විල් තෙර!


IMG_2048IMG_2090IMG_2091IMG_2110IMG_2111IMG_2113IMG_2116IMG_2118IMG_2119

කලින් පින්තූර ටිකට ලියපු අදාළ නැති කතාවේ, මා නොකියපු හේතු කිහිපයෙන් එකක් තමා, ගෙවත්තේ තමන් සිටවන පැලයක් පවා, එක්තරා ප්‍රමාණයකට ලොකු ගහක් වුනහම ඉවත් කිරීම සඳහා ටෙරිටෝරි ආණ්ඩුවේ අවසරය ගන්න වෙන එක. මේවා කරදර කාරී මෙන්ම, වියදම් කාරී ක්‍රියාවලීන්. එතැනට එන තෙක් නොයිඳ, කලින් පියවර ගැනීම මගින් අර දෙකම මග හරින්න හැකියි.

කුඩා ගෙවතු වල, විශාලව වැවෙන ගස් වවා ගැනීම අනුවණ කමක්. එය බොහෝ පැති වලට විහිදෙනවා. එකක් තමා අර කලින් කියුව වගේ විශාල වුනහම, තමන්ගේ කැමැත්තට ඉවත් කරන්නට බැරි වීම. අනික් ප්‍රධානම දෙය, මේවයින් නිවසට කරන බලපෑම. මා ඉවත් කරපු ගස අපට වඩා, අල්ලපු ගෙදරට කරදර වන එකක්.

ලංකාවේ පවා කොස් වගේ ගස් කැපීමට, මෙවැනි අවසර ඕනේ වෙනවනේ. මේ වගේ නීති වලින් බලාපොරොත්තු වන දෙයට වඩා වන්නේ, ජනජීවිතයට අනවශ්‍ය කරදර එක් කිරීමයි. අපගේ ප්‍රාන්තයේ තියන මේ ගස් ඉවත් කිරීමේ රෙස්ට්‍රික්ෂ්න් ගැන ෆෝරම් වල කෙරෙන කතා බහ මා දැක තියනවා.

ගෙවත්තේ තියන ගහකින්, තමන්ගේ නිවසට හෝ අල්ලපු නිවසකට කරදර (අතු හා මුල් වලින්) ඇති කරනවා නම්, මුදල් ගෙවා කොළ ෆෝරම පුරවමින්, බලන් ඉන්නට සිදුවීම හොඳ දෙයක් නොවේ. ඒ වගේම කොස් වැනි විශාල ගස් වල, කඳේ ආර්ථික වටිනාකමේ උපරිමයට ආවහම කපා ඉවත් කර, පැලයක් සිටුවීම තමා හොඳම ක්‍රමය. අප කුඩා කාලයේ ඇට වැටී හැදුනු, කොස් පැල අද රූක්ෂ ගස්. අනික බෙදී වෙන්වී ගිය කුඩා ඉඩම් වල විශාල ගස් තිබීම, ආරක්ෂා සහිත දෙයක් නොවේ.

මාත් එක්ක එදා කතා කරපු සුද්ද කීවෙත් මෙවැනි ගස් වලින් සමර් එකට ඇති කරන හෙවන හොඳ දෙයක් වුවත්, නිවස ළඟ මේවා විශාලව වැවුනහම, මහා කරදරයක් කියා. තමන්ගේ ගෙදරට අත්තක් වැටුනොත්, හෝ අල්ලපු ගෙදරට වැටුනොත් ඒවා පිළිසකර කරන්න යන වියදම් වලට අමතරව, කොළ වැටීමෙන් පසු පීලි බ්ලොක් වන එකම පවා මහා කරදරයක්. ඒ වගේම නිවසක් කියන්නේ ආලෝකමත් (රාත්‍රියට පමණක් නොවේ) එකක් වෙන්න අවශ්‍යයි.

ගෙවත්ත ගැන වසරක් බලා නොසිටියොත්, අලුතින් පැලවී එන ශාක (අනාගත විශාල ගස් වල ළමා කාල) ඕනේ තරම් දකින්නට ලැබෙනවා. මෙවැනි පැල අවුරුදු හතරකින් පමණ සැලකිය යුතු පමණින් විශාලව වැඩෙන වග නිරීක්ෂණය කරන්නට හැකියි. නියපොත්තෙන් කඩන්න තියන දෙය, පොරවෙන් කපන්න වෙන ගානට එනකම් බලන් ඉන්න එපා කියනවනේ. ඒ වගේම පොරවෙන් කපන්න හැකි දේ,  ට්‍රී  සර්ජන් (arborist) කෙනෙක් ලව්වා කර ගන්න කම් බලන් ඉන්න එපා කියලත් ඕක වෙනස් වෙන්න ඕනි.

Advertisements

10 Comments

Filed under Photography

10 responses to “විල් තෙර!

  1. ඔබ මගේ අසල්වැසියා වනවා නම්! මට ස්ථිර ගෙවතු වගාවක් කරන්න හැකියි, දැන් මම කරන්නේ ප්ලාස්ටික් බැරල් පලු වල පොර්ටබල් වගාවන්, ඒවා සුර්යාගේ සංක්‍රමණය අනුව මාස් පතා ස්ථාන ගත කරන්න වෙනවා. ඔය කේන්දර කොටු මම වගේ පොර්ටබ්ලේ ගෙවතු ගොවියක් ගේ නිර්මාණයක් වෙන්නැති. අසල්වැසියන් සමග සම්බන්දතාව කියනා මතුපිටින් බොහොම සරල නමුත් ඉතා සංකීර්ණ බැලන්ස් එකට තවත් එක වෙරියබල් එකක් එකතු කරන්න එපා කියා බිරිඳ ගෙන් ස්ට්‍රොන්ග් නිවේදනයක් නිකුත්වෙලා තියෙන්නේ. පර්චස් පහේ දහයේ ඉඩම් වල කැන්ඩියන් ෆොරෙස්ට් ගර්ඩන් වගා කිරීමත් වර්තමාන ඩෙංගු වසංගතයට ඉවහල් වෙන්නැති.

    • ඔබ හරි උනන්දුකාමි ගෙවතුවගා කරුවෙක්නේ.
      //අසල්වැසියන් සමග සම්බන්දතාව කියනා මතුපිටින් බොහොම සරල නමුත් ඉතා සංකීර්ණ බැලන්ස් එකට තවත් එක වෙරියබල් එකක් එකතු කරන්න එපා කියා බිරිඳ ගෙන් ස්ට්‍රොන්ග් නිවේදනයක් නිකුත්වෙලා තියෙන්නේ.// මෙය නිවෙස් වල විතරක් නොවේ, රටවල් වල අසල් වැසියනටත් එක සේ අදාලයි නේ ඇනයෝ.

  2. අපේ අල්ලපු ගදර පැත්තෙන් අපේ පැත්තට එන අතු ඔක්කොම මම කපල දානවා . මොන ෆෝරම්ස් ද? ඔය සින්දුව මම කැමති සින්දුවක් හැබැයි ඇහුවේ හුඟක් කාලෙකින්. ටෙලි ලෙන්ස් දාල නෙමේ නේද මේ පින්තුර ගන්නේ ? දෙවෙනි පින්තුරේ සෑහෙන්න කලාත්මකයි.

    • හරි නම් එයාම තමා කපල දෙන්න ඕනේ නේද?
      මා වැටේ යවල තිබුන මල් වැල් සියල්ල ඉවත් කෙරුව. උසට වැවිලා තිබුන නිසා මා දැක්කේ නැහැ. හැබැයි වින්ටර් එකට කොළ හැලුනහම දුටුවේ, අල්ලපු වත්තේ ගෙදර ගාවටම එව්වා ගිහින් කියා. 😦
      නැහැ මචන් මේ එකක් වත් ටෙලි ලෙන්ස් වලින් ගනිපුව නොවේ. මේ 18-55 mm ලෙන්ස් එකක්.

  3. Pra Jay

    Serene

  4. it.s difficult to type in sinhala. so i will type in english, if u don’t mind.
    the pictures are really beautiful and i am amazed to hear that u are using the same camera i am using. it seems i have to learn many things about photography. I always see yr posts in my mail but this is the first time i feel like visiting them. how do u find time to blog daily? it’s interesting to hear u r in australia as i like to visit places but never gone anywhere else yet! hope to visit yr blog again.

    • It is OK to write in whatever language you wish to, I don’t mind at all. Thanks for your kind words. You are right about photography. There are a lot to learn. I studied a few things. However, photography was not among them. I capture, what I see. It is simple as that.

      Did you subscribe my blog to get posts in your mail? I write whenever I have time to do so. Glad to know that you like travelling. I am sure you will visit places you want to when the time is right for you.

      Yes, please visit again! 🙂

      • I feel nostalgic 😀
        Few years ago I was in the same predicament as Ms. Gimannivannie. I found it extremely hard to type in Sinhala; had to take quite a lot of flak from some people who misunderstood !
        Then a few good Samaritans directed me to Sinhala Unicode convertor.

        • හි! හි!! මේ ape ප්‍රා ජේ මහත්තය නේ.
          I still remember those days. Yes, people got (rightfully) angry, when dvibhashaa parameshvara, Pra started writing in English, in Sinhala blogs. In contrast, few others wrote in Sinhala using English letters (FYI; I do not mind either way). I am glad that Pra is still here, reading every single post I write.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s