වසර අවසන්?


Image result for bottle images

මේක නම් ගිණුම් ලෝකයක්ම තමා. උත්සව දින නිසා, කඩ වල්  වල සූ ගාල සෙනග. ඔය සමහරුන් කියනවනේ, මේවා වෙළඳ උප්පර වැට්ටි  කියා. ඔව්, එහෙම එකකුත් තියනවා තමා. හැබැයි ඉතිං, මිනිසුන් මේ වගේ දේවල් කරන්නේ තමන්ගේ කැමැත්තෙන්. ඒකාකාරී දිවියට වෙනසක් ගෙනෙන, නෑදෑ හිතවතුන් සමග එකතු වන්නට ඉඩ ප්‍රස්ථා  හදන මෙවැනි උත්සව අවස්ථා ගැන මා නම් හිතන්නේ සුබවාදීව.

සමහරුන් හැම දෙයකම වැරදි දකිනවා. පෙරදිග ඉඳන් බටහිරට බනිනවා. බටහිර ඉඳන් පෙරදිගට ආවඩනවා. මෙවැනි දේවල් (විවේචන) කියවන්න, නරඹන්න හා අසන්න අප හරි ආසයි. හැබැයි, ඒ තේරුමක් නැතුව. මෝඩ චූන් කියන්නේ මේවගේ දේවල් වලට. මෝඩ චූන් වලත් ලොකු වරදක් නැහැ. හැබැයි ජිවිතයම මෝඩ චූන් වලටම යට වෙන්නට ඉඩ දීම ටිකක් ගොන් පාර්ට් එකක්. මොකද, අපට ගොඩක් දේවල් මග හැරී යනවා ඒ නිසා.

සමාජයක ජීවත්  වන විට, අප කැමති අයුරින් ජිවත් වෙනවා යයි කීම ටිකක් බොරුවක්. මොකද, අප කැමති නැති නමුත් කරන ගොඩක් දේවල් තියනවා. එහෙම නැති වුවොත්, හැමගේම ජිවිත අවුලකට යනවා. හැබැයි, ඒ අතරේ අප කැමති විදිහට ජිවත් වෙන්න හැකි අයුරින් උත්සහ කරන එක මට නම් වැදගත් දෙයක්.

මා මේ කියන්නේ අපට තෝරා ගැනීම් ඇති විට, එව්වා අපගේ කැමැත්ත පරිදි තෝරා ගැනීමයි. හනේ, ඕක කවුරුත් කරනවනේ කියා ඔබ කියාවි. නැහැ, මා ඔබට උදාහරණ දෙන්නේ නැහැ. ගොඩක් දෙනා එහෙම නැහැ. තමන් අකමැති වුවත්, අනුන් තෝරා  දෙන දේවල් ඉවසන පිරිස් අප හිතනවට වඩා ගොඩක් වැඩියි.

 

Advertisements

4 Comments

Filed under Opinion

4 responses to “වසර අවසන්?

  1. pajayatunga

    Hmm

    • හේ හේ, ලියන විටම කියවන කෙනෙකු සිටීම, මා අකමැති නැති දෙයක්. මේ වසරේ යලි නොලියුවොත්, ඔබට ලබන වසර, ඔබ කැමති ආකාරයේ ප්‍රීතිමත් එකක් හා අප හමුවන එකක් වේවා යයි පතමි. 🙂

  2. indumathie adikari

    අන්තිම වාක්‍යය අප බොහෝ දෙනෙකුගේ ජීවිත ස්වභාවය කැටි කොට කියනවා .ඔව්. ඒක එහෙමම තමයි !

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.