අපට හතුරු වී එන්නෝ?


IMG_1430IMG_1429IMG_1427

ආහාර පිසීම, මා කලිනුත් කියා ඇති පරිදි එන්ජෝයි කරන්නට හැකි, පිසින ආහාරය හෝ ආහාර හෝ තව අයත් සමග බෙදා ගන්නට හැකි නම්. තමන්ම උයා තමන්ම කෑමත්, විනෝදයක් තමා.

ගිය සතියේ වැඩ කරන දිනක කෑම  කන විට මේසයේ හිටිය තරුණ ජෝඩුව, චීන ජාතිකයන්. ඒ තරුණිය දරුවෙක් බලාපොරොත්තුවෙනුයි ඉන්නේ. ඔවුනගේ රටේ දරුවන් හැදීම ගැන අප කතා කෙරුව. චීනයේ එක ළමයෙක්, එක පවුලකට ප්‍රතිපත්තිය (නීතිය) තිබෙද්දී පවා, ග්‍රාමීය ප්‍රදේශ වල ජනයා එක දරුවෙකුට වඩා හැදුව වග, එයාල විතරක් නොවේ, වෙනත් චීන ජාතිකයන්ද මට කියා තියනවා.

අද හවස, ගෙදර එන්නට කලින්, චීන තරුණියක් හා ජපන් තරුණයෙක් හා කතා කරන විට මෙයටම අදාළ කරුණක්, අපේ කතාවට ඇදිල ආවේ මා කරපු විහිළුවක් නිසා. එයට මා පසුව එන්නම්. ජපාන තරුණයා කියුව කරුණක් තමා, එයාලගේ පුරවැසියන් 48ක් පමණ අතුරුදහන් කියා. මෙයාල අතුරුදහන්  වී තියෙන්නේ, වෙරළබඩ තීර  වලදියි. තවත් පිරිස් අතුරුදහන් ඇති. හැබැයි මේ අතුරුදහන් වල විශේෂත්වයක් තියනවා.

මිනිහා කියුවේ, ඒ සේරම උතුරු කොරියානුවන් විසින් පැහැර  ගත්තවුන් කියා. මා ගූගල්  කර බලන්න ගියේ නැහැ. එක වරක් ජපාන අගමැතිවරයා මැදිහත් වීමෙන් එහෙම පැහර ගෙන, ඒ රටේ කුලී සේවයේ යොදන් හිටි අට දෙනෙකු මුදා ගත්  වග, ඒ තරුණය කියුවා.

එහෙම මුදා ගත් ජෝඩුවක් , ජපන් වෙරළේ ඇවිදිමින් හිටිය දෙන්නෙක්. යලි සියරට එන විට, ඔවුනට උතුරු කොරියාවේදී ලැබුණ  දරුවෙකුත් ඉඳල තියනවා. ඒ දරුවා, තමන්ගේ මව් පියන් ජපන් ජාතියන් වග දැන ගත්  වෙලේ, සතුටින් කෑ  ගැහුවය (අපි ජපන් ජාතිකයන් කියා) කියා අර තරුණයා අභිනයෙන් පෙන්වූවා. මේ එක කරුණක් වත්, මා අන්තර් ජාලයේ සොයන්න ගියේ නැහැ. මොකටද මේ වගේ මිනිසුන් අරන් යන්නේ කියා මා අහපුවම, ඔහු කියුවේ වැඩ ගන්න (තාක්ෂණික හා පරිවර්තන) වෙන්න ඇති කියා.

එතැනදී මිනිහා කියුව කතාවක් තමා, මේ දෙය ගැලපෙන්නේ සමහර දුප්පත් චීන ගම්මාන වලින්, තරුණියන් පැහැර  ගැනීමේ අනික් පැත්තය  කියා. මෙහෙම පැහැර  ගත්ත තරුණියන් ගෙන් යලි ගමට යන්න කැමතිද කියා ඇහුවහම, නැහැ මා කැමති නැතිය කියා කියනවා කියා මිනිහ කියුව. මෙහෙම පැහැර  ගන්නේ වෙනත් ගම්  වලින් එන තරුණ පිරිස් විසින්, එම තරුණියන් කසාද බඳින්නට. එය අර චීන තරුණිය කියපු කතාවක්.

චීනයේ වන්  චයිල්ඩ් පොලිසිය නිසා, ඇති කර තියන ප්‍රශ්න, එම ප්‍රතිපත්තිය නිසා විසඳා ගන්නට බලාපොරොත්තු වුන විසඳුම් වලට වඩා වැඩියි. එයින් එකක් තමා ලිංග දෙකේ (ස්ත්‍රී-පුරුෂ) ඇතිවී තියන විසාල අසමතුලිතතාවය. ඒ කියන්නේ, සමාජයේ විවාහ වීමට බලාපොරොත්තු වන, පිරිමින් සංඛ්‍යාවට සරිලන ප්‍රමාණයක් ගැහැණුන්  නැතිකම. අර තරුණිය කියුවේ මිලියන 30ක් පමණ තරුණියන්ගේ “හිඟයක්” තියනවා කියා (මුලින් පිළිසිඳ ගත්තු දරුවා, ස්ත්‍රී නම්, එම කළලය ඉවත් කර, පිරිමි දරුවෙක් කරා යන කම් ට්‍රයි කිරීම සුලබ දෙයක් කියා මා මතක් කරන්නම්).

අපේ කතාව ඇත්තටම පටන් ගත්තේ, ලෝකයේ මහලු ජනගහනය වැඩිවීම ගැන. එයට ජපන් තරුණයාගේ යෝජනාව වුණේ , උන්ට මැරෙන්න දෙන්න (තමන්ගේ ආරක්ෂාව සලසා ගන්න බැරි නම්) ඕනිය කියා. මිනිහ හිතෙන දේ කියනවා. මිනිහා අර චීන තරුණියට කියුවේ, උඹලගේ ජනගහණය  වැඩියි, හරි නම් උඹල කරපු දේ (එක දරු නීතිය) ඉන්දියාවත් කරන්න තිබුණය කියා.

චීනයේ එක දරුවෙක් ගේ නීතිය  ඉවත් කිරීම පමණක් නොවේ, එය සම්පුර්ණයෙන්ම කණපිට හරවන කතාවක් මා ගිය සතියේ ඇසුවා. එය නම් ජනගහන වර්ධන වේගය වැඩි කරන්න, වැඩියෙන් දරුවන් හදන පවුල් වලට දිරි දීමනා දෙන ක්‍රමයක් ගැන චීන රජය සලකා බලන වග.

දැන් මා මුලින් කතා කරපු තරුණ චීන යුවල වෙත යලි ගියොත්, ඔවුන් කියුවේ, තමන් බලාපොරොත්තු වෙන් ඉන්න පළමු දරුවාගෙන් පසු, යලි දරුවන් හදන්න අදහසක් නැතිය කියා. ඔවුන් පමණක් නොවේ මධ්‍යම පාංතික  බොහෝ චීන පවුල් වල තත්වය එයම තමා කියා ඔවුන් කියුව.

ඉතිරිය හෙට…

පසු වදන

ආහාර ගැන කියූවිට, මා උක්රෙනියානු වට්ටෝරුවකට හදපු, ලොකු තක්කාලි අච්චාරුවක් අර තරුණියට අද දුන්නේ, එයා ඉන්න කාලය අනුව මෙවැනි ආහාර වල ඇති කැමැත්ත දන්නා නිසා. අද සිකුරාදා නිසාත්, වෙන වැඩක් නැති නිසාත් මා කේක්  දෙකක් හදා, බැටළු මස් එක්ක, බ්ලැක් අයි බීන්ස් දමා හොද්දක් හැදුවා. එය බෙදා ගන්න ගොඩක් දෙනා නොසිටියත්, ඇත්තටම හරිම රසට ආව.

 

Advertisements

11 Comments

Filed under Opinion

11 responses to “අපට හතුරු වී එන්නෝ?

  1. ටයිට්ල් එක දැක්කහම හිතුනෙ රයිගම්ට බත් උයාගන්න බැරි වී ජාතියක් ලැබිලයි කියල

  2. ඇණයා

    කලාතුරකින් උනත් උයන එක මගේ හොදම හොබියක්, එ් වගේම මම උයන ඒවා රස විඳින්න පිට අය අකමැති වීම දුකට හේතුවක් වුනත්, එයාල ඒවට කැමතිවුනානම් මම ඉක්මනින්ම බංකොලොත් වෙනවා. කලාතුරකින් හෝ වෙනස් ආහාරයක් රස විඳින්න බැරි අයගේ සමාජයක ජීවත්වෙන එකනම් හරිම කරුමයක්.

    චීනයේ එක දරු නීතිය ඉන්දියාවේ තිබ්බනම් “හපොයි!“, බොලිවූඩ් වල ග්රූප් ඩාන්සිං වලට නටන්න වෙන්නෙත් අපේ කෙල්ලන්ටයි

    • හඃ හඃ, මේ මහත්තයට හොඳට උයන්න පුළුවන්, කන්න තමා ටිකක් අමාරු, නේද ඇනයෝ?

      ආහාර පුරුදු හා මුල් බැස ගත් මතාන්තර යන දෙකම, එකම වගේ. වෙනස් කර ගැන්මට තමන්ට අවශ්‍යතාවයක් නොමැති නම්, එව්වා පිට අයට වෙනස් කරන්න හැකි දේවල් නොවේ.

  3. මම නම් උයන්න අලසයි.අලසයි කියන එකත් අසාධාරණයි.මොකද මම කොහොමත් උයන්නේ නැති නිසා.මගේ හොබී එක තමයි උයලා තියෙන එව්වා කන එක…:) හැබැයි ඉතින් උයන අය පොල් ගෙඩියක් ගලා දෙන්න කිව්වොත් එහෙම බැහැයි කියන්නේ නැහැ.

    චීනයේ එක් දරුවෙක් විතරයි කියන ප්‍රතිපත්තිය ගැන අහලා තියෙනවා.හැබැයි //පිළිසිඳ ගත්තු දරුවා, ස්ත්‍රී නම්, එම කළලය ඉවත් කර// කියන එක මා දැන සිටියේ නැහැනේ.එහෙම පිරිමි දරුවෙක් ගැනම හිතන්නේ තමන්ගේ පරම්පරාව ගැන හිතලා වෙන්න ඇති.

    • ඉපදුන ගැහැණු දරුවන් මරා දැමීම් ද වෙලා තියනවා මනෝ. ඔව්, ඒ සිදුවීම් වලට සංස්කෘතික-සමාජයීය හා ආර්ථික කරුණු ත්, අධ්‍යාපනික කරුණුත් එකසේ බලපාන වග සිතන්නට පුළුවන්,

      • මනෝ, ඔබට මෙන්න සරල සටහනක් මේ ගැන. මා මේ සටහන ලියුවේ මිනිසුන්ගේ කතා වලට අනුව. ඒ නිසා මා දන්නා (එනම් කියවපු දේවල් ගාව ගත්තේ නැහැ.
        China’s preference for sons stretches back for centuries. Infanticide, the abandonment of girl babies and favourable treatment of boys in terms of food and health has long produced a surplus of men. In the past two decades, the gap at birth has soared: the advent of ultrasound scans has allowed people to abort female foetuses, even though sex-selective abortion is illegal. වැඩිදුර කියවන්න!

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s