දෑසේ මල් විලේ!


cropped-img_2287.jpgපසුගිය සිකුරාදා මා දවල් දවස ගත කෙරුවේ, නිව්සවුත් වේල්ස කුඩා නගරයක. වැඩ නිම කර දවල් කන්න යන විට හවස හතරත් පහු වෙලා. එහි තියන බේකරිය වහන්නත් ඔන්න මෙන්න වගේ. බේකරිය කියන්නේ මේ වගේ නගර වල තියන අත්‍යවශ්‍ය කඩයක් වගේම, ඒ ඒ නගර වලට ආවේණික ආහාර හා පැවතුම් ද අයිති කඩයක්. වහන්න ඔන්න මෙන්න නිසා වැඩිපුර යමක් තිබුනේ නැහැ.

ඉතිරිවී තිබුණ පයි (pie) වලින් අපට කැමති දේවල් ඇනවුම් කර, කිරි හෝ කෝපි  බිලා එළියට  බැස්ස. අල්ලපු කඩයක් වුණේ  රියල් ස්ටේට් නැත්නම් දේපොළ වෙලදාම් එකක්. වීදුරුවේ තිබුණ  විකුණන්න  දමා තිබුන නිවාස  හා ඉඩකඩම් ගැන මා කියුව්වේ හේතුවක් නිසා නොවේ.

විශාල ඉඩමක් එක්ක නිවසක් ගන්නට වැය කරන්න වන්නේ, අග නගරයක කුඩා ඉඩමක් හා ගෙයක් ගන්නට අවශ්‍ය වන මුදලෙන් සුළු කොටසක් පමණයි. අපත් එක්ක හිටපු සුදු ජාතියකයා මට කියුවේ, මෙහෙන් ගෙයක් අරන්, නගරයේ ගෙදර විකුණා ඉතිරි වෙන සල්ලි වලින් එක්කෝ ජීවත් වෙමින් හෝ නැත්නම් කුඩා ආපන ශාලාවක් විවුර්ත කර (එම ආදායමින් ජීවත් වෙමින්), නිස්කලංකයේ මෙමුවාර් එක (ජීවිත කතාව) ලියමින් ඉන්න හැකිනේ කියා.

ඔහු කියුවේ විහිළුවට වුවත්, නරක අදහසක් ම නොවේ. මා කියුවහම කවුද බං නීරස මෙමුවාර් කියවන්නේ කියා, ඔහු කියුවේ උඹට ඕක ටිකක් ලුණු ඇඹුල් (saucy) දාල ලියන්න පුළුවන්නේ කියා. ඇත්තටම සළුපට අහසට වගේ නමක් දාලා, පොඩ්ඩක් අතිනුත් දමල කතාවක් ලියන්න පුළුවන් තමා.

මා කියන්න හදන්නේ එය නොවේ. මා වගේ කෙනෙකුට, ඒ වගේ කුඩා නගරයක (ගමක) ජීවත්  වන්නට හැකිද කියන එක හා තවත් කරුණක්. ඇත්තටම, මා වගේ කෙනෙකුට, ඒවගේ කුඩා නගරයක ගොහිං  ජිවත් වෙන්න හැකිද? මා මේ කියන්නේ, ජිවත් වෙන්න හැකි පමණ මුදලක් එක්කෝ බැංකුවේ තැන්පත් කර හෝ නැත්නම් අර කියුව වගේ ආයෝජනයක් කර.

එය ඉතා අසීරු දිවියක්. එකක් ඔය ආයෝජනය එනම් කඩයක් කරන්න මට ලොකු කුසලතාවයක් නැතිකම. නැතිය කියන්න බැහැ, එය මට කර ගන්න පුළුවන් කියමුකෝ. ගෙවන්න බලාපොරොත්තු වන ජීවන  විලාසිතාව, එහිදී සොයා ගන්න පුලුවනිද? සිනමා හල්, ජිම්, පුස්තකාල හා විවිධ ජනවර්ග නොමැති ඒ කුඩා නගරයේ මගේ ජීවිතය මොන වගේ එකක් වනු ඇතිද? ගොඩක් දෙනා කතා කරන, සරල දිවිය කියන එක, ඔය තරම් ම සරලද?

ඒ ගැන හා මගේ සංක්‍රමණික ජීවිතය ගැන ලියන්න උත්සහ කරන්නම්. මේවා අසීරු මාතෘකා.

 

පසු වදන

අද මා කලක් සිට කරමින් හිටපු,  ගෙවත්තේ වැඩ ටිකක් නිමා කෙරුව. මේක ශාරීරික හා ආර්ථික වශයෙන් ඇඟට දැනෙන දෙයක්. ඒ මොකෝ කියන මා  කියන්න ඉහත මාතෘකාව ඇසුරින් උත්සහ කරන්නම්.

Advertisements

15 Comments

Filed under Opinion

15 responses to “දෑසේ මල් විලේ!

  1. /ඔහු කියුවේ උඹට ඕක ටිකක් ලුණු ඇඹුල් (saucy) දාල ලියන්න පුළුවන්නේ කියා. ඇත්තටම සළුපට අහසට වගේ නමක් දාලා, පොඩ්ඩක් අතිනුත් දමල කතාවක් ලියන්න පුළුවන් තමා./

    හයියෝ එහෙම කරන්න එපා රයිගම්..මම කිව්වෙ මේ ජීවිත අත්දැකීම් වලට අතිනුත් ලුණු ඇඹුල් දාන එක….මොන අසෝබන වැඩක්ද ඒ?…

    මම කවදාවත් එහෙම කරන්නෙ නෑ…අන්න අපේ මිස්ටර් ප්‍රා දන්නව ඒ ගැන….Don’t you Mr. Pra? 😀

    • හයියෝ රවී, ප්‍රාද, එයා දන්නවා ලුණු ඇඹුල් කියන්නේ මොනවාද කියා. 😀

  2. /ඒ ගැන හා මගේ සංක්‍රමණික ජීවිතය ගැන ලියන්න උත්සහ කරන්නම්. මේවා අසීරු මාතෘකා./

    Please do write Raigam…we are waiting

    • අසීරු දේවල් රවී.

      • රවි උන්නාන්සෙගේ මතකය යනු දිනෙන් දින වර්ධනය හා සංවර්ධනය වෙන අපූර්ව දෙයකි.
        මට දැන් අමතක වෙන හැටියට ඩිමෙන්ෂියා ටෙස්ට් එකකටවත් යනවද කියලා හිතන් ඉන්නෙ.
        ඒකට මිස්ටර් වීරසිංහ ! එතුමාගේ මතකයන් පැටව් ගහනවා ! 😀

        ඒක නෙමෙයි, රයිගම්ගේ මෙම්වා එක අපි ඉතා ආසාවෙන් බලාපොරොත්තු වෙනවා.

        // ඒ නගර වලට ආවේණික ආහාර හා පැවතුම් ද අයිති කඩයක්// My favourite kind of place !. Whenever I travel in or out of SL, I always prefer pottering around those to visiting big touristy places.

        • //ඒකට මිස්ටර් වීරසිංහ ! එතුමාගේ මතකයන් පැටව් ගහනවා// එතුමාට දේශපාලනය සුදුසු නැතැයි සිතමි. 😀

          මේ බේකරි නම් ප්‍රා, අප දන්නා හම්බල් බේකරිම තමා. ලංකාවෙත් ඔය තැන තැන තියෙන්නේ. සමහර එව්වයේ හදන පාන් වලට පවා ආවේණික බවක් තියනවනේ. අන්න ඒ වගේ. උදාහරණයකට කොහෙත් සොයා ගන්න පුළුවන් පයි, සමහර බේකරි වල වෙනස්. වෙන කොතනකදී වත්, එය ප්‍රතිනිර්මාණය කරන්න බැහැ.

  3. ඔබේ නිරීක්ෂණ සටහන් ඔබේ ඡායාරුපයක් වගේ සිත පැහැර ගත්තා රයිගම්

  4. අන්න කරනවා නම් වැඩ.කවුරුවත් නොකිව්වත් මොකෝ පොතක් කරන්න ඇහැකි නම් ….:D

    මම දන්නා අය ඉන්නවා නගර ආශ්‍රිතව තියෙන තමන්ගේ පර්චස් දහය,දොළහේ පුංචි ඉඩම් විශාල මුදලකට විකුණලා නාගරික පරිසරයට ඒ තරම් දුරස් නොවන පාළත් වලින් පර්චස් විස්සේ,තිහේ ඉඩම් ගෙවල් එක්කම අරගෙන ඉතිරි මුදල් වලින් වාහනයකුත් අර ගත්ත අය.
    හැබැයි ඉතින් මෙහෙ වගේ නෙමේ වෙන්න ඇතිනේ එහේ.

    • කවුරුවත් නොකිව්වත් මොකෝ පොතක් කරන්න ඇහැකි නම්// ඔව්, මේ බ්ලොග් එක වගේ මනෝ! 😀

      ඒ ගැන තමා මට ලියන්න ඕනේ වුනේ මනෝ. සමහර විට මට කියල තියන කරුණක් තමා, ටිකක් ඈතට ගිහිං ලොකු ඉඩමක් අරන් වවන්න හැකිනේ කියන එක. මා මේ කියන්නේ විශාල මුදලක් යට කරන එක නොවේ. නිවසක් සහිත කුඩා ඉඩමක් ගන්න එක. රටකින් රටකට ආවත්, කිලෝමීටර 50-100 ක් දුරට යන එක, ඒ තරම්ම සරල නැහැ.

  5. indumathie adikari

    සරල දිවිය !ඔව් .කියන තරම් ක්‍රියාත්මක කරන්න ලේසි නෑ .ලියන්න . ඔබේ අත්දැ කීම් කියවන්න මඟ බලන් ඉන්නවා .

    • වල් පල් ලෙස මෙහි දිගටම ලියැවී ඇත්තේ අත්දැකීම් ඇසුරින් ගොඩ නැගුනු අදහස් තමා ඉන්දු!

  6. මතක සටහන් කිව්වහම අර අරුණ අයිය වගේ අවුල් වෙන්නට පෙර එකක් පටන් අරන් මගදී අවුල් වෙන්නෙ නැතුව ඉවර කරලා දැම්ම නම් හරි 😀

    • හේ හේ!! අවුල් වුණාට පසු….. කියා පටන් ගත්ත නම්, අරූ ඕක ලියාගෙන යනවා.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.