What to choose; an unknown or more of the same? පරමාදර්ශී, වෙනුවට තිරසාර ජීවන විලාසිතාවක්!


මා අද පරණ සටහනක් ප්‍රතිචක්‍රීකරණය කරන්නේ, ඔබත් දන්නා විශේෂ හේතුවක් නිසා. නී ජර්ක් රියැක්ෂන් නම් අපට හැම අතින් ම පෙනෙනවානේ. මුදල් හා වෙනත් අධිකාරි බලයෙන්ගෙන්ද, බහුතර මතය නමැති බලවේගයෙන්ද අසරණ වී, අනාථව, දරුවන්, අම්මල, තාත්තල අහිමිව ඉන්න මිනිසුන්ගේ ඇත්ත දුක් මට නම් සිතා ගන්නට පවා නොහැකියි.

අප වගේ සංක්‍රමණිකයන් විසින්, මේ මිනිසුන් මෝඩ හරකුන් කියා සමහරවිට නම් කිරීම, ඔවුනගේ ප්‍රශ්න වලින් අප සිටින දුරස්ථ භාවය පෙන්වනවා. මා නම් සිතන්නේ රිවර්ස්ව, එනම් අනෙක් අතට. එම තත්වයක, මා සිටියා නම් ගන්න හැකි පියවර කුමක්ද කියා කල්පනා කිරීම. ලොකු දෙයක් කරන්නට නොහැකිය කියන එක, ඔවුනගේ ඉරණම පෙන්නුම් කරනවා.

එදිනෙදා ජිවිතයේ, අප ක්‍රියාකරන ස්වභාවය මත, අපේ ජිවිතයේ (අවට සමාජයද ඇතුළුව) ගොඩක් දේවල් තීරණය වෙනවා. මා කලින් ලියපු සටහනක්, නැවත පළ  කරන්නේ ඒ නිසාමයි. එම ක්‍රියාකාරකම් තනිව සැලකීමේදී, ගණන් ගන්න බැරි තරමේ ඒවා. හැබැයි මිනිසුන් බිලියන 7.5 ක් පමණ සිටින පෘථිවියේ, එක්  එක්  මිනිසුන්ගේ එවැනි කුඩා ක්‍රියාකාර  කම් නිසා තමයි, අප ලොකුවට දකින සියලුම ප්‍රශ්න හෝ පිළිතුරු පැන නැගී තියෙන්නේ.

අධි පරිභෝජනය කියා සමාජයට දොස් පවරන අප, අපගේ උදරය දිහා පොඩියක් බැලුවොත් පෙනෙයි, ආහාර කොතරම් අනවශ්‍ය අයුරින් පරිභෝජනය කරන නිසා, තැන්පත් වී ඇති මේද තට්ටුවේ ඝනකම. පරිසර දූෂණය, කැලෑ කැපීම්, විදුලිය ඇනහිටීම් වගේ දේවල් ගැන අප බොහෝ විට කතා කරනවා.

මිනිසුන් බිලියන 7.5කට ආහාර නිෂ්පාදනය කියන්නේ, කෙලින්ම ලැබෙන හිරු එළි  බලශක්තිය පමණක් නොවේ, කලින් එහෙම ලැබුන ශක්තිය තැන්පත්වී තියන පොසිල ඉන්ධන හා පසේ තියන ඛනිජ ලවණ  විශාල ලෙස අවශ්‍ය ක්‍රියාවලියක්. මිනිසුන්ගේ මුවින් ඇතුලට යන මේ ඛනිජ වලින්, නැවත වගා බිම් වෙත ප්‍රතිචක්‍රීකරණය වන ප්‍රමාණය බින්දුවට සමානයි.

තමන්ට ජීවත්වීමට බාදකයක්  මිසක් ප්‍රයෝජනයක් නොවන, පරිසරයේ සම්පත් විශාල ප්‍රමාණයක්  අවශ්‍ය වන, ඒ භාවිතා කරන සම්පත්, නැවත ඒ තිබුන තැන් වලට නොයන, මේ අනවශ්‍ය ලෙස මේද තට්ටු තැන්පත් කර ගන්න මිනිසුන්ම, සරල දිවියක්, කාබනික කෘෂිකර්මයක්, අඩු පරිභෝජනයක් ගැන කොම්පියුර ඉස්සර ඉඳගෙන ලියනවා.

මා හිතන්නේ නැහැ, එවැනි දේවල් වල තියන පරස්පරය ඔවුනට ජිවත්ව ඉන්න තුරු තේරෙනවා කියා.

 

raigamahandiya

ලියන්න අවශ්‍ය නැහැ කියල හිතමින් ඉන්න විට අර අපේ “නාමික ඇනෝ” මිත්‍රයා හොඳ ප්‍රතිචාරයක් දාල තිබුණා. එක අයෙක් තේරුමක් ඇතුව කියවන එක දහසක් දෙනා නිකම් කියවනවට කියවන එකට වඩා මා හැම විටම අගය කරනවා. මොකද කියවන එක මාත් කරන්නේ තෝරලා.

සරල ලෝකවල් වල හොයන බොහෝ දෙනා අර ඇනෝ කියන්න වගේ, තමන්ගේ අතින් නොවේ නම් යන්නේ, නිකම් තියන පත්තු වන බල්බයක් නිවන්නට වෙහෙසෙන්නේ නැහැ. ඉතිං අනෙක්වා ගැන කවර කතාද?

මා ලංකාවේදී ප්‍රතිචක්‍රීකරණයට සම්බන්ධ කුඩා ආයතනයක රැකියාවක් කෙරුවා. ඒ හින්දා සහ මගේ වෙනත් සිතුම් නිසා මා ප්‍රතිචක්‍රීකරණයට බොක්කෙන් කමිටඩ්.

ගෙදර එකතු වන, ප්‍රතිචක්‍රීකරණ බඳුනට දාන්න පුළුවන් සියලුම දේවල් එයට දානවා විතරක් නොවේ, එය අනෙක් අප ද්‍රව්‍ය සමග මිශ්‍ර නොවීම ගැනත් මා සැලකිලිමත් වෙනවා. ගෙදර අනෙක් අයත් එයට සහයෝගිතාවයක් දක්වනවා. ඒ වගේම වැඩ කරන තැන තියන ප්‍රතිචක්‍රීකරණ වැඩ සටහන ගැනත් මා කැමතියි. මෙයට වසර කිහිපයකට පෙර තිබුනේ කඩදාසි හා කාඩ් බෝඩ් විතරයි. දැන් එය අනෙක් සියලුම අප ද්‍රව්‍ය දක්වා ව්‍යාප්ත කර තිබෙනවා. කාබනික අපද්‍රව්‍යද…

View original post 476 more words

Advertisements

6 Comments

Filed under Opinion

6 responses to “What to choose; an unknown or more of the same? පරමාදර්ශී, වෙනුවට තිරසාර ජීවන විලාසිතාවක්!

  1. 1.මා තේරුමක් ඇතිව කියවන්නන් සමූහයට අයත්වේද?
    2.එසේ වේ නම් එයට ප්‍රතිලාභය කුමක්ද?
    3.එසේ නැත්නම් එයට සුදුසුකම් ලබන්නේ කෙසේද?
    3.මේ ප්‍රශ්න ඇසීමේ හේතුව මතම Rye-Village මහතා විසින් මා තේරුමක් නැති කසල ගොඩට දමනු ලබයිද?
    4.එසේ දැමුවොත් මට ප්‍රතිචක්‍රීකරණය වීමට අවස්ථාවක් ලැබේද?

      1. 1 තීරණය ඔබේ අතේය.
      2. 2 ඔබ කියවීම (කැමැත්තෙන්) මට සතුටකි. අනික් ප්‍රතිලාභ නොදනිමි.
      3. 3 නිර්ණායක තවම සම්පුර්ණ කර නැත.
      4. 3 තුන්වන ප්‍රශ්නය දෙවරක් ඇසීමේ හේතුව මත, මේ ප්‍රශ්නයට පිළිතුරු දිය නොහැක.
      5. 4 ජීවිතය ප්‍රතිචක්‍රීකරණය වීම ගැන මා විශ්වාස නොකරමි. කුණුකය ක්ෂුද්‍රජිවින් විසින් ප්‍රතිචක්‍රීකරණය කරනු ඇත.
  2. කඩයිම් ප්‍රශ්නය –
    මේ ප්‍රශ්න ඇසීමේ හේතුව මතම Rye-Village මහතා විසින් මා තේරුමක් නැති කසල ගොඩට දමනු ලබයිද?

    • ප්‍රා J මහතාණනි, ප්‍රශ්න රිසයිකල් කිරීමට අවසරයක් නොමැති වග කරුණාවෙන් සලකන්න.

  3. ඔව් …ඉලෙක්ට්‍රොනික් බඩුම ගත්තත් ලොකු නාස්තියක් වෙනවා කියලා හිතෙන්නේ. මම දන්නා බොහෝ අය ජංගම දුරකථන පාවිච්චි කරන්නේ අවුරුදු දෙකක් වගේ – ලැප්ටොප් එකක් අවුරුදු තුනයි.

    ඊට පස්සේ ඒ භාණ්ඩයේ reuse කරන්න හැකි components තිබුණත් එහෙම කරන්න අවශ්‍ය දැනුම, ශ්‍රමය, කාලය සහ ඕනෑකම නැති වීම නිසා ඒක විසිකරලා අලුත් එකක් ගන්නවා.

    මගේ දැන් ජංගම දුරකථනයට අවුරුදු දෙකක් – restart වෙන්න ගත්තා – විසිකරන්නේ නැතුව මම ඒක හදා ගත්තා – මෘදකාංග අවුලක් තිබුනේ. හැබැයි මම ඒක කරන්න දන්නවා. ඒ ක්ෂේත්‍රයේ නැති කෙනෙක් එහෙම කරාවි කියල හිතන්න අමාරුයි…

    • මන් හිතන්නේ නිරෝෂි, එවැනි දේවල් පුනරුත්තාපන වියදම (ශ්‍රම මිල සාපේක්ෂව අධික), අලුත් එකක් ගැනීමේ මිලට ආසන්න වන නිසා, මිනිසුන් පෙළඹෙන්නෙත් නැහැ.

      අනික, අද භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ කල් පවතින්නත් නොවේ නේද. භාණ්ඩ පරම්පරා අතර කාලය අඩුකිරීමත්, ඒවා ප්‍රවර්ධනයේම අංගයක් නේ. මේ තත්වය මෙහෙම පවතින්නේ, ලෝකයේ විශාල පිරිසකට ඒවාට තාම අතපොවන්න බැරි නිසා.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s