බත් පැකට්, පොල් කාල් හා ගල් බාග!


ඊයේ උදේ වැඩට යනවිට, චීන තානාපති කාර්යාලය ඉදිරිපිට කට්ටියක් බැනර් ප්‍රදර්ශනය කරමින් පොඩි උද්ගෝෂණයක. එයාලගේ බැනර් වලින් කියවුනේ, ඔවුන් චීන ෆැලන් ගොන් යන කණ්ඩායමට අයිති වගයි. අද උදේ යන විට එතැනම  සිටියේ, සාදරයෙන් පිළිගනිමු යනුවෙන් බැනර් හා චීන හා ඕස්ට්‍රේලියානු ජාතික ධජ තියාගෙන ඉන්න එවැනිම පිරිසක්. මේ දෙදිනේම  සිටියේ ශිෂ්‍යයන් යයි සිතිය හැකි තරුණ ළමයි.

ඊයේ චීන අගමැති වරයා දින පහක නිල චාරිකාවක් සඳහා ඕස්ට්‍රේලියාවට  ආව. ලී ඛු චණ්  සහභාගිවන විවිධ කටයුතු අද දිනය පුරා කැන්බරා වල තියනවා කියල පුවත් වල තිබුණා. ඉහත විරෝධතාව හා සහයෝගය දැක්වීම කියන දෙකම, චීන අගමැතිවරයා පැමිණීම නිසා.

මා උසස් පෙළ කරන විට, දිනක් පන්තියේ හිටිය කෙනෙක් තට්ටය ගාගෙන පැමිණියා. සාමාන්‍යයෙන් තරුණ ළමයි ඔහොම දේවල් කරනවනේ. පාසල් යන කාලේ කොණ්ඩය ගොඩක් වවන්න අවසර තිබුණේ  නැහැ. තට්ටය දක්වා කොන්ඩේ  කපන්න එවැනි තහනමක් තිබුණේ  නැහැ.

පසුව කතා බහකදී පොර කියුවා, කොන්ඩේ  කැපුවේ, හාමුදුරු කෙනෙකුට අඳින්න කියා. එය මොකක් හෝ උද්ගෝෂණයකට. එයට පොරට ගතමනාවක් ලැබෙන්න ඇති. මේ කතාව මට මතක් වුණේ  පහත දැක්වෙන කතාබහ නිසා.

ඊයේ මා මෙහෙ ඉගෙන ගන්න චීන ජාතික සිසුවියක් එක්ක කතා කරන විට ඇය කියුවේ, මේ වැඩ අස්සේ එම්බසියෙන් හෙට චීන අගමැති යන තැන්වල සපෝර්ට් එකට එන්න කියා තියනවා කියා. එය මෙහෙ ඉන්න හැම චීන සිසුවෙකුටම යවපු ඉල්ලීමක්. ඇය කියුවේ, එයාට යන්න බැරි නිසා, තමන්ගේ යාලුවෙක් යවනවා කියා.

එය ඉල්ලීමක් වුණත්, එය මග හරින එක පසුව ප්‍රශ්නකාරී වෙන්න ඉඩ තියන වගයි ඇය සිතන්නේ. ඇය ඇවිත් ඉන්නේ රජයේ ශිෂ්‍යත්වයකට. එයින් පසු රැකියාවක් සොයා ගන්නත් ඕනේ. සහභාගී නොවුණොත්  හරියටම කියන්න බැරි වුවත්, ප්‍රතිවිපාක ලැබෙන්න හැකි බවයි ඇගේ  අදහස වුණේ.

එවිට මා ඇයට, උදේ වැඩට එන විට දුටු කණ්ඩායම ගැන කියුව. ඇය කියුවේ, ඔවුන් පවා ෆැලන් ගොන් ඇත්තටම ෆලෝ කරන පිරිස් නොවේ. එතන ඉන්න පිරිසෙන් වැඩිපුර දෙනෙක්ද, දවසේ කුලියට එන අය කියා. මේ වගේ වැඩකට ඩොලර් 100-200ක් දක්වා ගාණක්  සොයා ගන්න හැකි වගයි ඇය කියුවේ.

මෙතැන ඉන්න කණ්ඩායම් දෙකම එක වගේද? එනම් ඔවුන් සහභාගි වන්නේ තර්ජනයකට බය නිසාද? චීන තානාපති කාර්යාලයේ ඉල්ලීම නම් ටිකක් එහෙම යයි කියන්න හැකි වුවත්, ෆැලන් ගොන් කණ්ඩායම නම් එහෙම යයි කියන්නට බැහැ. මුදලට හෝ නොමිලේ හෝ ඔවුන්ගේ සහභාගිත්වය කැමැත්තෙන් කරන එකක් කියා උපකල්පනය කරන්න හැකියි.

 

පසු වදන

එම සිසුවිය ඇත්තටම සපෝර්ට් එකට ගිහින් තිබුනේ නැහැ. ඒ වෙනුවට නියෝජිතයෙක් යවල. ඒ වැඩෙත් හරි ඔර්ගනයිස්. ඔවුනට (එක එක කණ්ඩායම් වලට) සහබාගි වෙන්න ඕනේ තැන හා වෙලාව කෙටි පණිවුඩයකින් එනවා. අදාළ ඔලු ගණන තියනවා නම්, ඒ ඇති.

 

 

Advertisements

9 Comments

Filed under Opinion, Politics

9 responses to “බත් පැකට්, පොල් කාල් හා ගල් බාග!

  1. ගල් බාගෙ කෝ?

  2. “සමාජවාදී” ශ්‍රී ලංකාවෙත් හා “කොමියුනිට්ස්” චීනයේ මේවැනි වැඩ වල වෙනසක් නැහැ වගේයි.:D

    • මෙවැනි කතා විවිධ තත්ත්ව වලට ගලපා ගන්න පුළුවන් මනෝ.

  3. බලාගන ගියාම හැම තැනම තියෙන්නෙ රූකඩ නැටුම් !

    • ගුණේ, රූකඩ නැටුම් කොහෙත් තියනවා. එව්වා මොනවාද, කවුද නටවන්නේ, මොනවටද නටවන්නේ කියන දේවල් හඳුනා ගැනීම අපේ වැඩක්.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s