ඈත රන් විමන්!


ජීවිතය දිහා හැරිලා බලන්නට අපට අවස්ථාවක් එන්නේ කවදද? ඇත්තටම එහෙම අවස්ථාවක් එන්නේ නැහැ. කුඩා කාලයේ වැඩිපුර කරන්නේ ඉගෙන ගන්න එක හා අනුන් කියන විදිහට ජිවත් වීම. ඉන්පසු අනුන් යටතේ රැකියා කරමින්, අනුන්ට අවශ්‍ය දේ කරමින්, කීයක්  හරි සොයා ගන්නවා. විවාහයකට ගියොත් හා දරුවන් හැදුවොත් දරුවන්ට අවශ්‍ය දේවල් සපයන්න, එනම් එයාලට අවශ්‍ය අයුරින් ජීවත්  වෙනවා. මේ සියල්ලෙන්ම විශ්‍රාම ගන්නට හැකි වුණොත්, එක්කෝ ප්‍රමාණවත් කාලයක් ඉතිරිව නැහැ, නැත්නම් ප්‍රමාණවත් මුදලක් ඉතිරි කර නැහැ.

අද අපේ සබර්බ් එකේ කුණු එකතු කරන දවස. ඊයේ හවස පාර අද්දරින් තිබ්බ කුණු බක්කියට, උදේ තව කුණු ටිකක් දමන්න යන විට, පාරේ, බල්ලෙකුත් එක්ක ගියේ තාත්තයි දුවයි යයි සිතිය හැකි දෙදෙනෙක්. ඔවුන් සතියේ බොහෝ දිනවල මට උදේට හමු වෙනවා. අද මා එලියට බහින විට උදේ 6.11යි. ඒ කියන්නේ අවට තවමත් කළුවරයි.

ඒ තාත්ත මට සුබ උදෑසනක් කියමින්ම ගමනේ ගියා. මා කුණු ටික බක්කියට දමා රථය පණගැන්වූවා.

අප ජිවිතයේ තෝරා ගන්න ඕනෙම දෙයක් ගැන හිතුවොත් ඔබට තේරෙනවා ඇති, ඒ දේවල් කරන්නේ නැත්නම් තෝරා ගන්නේ, ඒවා විස්ථාපනය කරන්න හැකි අනෙක් තේරීම් වලට වඩා, ඒවාට අපේ තියන කැමැත්ත නිසා කියන එක. මෙතැනදී කැමැත්ත කියා මා අදහස් කරන්නේ, අපට වඩාත් වුවමනා යයි, අප ඒ මොහොතේ සිතන දේවල්.

වඩාත් තරුණ වියේ මා කැමැත්තෙන් කරපු බොහෝ දේ කරන්න මට අද කැමැත්තක් නැහැ. එව්වා මොනවාද කියා මා ලියුවොත් හොඳ නැහැ. හැබැයි එක දෙයක් කියුවොත්, එය තමා  මධ්‍යසාර. එයට ඇති කැමැත්ත අදත් මට නැති වෙලා කියුවොත් බොරුවක්. හැබැයි, මගේ කැමති ලැයිස්තුවේ, තව දේවල් ඉදිරියට ඇවිත් තියනවා. මොකද එව්වා මා එන්ජෝයි කරන නිසා.

උදෙන්ම නැගිටීම හා ඉන්පසු කරන දේවල් මා ඒ කියපු ප්‍රමුඛතා වල ඉදිරියෙන්ම තියෙන්නක්. දැන් බොහෝ දිනවල උදේ 7.30  වන විට මා උදේට බොන දෙවෙනි තේකත් බීලා අවසන්.

තව අවුරුදු විස්සක් මේ බ්ලොගය ලියන්න හැකි වුවොත්, මා අද කරන දේවල් ගැන ඇත්තටම හැරී  බලන්න හැකි වේවි. ඇත්තම කියුවොත්, එවැනි දිනයක් ගැන මා  බලාපොරොත්තු වෙනවා. අන්න එවිට තමා මා මුලින් කියපු කාරණා  දෙකම වැදගත් වන්නේ. එය නම් ඉතිරිව තියන කාලය හා මුදල යන දෙක.

Advertisements

12 Comments

Filed under Anniversary, Lifestyle, Opinion

12 responses to “ඈත රන් විමන්!

  1. තව අවුරුදු විස්සකින් මේ බ්ලොග් එක බලලා එදාටත් මේ විදියටම කමෙන්ට් කරන්න මමත් බලාපොරොත්තු වෙනවා.

    • බලමු මනෝ, මෙතැන කලින් කොමෙන්ටු දමපු අය ගැන හිතුවොත්, මට විශාල බලාපොරොත්තු තියා ගන්න බැහැ. ඔබ එහෙම දිගටම ඉන්න පළමු කෙනා කියා සිතන්න මා හොඳටම කැමැතියි!

  2. //මේ සියල්ලෙන්ම විශ්‍රාම ගන්නට හැකි වුණොත්, එක්කෝ ප්‍රමාණවත් කාලයක් ඉතිරිව නැහැ, නැත්නම් ප්‍රමාණවත් මුදලක් ඉතිරි කර නැහැ.//
    Very true, my philosophical friend.

  3. Anonymous

    එහෙම අනාගතය ගැන හිතන්න බෑ රයිගම් .දැන් 68 වෙලා තවම අපි දරුවෝ එක්ක .ඉතුරු ටිකත් ඔහොමම යයි .මම දෙන අවවාදෙ දැන් ඉන්න අතරෙම ඔය පරමාර්ථයත් ඉටු කර ගන්න .ඔව් .කාලය පියාඹනවා !!!

  4. Anonymous

    කමෙන්ට් එක ඇනෝ වැටුණා මම ඉන්දුමතී

    • අපේ අය කොහෙ නවතිවිද කියා අප දන්නේ නැහැ. ඒ ගැන මා නම් වැඩිය වෙහෙසෙන්නෙත් නැහැ. අප ඔවුන් වෙනුවෙන් කරන්න හැකි උපරිමය කර තියනවා. වැඩිහිටියන් වශයෙන් ඔවුනට අවශ්‍ය ජීවිතය ඔවුන් සොයා ගන්නවා කියා මට විශ්වාසයි.

      මා කියුවේ ඔවුන් ගැන නොවේ. 🙂

  5. indumathie adikari

    ඔබ ශක්තිමත් මට වඩා .තවම දරුවන් ගැන වෙහෙසෙනවා .ආපහු ජීවිතය දිහා හැරෙද්දී මං වෙනුවෙන් ඉඳලම නෑ .වගේ

    • දරුවන් හැදීම ගැන උපදෙස් දෙන්නට මගේ බලාපොරොත්තුවක් නැහැ ඉන්දු. එය ගොඩක් අමාරු කටයුත්තක්.එය ගැන මා කලින් කියා තියනවා.
      ආසියානු රටවල විශේෂයෙන් තියන ජිවිතයම දරුවනට කැප කිරීම හා දරුවන් මත යලිත් යැපීම කියන දෙකම, එතරම් හොඳ ජිවන විලාසිතා කියා මා සිතන්නේ නැහැ.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s