අප්‍රේල් 30!


අද අම්මට කතා කරපු විට කියුවේ, හෙට බස් වලින් කොළඹ යන්න කට්ටිය ලේස්ති වෙනවා කියා. එතකොට තමා අද අප්‍රේල් මස අන්තිම දිනය කියා මට අවබෝධ වූයේ. පසුගිය දින වල, දවස් ගෙවෙනවා එතරම් සිතට දැනුනේ නැහැ.

කාර්ය බහුල විට, කාලය ගෙවෙන වග තේරෙන්නේ නැතිය කියනවනේ. වැඩ කිරීම අපව ජිවත් කරවනවා. එකක් මුදල් සොයන්න වැඩ කිරීම. අනික තමා වැඩ කිරීම මගින් අපගේ මාංශ පේශීන් යාවත්කාලීනව තබා ගන්නට උදව් වෙනවා. මුදල් සොයන්නට වැඩ කිරීම කියන්නේ, දවසෙම පුටුවක වාඩි  වෙලා කරන දෙයක් නම්, මාංශ පේශීන් යාවත්කාලීනව තියා ගන්න, වෙනම වැඩ කරන්න වෙනවා.

වැඩකරන ජනතාව සමරන්න යොදන් තියන මැයි  පළමු වනදා අපට නම් නිවාඩු නැහැ. ලෝකයේ එදින මහජන නිවාඩු දිනයක් බවට පත් කරපු රටවල් ගණනාවක් තියන වග නම් අප කවුරුත් දන්නා දෙයක්. ලංකාවත් මන් හිතන්නේ මේ දිනය සමරන විදිහ ඇති ලෝකයේ අනෙක් බොහෝ රටවල් වලට වඩා විශේෂයි*.

මිනිසුන් ජිවිත කාලයක් තිස්සේ පුටුවල වාඩි  වෙලා වැඩ කර විශ්‍රාම ගත්තු විට මුහුණ දෙන ප්‍රශ්න ගැන අහන්න ලැබෙනවා. සමහරුන්ට එක පාරටම වාඩිවී (ශරීර කෘත්‍යය වැනි දෙයකට පවා) නැගිට ගන්න පවා බැරි වීමත් එයින් එක සිද්දියක්. එයට එක හේතුවක් ලෙස දක්වන්නේ, නැගිට ගන්නට උදව් දෙන මාංශ පේශීන්, වසර ගණනාවක් තිස්සේ ක්‍රියාකාරී නොවීමෙන් නිලීනව ගිය නිසා, නැගිට ගන්නට බැරි වීම. මෙතැනදී මතක් කරන්නට අවශ්‍ය, වැරැද්ද කන්තෝරු රැකියා කිරීම නොවේ, එයින් පිටත ක්‍රියාකාරී දිවියක් ගත නොකිරීමයි.

ඇඟ වෙහෙසවන රැකියා වලට කැමති නැති පිරිසකුත් සමාජයේ ඉන්නවනේ. මොනම රැකියාවක් කලත්, අලස දිවියක් ගත කිරීම, එනම් අයිස් ගහන එක නම් හොඳ දෙයක් නොවේ. වෙන දේවල් කරන්නට තියනවා නම් (හා නිකම් කාල ඉන්න තියනවා නම්), ඇඟ  වෙහෙසෙන රැකියා වලට (ගෙවීම් හොඳ වුවත්) පිරිස් නොමැති වන වග මේ පරිසර වලින් පෙනෙනවා.

උදේ පොඩි වෙලාවකට මා බලපු රූපවාහිනී ප්‍රවුත්ති වැඩසටහනක ගියේ, ඇමෙරිකාවේ ඇලබාම වලද කොහෙද කේල් වවන ගොවියෙකුගේ කතාවක්. ඔහු කියුවේ, වවපු කේල් කඩන්න වයිට්, බ්ලැක් හෝ කහ එවුන් (ඇමෙරිකානු) මොකෙකු වත් නැතිය කියා. හදිසියේ ඕකුන් ආවත් එක්කෝ පැයක්, නැත්නම් වරුවක් අල්ල හිටියි එයිට වඩා නම් නැතිය කියා.

ඔහු වසර විස්සක් පමණ තිස්සේ වගා කරන අයෙක්. කේල්  කොළ ශාකයෙන් කඩන්නේ (වෙන්කර ගන්නේ) අතින්. ඒවා හතර පහක් එකතු කර නටු අගට, රබර් පටියක් දමල, පෙට්ටි වල අඩුක්  කරන්නේ මිනිසුන් විසින්. ඔහුගේ ගොවිපොළේ මේවා නෙලන්න එන්නේ, ලතින් අමෙරිකානු රටවල් එන නීති විරෝධී සංක්‍රමණිකයන්.

අලුත් පාලනය අනුගමනය කරන ක්‍රියා මාර්ග නිසා, ඔවුන් දැන් එළිපිට මේ වගේ රැකියා වලට එන්න බය වගයි ප්‍රවුර්තියෙන් කියවුනේ. මේ ගොවියා කියුවේ, මේ වගේ අතින් නෙලන දේවල් වගා කරපු බොහෝ දෙනා, ඒවා වගා බිමේම කුණු වෙන්නට ඇරලා කියා.

ඕස්ට්‍රේලියානු රජයත් පසුගිය කාලයේ බැක්පැක් ශ්‍රමිකයන්ට විශාල බද්දක් (32.5%) පනවන්නට ගියා. එයට ගොවියන්ගේ සමිති හා වෙනත් දේශපාලන පක්ෂ වලින් ආපු විරෝධය නිසා, එය අන්තිමට 10.5% දක්වා අඩුවී පාර්ලිමේන්තුවේ සම්මත වුනේ.

මෙතන මේ බැක් පැක් ශ්‍රමිකයන් කියන්නේ, රටවල් බලාගෙන යන්න එන තරුණ පිරිස්. ඔවුන් රටවල් වල ඇවිදින ගමන් ම තමා වියදමත් සොයා ගන්නේ. අතින් නෙලන පලතුරු හා එළවලු වගාවන් වලට ඔවුනගේ ශ්‍රමය අත්‍යවශ්‍ය, දේශීයව ඒවා වලට ඉදිරිපත් වන පිරිස් නැති නිසා. මෙතැනදී රැකියා වෙළඳපොල සන්තෘප්තව ගොස් ඇති නිසා පිරිස් නැතුව නොවේ. කෙටිකාලීනව මෙවැනි රැකියා වලට, ජනගහනය බහුල නගර වලින් යන පිරිස් සොයා ගන්නට නැහැ.

ලංකාවේ පවා පුරප්පාඩු තියන රැකියා 20, 000 ක් පමණ තියනවා කියුවේ මගේ සහෝදරයෙක්. මන් හිතන්නේ එතැනදී පවා රැකියා වෙළඳපොල සන්ත්රුප්තව ගොස් නැතිව ඇති.

මාත් ගෙදර වැඩකට මේ වගේ ප්‍රොෆෙෂනල් කෙනෙකුට කතා කෙරුවහම මිනිහා කියුවේ, මටම කර ගන්න පුළුවන් නේ කියල. ඒ කතාව මන් කලින් ලියා ඇති. එතැනදී මිනිහාට අවශ්‍ය තරමට (අඩු මහන්සියෙන් කරන්න හැකි) වැඩ තියන නිසා තමා, මගේ වැඩේ බාර නොගත්තේ.

ගෙදර තව වැඩකට අත්තිකාරම  දීලා දැන් මාසයකට වඩා වැඩි වුනත්, තවම වැඩේ පටන් ගන්න දිනයක් නම් හම්බ වුනේ නැහැ. මේ වැඩ (මේසන්, ප්ලම්බින් වගේ) කරන අයගේ හිඟයක් තියනවා කියා බැලු  බැල්මට පෙනෙනවා.

කොහොම වුණත්, මා තනිවම කරන්න ගත්තු වැඩේ මන් ටිකක් වවා ගත්ත. ඒ කියන්නේ වැඩේ කරගෙන යන විට, තව දේවල් කරන්න හැකිය කියා සිතුන නිසා මා දේවල් එකතු කෙරුව. ඇත්තටම ගෙදර දොර වැඩ කර ගැනීම සඳහා අතේ හුරුවක් තිබීම හැම කෙනෙකුටම ප්‍රයෝජනවත් දෙයක් කියා මා හිතනවා. නමුත් මේක අප එකිනෙකාට අනුව වෙනස් වන දෙයක් නේ.

සුද්දන් පොදුවේ ගත්තොත් ගෙදර දොර වැඩ කර ගැනීමට තරමක් සූරයි (අපත කට්ටියත් ඉන්නවා තමා). අනික තමා වැඩක් කරන එක ගොඩක් දෙනා ඇප්රිශියේට් කිරීම. එය මා දන්නේ, මට ඔය පාරේ ඇවිදින්නට යන මිනිසුන් කියපු කතා නිසා. කොහොම වුවත් මගේ වැඩේ අතේ හුරුව පමණක් නොවේ, ශාරීරික ශක්තියක් උරගා බලන දෙයක් වුනා. දැන් ඉතින් මැයි දිනේ සමරන්න විතරයි ඉතුරු.

*මා දැන් වසන පරිසරය අනුව එහෙම ලියුවත්, එය නිවැරදිම ප්‍රකාශයක් නොවේ. ඔවැනිම තත්වයක් ලෝකයේ රටවල් ගණනාවක තියන වග මට හමුවූ මිනිසුන් කියා තියනවා. එක මොරිෂෂ් පොරක් කියුව විදිහට, එහෙ මැයි  දිනය සැමරීම, ලංකාවට ගොඩක් සමානයි. බස් වලින් සෙනග ඇදීම, දවල්ට බිරියානි  පැකට්ටුව හා බොන්නට මධ්‍යසාර වගේ දේවල් එහෙත් වෙනවා. ලංකාවේ මෙන්ම බොක්කෙන් සහභාගී වන පිරිසකුත් ඇති. හැබැයි, ඔහු කියුවේ නිවාඩු දිනක් වන මැයි  පළමු වනදා, නිකමට හෝ වෙරළට පවුලත් එක්ක යාම භයානකයි කියා. එකක් නොමිලේ බොන්න හම්බු වුන පිරිස් වෙරිමතින් විකාර කිරීම. අනික මේ වගේ කට්ටිය පක්ෂ දෙකක නම්, මේ වගේ වෙලාවට රණ්ඩු  කර ගත්ත විට, ගෙදර එන්න පාරවල් සොයා ගන්න බැරි වීම.

Advertisements

18 Comments

Filed under Agriculture, Australia, Lifestyle, Opinion, Reflections

18 responses to “අප්‍රේල් 30!

  1. Pra Jay

    Would writing a blog qualify as strenuous activity ? 😀

    • Look at the time Pra. This was written/published at 23:40. 😀

      And seriously, it would. Easy to start, hard to keep going.

  2. ආපු නැති ටිකට බ්ලොග් එකේ පාට එහෙමත් මාරු කරලා.

    • ඔමාව දැකපු කල්? එහෙම තමා හැමදාම එකම විදිහට ඉන්න බැහැනේ.

  3. අපේ තාත්තත් ගෙදර ප්ලම්බින් වැඩ, මේසන් වැඩ තනියම තමයි කලේ. ඔහු ඇත්තටම ඕල් රවුන්ඩර් කෙනෙක් විදියට තමයි අපේ අම්මලාගේ පවුලේ ප්‍රසිද්ධ. අපේ අම්මට හරිම ආඩම්බරයි ඉතින්.

    වෙන කෙනෙකුට වැඩේ බාර දෙන්නේ එක්කෝ ඒක තනියම කරන්න අමාරුයි නම්. සමහර වැඩ තනියම කරනකොට, “අපෝ මනුස්සයෙකුට කුලිය දෙන්න ලෝබකමට තනියම නැහෙනව” කියල කියන අයත් ඉන්න නිසා, සමහර වෙලාවට එහෙම වෙන කෙනෙකුට වැඩ කරන්න දුන්නා. සමහර විට සුද්දෝ ඔය වගේ වැඩ වලට සූර, අර වගේ ඕප දූප කාරයෝ එහේ නැතිව ඇති. ඒ නිසා පොඩි කාලේ ඉඳලා තනියම වැඩ කරගෙන පුරුදු වෙනවා ඇති.

    හැබැයි ඕප දූප කාරයෝ මොනවා කිවුවත්, ගෙදර වැඩ කරන්න පුළුවන් පිරිමි, අනිත් අයට වඩා හරිම sexy.

    • මෙහෙ (හා තවත් රටවල) සමහර හාර්ඩ්වෙයා කඩ තියෙන්නෙත් තනිවම වැඩ කර ගන්න අය ඉලක්ක කරලා නේ මානවිකා. ඒ කියන්නේ එයට සෑහෙන ඉල්ලුමක් තියනවා. එය මිනිසුන් මුදල් ඉතිරි ක්‍රමයක් ම නොවේ. සමහරවිට මුදල් ඉතිරිවෙනවා ඇති. එය රෙක්රියෙෂනල් අංගයක්. මා සමහරවිට මුදල් ඉතිරිවෙනවා ඇති කියුවේ, අවශ්‍යතාවයක් නිසා කරන අය ගැන සිතා නොවේ. විනෝදාංශය ක් ලෙස කරන අය, අවුරුද්ද පුරා මොකක් හෝ පටලන් කරන නිසා.

      කොලනි සමයේ වුන අකටයුතු කම් ගැන නිතර කියනවනේ. දුෂ්කර පරිසරයක, තනි මිනිසුන් ලෙස හා සමූහයක් ලෙස, පාරවල් හදල, ගොවිපොළවල් දියුණු කිරීමට සුද්දන්ගේ ඕල්රවුන්ඩර් ගතිය හේතු වන්න ඇතිය කියා මා පෞද්ගලිකව සිතන දෙයක්.

      සිම්බාබ්වේ වැනි රටක වුවත්, පිරිසකට රැකියා දෙමින්, රටට ආදායම් උත්පාදනය කරපු ගොවිබිම් වලට, දේශීය ජනයා ආදේශ කරපු පසු සිදුවුන දෙය ඔබත් දන්නවා ඇති.

      ඔබ අන්තිමට කියුව කරුණ ලංකාව වැනි රටවල ප්‍රචලිත වුන දිනට සමහරවිට තත්වය වෙනස් වේවි. ඒ කියන්නේ මේසන් බාස් කියන්නේ, උපයන මුදලින් කසිප්පු බොන, ඇඟපත දුර්වල මිනිහෙක් නොවේ. මෙහෙ වගේ හොඳට ඇඟ හදා ගත්තු (වැඩ ඇරිලා ජිම් යන), සොයන මුදලින් ඵලදායි ලෙස ජිවත් වන කෙනෙක්.

      • ඔබ හරි. මෙහෙත් DIY ප්‍රොජෙක්ට්ස් වලට අවශ්‍ය දේවල් පහසුවෙන් හොයාගන්න පුළුවන්.

        ගෙදර දොර වැඩට ඉදිරිපත් වන කෙනෙක් sexy විදියට පේන්න හේතු දෙකක් මට මේ වෙලාවේ හිතෙනවා. (තව ඇති)

        එකක් තමයි, ඔබ කිවුවා වගේ, එහෙම වැඩ කරද්දී අනියමින් ශරීරය ක්‍රියාකාරී වන නිසා (workout), ආකර්ශනීය පෙනුමක් ලැබීම.
        අනික තමයි, ජෛව විද්‍යාත්මකවම ගැහැණිය “තමන්ගේ දරුවන්ට හොඳ තාත්තා කෙනෙක්” හොයාගන්න පෙළඹෙන ලෙස හැදිල ඉන්න නිසා, පොඩි පොඩි අලුත්වැඩියා කටයුතු කරගන්නට දැනුම, හැකියාව හා උනන්දුව තියන, කම්මැලි නැති පිරිමියෙකු, වගකීම් සහගත පියෙක් වනු ඇති යයි හිතලා, ඔහු වෙත ආකර්ෂණය වීමට යම් ඉඩක් තිබීම. 🙂

        • මා හිතන්නේ එතැන ඔබ කියුවට වඩා තවත් දෙයක් තියනවා. දුවලා කෙරෙහි, පියාගේ බලපෑම (පුතාලට වගේම හොඳේ) විශාල පරාසයක විහිදෙන එකක්. මා සරල ඇමුණුමක් දමන්නම්. කාන්තාවක් සහකරුවෙක් සෙවීමේදී (නොසිතාම) එක්කෝ පියාගේ තමන් දුටු යහපත් ලක්ෂණ සොයනවා. නැත්නම් (පියාගේ චර්යාවන්ට අකමැති කෙනෙක් නම්) එවැනි කෙනෙකුට කැමති වෙන්නේ නැහැ.
          Modern psychology and research tells us that young girls and women typically look to their father for a representation of male companionship standards, which are known to transpire into the realm of romantic and even sexual relationships.

          The quality of father-daughter relationships is believed by experts and found in research, to be a huge deciding factor when it comes to romantic relationships. A recent study conducted by Durham University, UK, concludes that women who have experienced positive father-daughter relationships usually end up selecting partners who resemble, or remind them of their fathers. The research also stated that women who have negative or less positive childhood relationships with their fathers weren’t attracted to men who looked like their fathers and actually sought out partners who demonstrated strong deviation from their father’s physical features and mannerisms.

          Dr. Lynda Boothryd who authored the study says, “The results show for certain that the quality of a daughter’s relationship with her father has an impact on whom she finds attractive. We can now say that daughters who have very positive childhood relationships with their fathers choose men similar to their fathers.” At the same time however, partner appearance and demeanor are just a couple of the father-related preferences and tendencies that women subconsciously project into their romantic relationships. Source: Father Daughter Relationships

  4. මගේ ව්‍යායාම නම් මොළයට සහ ඇඟිලි වලට විතරමයි, අපිත් කම්කරු ජනතාවට අයිතිද? 😁

    • කණ්ඩා, අයිති වුනොත් වැඩේ ලේසි නැහැ. මොකද පක්ෂ ගණනාවක් තැන් කිහිපයක ඉඳන්, ලෝකයේ කම්කරුවනි, එක්වව්! කියන විට, කොයි පැත්තට දුවන්නද කියල තේරුම් ගැනීම විශාල ප්‍රශ්නයක් වෙන්න හැකියි.

  5. මැයි පළමු වනදා නිවාඩුව වෙනත් දවසක ලැබෙනවාද එහෙනම්.
    අපි කම්කරු දිනය සැමරුවේ ගෙදර විවේකයෙන් සිටීමෙන්.ගෙදර දොරේ තමන්ට කර ගන්න පුළුවන් වැඩ තමන්ම කර ගන්නවා නම් හොඳයි වුනත් ඒ වැඩේ අපි කරන්න ගිහින් වැරදුණොත් එහමත් නැතිනම් අපි හිතපු විදියටම නොවුනොත් පශ්චාත්තාපි සිතුවිල්ලක් එනවා සමහරවිට අපරාදේ මේක අහවලාට කියලා මෙයට වඩා හොඳට කරගන්න තිබ්බා කියලා.

    • නැහැ, මනෝජ් එහෙම නිවාඩුවක් අපට නැහැ.
      //අපි කම්කරු දිනය සැමරුවේ ගෙදර විවේකයෙන් සිටීමෙන්// හොඳ දෙයක් කියා මාත් සිතනවා.
      ඔව්, මේ වගේ කුසලතා මිනිසුන් ගෙන් මිනිසුනට වෙනස් වෙනවා. අපගේ අල්ලපු ගෙදර පොරට නම් තනිවම ගෙයක් පවා හදන්න හැකියි. නිකම් නොවේ කොලිටියට. හැමටම එහෙම වන්නට බැහැ. අඩුම ගානේ නඩත්තු කටයුතු වලින් කොටසක් හෝ තමන්ට කර ගන්න හැකි නම්, ජිවිතයට එය ඉතා ප්‍රයෝජනවත්.

  6. මැයි දින දාට ලංකාවේ තමන්ගේ ගෙදර ඉන්න තියනවා නං ඒක තමා හොඳම කටයුත්ත. රැකියාව හන්දා මටත් බොහෝ විට ඒ අවස්ථාව අහිමි වුවත් මෙදා පාර ගෙදර ඉන්න ලැබුණා. ඒ අවසරයෙන් ගෙදරට වැඩක් ඇති දෙයක් කරගත්තා එදින.

  7. දැන් කරපු වැඩේ මොකක්ද?

    • ඒකත් ඕනෙද? නිවසෙන් එළියේ ජලාපවාහන පද්ධතිය වැඩිදියුණු කිරීම.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s