ඉතිරිය පසුව!


Australia Population Grid

වර්ග ඵලය අතින් ඕස්ට්‍රේලියාව ලෝකයේ හය වෙනියට විශාල රටයි.  එයට කලින් ඉන්නේ පිළිවෙලින්, රුසියාව, කැනඩාව, ඇමෙරිකා එක්සත් ජනපදය, චීනය හා බ්‍රසීලයයි. ඕස්ට්‍රේලියාවට පහලින් ඉන්න ඉන්දියාවේ විශාලත්වය, ඕස්ට්‍රේලියාවට  වඩා භාගයකටත් ටිකක් අඩුයි.

ලෝක ජනගහණය  ගත්තොත් ඉන්දියාව එයින් 20% කට කිට්ටු පිරිසක් නියෝජනයක් කරනවා. ලෝකයේ හයවෙනියට විශාල රටේ ඉන්නේ, ලෝකයේ ජනගහණයෙන්  0.3%  ක් වගේ ගණනක්. ඉහත ජනගහණ විසිරීමේ සිතියම ඒ  මොකද කියා අපට විස්තර කරනවා. කෙටියෙන් කියනවා නම්, ජනගහණය  මූලිකවම  ගොනු වී තියෙන්නේ නැගෙනහිර, දකුණු හා බස්නාහිර වෙරළවල් ආශ්‍රිතව. අනෙක් පැති  හා රට මැද  ජනශුන්‍ය යයි කියුවොත්, එහි වරදක් නැහැ.

මිලියන භාගයකටත් වඩා අඩු ජනහණයක්  ඉන්න කැන්බරා කියන්නේ, ඕස්ට්‍රේලියාවේ රට ඇතුලට වන්නට තියන විශාලතම නගරයයි. රටේ ලොකුම නගර 50 හේ ජනගහණයෙන්  82% ක් ජීවත්  වනවා. සිඩ්නි හා මෙල්බර්න් කියන වෙරළබඩ නගර දෙක ගත්තොත්, ඒ දෙකේ, මුළු රටේ ජනගහණයෙන්  භාගයකට කිට්ටු (47%ක්) පිරිසක් ජීවත්  වනවා.

මෑතක නේචර් සඟරාවේ පළවූ  ලිපියකට අනුව, ඕස්ට්‍රේලියානු ඇබෝරිජිනල් වරුන්ගේ කේශ වලින් එකතු කර ගත් ජාන වලින් කරපු පර්යේෂණයක් කියන්නෙත්, ඔවුනුත් මෙයට අවුරුදු හැට  දාහකට පමණ කලින්, උතුරු පැත්තෙන් ඇතුල් වෙලා, එක කණ්ඩායමක් ඊසාන දිග පැත්තෙන් වෙරළ දිගේ පහළටත්, අනෙක් කණ්ඩායම වයඹ පැත්තෙන්  වෙරළ දිගේ පහළටත් ඇවිත්, අන්තිමේදී දකුණේදී එකතු වුණා  කියල.

මට මතක හැටියට, ඔවුන් මෙසේ සංක්‍රමණය වෙන අතරේ, එක්  එක් ප්‍රදේශ වල නැවතුන පිරිස්, අවුරුදු දස දහස් ගණන් තිස්සේ, එම ප්‍රදේශයටම ගොනු වී ජීවත්  වී තියනවා. එය ලෝකයේම මානව සංක්‍රමණය සැලකුවොත්, අනන්‍ය දෙයක් කියා ඒ පර්යේෂණය කියනවා. ඒ කියන්නේ, අවුරුදු දස දහස් ගණනක්, එකම ප්‍රදේශයක අද දක්වා අඛණ්ඩව ජීවත්  වීම. මේ සටහන වෙනුවෙන් එම පර්යේෂණයේ කරුණු වෙත මා නැවත යන්නේ නැහැ.

ඕස්ට්‍රේලියාවේ රට මැද  තියන කුඩා නගර (ටවුන්) වෙත නැවත ගියොත්, මේවායින් සමහරක අද ජීවත්  වන්නේ ඉතා කුඩා ජනගහණයක්  වුවත්, සුදු ජාතික කොලනි මුල් සමයේ සමහර ටවුන් මෙයට වඩා වැඩි ජනගහණයකින් හා මෙයට වඩා වැඩි ආර්ථික ක්‍රියාකාරිත්වයකින් යුතු බවත් ඉතිහාස කතා කියනවා.

එයට එක හේතුවක් නම් යපස්, රත්තරන්, තෙල් හා වෙනත් භූගත ඛනිජ වල සුලබත්වයයි. ඒවා නිලීනව ගිය පසුව, ආර්ථික ක්‍රියාකාරීත්වය හා එයට සමගාමිව, ජන ගණත්වයත්  ක්‍රමයෙන් අඩුව ගොස් තියනවා.

මා ඊයේ දිනය ගත කෙරුවේ, නිව් සවුත් වේල්ස  ප්‍රාන්තයේ තියන, මා කියුව රට ඇතුලට වන්නට තියන, අර කලින් කියුව ප්‍රධාන නගර 50ට ඇතුලත් වන කුඩා නගරයක. සිඩ්නි හෝ මෙල්බර්න් වල දකින්නට තියන ප්‍රධාන සුපර්මාර්කට් බොහොමයක් මෙහි තියනවා. හැබැයි නගරය මැද  තියන කඩ පේලි හා ගෙවල් බොහොමයක් මෙයට අවුරුදු 100කට එහා හදපුවා.

අප ගිය වැඩේ කරගෙන, හවස් වෙලා ගෙදර එන ගමන්, මාත් එක්ක ගිය අනික් කෙනාගේ ඥාතියෙක් ගේ ගෙදරට අප ගොඩ වුණේ , ඔහු කලින් කතා කර ගත්තු පරිදි. මා එයට කැමතිද කියාත් ඔහු මගෙන් කලින් අහල තිබුණේ.

ඒ නිවස පිටතින් බලත්දී ඩෙරලික්ට් කියා කියන්න හැකි, ලී  බිත්ති සහිත, නගරයේ මැදට කිට්ටු ප්‍රධාන පාරක් අද්දර තියන එකක්. මිදුලේ මල් පාත්ති ඉතා ක්‍රමවත්ව සකසා තිබුණා .

(ඉතිරිය පසුව).

මුලාශ්‍ර

1

2

3

4

Advertisements

8 Comments

Filed under Australia

8 responses to “ඉතිරිය පසුව!

  1. //ඒ නිවස පිටතින් බලත්දී ඩෙරලික්ට් කියා කියන්න හැකි, ලී බිත්ති සහිත, නගරයේ මැදට කිට්ටු ප්‍රධාන පාරක් අද්දර තියන එකක්. මිදුලේ මල් පාත්ති ඉතා ක්‍රමවත්ව සකසා තිබුණා .//

    ඡායාරූපයකුත් තිබුණානම් තවත් හොඳයි!

    • ඔව්, මාත් පිළිගන්නවා.
      අඩුම ගානේ එවැනි ටවුන් එකක පින්තූරයක් හෝ මගේ “ආර්කයිව්” වල සොයා ගත හැකි වුණොත්, ඊළඟ සටහනට ඔබන්නම්.

  2. එල ද බ්‍රා මෙන්ඩ

    නොදන්නා රටක් විස්තරයක් කියලා දෙන එක එල ද බ්‍රා

  3. ඔහොම හරි කැන්බරාවලින් මොහොතකට හෝ මිදිලා නිව් සවුත් වේල්සයට යන්නට ලැබීම කොච්චර වාසනාවක් ද, නේද?

    • හිකිස්, මේ මහත්තය කියන්නේ NSW = Sydney කියා වෙන්නැති. ඔව් අප්පා රේල් පාරවල් වලයි, තාර පාරවල් වලයි රස්තියාදු වෙන්න ඇත්තන් කොතරම් දෙයක්ද?

  4. ඇත්තටම මේ වගේ විසතර හරි අපුරුයි.
    හරි හුදකලා රටක් වගේනේ රටේ භුමි ප්‍රමාණය ඉන්න ජනගහනය එක්ක සැසදුවාම.

    • ඔව් මනෝ, රටේ මැද ගැන අමතක කළත්, ජනගණත්වය අනුව, ඕස්ට්‍රේලියාව කියන්නේ “හුදකලා ” රටක් තමා. හැබැයි, මේ ලෝකය දැනටමත් කොතරම් දුරට මිනිසුන්ගෙන් (අනවශ්‍ය අන්දමට) පිරී ගිහින් තියනවද කියල තේරුම් ගන්නත් හොඳ රටක්. ඒ වගේම මිනිසුන් වැඩිවන විට, ජීවිතයක වටිනාකම අඩු වෙන්නේ ඇයි කියන එකත් අපට තේරුම් ගන්න හැකියි. ඒ වගේම මිනිසුන් අනවශ්‍ය අන්දමින් පිරී ගියහම, එකිනෙකා නොරුස්සන්නේ මොකද කියන එකත් තේරුම් ගන්න හැකියි.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s