පිටවෙන්නට ටිකට් පතක්!


IMG_2591.jpg

මගේ කලින් සටහනේ කුඩා නගරයට යලි ගියොත්, එහි සුදු ජාතික ජනාවාස ඇරඹෙන්නට අරන් තියෙන්නේ එක්දහස් අටසිය විසි ගණන් වල. එයිට කලින් ඇබෝරිජිනල්වරුන් එම ප්‍රදේශයේ ජිවත් වෙලා තියනවා. අපත් එක්ක හිටපු සුදු ජාතිකයා කියුවේ, එයාගේ මී  මුත්තා තමා එහි පළමු නගරාධිපති (සුදු කොලනි වල) කියා. ඔහු අයිරිෂ් ජාතිකයෙක්.

ඇත්තම කියුවොත් ඔහු හා තව කෙනෙක් මේ ප්‍රදේශයට ඇවිත් ගෙවල් හදා තියෙන්නේ, රජයෙන් ලැබුණු පිටවීමට අවසර පත්‍රය (Ticket of leave) නිසා. ඒ කියන්නේ ඔවුන් කන්වික්ට්ල නැත්නම් නීතියෙන් වරදක් කරපු අය වග ඔප්පු වෙලා, දඬුවම් නියම වුන පිරිස්. වැඩිදුර විස්තර වලට නොගියොත්, බ්‍රිතාන්‍යයෙන් ඕස්ට්‍රේලියාවට එවපු මෙවැනි වරදකරුවන්ට, මෙවැනි ටිකට් දීලා ගම් -පළාත් වලට පිටත් කර තියෙන්නේ, තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගන්න. ඒ කියන්නේ, රජයෙන් ඔවුන්ව නඩත්තු කරන්න වෙන එකින් බේරෙන්න.

IMG_2579.jpg

අර කතාවට ගියොත්, එම කාලයේ අයර්ලන්තගේ ඇතිවුන මහා දුර්භික්ෂය සමග, අර කෙනාගේ පවුල් වල තව කට්ටිය මිනිහ එහෙට ගෙන්න ගෙන තියනවා. අදත් එම නගරයේ සිටින බොහෝ පිරිස්, එම වාසගම සහිත පිරිස් වගයි දැන ගන්නට ලැබුණේ.

බොහෝ විට, ඉතා ලාබෙට අයත්කර ගන්නට දුන්නු ඉඩම් වල වගා කිරීම උනන්දු කිරීම තමයි ඒකාලයේ රජයේ අරමුණ වී තියෙන්නේ. ඒ අතරම රත්රන් හා වෙනත් ඛණිජ  නිසාත් සමහර පළාත් වල ජනගහණය  සීග්‍රව වැඩිවෙලා තියනවා.  හැබැයි රට ඇතුලට වෙන්න තියන මේ කුඩා නගර අද රඳා පවතින්නේ කෘෂිකර්මය මත. ඒ කියන්නේ ලොකු ජනගහණයක්  නැහැ.

එම ජනගහණය  ගොඩක් වෙලාවට එකම ජනවර්ගයකට අයත්, ඒ සුදු ජාතිකයන්. කොලනි සමයට කලින් පවා මෙහෙ ඇවිත් තියන චීන ජාතිකයන් මෙවැනි කුඩා නගර වල බොහෝ විට ඉන්නවා. නමුත් මා හිතන්නේ ප්‍රතිශතයක් ලෙස ඉතා කුඩායි. අප අග නගර වල දකින, විවිධ ජාතීන්ගේ සම්මිශ්‍රණය මේවායේ නැහැ. මා කලින් කියුව දේපොළ වල මිල සාපේක්ෂව අඩු, මෙවැනි තැනක පදිංචියට බලාපොරොත්තු වන පිරිස් එතරම් නොමැති නිසා.

ඕස්ට්‍රේලියාව කියන්නේ කොහොමත් පාලු රටක් නේ. මා එහෙම කියන්නේ, ලෝකයේ අනික් රටවල් සියල්ලම පාහේ ජනගහණයෙන් පිරී  ඉතිරී  ඇති නිසා. හැබැයි, කුඩා නගරයක දී, පාළුව යනු කුමක්දැයි හරියටම තේරෙනවා. ජිවිතයේ අප ෆෝ ග්රාන්ටඩ් ගන්න ගොඩක් දේවල් වලින් මිදී, ජිවත් වෙන්න සිදු වුණොත්, අපගේ ජීවිතය මොන වගේ එකක් වනු ඇතිද? මා හිතන්නේ, වෙනත් විකල්ප නොමැති විට නම් අප ඉක්මණින්ම  එවැනි අත්හැරීම්* වලට හුරුවනු ඇති. හැබැයි ස්ව-කැමැත්තෙන් අත් හරින්නට නම් ඉතා දුෂ්කරයි.

එතැනදී මා වැනි සංක්‍රමණිකයෙකුට බලපාන තව ප්‍රශ්නයක් තමා ජනගහණයේ  තියන ඒකීයත්වය. එයට දැනට යොමු වන්නට මා උත්සහ කරන්නේ නැහැ.

IMG_2578.jpg

ඕස්ට්‍රේලියාවේ ජනාකීර්ණ නගර සියල්ලම තියෙන්නේ මුහුදුබඩව. ජනගහනයේ විසිරීම ගැන මා කලින් සටහනකත් ලියා ඇති. රට ඇතුලට වන්නට තියන විශාලම නගරය වන කැන්බරා කියන්නේ, මිලියන භාගයකටත් අඩු ජනගහණයක්  ඉන්න තැනක්. මෙවැනි නගරයකට එන්න කැමති පිරිස් ද ලොකුවට සොයා ගන්න බැහැ.

එයට අමතරව රට ඇතුලට වන්නට විශාල පිරිස් මුල පටන්ම පදිංචි නොවීමට හේතුව මොන වගේ වෙන්න හැකිද? වසර දහස් ගණනක් ජීවත්  වූ, ඇබෝරිජිනල් වරුන් පවා, රට වටේට තමා සංක්‍රමණය වෙමින් ජනාවාස හදන් තියෙන්නේ.

අර මා කලින් කියුව වගේ ජනාවාස වල මුල් කාලය ගැන ලියවී තියන කතා වලට අනුව, ගොවිපොළවල් හදාගනිමින් පටන් ගත්තු ජීවිතය සැපදායක නැහැ. එය හුදකලාව හා ස්වභාවධර්මය යන දෙකම එක්ක අනවරත අරගලයක්. අර මි මුත්තා එයාගේ පවුලේ උදවිය ගෙන්න ගන්නට ඇත්තේ හුදකලා ගතියත් නිසා වෙන්න ඇති.

වෙනසක්  සඳහා නගරයෙන් දිනකට දෙකකට හුදකලා පරිසරයකට යාම හා එහි දිගටම ජීවත්වීම දෙකක්. සතුන් හෝ යන්ත්‍ර සමග පමණක් මුළු දිනයම පාහේ ගත කරන ගොවීන් මා දැක තියනවා. අතින් කටට දිවියකට එහා කෘෂිකර්මාන්තය නංවන්නට සුදු ජාතිකයන්ට හැකි වීම, ඔවුනගේ තියන වෙනස් ගුණාංගයක් කියා මා හිතනවා. එය ඕස්ට්‍රේලියාවට පමණක් සීමා  වෙන්නේ නැහැ. ආසියාවේ හා අප්‍රිකාවේ පවා එයට උදාහරණ සොයා ගන්නට පුළුවන්.

IMG_2586.jpg

*අත්හැරීම් ගැන කියන විට, එහෙම කරන්නට අපහසු දේවල් අතරට ආගම්, වෙනත් සංස්කෘතික අංගෝපාංග හා ආහාර පුරුදු ද මුලටම එනවා. මෙවැනි දේවල් වලට ජිවිතයේ මුල් තැනක් දීම, අපගේ චරණයට බාදාවක්. ජිවිතයේ යම් යම් අවස්ථාවල (අතීත) නැවතීමත් අන්න ඒ වගේම දෙයක්. එහෙම නැවතුන විට අපට ජිවිතයේ වෙනස්වීම් දැනෙන්නෙත් නැහැ. ප්‍රාථමික පන්ති වල, ද්විතියික පන්ති වල, සරසවි හා තෘතිය අධ්‍යාපන ආයතන වල, ගම්  හා නගර වල මනසින් නතරවීම් අප නිතර දකිනවා.

ශාරීරිකව සංක්‍රමණය වුවත්, මනසින් පිටවීමට ටිකට් පත නිකුත් නොවුණ ජීවිත ඕනේ තරම් ඇති වග මා  කියන්නේ සමහර සංක්‍රමණික පිරිස් වල ජිවන විලාසිතා නිරීක්ෂණයෙන්. පෞද්ගලික ජීවිතයේ  මෙවැනි තේරීම් අපට නොසලකා ඉන්න හැකි වුවත්, එවැනි ජිවිත තමන්ගේ සමිපතමයන්ට සමහර විට මහා කරදරයක් ද වනු ඇති.

Advertisements

16 Comments

Filed under Agriculture, Australia, Lifestyle, Migration, Opinion, Photography

16 responses to “පිටවෙන්නට ටිකට් පතක්!

  1. මොකද මේ කියන කුඩා නගරය?

  2. එය එතරම් වැදගත් නැහැ. කෘෂිකාර්මික කුඩා නගර සියල්ලම පාහේ එකයි.

  3. /ශාරීරිකව සංක්‍රමණය වුවත්, මනසින් පිටවීමට ටිකට් පත නිකුත් නොවුණ ජීවිත ඕනේ තරම් ඇති වග මා කියන්නේ සමහර සංක්‍රමණික පිරිස් වල ජිවන විලාසිතා නිරීක්ෂණයෙන්./

    මේ කතාව හරියටම හරි රයිගම්! සිංහලෙං කිව්වොත් “ඉන් අ නට්ෂෙල්”…හෙහ්,හෙහ්,

  4. ඔස්ට්‍රේලියාවේ ජනගහණයට සමාන ගණනක් සමග කුඩා දූපතක ඉන්න අපිට නම් හුදකලාව ඉන්න එක දැන් ලක්ෂරි එකක් වේගෙන එනවා

  5. ඒ කියන්නේ ප්‍රා දෙවෙනි අකුර හැලෙනවා කියන එකද?

  6. රටටම දෙවෙනි අකුර හැලෙනවා මෙහෙම දෙවෙනි අකුර හැලිලා බෝවුනොත්

  7. කොමියුනිට්ස් රටවල කෙරුවා වගේ ඕස්ට්‍රේලියාවෙත් නගරබද ජනතාව ගම්බද වගා බිම් වලට බලහත්කාරයෙන් යැව්වා නම් මොනවා වේවිද අද වන විට.

  8. මනෝ, වියලි රටක් වන ඕස්ට්‍රේලියාවේ කෘෂිකර්මය නරක යයි කියන්න බැහැ. ඔය බලයෙන් යවනවා කියන එව්වයේ ඇත්ත නැත්ත දන්නේ නැහැ නේද?

  9. Hello! Something wrong. I see not letters but squares.

  10. Thanks so much for visiting. This blog is written in Sinhala (a language native to Sri Lanka). That is why you see squares, but not letters. The Script can be seen when you install Sinhala (fonts) in to your computer. Sorry about that.
    BTW, your blog is wonderful, which I can see and read. 🙂

  11. Happy to learn something new.

  12. A great attitude!

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.