කටු ලොවි හා ඇපල්!


අපට ග්‍රීෂ්ම කාලය නිසා, වෙනදට වඩා විවිධත්වයක පළතුරු  දැන් තියනවා. ඊයේ පෙරේද ගමකට ගිය වෙලාවක චෙරි ටිකක් අරන් ආව. නිකම් දුටුවට ගත්තේ. මන් ගත්තු මිළ ගැන අහපු වැඩකරන තැන එකෙක් මට හිනා වුණා. මිනිහ මාර්කට් එකෙන් ගත්තේ එයිට හතර ගුණයකට අඩුවෙන් කියා. ඔව්, වැඩේ එහෙම තමා. අර අලුත් ම අලුත් කියා සිතුණු  නිසා මන් ගත්තේ. මහා ලොකු වෙනසක් නැහැ.

අපගේ කුඩා කාළයේ  ගෙවතු වල තිබුණු පළතුරු  ගැන සටහන් මා කලින් ලියා ඇති. ඒ දිනවල පළතුරු  කඩෙන් ගන්න ලොකු අවශ්‍යතාවයක් තිබුණෙත්  නැහැ, අපට පළතුරු  කාපන් පුතේ කියා බල කරන්න අවශ්‍යතාවයක් තිබුනෙත් නැහැ.

දැන් සමහර දරුවන්  දරුවන් පළතුරු  කන්න දක්වන කම්මැලි කමට හේතුව ලෙස මා හිතන්නේ වෙන ජරාව ඕනේ තරම් තිබීම. ඔවුනගේ දිව මේවට කැමැත්තක් නැතුව ඇති.  බටහිර නම් මහා මිනිසුනුත්, ජරාව වැඩිපුර කන්න ආසය කියා දත්ත පෙන්වනවා.

ආහාර වල තියන රසය පමණක් නොවේ, පෙනුමද අනුව ඒවාට අපට ඇතිවන ආසාව වෙනස් වනවා. ඉස්සර ඔය ලංකාවේ, ‘ෆ්රුට් සැලට්’  කියා පළතුරු  චොප්ප කර හදන, ජරාව කන්න මට නම් කිසි ආසාවක් ඇතිවී නැහැ. එසේ වුවත්, සමහර පළතුරු  කෑලි වලට වලට නොකපා කන්න අමාරුයි නේ.

පළතුරු කපන්න වෙනම  කටර්  විතරක් නොවේ, ඔය අලිගැට පේර දෙකට කපා, එක පළුවක්  කා, අනික අරන් තියන්න විශේෂයෙන් හදපු ඒ හැඩයේ කෝප්ප පවා තිබීම, පළමු ලෝක ප්‍රශ්න වලට උදාහරණ කියා, ඔබ කියුවොත් එහි ලොකු වරදක් නැහැ.

සමහර පළතුරු  වර්ග කාපුවහම, උගුරේ ‘කහට ගතියක්’ බැඳෙනවා විතරක් නොවේ, දත්වලත් කහට බැඳෙනවා. කටු ලොවි අන්න ඒ වගේ පලතුරු වර්ගයක්.

තවත්  සමහර පළතුරු  කපා ටික වෙලාවකින් කන්නට හිතෙන්නේ නැති ගතියක් තියනවා. මොකද කියනවා නම් දුඹුරු පැහැයට හැරෙන නිසා (කහට පිපීම). ඇපලුත් ඒ ගණයට වැටෙන්නේ. හැබැයි, කැපුවත් (කොළ පාට කෙසේ වෙතත්), දුඹුරු නොවන ඇපල්  වර්ගයක් මේ වසරේ ඔක්තෝබර වලට වෙළඳපොළට ආව කියා ප්‍රවුර්තියක් මා දුටුවා. ඒ ඇමරිකාවේ නිසා, මා නම් දැක නැහැ. මොකද ඇපල් කැපුව විට දුඹුරු පැහැය ගන්නේ කියා දැන  ගන්නම ඕනේ නම් මේ FAQ කියවන්න.

 

8 Comments

Filed under Food

8 responses to “කටු ලොවි හා ඇපල්!

  1. පෝස්ට් එකේ කටු ලොවි සහ ඇපල් ඇරෙන්න අනිත් ඔක්කොම තියනව 😁

  2. අර කවුද කෙනෙක්, ඇඹරැල්ල ගැන ලියන්න ඇවිත්, අඹවල්ලක පින්තූරයක් දැමුවා වගේ නේ?

  3. හැබෑටම කටු ලොවි වලට මොකද්ද උනේ රයිගම්

  4. ඔව් ගුණේ, කටු ලොවි මග හැරුණා. 🙂

  5. pra jay

    උගුරැස්ස හා කටු ලොවි අතර නමෙහි හැර වෙනසක් තිබේද? එසේ නම් ඒ කුමක්ද?

  6. //උගුරැස්ස සඳහා කටුලොවි, කටු කුතුන්දා, උක්කුරැස්ස, බොරළු දමුණු යනුවෙන්ද ව්‍යවහාර කෙරේ.

    පැසුණු උගුරැස්ස ආහාරයට ගත් පසු උගුරෙහි කහට ස්වාභාවයක් බැදෙන බැවින්, ශ්‍රි ලාංකිකයන් උගුරැස්ස, යන නාමය මෙම බෝගයට යෙදුවා විය හැකිය. උගුරැස්ස ශාකයෙහි වැඩෙන අවධියේ කෙඳහි දක්නට ලැඛෙන කටු ස්වාභාවය නිස ,කටුලොවි, යන නාමය භාවිතයට එන්නට ඇත. // (https://www.doa.gov.lk/FCRDC/index.php/si/2015-09-22-05-59-42/83-flacourtia-indica-si)

    මන් හිතන්නේ ප්‍රා, මේ නම් ප්‍රාදේශීයව වෙනස් වනවා. අප පොඩි කාලේ ඉඳන් කියුවේ කටු ලොවි කියා පමණයි.

  7. රස පළතුරක් වගේ මිහිරි සින්දුවක් තමයි යටින් නම් දාලා තියෙන්නේ.