තවත් වසරක් අවසන්. බොහෝ දෙනා, සුපුරුදු පරිදි නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරේවා කියා පටාන් ගන්නවා ඇති. ඒ වගේම ජිවිතයේ මෙතෙක් කරමින් ආව ගොන් කම් වලින් සුවල්පයක් අතහරින්න හැකි නම් වඩාත් හොඳයි.
විභාග එකක් හෝ සමත් නොවුණ කට්ටඩියන් ගෙන් විභාග පාස් කරන්න උපදෙස් ගැනීම, කාන්තාවන්, ස්ත්‍රී විරෝධීන් ගෙන් තමන් මුහුණ පාන පුරස්න වලට විසඳුම් ඉල්ලගෙන යාම, නූතන (බටහිර) වෛද්‍ය විද්‍යාවේ පිහිටෙන් ජීවත් වෙමින්, අතීත කාල වලට යන්නට සිහින මැවීම, කිසිදා (වැඩිහිටියෙක් ලෙස) ගිහි ජීවිතයක් ගත නොකරපු ශ්රමනධාරින් ගෙන්, ගෘහ ජීවිතය ගෙන යාම ගැන උපදෙස් පැතීම, මා කියන ගොන් කම් වලින් සමහරක්. ඕවා ලැයිස්තුව ලියන්න ගියොත් ලබන අවුරුද්ද තෙක් නිමා කරන්න වෙන්නේ නැහැ.
මොනවා වුවත් පෞද්ගලික ජීවිතයේත්, රටක් වශයෙනුත් ගිය අවුරුද්දේ සිටියාට වඩා හොඳ තැනකට යන්න උත්සහ කිරීම තමා අප කළ යුත්තේ කියා මා හිතනවා. එයිනුත්, අපට වඩාත් බලපෑම් කල හැකි වන්නේ අපගේ පෞද්ගලික ජිවිතයට. දිළිඳු කමින් ඉවත්වීම හා වඩාත් සෞඛ්‍යසම්පන්න වීම ඉන් ප්‍රධානයි.
රටක් වශයෙන් නම් මෙවැනි දේවල් වලට විසඳුම් සෙවීමට, අන්‍යයන්ගේ සහයෝගයත් අවශ්‍යයි. ඒ ගැනත් හිතේ තියාගෙන, හැකි හැම විටම කොතරම් කුඩා වුවත්, තමන් බලාපොරොත්තු වන වෙනස් කම් වලට දායක වීම, අපට කරන්න හැකි දෙයක්.
මා කිසිම ‘ආගමක්’ අදහන කෙනෙකු නොවේ කියුවොත් එය ඇත්තට වඩාත් සමීපයි. හැබැයි සිද්ධාර්ථ නැතිනම් ගෞතම බුද්ධ කියන්නේ, අපේ මනුෂ්‍ය ශිෂ්ටාචාරයේ හිටිය අපූර්ව කෙනෙක් විතරක් නොවේ, ඔහුගෙන් පසුව මෙතෙක් ඔහුට සමීප වන්නට උපදුන කෙනෙක් නොවේ කියා මා සිතනවා. ඔහුව තේරුම් ගන්න හැකි අය (මා වැනි සුපර්ෆිෂල් වත්) අද විරල වීම, අප මුහුණ දෙන ප්‍රශ්න වලට එක හේතුවක් කියා මා යෝජනා නොකර ඉන්නම්. 🙂
ඒ වෙනුවට, ලබන නව වසර, ඔබ බලාපොරොත්තු වන විදිහේ එකක් වේවා යයි කියා පතන්නම්!!!!!!