ඉතිරිය නොවේ!


මේ දිනවල වැඩ කරන තැන වැඩත්, ගෙදර වැඩත්  එකම වගේ. ඒ කියන්නේ කෙළවරක් දකින්න නොහැකියි. සමහර කාල එහෙමත් වෙන එක හොඳයි. කලින් සටහන මා ලියාගෙන ආවේ, අර මුදල් සොයන දෙයින් විශ්‍රාම අරන්  ඉන්න දෙදෙනෙකු ගේ කතාවක්. රැකියාවකින් විශ්‍රාම ගැනීම කියන්නේ, කෙළවරක් දැකීමක් නොවේ නේ.

ඉපදීම දුකක්, ජිවත් වීම එයිටත් වඩා දුකක් කියන එක මා හිතන්නේ, මිනිසුන්ගෙන් නිකම් කකා බිබී සැපවත් ජිවිතයක් ගත කරන්න, ශ්‍රමණ ධාරීන්  විසින් ගහපු ගැටයක්. උපදිම හෝ ජීවත්වීම ගැන එහෙම සිතන්නට අවශ්‍ය නැහැ. ඉපදීම දුකක් වෙන්න හැකියි. හැබැයි ඒ වන විට අපේ ස්නායු සම්පුර්ණයෙන් හැදිලත් නැහැ. කොහොමත් ඉපදීම තියා, වයස අවුරුදු දෙක තුනේ වෙන සිද්දි වත් අපට මතක නැහැනේ. ජීවත්වීම අභියෝගයක් තමා. ජීවත්වීමේ තියන ආතල් එකත් එයමනේ.

කොහොම වුවත් ජිවත් වීමේදී, මිනිසුන්ගේ තේරීම් වල තියන විවිධත්වය ගැන සිතුවොත්, එය ඔලුව ටිකක් වකුර් කරන දෙයක්. මේ සමහර තේරීම් ඇත්තටම, සමාජයට එතරම් බලපෑමක් නැති එව්වා වුවත්, ඒවායේ තියන නොගැලපීම් ගැන සමහරවිට පුදුම හිතෙනවා.

උදාහරණයකට, විශාල නිවසක කිරි නොමැතිව කහට තේ බොන එක හිතන්න. කැමති නිසා කහට බොනවා නොවේ මා කියන්නේ, විශාල නිවසක් වෙනුවෙන්, ජිවිතයෙන් කිරි අයින් කිරීම. ඔබට හිතෙන්නේ නැත්  ද එහෙම දෙයක තියන නොගැලපීම.

ඒ ගැන කියන විට මට මතක් වුනේ, අපේ නගරයේ රේඩියෝ සේවාවක, මේ සතියේ උදේ අසන්නන් ගෙන් ඇහුව එක ප්‍රශ්නයක්. ඔබ දන්නවනේ, රේඩියෝ වල උදේට යන පාතරාස  කතා. මේවායේ එක අංගයක් තමා අසන්නන් සම්බන්ද කර ගැනීම්.

ඔන්න අහපු ප්‍රශ්නයක් තමා, ඔබ අකමැති වුවත් එකට ඉන්න කෙනා කැමති නිසා, කරන, ඒත් තමන් ඇත්තටම එන්ජෝයි නොකරන (නමුත් කරනවා වගේ පෙන්වන), කරන දේවල් මොනවාද කියා. මෙයට කෝල් කිහිපයක් ආව. මට මතක ඒවායින් කිහිපයක් මේ. මාංශ භක්ෂක කෙනෙක්, ශාක වලින් නිපැයූ ආහාර පමණක් ගැනීම, කෝපි  වලට අකමැති කෙනෙක් කෝපි  බීම, යෝගා  වලට වෛර කරන කෙනෙක් යෝගා  වලට කැපවුන කෙනක් එක්ක ජිවත් වෙමින්, යෝගා  කිරීම. තව තිබුණා , මට මතක් වෙන්නේ නැහැ.

ඔබත් මෙවැනි දේවල් කරනවා ඇති බොහෝ විට. ජිවිතයේ මුල් සමයේ සෙවන සපයන දෙමාපියන්ට අවශ්‍ය දේවල්, සමහරවිට වැඩිහිටි ජීවිතයේත් ඔවුනට අවශ්‍ය කරන දේවල්, ඉන්පසු බැඳීමකට ගියොත්, අනෙකාගේ වුවමනාව නිසා කරන, නමුත් තමන් ඇත්තටම ආස නොකරන දේවල්. ඉන්පසු, ජිවිතයේ අවසාන භාගයේදී, කරගන්න බැරි නිසා අනුන් (තමන්ගේ දරුවන් හෝ වෙනත් පිරිස්) කියන විදිහට කරන දේවල්.

වැඩිහිටි පිරිස් වලට, තමන්ට අනවශ්‍ය දේවල් වලින් ඉවත් වීමට ඇති නොහැකියාව අපට හතර වටේ දකින්න පුළුවන්. මේක ටිකක් අපට ඇත්තටම අදාල නැති දාර්ශනික ප්‍රශ්නයක් කියා ඔබට සිතෙන්න පුළුවන්. නැහැ, මට නම් හිතෙන්නේ එයම තමා මනුෂ්‍යයන් වශයෙන් අප මුහුණ දෙන ලොකුම ප්‍රශ්නය කියා.

ඒ වගේ දේවල් වලට පියර් ප්‍රෙෂර් නැත්නම් සමීප සමාජයේ බලපෑම ද තියනවා. අකමැති වුවත් නොකෙරුවොත් කොන් වේ යයි සිතීම. මා කලින් සටහනක, වයස අවුරුදු 100 පසු කරපු කාන්තාවක් සමග සම්මුඛ සාකච්ඡාවක් කරන්න රේඩියෝ එකින් ආපු තරුණියකට, ඒ වයසේ ඉන්න එකේ හොඳම දෙය මොකක්ද කියන එකට, උත්තරය වුනේ පියර් ප්‍රෙෂර් නැතිවීම කියා අර කාන්තාව කියනවා.

මා ගිය සතියේ පටන් ගත්ත ව්‍යාපෘතියේ යම් අවසානයක් දුටුවේ අද. අද දවසම වර්ෂාව තිබුන නිසා එහි නිමාව දකින්න නොහැකි වුනා. මේ වැඩේ නිසා මා අලුතින් දේවල් ඉගෙන ගත්ත. කිසිදා නොකරපු දෙයක් කරන විට, වැඩේ කරමින් යන විට තමා,  වැඩේ ඉගෙන ගන්නේ.

වැස්ස නිසා මගේ වැඩේ සාර්ථක හෝ අසාර්ථක හෝ බවත් බලා ගන්න හැකි වීම හොඳ දෙයක්.

Advertisements

6 Comments

Filed under Lifestyle, Opinion

6 responses to “ඉතිරිය නොවේ!

  1. //මට නම් හිතෙන්නේ එයම තමා මනුෂ්‍යයන් වශයෙන් අප මුහුණ දෙන ලොකුම ප්‍රශ්නය කියා.// එක අතකින් ප්‍රශ්නයක් මෙන් පෙනෙන අතරම මිනිසුන්ගේ මොනවා හෝ සාමූහික ක්‍රියාකාරකම් තියෙනවනම් ඒවා පවතින්නේ තනි පුද්ගලයින් තරමක් දුරට තමන් කැමති දෙයම නොකරමින් පියර් ප්‍රෙෂර් එකට යටත් වීමට දක්වන කැමැත්ත මතම නේද? එහෙම බැලුවහම තමන්ගේ හුදෙකලා ‘කැමැත්ත’ පැත්තකින් තියා ‘අකමැති’ වුවත් නොකෙරුවොත් කොන් වේ යයි සිතන දේ කිරීමත් කැමැත්තෙම කොටසක් නේද?

    • ඔව් ඉකෝ, මා ලොකුම ප්‍රශ්නය කියා ටිකක් වැරදි වචනයක් භාවිතා කර තියෙන්නේ. එය ප්‍රශ්නයකට වඩා අපේ ජීවිතය තීරණය කරන ප්‍රධානම සාධකයක් කියුවොත් වඩාත් නිවැරදියි.

      ඔබ කියන අනික් කරුණත් හරි. අකමැත්තෙන් කිරීමත්, කැමැත්තෙම කොටසක්. මා අපගේ තේරීම් කියා හැඳින්වුයේ ඒ නිසයි. හැබැයි පෞද්ගලික ජිවිතයේ පවා කරන මෙවැනි තේරීම් වල නොගැලපීම් තියනවනේ. එනම් කරන එක දෙයකින්, තවත් දෙයක් නිෂ්ප්‍රභා වෙලා යන.

      ඔබ කියන සාමුහික ක්‍රියාකාරකම් පවා හැමවිටම තර්කානුකුල එනම් පවතින එවිඩන්ස් වලට අනුකුලව ගන්න එව්වම නොවේ නේ. එතැනදී යට වීම නොවීම කියන දෙයත් අපේ ජීවිතය (පොදුවේ මනුෂ්‍යයාගේ ඉරණම) තීරණය කරනවා යයි උපකල්පනය කරන්න හැකියි.

      මා අර සඳහන් කරපු රේඩියෝ කතා බහේදී යෝගා කරන කෙනා හැර, අනෙක් අය ඒ පාර්ට්නර්ල සමග දැන් නැතිය කියුව. අකමැත්තෙන් කිරීම කැමැත්ත වුවත්, එයින් මිදෙන මන් නිතරම සෙවීමත් මනුෂ්‍ය ලක්ෂණයක් නේද? එහෙම නැති අයත් ඉන්නවා. නමුත් පොදුවේ ගත්තහම, යමකට තියන අකමැත්ත, එයින් මිදීමට තියන කැමැත්තට වඩා වැඩි නම්, ඒවා තාවකාලිකයි. මා යෝජනා කරන්නේ, අප එහෙම දේවල් කරනවා ද කියා, නැවතී සිතන්න ඕනෙය කියා.

  2. දුක කියන්නේ ඇඟට වේදනාව දැනෙන එක නෙමෙයි. ඒ අර්ථයෙන් ඉපදීම දුකක්, ජිවත් වීම එයිටත් වඩා දුකක් කියලා කියන්නේ ඉතින් පටලවාගෙන තමයි. 😀
    තම තම නැණ පමණින් අවබෝධ කර ගත යුතු!

    //උදාහරණයකට, විශාල නිවසක කිරි නොමැතිව කහට තේ බොන එක හිතන්න. කැමති නිසා කහට බොනවා නොවේ මා කියන්නේ, විශාල නිවසක් වෙනුවෙන්, ජිවිතයෙන් කිරි අයින් කිරීම. ඔබට හිතෙන්නේ නැත් ද එහෙම දෙයක තියන නොගැලපීම.//
    ඒක ඒ තේ එක බොන කෙනාගේ ආතල් එක නම් අපි මොකටද ඒ ගැන පුදුම වෙන්නේ? මම ආතල් ගන්න විදියටම අනිත් අය ආතල් ගත යුතුයි කියල මම නම් හිතන්නේ නැහැ.

    //වැඩිහිටි පිරිස් වලට, තමන්ට අනවශ්‍ය දේවල් වලින් ඉවත් වීමට ඇති නොහැකියාව අපට හතර වටේ දකින්න පුළුවන්//
    ඔව් ඒක ඇත්ත. හැබැයි ඉතින් වැඩිහිටි පිරිස් වලට විතරක් නෙමෙයි මේක බාල මහලු හැමෝන්ටම තියෙන දෙයක්නේ! කවදා කාටද තමන් කැමති දේ ඒ විදියටම කරන්න පුළුවන් උනේ?!

    • මේ සටහන් වලින් කියවෙන්නේ මා ලෝකය දකින හැටියි නිරෝෂි. ඒවායේ ඉගැන්වීම් හෝ උපදෙස් නැහැ. ඒවා //තම තම නැණ පමණින් අවබෝධ කර ගත යුතු!// 🙂

      මන් හිතන්නේ ඉකෝ, මා කියන්න හදපු දේ වඩාත් තේරුම් අරන් තියනවා කියා. මා මොකද කියා පැහැදිලි කරන්න බලන්නම්, ඔබට නිසා.හැබැයි, මේවා ඔබ කැමති ආකාරයට තේරුම් ගැනීම ගැන මට දොසක් කියන්න බැහැ.

      ඔබ හිතනවා යයි මා උපකල්පනය කරන දුක් මට අදාල දේවල් නොවේ. ඒවා ගැන වොරි
      වීමට, සංසාර චක්‍ර, මතු ආත්ම, පින්-පවු හා තවත් මෙකී -නොකී දේවල් ගැන ගැන තැවෙමින් ඉන්න පිරිසට භාර කරමුකෝ. මට පමණක් නොවේ, මේ ලෝකයේ ආතල් උපරිමයෙන් ගන්න, ගොඩක් ශ්‍රමධාරින්ට ද ඒවා අදාළ නැහැ. එකම දේ ආතල් එකට මා හා එම ශ්‍රමධාරින් සොයා ගන්න මාර්ගය (ඒ කියන්නේ ජීවත් වීම සඳහා උපයන මාර්ගය) වෙනස් වීම පමණයි.

      //ඒක ඒ තේ එක බොන කෙනාගේ ආතල් එක නම් අපි මොකටද ඒ ගැන පුදුම වෙන්නේ? මම ආතල් ගන්න විදියටම අනිත් අය ආතල් ගත යුතුයි කියල මම නම් හිතන්නේ නැහැ.// නිරෝෂි, මේ සටහන් කියවන විට, ලියා තියන වචන අතහැර තේරුම් ගැනීම ගැන මට මොකවත් කියන්න නොහැකි වුවත්, එසේ නොකිරීම වඩාත් සුදුසුයි කියා කියන්නම් (//කැමති නිසා කහට බොනවා නොවේ මා කියන්නේ// කියා මා යොදා ඇත්තේ නිකම් නොවේ).

      මා කියන්නේ කහට බොමින් ආතල් එකක් ගන්න එක නොවේ. කහට බොමින්, කිරි ගණන් වැඩිය කියමින් සමාජයට දොස් පැවරීම. මෙය නිකම් උදාහරණයක් පමණයි. දැන් අපව මේ පාරිභෝගික සමාජය විසින් හසුරවනවා කියනවනේ. නැත්නම් බහුජාතික සමාගම් විසින් අපට දේවල් පටවන කියනවා. නැත්නම් කෝපරේට් ග්රිඩිනස් එකක් ගැන කියනවනේ.

      මා කියමින් එන්නේ (හා තව ගොඩක් දෙනාත් උනන්දු වන්නේ) නව මිනිසෙක්, ඒ කියන්නේ අර කියුව බලපෑම් (එව්වා තියනවා නම්) වලින් වියුක්ත, කෙනෙක් ගැන නේ.

      ඉකෝත් මතක් කර තියන, සාමූහික ප්‍රයන්ත අවශ්‍ය කරන දේවල් වලට, යන්නට පෙර, තමන්ට කර ගන්න තියන වෙනස්කම් නොකර, සමාජයට දොස් පවරමින් හිඳිම තේරුමක් නැති දෙයක් කියායි මා නිතර කියන්නේ. ඔබේ තර්කයට අනුව, එය එයාලගේ ආතල් එක නම්, අපට මොකද කියා යලිත් ඔබට කියන්න පුලුවන්.

      නිරෝෂි, අපට යමක් ඇත්තටම නතර කරන්න අවශ්‍ය නම්, එයට හැකියාව තියන විට, මුලින්ම අයින් වෙන්න ඕනි අපම තමා. එහෙම නැතුව, සමාජයට බනිමින් හිඳිම මෝඩ ආතල් එකක්.

      අපට ඕනි වුනාට, සාමූහික උත්සහයක් නැතුව වෙනස් කර ගන්න, අයින් කර ගන්න බැරි දේවල් ගැන එයින් පසුව අපට හිතන්නට පුලුවන්.

      මා වැඩිහිටියන් යනුවෙන් හඳුන් වන්නේ, වයස 18 පමණ ඉක්මවූ සියලුම දෙනා නිරෝෂි.

  3. Profoundly philosophical. (seriously; no sarcasm meant)

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s