සරත් මල්


IMG_1877IMG_1879IMG_1883IMG_1886IMG_1891

ඊයේ සවස ගත්තු පින්තූර  කිහිපයක්.

Advertisements

6 Comments

Filed under Photography

6 responses to “සරත් මල්

  1. රෝස පැහැයත් කහ පැහැයත් එකට එක් වූ කල කදිමයි නොවැ! 💛💗 පාට කූරු පෙට්ටිය දකින විට නම් එලෙස සිතෙන්නෙම නෑ !

    • පාට කූරු පෙට්ටියේ නොදකින තවත් සුන්දරත්වයන් කොතරම් ලෝකේ තියනවද කියා ඔබ දන්නවනේ පුලි,
      දුටුවද, මල පිපෙන්නේ කහ පාටට, ටිකින් ටික රෝස පැහැයට හැරෙනවා! 🙂

      • ඒ නම් සැබෑව.හිතාගන්න බැහැ එලෙස කොහොම වෙනවද කියල•

        • පුලි, මල් වලට පැහැය ලැබෙන්නේ ගොඩක් විට ඇන්තෝසයනින් කියන වර්ණකය නිසා. එම වර්ණකයේ පැහැය හුඟක් රඳා පවතින්නේ පීඑච් අගය මත (අවට). ඒ කියන්නේ මල ඇතුලේ ආම්ලික හෝ භාෂ්මික ගතියක් ඇතිකර ගැනීම මගින් පැහැය වෙනස් කර ගන්න ශාක වලට පුලුවන්.

          එයිට අමතරව, රෝස මල් වල වර්ණය වෙනස් වීම (අවට උෂ්ණත්වය, ආලෝකය හා පොළවේ තියන පෝෂක මත) ගොඩක් සාමාන්‍ය දෙයක්.

          එයිටත් අමතරව, බද්ධ කරපු රෝස වල මල් පැහැයන් දෙකක් (හෝ වැඩි ගණනක්) එක විට තියෙන්න හැකියි. රෝස බද්ධ කිරීමේදී ශක්තිමත් මුල් ඇති වර්ගයකට, ලස්සන මල් ඇති වායව කොටසක් බද්ධ කෙරෙනවා. එතකොට ලස්සන මල් තියන හා ශක්තිමත් මූල පද්ධතියක් හිමි රෝස පඳුරක් හදා ගන්න පුළුවන්. හැබැයි සමහරවිට අර මුල් කොටසෙනුත් අතු ලියලා ඇවිත්, මල් හැදෙනවා. එවිට පැහැයන් දෙකක මල් එකම ගහේ තියෙන්න පුලුවන්.