උදෑසන!


IMG_2049IMG_2065IMG_2070IMG_2080IMG_2085IMG_2091

සමහරුන් ගුළු වෙලා නිදන මේ වගේ සීතලේ, එලියට බැස්සහම පරිසරයේ ලස්සන (මේවා සබ්ජෙක්ටිව්) විතරක් නොවේ, සමාජයේ ඉන්න සුලුතරයක් වුවත් උදෙන්ම නැගිට තමන් ආසා  කරන කාර්යයන්හි නිරත වන පිරිස් හඳුනා ගන්න පුළුවන්.

මේ පාළු පෙදෙසේ දුවමින් හිටි යුවතියන් දෙදෙනෙකු මා දුටුවා. මා ගත කරපු පැයක  පමණ කාලය තුල, සැලකිය යුතු වාහන ගණනක් එතැන පසු කර ගියා. ඔවුන් යන්නට ඇත්තේ තවදුරටත් කැලය  වෙත. මා ඉඳපු තැන නතර කරපු වාහනයකින් බැහැපු දෙදෙනෙක් සීතලේ ඇඳුම් මාරු කර ගත්ත. ඔවුන් බයිසිකල් වලින් ඉතිරි ගමන පටන් ගත්ත.

මා මිනිස් වාසයට ආපු විට, ඇවිදින පවුල්, විශ්‍රාමික ජෝඩු දකින්නට ලැබුන. මොවුන් සමාජයේ ඉන්න එවැනි අයගේ බහුතරය කියා මා විශ්වාස කරන්නේ නැහැ. නමුත් උෂ්ණත්වය සෘණ අගයට ගිහින් තියෙත්දිත්, තමන්ගේ නිතිපතා ක්‍රියාකාරකම් වල නිරත් වීම, අප ගොඩක් දෙනාට ආදර්ශයට ගන්න හැකි දෙයක්.

 

Advertisements

6 Comments

Filed under Photography

6 responses to “උදෑසන!

  1. Pra Jay

    Quality photography, Mr. Rye Village.
    Congrats.

  2. කොච්චර ශීතල වුනත් නින්ද යන්න හොර අයත් ඇතිනේ.ඉතින් ඒ අය තමන්ගේ දෛනික ක්‍රියාකාරකම් වල අලස නොවී නිරත වෙනවා ඇති.
    ඒ කොයි හැටි වෙතත් රයිගම්ට නම් අපුරු ඇහැක් තියෙන බව නම් පෙනෙනවා

    • මෙතැනදී කියන්න ඕනේ මනෝ, සුදු ජාතිකයන් රෑට කන්නේ හවස හයට-හතට (අප වගේ දෙගොඩහා යාමයේ නොවේ). ඔවුන් දහයට පමණ නිදියනවා. උදෙන් නැගිටිනවා. අනික පරිණාමය වී ඇති හැටියට, ඔවුනට අපට තරම් සීතල දැනෙන්නේ නැතිය කියා මන් හිතනවා.
      //රයිගම්ට නම් අපුරු ඇහැක් තියෙන බව නම් පෙනෙනවා// පින්තූර දැකීමෙන් ඔබට යම් සතුටක් නම් එය වටිනවා. ඇත්තම පරිසරයත් මාර ලස්සනයි මනෝ.

  3. අපිත් හම්බ හීතලේ මයිනස් ගිහින් තියෙද්දී ෆුට්බෝල් ගැහුවා මතකයි. දැන්නම් හැමදේම කම්මැලියි. ලස්සන පළාත.

    • මා කියුවේ ඒකනේ මචං, මොනම දේ වත් නොසලකා උදෙන්ම නැගිට, ක්‍රියාශීලි වීම, අපටත් ආදර්ශයට ගන්න හැකි දෙයක් කියා.