අමර වරම!


IMG_1907IMG_1914IMG_1913

(අද ගනිපු ඡායාරූප තුනක්).

කලින් සටහනේ ඉතිරිය පසුව ලියමි. එහි පින්තූර ටික තමා මේ. ජීවත්  වීමේ අතුරු ආබාධය තමා, වයසට යාම. වයසින් මුහුකුරා යාම කියන්නේ, කරපු “මෝඩ” කම් වලින් පාඩම් ඉගෙනීම නිසා, අතුරු ආබාධය සෘණාත්මකයි ම කියා හඳුන්වන්න බැහැ.

වයස් බේදයකින් තොරව, අප සියලුම දෙනාට තියෙන්න ඕනේ දෙයක් තමා විවේක කාලයක්. ඒ කියන්නේ ජිවිතයේ අනෙක් සියලු කටයුතු නිම කිරීමෙන් පසුව හෝ ඒ අතරතුර හෝ, තමන්ගේ සතුට වෙනුවෙන් වෙන් කරපු කාලයක්. ඔව්, ඔබ කියාවි අප ජිවත් වන විට කරන දේවල් සතුටින් කරනවා නම්, එහෙම අමතර කාල හෝ කටයුතු අවශ්‍ය නැතිය කියා. එහෙම නැහැ, විවේකයක් හා ඒ විවේකයේදී කරන දේවල් මත,  ජිවිතයේ අනෙක් බොහෝ දේවල් රඳා පවතිනවා.

ඕස්ට්‍රේලියානු කර්මාන්ත, නවනිපැයුම් හා විද්‍යා අමාත්‍යංශයේ වෙබ් අඩවියේ විනෝදාංශයක තියන වාසි මොනවාද කියා අපට මතක් කර දෙනවා ;

Benefits of being a hobby

  • Personal enjoyment and satisfaction.
  • You can gift or sell your work for the cost of materials.
  • You can do it in your own time or when people contact you.
  • You don’t have the reporting obligations of a business

දැන් මේ අමාත්‍යාංශ වෙබ් පිටුවක විනෝදාංශයක් කියන්නේ මොකක්ද කියා පැහැදිලි කරන්නේ වෙන කිසිවකට නොවේ, වෙළඳාමක හා විනෝදාංශයක ඇති නීතිමය හා බදු වගකීම් වල වෙනස පැහැදිලි කරන්නට.

විශේෂයෙන් අන්තර්ජාලය නිසා හොබියක්, බිස්නස් එකක් වීමේ හැකියාව පෙරට වඩා වැඩියි. මා මේ බ්ලොගය ලියන්නේ ප්‍රධාන වශයෙන් personal enjoyment and satisfaction වලට කියන එක මා නිතරම ලියන කරුණක්. හැබැයි, මෙහෙම විනෝදයට පටන් ගන්න බ්ලොග් වලිනුත් බිස්නස් කරා යාමේ හැකියාව තියනවා කියා, ලෝකයේ ඕනේ තරම් උදාහරණ තියනවා. තමන් විකිනෙන අවස්ථාව තීරණය කිරීම හා සැබෑ විකුණුම් මිළ  හඳුනා ගැනීම මගින් උපරිම රිටර්න් එකක් ගන්න පුළුවන්.

අනික් පැත්තෙන් personal enjoyment and satisfaction කෙසේ වෙතත්, නිකම් ලේ පුච්චා ගැනීම් ද අන්තර්ජාලයේ අපට දක්නට ලැබෙනවා. පිටින් බලන විට ලේ පුච්චා ගැනීම් යයි, අප සිතුවත් ඒ එක එක පිරිස් විනෝදයක් හා සන්තෘප්තියක් ලබන විදිහ යයි කියන්නත් පුළුවන්.

පසු වදන

වසර 2014/15 තුල ඕස්ට්‍රේලියාවේ අන්තර්ජාලය මගින් කෙරුණ භාණ්ඩ හා සේවා විකුණුම් වල මුළු ආදායම, ඕස්ට්‍රේලියානු ඩොලර් බිලියන 286 ක් කියා, සංගණන දෙපාර්තමේන්තු සංඛ්‍යා පෙන්වනවා. එය, එයිට කලින් වසරට වඩා 7% කින් වැඩි වීමක්. මේ සංඛ්‍යා ලේඛන පෙන්වන තව කරුණක් තමා, සමාගම් විසින් භාණ්ඩ හා සේවා ප්‍රවර්ධනය සඳහා සමාජ ජාල භාවිතාවයත් එන්න එන්නම වැඩි වෙමින් පවතින බව.

තාක්ෂනය හා සන්නිවේදනය හා වෙළඳාම සඳහා යොදා ගන්න හැකි අන්තර්ජාලය වැනි මෙවලම් වලින් සමාජ ආර්ථික දියුණුවක් බලාපොරොත්තු විය යුතු සමහර සමාජ වල, මේවාත් භාවිතා කරන්නේ තමන්ගේ මනස්ගාත ප්‍රචාරයට වීම සැබෑම සරදමක්. නූතන  මිනිසාගේ ප්‍රගතියේ මෙවලම්ම යොදා ගනිමින්, කරන සමහර නාඩගම් වල තියන ඔක්ශිමොරෝනය ඔවුනටම නොතේරීම, ගැටලුවේ ස්වභාවය අපට කියා දෙනවා.

මා විනෝදයට වගේ යටකර දමපු අර්තාපල් අල වලින් හැදුන අර්තාපල් පැල  දෙකක හැදුනු අල, අද ගලවල බැලුවා. හොඳ රිටර්න් එකක්.

IMG_1920

කොටු-කොටු සින්දුවක් අහමු!

හොරස්කෝප් ඕනෑ නෑ, පර්ස් එකයි ඕනෑ මට- පොල් වත්තක් අරන්දෙන්නකෝ!

Advertisements

6 Comments

Filed under Lifestyle

6 responses to “අමර වරම!

  1. ලස්සන කොටු ටික දොරේ. පනින්න හිතෙනවා

    • //පනින්න හිතෙනවා// කොහෙට වුණත් බලාගෙන හරිද රසික! 😉

  2. ටයිටල් එක දැකපු ගමන් හිතුනේ පැරා මේ දවස්වල වෙන්න යන ඇමති සංසෝධනය ගැන ලියපු පෝස්ට් එකක් කියා,
    එන සතියෙත් ඔයි මල් තුනේ ෆොටෝ බලන්න එනවා.

    • හෙහ් හෙහ් හී!
      //එන සතියෙත් ඔයි මල් තුනේ ෆොටෝ බලන්න එනවා.// මල් පිපී අවසන්!

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s