු අනූවක් ජිවත් වී ඇය මිය ගිහින් තියෙන්නේ ගිය වසරේ ජනවාරි වල. අන්තිම කාලය විතරක් ඩිමෙන්ෂියා වලින් පිඩා විඳලා තියනවා.

ඇයගේ  අවසන් මාස කිහිපය හැර, කසාද බැඳීමෙන් පසු මුළු දිවියම පාහේ එකම ගෙදර ජිවත් වී තියෙන්නේ. එයාගේ තාත්ත නැති වෙලා තියෙන්නේ මෙයිට වසර 20කට විතර කලින්. මිනිහා කියනවා, අම්ම කියපු කතාවක් තමා අවුරුදු හැත්තෑව වුනහම වගේ, මට දැන් හිටියා ඇති, යන්න කාලය හරිය කියා. කෙනෙක් අවුරුදු 90ක් ආයු වළඳන එක ලෙහෙසි දෙයක් නොවේ. වඩාත් වැදගත් වන්නේ නිරෝගීව  ජිවත් වීම.

මා කියන්න හැදුවේ, දරුවන් හා මාපියන් අතර තියන සඹදතාවයේ  තියන ගෝලීය පොදු බව හා සංකීර්ණත්වය. මාපියන්  වශයෙන් අප දරුවන්ගේ කටයුතු වලට මැදිහත් වෙන්න අවශ්‍යද කියා දහ  දෙනෙකුගෙන් ඇහුවොත්, උත්තර 10ක් ලැබේවි. මේවා සංකෘතික කරුණු එක්ක හා සමාජයීය කරුණු හා වැඩියෙන්ම ආර්ථික කරුණු සමග සම්බන්දයි.

දරුවන්ට තියන ආදරයට වඩා, සමාජයට තියන බය ඉදිරියට ඒමත් අපට දකින්න පුළුවන් දෙයක්. අනික අතට දරුවන් කියන්නේ, තමන් උස්  මහත් කරපු ජීවීන් කොට්ටශයක් නිසා, තමන්ගේ අනසක යටතේ මුළු ජිවිතයම (තමන් මැරෙන කම් හා එයිටත් පසු) ගෙවා දමන්න ඕනේ කියල සිතන දෙමාපියන් ද ඉන්නවා.

දෙමාපිය-දූදරු සම්බදතාවය ගැන මගේ අදහස් වලින් බොහොමයක් කලින් සටහන් වල ලියා තිබුණත්, මගේ ඒ අදහස් පවා ස්ථිතික නැහැ. අපේ වයස යාම වගේම ඒ අදහසුත් කාලය සමග, දරුවන් උස්  මහත් වීම සමග පරිණාමය හා විකරණය වෙනවා.

හැබැයි මා එක දෙයක් විශ්වාස කරනවා. එය නම් සමාජයක් කොයි වගේද කියා තීරණය කරන එක ප්‍රධාන දෙයක් තමා දරුවන් හා මාපියන් අතර තියන සඹදතාවයේ  හැඩතලය. ඒ කියන්නේ වැඩිහිටියන් කියන නිමි භාණ්ඩය කොයි වගේද කියා තීරණය කෙරෙන ප්‍රධාන කොටස්කරුවෙක් වන්නේ දෙමාපියන්.

Advertisements

9 Comments

Filed under Migration, Social

9 responses to “සංක්‍රමණනිකයන්, දෙමාපියන් හා දරුවන්!

  1. ඇණයා

    නූතන මානවයා මහාද්වීපවල කරක්ගහද්දී හැසිරුණු ආකාරය ට හැසිරෙන්න වර්තමාන මානවයත් වග බලාගෙන තිබ්බ නම් ට්‍ර‍ම්ප්ට ජනාධිපතිවෙන්න ලැබෙන්නේ නෑ.

    • ඩොනල්ඩ් ට්‍රම්ප් ෆිනොමිනන් එක තේරුම් ගන්න තවම ඉක්මන් වැඩියි. ඔහොම යං!

  2. Anonymous

    අපේ දැවෙන ප්‍රශ්නය ගැන ඔබේ අදහස් ආසාවෙන්
    කියෙව්වා . ඔබ අවසන් වැකියෙන් අදහස් කල දෙය විස්තර කරන්න පුලුවන්ද
    අර නවසීලන්තයයට සංක්‍රමණිකයන් නොයැවූ කතාවත් දැනගන්න ආසයි

    • ඔබත් හොඳින්ම දන්නවා ඇතිනේ, පළමු වසරට ඇතුලත් වෙන දරුවනුත් කොතරම් දුරට ගෙදර පරිසරය මත හැඩගැහිලද කියන එක.

      සංක්‍රමණික කතාව මේකයි, දැනට මෙහෙට බෝට්ටු මගී ඇවිත්, නරු හා මැනස් දුපත් වල හිර කර තියන, 1200-1300 ක් විතර වන, සරණාගත වීසා බලාපොරොත්තු වන්නන් කිසිවෙක් මෙහෙ පදිංචි නොකිරීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තියනවනේ. නවසීලන්තයට දෙන්නෙත් නැත්තේ එහිම කොටසක් ලෙස. රජය එයින් බලාපොරොත්තු වනවා කියන්නේ, එන්න හිතන් ඉන්න අයවත් අධෛරය කරන්න. ඒ නිසා නවසීලන්තය කැමැත්තෙන් බාරගන්න ඉල්ලපු 150 දෙනා දෙන්න කැමති නැත්තේ.

      දන්නවනේ මිලියන 55ක් පමණ වියදම් කර කම්පුචියාව සමග ගිවිසුමක් අත්සන් කර, පදිංචි කරපු දෙන්නත් එහෙන් ගියා කියන කතාවත්. අලුත් විස්තර මා දන්නේ නැහැ, තිස් වසරකට කිට්ටු, අර්ධ ඒකාධිපති පාලනයක් තියන කම්පුචියාවේ මුලින්ම යැවුවේ, එවන්ම රටක් වන බුරුමයෙන් මෙහෙට ආපු කෙනෙක්.

      • මටත් අහන්න ඕනවුනේ නවසිලන්ත සිද්ධිය. හරි…දැන් උත්තරේ ලැබුනා. ඒ 150 ගැන නම් දුකයි. දුන්නා නම් උන්වත් යාන්තම් ගොඩ යයි. ඒත් උත්තරේ තාවකාලිකයි කියලයි තේරෙනවා. රටක ප්‍රශ්නවලට හැඟීම් වලින් උත්තර හොයන්න බැහැනේ.

        • රටක ප්‍රශ්න තියා මචෝ, පෞද්ගලික එව්වත් හැඟීම් වලින් විසඳන්න බැහැ නේද? සමහරුනට කේන්ති යනවා පවතින තත්වය කියුවත් (හරියට මන් ඒ දේ කෙරුව වගේ හිතන්නේ).
          අපේ ආණ්ඩුවත් නියම දේවල් තමා කරන්නේ. මේ බලපන් ගහපු එක ගිවිසුමක්. වැඩේ හරි ගියේ නැහැ.

  3. සංක්‍රමණනිකයන් සමහර විට ආගන්තුක රටවල නීති උල්ලංඝනය කරනවා

    • ඔව් මචං, ඔය කියන දේ එයිටත් එහාට යන දෙයක් නේ. වේ ඔෆ් ලයිෆ් වෙනස් කිරීමත් ඕකටම (එනම් නීතියක් උල්ලංඝනය නොකරත්) අදාළ නැතත්, තියන ප්‍රතිරෝධයට කරුණක් නේ.

      බලපන්, වෙනස් ජීවිත සොයනවා කියා ඇවිත්, සුපුරුදු අච්චුව අමාරුවෙන් හදා ගන්න වෙහෙසෙන හැටි උඹත් දන්නවා ඇතිනේ.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s