මයිනුන් හා මිනිසුන්!


IMG_2274

මලානික සැන්දෑව

ඊයේ පෙරේද සතියේ දවසක උදේ වහලේ උඩ  මහා කාලගෝට්ටියක්. උදේ කියන්නේ ඉස්සර තරම්ම නොවුණත්, අපටත් ටිකක් කලබලකාරී වෙලාවක්. ඒ වන වීට මා නම් නැගිටලා පැය  දෙකක් පමණ වුණා. එළියේ තියන බංකුවට නැගල බැලුවහම, මයිනන් දෙදෙනෙක් උඩ  පනිමින් කෑ  ගහනවා.

මා දුටුවා ගමන්, උන් දෙන්නම ඉගිලිලා ගියා. හැබැයි තටු ගහන සද්දේ හා කලබලකාරී ගතිය එහෙමමයි. දුටුවේ නැතත්, මොකෙක් හරි කුරුල්ලෙකු වහලේ තියන පීල්ලක  සිරවී හෝ නැත්නම් කපුටන් කෙටීමෙන් අඩපණව මැරෙන්න දඟලනවා ඇතැයි  මා සිතුවා.

පුතාට කන්න හදන එක පැත්තක තිබ්බ මා, ඉණිමග  දිගහැර වහලෙට නැග්ගේ, සතෙකුට නිකම් මැරිලා යන්න දෙන්න බැරි නිසා. මා සිතුව පරිදිම, පිල්ලක උඩබැලි අතට, තටු ගහමින් සිටියේ මයිනෙක්. මූ  කෑමක් සොයන්න පීල්ලට බැස්ස වෙලේ කෙසේ හෝ සිරවෙන්න ඇති.

IMG_2460

ක්‍රියාශීලි දවාල

උගේ තටු, පිල්ලේ එකතුවූ දූවිලි  හා රෑ  පින්න හා එක්ව හැදුනු, මඩ වලට එක්ව පීල්ලට ඇලිලා. දඟලන විට තවත් වැඩේ වකුර් වනවා මිස ගැලවීමක් නැහැ. සමහර විට, මව්පියන්ගෙන් ලඟදි වෙන්වුන යෞවනයෙක් වන්නත් හැකියි. අර කෑ  ගහමින් උඩ  පැන්නේ  මව්-පියන් වෙන්නත් ඇති.

කොහොම නමුත්, මයිනව අල්ලන් සෝදලා, ටිෂුයු කොළ වලින් තෙත මාත්තු කර පඳුරක තිබ්බහම ඉගිලිලා ගියේ ‘මිටින් අත ඇරිය කුරුල්ලෙකු’ ඉගිලිලා යනවා වගේමයි. මට මූව බේරා ඇරීම මහා ලොකු දෙයක් වුනේ නැහැ. නමුත් අර කෑ  ගහපු මයිනන් දෙදෙනාට නම්  මූට බේරීමට උදව් කිරීම සිහිනයක් පමණයි.

එදා හවස ප්‍රවුර්ති අහන විට කියවුන එක පුවතක් වුනේ, තමන්ගේම දරුවා වද  දී මරා දැමීම ගැන වරදකරු බවට ඔප්පු වුන, මවක් හා ඇගේ දෙවන සහකරු, එනම් දරුවාගේ සුළු පියා යන දෙදෙනාම වසර 30කට වගේ සිරේට නියම කරපු එක. දරුවා මර දැමීමට හේතුව වෙලා තිබුණේ, ඔහුගේ රුව, පියාට, එනම් අර අම්මගේ කලින් සහකරුට හුඟක් සමීප වීම නිසයි.

එම දරුවාට, දීලා තිබුණු වද  ගැන යම් විස්තරයක් මා පසුව වෙබ් ප්‍රවුර්තියක දුටුවා. දින 51ක් තිස්සේ දීලා තිබුණු වද වලින් කියල තිබුණු ටික භයංකරයි. රූපවාහිනියේ ප්‍රවුර්තියේ ඒ ගැන කියුව, නඩුව ගොනු කරපු කණ්ඩායමේ පොලිස් නිලධාරියා කියුවේ, එයා ගවේෂණය කරපු කේස්  වලින් දරා  ගන්න බැරිම එකක් තමා මේක කියා.

සිද්දිය මුලින්ම බලන්න ගිය වෛද්‍ය නිලධාරියා තව දුරටත් තමන්ගේ වෘත්තියේ නැති බවත්, ගවේෂණයට සහභාගී වුන පොලිස් නිලධාරීන් දෙදෙනෙක්ම, සේවයෙන් ඉවත්ව ගොස් ඇති වගත් එයාම කියුව.

මිනිස් සමාජයේ, සමහර විට සතුන් පවා නොපෙන්වන, අප තිරිසන් ගති යයි කියන මිනිසුන් ඉන්නේ මොකෝ, ඔවුන්ගේ හැසිරීමට හේතුවන කරුණු මොනවාද යන්න ගැන ඕනේ තරම් කරුණු ලියවී තියනවා. මා කියපු ප්‍රවුර්තියේත් අපේ වැඩිපුරම අවධානය යොමු වන්නේ, අපරාධය කරපු දෙදෙනා ගැනයි.

හැබැයි අප වැඩිය අවධානය යොමු නොකරන,  අර සේවය හැර ගිය මිනිසුන් තුන්දෙනාත් අපට කතාවක් කියනවා.

IMG_2388

දීප්තිමත් උදෑසන

Advertisements

10 Comments

Filed under Opinion, Social

10 responses to “මයිනුන් හා මිනිසුන්!

  1. මටත් ගොඩක් හිතට වැදුණේ, අර සේවය හැර ගිය අය ගැන තමයි.

    ලංකාවේ දුම්රිය අනතුරකින් කෙනෙක් මිය ගියාම, දුම්රිය රියදුරා ට මාස කිහිපයක නිවාඩුවක් ලැබෙනවා නේද?

    පොලිස් හෝ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කොහොමද දන්නෙ නෑ.

    • //නිවාඩුවක් ලැබෙනවා නේද?// ඒ ගැන මා දන්නේ නැහැ. ඇත්ත වෙන්න ඇති.

      මානි, ලංකාවේ නම් අපේ කාලේ දැක්ක එව්වා හැටියට (මේවා විඳපු අය ගේ කතාව ඊටත් දරුණුයි) හැමෝටම කවුන්සිලින් කරන්න ඕනේ.

  2. මේ ලෝකෙ මිනිසුන් විඳින දුක් වේදනාවන් නිරන්තරයෙන් අහන දකින එකත් මනස විකෘති වෙන දෙයක්…

    ළාබාල දරුවන් ඉන්න ළමා නිවාසයකට ආහාර වේලක් දෙන්න කියල මම එක් වරක් ගියා. ඒ එදාමයි ආයනම් ඒවගෙ තැනක පස් පාගන්නෙ නෑ කියල මම හිතාගත්ත. ඊට පස්සෙ කලේ සල්ලි කාගෙ අතේ හරි යවන එක. ඒ දරුවන්ගෙ දර්ශනය ඒ තරම්ම සංවේදීයි…

    මම කාලෙකට කලින් කියෙව්ව අසිමෝෆ්ගෙ විද්‍යා ප්‍රබන්ධයක්. අනාගත ලෝකයෙ මිනිසුන්ගෙ සියළු දුක් වේදනාවන්ට විසඳුම් දෙන්නෙ පරිගණකයක්.ලෝකෙ හැම නගරයකම පොඩි කුටි හදල තියනව ඕනම කෙනෙකුට ඒකකට ගිහිල්ල තමන් පෙලන දුක වේදනාව පරිගනකයට කියන්න පුලුවන්.පරිගණකය එව්වට විසඳුම් දෙනව.

    හැබැයි වැඩි කාලයක් වැඩේ කෙරෙන්නෙ නෑ.පරිගණකය දිවි නගගන්නව මිනිස්සුන්ගෙ දුක් වේදනාවන් අහල අහල දරා ගන්න බැරුව…

    • //මේ ලෝකෙ මිනිසුන් විඳින දුක් වේදනාවන් නිරන්තරයෙන් අහන දකින එකත් මනස විකෘති වෙන දෙයක්…// ඔව් රවී. ඒ විතරක් නොවේ, සමාජයේ නරකම දේවල් අල්ලන් තොරොම්බල් කිරීම මගිනුත්, එහෙම වෙනවා කියා මා හිතනවා. ගොඩක් වෙලාවට, නෙගටිව් දේවල් වලට අපගේ කැමැත්ත වැඩිනේ. සමාජ ජාල වල පවා, බනින්න දෙයක කොනක් අහු වුනොත්, බලන්න වෙන දේ.

      ඒ විතරක් නොවේ, ඉපදීම, ජිවත් වීම දුකක් යනුවෙන් මන්තර වගේ ජප කර ගැනීම මගිනුත්, අපේ ජීවිතය තවත් නරක් කර ගන්නවා.

      අර කතාවේ කොම්පියුටරය දිවි නහ ගන්නේ, වෛරස් ලෙඩක් හදාගෙනද?

  3. Tharu´ M ^_^

    ඔයිට නොදෙවෙනි සිදුවීම් ලංකාවෙන් අහන්න ලැබෙනවා රයිගම් …ඒවා අනුව කියන්න තියෙන්නේ මිනිසුන් තිරිසනුන් වෙලා කියලා විතරයි

    • එවැනි මිනිසුන් හැමතැනම ඉන්නවා තමා. ඔවුනගේ ක්‍රියාවන්ට අනෙක් මිනිසුන් දක්වන සංවේදී භාවය තමා සමාජයක දිශානතිය තීරණය කරන්නේ.

      • Tharu´ M ^_^

        අද සමාජයේ ඉන්නේ සංවේදී කමක් නැති මිනිසුන් රයිගම්…මෙවැනි සිදුවීම් අහලාදැකලා …මිනිසුන්ගේ හදවත් වියැලිලා ගිහින්

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s