Cuba – One Island, Two Worlds


මිනිසුන් රට රටවල ගිහින් ඇවිත් ලියන දේවල් අප කවුරුත් කියවනවානේ. මොකද ඒවා බලාගන්නට බැරි නම්, අඩුම ගානේ දැන  ගන්න හෝ අප සියලු දෙනාම වගේ කැමතියි. මෙසේ ලියවුන සමහර දේවල් කියවන්න හිතෙන්නේ නැහැ. මොකද ඒවා, ලියන කෙනාගේ වෙනත් මතාන්තර වලිනුත් පුරවා තියන නිසා. මා කියවපු මේ සටහන ඔබටත් කියවන්න කැමති එකක් ද කියා බලන්න.

ඇත්තටම අප පාසල් හා සරසවි අධ්‍යාපනය ලැබුව  කාලය හා සසඳන විට, ලෝකය ගොඩක් දුර ඇවිල්ල කියල මට හිතෙනවා. ලෝකය එහෙම ඉදිරියට ගියත්, අපට පසුව ඉපදුන පිරිස් පවා, තවත් පසුපසට ගිහින් තියනවයි කියලත් මට සමහරවිට සිතෙන දෙයක්. එය එතරම් දෙයක් නොවේ, කුඩා කල පරාසයක් ගත්තහම ඒ වගේ පරස්පර තත්වයක් පෙනෙන්න තිබුනත්, ලෝකය සැබවින්ම ඉදිරියට යනවා.

ඇත්තටම රටකට කෙටි කාලීන  සංචාරයකට ගියාට, එම රට ගැන නිවැරදි වැටහීමක් ගන්නට ඉතා අසීරුයි. රොබර්ට් නොක්ස් වගේ, බුලත් විට කමින්, ඒ රටේ ජනතාවත් එක්ක ගැටිලා, රැකියාවල් කර, කාලයක් ජීවත් වීමෙන් තමා යම් අවබෝදයක් ඒ සමාජය ගැන ගන්න හැකි. එහෙම වුවත්, එම රටේම ඉපදුන කෙනෙකු තරම් දේවල්, අවබෝධ කර ගන්න හැකිය කියා මා විශ්වාස කරන්නේ නැහැ. මෙය සංක්‍රමණිකයන්ට තියන එක ප්‍රශ්නයක්.

කවුරුන් කෙසේ සිතුවත් මා නම් ජිවිතයේ ලබපු එක හොඳක් තමා, මෙහෙම සමාජ දෙක තුනක යම් කාලයක් ජීවත්  වීමෙන් ලබපු ඉගෙනීම්. ඒ සමාජද කාලය සමග, (මා දැන් ජීවත්  වෙන සමාජය මෙන්ම) වෙනස් වී තියනවා. සමහර දේවල් එසේ වෙනස් වුනේ මොකද කියන එකට සරල පිළිතුරක් දෙන්න විදිහකුත් නැහැ.

සමාජ වෙනස් වන්නේ මිනිසුනට ඕනේ නිසා. මිනිසුන් බහුතරයකට අවශ්‍ය නැතිව, වෙනස් කරන්න උත්සහ කරපු සමාජ, දුන්නක් බලෙන් නවල තියල, අතහැරිය වගේ යලිත් කලින් හිටිය තැනට ම නැති වුවත්, ඒ ආසන්නයට වගේ ගිහින් නවතිනවා. මා නවතිනවා කියන්නේ, යලි ඉදිරියට යන්නේ එසේ කලින් තැනට හෝ ඒ ආසන්නයට ගිහින්, එතැන  ඉඳන්.

කෝපරේට් ග්රිඩිනස් ගැන අප නිතර කියනවනේ. අප අමතක කරන දෙයක් තමා තනි පුද්ගල ග්රිඩිනස් එක. මා කලින් සටහනක ලියා ඇති. එක වතාවක් ලංකාවට ගිය වෙලේ, වගාවන් වලට බෙහෙත්-තෙල් ගහන අයිය කෙනෙක් කියුව කතාවක්. ගෙදර කට්ටිය කන මයියොක්ක පඳුරු දෙක තුන බේරලා, කඩේට යවන එව්වට දහ පාලොස් ගුණයක් සාන්ද්‍රණය වැඩි කර ගහනවා.

එතැනදී අර කලින් කියුව වගේ බහුජාතික සමගම බූවල්ලෙක් ගැන කියන පිරිස්, තමන්ට මයියොක්ක එවන කෙනා එහෙම හැසිරෙන්නේ මොකෝ කියා හිතනවද? එතැනදී තමන් වෙළඳපොළට ඉදිරිපත් කරන නිෂ්පාදනය ගැන ආඩම්බර වන කෙනෙක්, එහි කොලිටිය ගැන ආඩම්බර වන කෙනෙක් අප අතර නැත්තේ මොකෝ?

මිනිසුන් සමාජයක් ලෙස ගත්තොත් අඩු වැඩි වශයෙන් තියන කෑදරකම පිටු දකින්න පුළුවන් කියා හෝ ඇත්තටම පිටු දකින්න ඕනෙය කියාත් මා හිතන්නේ නැහැ. වැඩ නොකරන පිරිස් වලට එවැනි “පරමාදර්ශී” කෙනෙකු ගැන සිහින මවන්නට හැකි, කිසිදා වැඩක් කර නොමැති නිසාත්, එවැනි පිරිස් ජීවත් වන්නේ වෙන අයෙක් වැඩ කරන නිසාත්.

https://youtu.be/H7j4k-3QYPM

DAVE ✌️

Cuba, for most people, is the land of old American cars, cigars and rum. The land that was frozen somewhere back in the 50’s.

I lived in Cuba for 6 months last year with my husband, Fidel. Cuba became my second home and after some observations, the land has two worlds: the world of the locals and the world of the tourists. These two worlds are completely separated. It is a difficult place to visit for those who cherish the local culture and want to experience life as the locals do. In Cuba, you’ll never live like a local person (even if you move there one day it still won’t be the same). However, this might not be a bad thing. Of course, you’ll always meet locals, you’ll party with them and maybe even fall in love with one but in Cuba, you will always be a Yuma (Cuban word for…

View original post 934 more words

Advertisements

15 Comments

Filed under Agriculture, Opinion

15 responses to “Cuba – One Island, Two Worlds

  1. සමාජවාදය පවත්වාගැනීමට අත්‍යවශ්‍ය ආයතන интурист මතක්වුනා, валута වලට බඩු වික්ක පාළු කඩ වල නමනම් මතක නෑ

    • සෝවියට් සමාජවාදය ඔය ඉන්තුරිස්ට් මත රඳා පැවතුනා කියා මා නම් හිතන්නේ නැහැ. සෝවියට් සංගමය (විශේෂයෙන් රුසියාව) ලෝකයේ “හිඟන රටවල් හා සමාජ” විශාල ප්‍රමාණයක් නඩත්තු කෙරුව. අපට දුන්නු ශිෂ්‍යත්ව පවා එයින් කොටසක් කියල සමහරුන් කියනවනේ. රුසියානුවන්ගේ ස්වභාවික සම්පත් හා සෝවියට් ජනයාගේ ශ්‍රමය යොදන් ඒ ගෙනගිය වැඩ පිළිවෙල කවද හෝ කඩා වැටෙනවා.

      මා එක උදාහරණයක් කියන්නම්. සෝවියට් සංගමය කඩා වැටුනට පසු, කියුබානු සීනි කර්මාන්තයට වුන දේ. නිපැයුම් මිලටත් වැඩියෙන් දීලා ගනිමින් හිටිය සීනි , (සෝවියට් දේශය නැවතුවට පසු) දෙන්න ලෝකේ කෙනෙක් ඔවුනට නැතුව ගියා. සීනි කර්මාන්තය කඩා වැටුන. ලෝකය සමග ඉදිරියට නොයෑම හා මිනිසාගේ කෑදර කමට ඉඩ නොදුන්න විට, අලුත් නිපැයුම් ඇති නොවීම ගැන කියන හොඳ උදාහරණයක් එය. මට මතක හැටියට කලකට පසු මේ මේ යල්පැන ගිය කර්මාන්තශාලා ප්‍රතිවියුහගත කරන්න බාර දුන්නේ, බ්‍රසීල සමාගමකට. එයට මොනවා වුනා ද කියා මා දන්නේ නැහැ.

      • මට කියන්න ඕන උනේ වෙන දෙයක්, ඉන්තූර්ස්ත් තිබේබේ සංචාරකයන්ගෙන් මුදල් ගරන්න නොවෙ, විදේශිකයෝ ස්වදේශිකයන් සමඟ ගැවසීම අඩු කරන්න සහ විදේශකයන්ගේ ගමන් බිමන් නීරීක්ෂණය පහසු කිරීමට බවයි මගේ අදහස, කියුබාවේත් එවැනි සේවා ඇති බව ලින්කුවෙන් කියෝ ගත්තා.

        • ආ! මා තේරුම් ගත්තේ වෙනත් විදිහකට ඇණය.

          මා මේ සංචාරක සටහන සිංහල පාඨකයා සමග බෙදා ගත්තේ වෙන කිසිවක් නිසා නොවේ, මා දකින සමහර අදහස් නිසා.

          මෙය ලියා තියන කාන්තාව, එය ලියා තියෙන්නේ දේශපාලන අදහස් ඔබා නොවේ. ඇය ඇත්තටම දකින දේ. ඇය කියන දේ (එනම් දැකපු දේ) මා තේරුම් ගන්නේ මගේද අත්දැකීම් සමගනේ. ඔබද එහෙමයි. අනෙක් අයද එහෙමයි.

          කියුබාව, ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව යන රටවල් තුන ඔය මා ලියා තියන අනුපිලිවෙලින්ම අන්ත දෙකක් හා මැදක් තියන ලෝකයේ මෑත කාලීන, සාපේක්ෂව කුඩා ජනගහණයකින් යුත්, රටවල් තුනක සමාජ, දේශපාලන හා ආර්ථික සංවර්ධනය අත් කර ගත විධි තුනක් ගැන කියන අපූර්ව උදාහරණයක්.

          අඩු වැඩි වශයෙන් ඒකාධිපති වාදයත්, රාජ්‍ය හා පෞද්ගලික ව්‍යවසායකත්වය විවිධ මට්ටම් යටතේ යොදා ගත් පාලන ක්‍රම තුනක් තිබුන රටවල් තුනක්. දෙපැත්තේ රටවල් දෙක අන්ත දෙකක් නම්, මැද තියන ලංකාව, එම රටවල් දෙකේම සම්මිශ්‍රණයක් කියන්න පුළුවන්.

          • //අඩු වැඩි වශයෙන් ඒකාධිපති වාදයත්, රාජ්‍ය හා පෞද්ගලික ව්‍යවසායකත්වය විවිධ මට්ටම් යටතේ යොදා ගත් පාලන ක්‍රම තුනක් තිබුන රටවල් තුනක්. දෙපැත්තේ රටවල් දෙක අන්ත දෙකක් නම්, මැද තියන ලංකාව, එම රටවල් දෙකේම සම්මිශ්‍රණයක් කියන්න පුළුවන්.// උඹේ මේ අදහසට මම කැමතියි

  2. කෞශල්‍ය

    රයිගම සහෝ, මිනිස්සු අතර තියෙන කෑදර කම පිටු දකින්න බැරි උනත් එය අධි පරිභෝජනය වෙත යාම regulate කර ගැනීම සමාජයක් ලෙස වැදගත් කියා ඔබට හිතෙන්නේ නැද්ද? විශේෂයෙන්ම අසංස්කෘතික මිනිසුන් තුල තියෙන කෑදර කම නිසා වෙන හුටප්පර මේ trump අය්යලා වගේ අය කරන වැඩ නිසා පෙනෙන විට.

    • මා එකඟයි කෞශල්‍ය. හැබැයි එය කරන්නට හැකි බලෙන් මිනිසුන් වෙත පැටවීමෙන් නොවේ. එය මිනිසුන් තුලින්ම පැන නගින්න ඕනේ දෙයක්. මා එම ලක්ෂණ සමාජය තුල දකිනවා.

      ලබන සතියේ එලි දැක්වීමට නියමිත ඕස්ට්‍රේලියානු අය වැය ගැන ජනමත සමීක්ෂණයකින් කියවුනේ චන්ද දායකයින් බහුතරයක්, ආණ්ඩුවේ වියදම් කපා, අතිරික්තයක් වෙත ඉක්මනින් යාම ගැන කැමැත්ත පළ කරන අතරම, 64% වගේ පිරිසක් රටේ සුබසාධන වියදම් කැපීම ගැන කැමති නැහැ කියා. මේ සියල්ලන්ම, ඒ සුබසාධන වලින් ප්‍රතිලාභ ලබන අය නොවේනේ. ඇයි මිනිසුන් එහෙම සිතන්නේ. එය කවුරුවත්, ඔවුන් මත බලෙන් පටවපු සිතිවිල්ලක් නොවේනේ.

      • කෞශල්‍ය

        ඔව් ඔබ හරි එය මිනිසුන් තුලින්ම පැන නැගිය යුතුයි තමා. මම අදහස් කලේ එවැනි දේ ගැන සමාජ කතිකාවත් ඇති විය යුතුයි කියා. එවිට කෑදර කම කියන දේ බඩ ජහරි තත්වයට පත්වීමට නොදී socially regulate වීමකට ලක් විය හැකි නිසා.

        • කෞශල්‍ය, ඔබ අධි-පරිභෝජනය කියන දේ ගැන මගේ අර්ථ දැක්වීම වෙනස්. මේවා මිනිසුන්ගේ තේරීම්. මිනිස් තේරීම් බහුතරයක් තනි මිනිසුන් වශයෙන් අප සිතා බලන්න ඕනේ දේවල් (සාමූහික මැදිහත්වීම් අවශ්‍ය දේවල් තියනවා කියා මා පිලිගන්නවා).

          • උඹලගේ පැත්තේ ජිවත්ව හිටපු කුමාර් ගුණරත්නම් කියල හාදයෙක් මේ පැත්තේ ආව. ඔයවගේ අධි පරිභෝජන කතාවක් තමා කිව්වේ. කොමියුනිස්ට් වාදයට යන්නේ ඒකට නම් දේශපාලනය වැඩක් නැහැ. භාවනා කරන්න වනගත වුණාම හරි. මිනිසුන්ට ඒ දේ නැති නිසා සෝවියට් පුරවැසියෝ කරප දේවල් මතක ඇතිනේ.

            • මචං, ලෝකයේ මෙතෙක් සිදුවුන දේවල් ගැන බොහෝ මිනිසුනට ඇත්තේ අල්ප දැනුමක්. ඔවුන් යන්ත්‍ර වගේ එකම දේ කියනවා. ගොඩක් වෙලාවට ඒ කියන දේවල්, ඔවුනගේ ජිවිතයේ වත් නැහැ. මේ දේවල් සමාජයේ කොටසකට කනට මීපැණි වගේ. ඒ ඔවුනට මොකුත් කරකියා ගන්න බැරි නිසා. ඒ අය ගෙන් පිරිසක්, එතැනින් “ගැළවුන ” විට සිදුවුන දේවල් වලටත් ඉතිහාසයේ ඕනේ තරම් උදාහරණ තියනවා.

              මෙහෙ නම් හිටියේ ඇන් ඇම් කියා හාදයෙක්. 🙂

  3. කෞශල්‍ය

    ස්තුතියි රයිගම්, එය පැහැදිලියි කට්ටියගේ තේරීම් තමා. නමුත් මට හිතෙන්නේ තේරීම් වලට එහාට ගිය තෝරා දීම් වැඩිවන බවයි. වෙන විදියකට කියනවනම්, අපි තෝරා ගන්නවා (මාලු නෙවෙයි) කියුවට යම් තරමකට එම තේරීම් දැනටම කරලා ඉවරයි වගේ දෙයක්. නමුත් සමාජ කතිකාවත් මගින් මිසක් බලෙන් කිසි දෙයක් වෙනස් කල නොහැකියි කියා තමයි මට හිතෙන්නේ. සුභ රාත්‍රියක් රයිගම.

    • මේවා ගැන මා කලින් ටික ටික ලියා ඇති. ඔබ කියන දේ මට තේරෙනවා. එවැනි “තෝරා දීම්”වලට අවනත නොවන, තමන්ට “අවශ්‍ය” දේ පමණක් ගන්නා මිනිසෙකු ගැන තමා මගේ කතාව යන්නේ.

      මෙතැනදී එකතු කරන්න දෙයක් තියනවා. අපට නොපෙනෙන “අධි පරිභෝජනයකුත්” තියනවා. උදාහරණයකට, වවන එලවලු පලතුරු 60% ක් පමණ පසු අස්වනු අවස්ථාවේ විනාශව යනවා නම් (පාරිභෝගිකයා අතට එන්නට පෙරම), එතන විශාල නාස්තියක් (පරිභෝජනයක්) වෙනවා.

      එවැනි දෙයක් ගැන සාමාන්‍ය මිනිසුන් හිතනවද? බලන්න වවන දෙයින් කන කොටසට වඩා වීසි කරන කොටස වැඩියි. බටහිර අධි පරිභෝජනය ගැන විලාප තියන පිරිස් මේ ගැන සිතනවද?

      අනික එයට පිළිතුර මොකක්ද? තවත් පසුපසට ගිහින්, තවත් සම්පත් නාස්තියට යන කාබනික හිනටිකරණයට යාමද? නැහැ, තාක්ෂණයත් සමග ඉදිරියට යාමෙන්. හරි මට දැන් පරක්කු වෙනවා. 😀

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s