සර්පයින් ඉවීම!


ඔන්න යාළුවනේ, සංක්‍රමණිකයන් කරවල හා බත් කනවා කියල විශාල ප්‍රශ්නයක් තියන නිසාත්, මා අද ගෙදර නිසාත් කන්න යමක් හදන්න හිතුවා. වැඩිය සංකීර්ණ වුවොත්, ඉවීම පමණක් නොවේ ඉන්පසු කෑමත් එපා වන නිසා සරල කෑමක් හදන්න තමා හිතුවේ.

කන්න උයන එක එපා කරපු දෙයක් කියා ගොඩක් දෙනා කියනවා. එහෙම හෝ කියන්නේ උයන අයම තමා. උයන්නේ නැති, කන අයට උයන එක එපා කරපු දෙයක් වන්නේ නැහැ. පසුගිය දිනෙක මාත් එක්ක කතා කරපු, ඉන්දියානු යුවතියක් කියුවේ, එයාට, තනිව කන්න උයන්න පැයක්  විතර යනවා කියා.

එම යුවතිය ශාක භක්ෂක කෙනෙක්. උයන දේවල් හා උයන හැටි හැටි ඇහුවහම, මට පැයක්  යන්නේ මොකද කියා තේරුණා. බත් හට්ටියක් හරියට ඉදවා ගන්න බැරි, ගොඩක් දෙනා ඉන්න ආසියානු සමාජයේ, ඇයගේ  කතාව විරල එකක් නොවේ. ඉවීම පර්යේෂණ ඔස්සේ, සංවර්ධනය කරන්න අවශ්‍ය කාර්යයක්. ඇයට අවශ්‍ය දේවල් උයන්න, මට විනාඩි 30ක් හෝ යන එකක් නැහැ.

මා උයන්න පටන් ගත්ත හැටි ගැන ලියවුන පොස්ට් එක සමහරවිට දැන් මකා දමලත් ඇති. එදා පටන් අද වෙනතුරු රටවල් දෙක තුනක අත්දැකීම් ඔස්සේ මා ඉවීම වෙනස් කරගෙන තියනවා. හරියටම කියුවොත් වෙනස් වෙලා නැත්නම් පරිණාමය වී තියනවා. ඉස්සර බ්ලොග් ලියුව, අරූ වගේ කට්ටිය ඉවීම, වෘත්තියක් ලෙස ප්‍රගුණ කර තියනවා. ඔවුනගේ ප්‍රසන්ටේෂන් පවා, අපට වඩා වෙනස්. එව්වා ගැන ලියන්න අරුන්ට ම බාර දෙමු.

අද මා ඉයුව දෙය, ලංකාව වැනි රටවලට ගැලපෙන එකක් නැහැ. එහෙම වන්නට ඕනිත් නැහැ. අවශ්‍ය ද්‍රව්‍ය: කුකුළු කකුල් (උකුල සමග) 6ක්, රතු වයින් කෝප්පයක්, බේ පත්‍ර 4ක්, සුදු ලූනු බික් 4ක්, තයිම් ටිකක්, හතු ග්‍රෑම් 300ක් පමණ, රතු ලූනු හෝ ලූනු කෝප්පයක ප්‍රමාණයක, බේකන් ග්‍රෑම් 200ක් විතර, කුකුල් (හෝ වෙනත්) සුප් ද්‍රාවණය ලීටරයක් පමණ හා බීමට යමක්. දැන ගැනීම පිණිස ලියන්නම්, ලාබ  වයින් එකක් ගත්තොත් (ලාබ  වයින් දමා හදන කෑම, ලාබයි, ඒ කියන්නේ රසයෙනුත් අඩුයි කියා ඉවීම, ඉගෙන ගත්තු පිරිස් කියනවා) මේ සේරටම යන වියදම ඕස්ට්‍රේලියානු ඩොලර් 25ක් පමණ වෙන්න පුළුවන්.

මුලින්ම බීමට යමක් ගත්තු දෙය විවුර්ත කර වීදුරුවකට වත් කර ගන්න ඕනි. නැහැ, ඒ විහිළු. මුලින්ම, කුකුළු මස් ටික දුඹුරු කර ගන්න ඕනි. මස් දුඹුරු කර ගන්න හැටි දන්නවද? අපි කර කර ගන්නවා කියන්නේ. මස් දුඹුරු කර ගැනීම මගින්, රසය (මස් වල) සීල්  කරනවා කියනවා. මා කෙරුවේ, හම ගලවපු කුකුල් මස් ටික, පිටි වල දවටලා, සාස් පානක තෙල් දුම් දමන්න රත්කර, එයට දමා එක පැත්තක් දුඹුරු පාට වන තුරු බැදෙන්න හැරීම. ඉන්පසු අනික් පැත්ත පෙරලා එම පැත්තත් දුඹුරු කර ගැනීම. යන වෙලාව වෙනස් වන්න පුළුවන්.

මේ වගේම සුදු  ලූනු, ලූනු, බේකන් (පොඩි කෑලි වලට කපා ගත්තු), හතු යනාදිය සේරම දුඹුරු පාට  වන තුරු බැද ගන්න ඕනි. දැන් සේරම සුදානම් විට, උදුනකට දැම්ම හැකි හට්ටියක් ගෙන, වයින් කෝප්පයද සමගින් අනෙක්  ද්‍රව්‍යද එයටම  එක් කර, මස් හා සේරම වැහෙන්න අර සුප් ද්‍රාවණය දමා,  පියන වසා සෙන්ට්‍රිගේට් අංශක 150 උෂ්ණත්වයක් යටතේ උදුනක පැයක්  පැය එකහමාරක් පමණ උයා ගන්න අවශ්‍යයි. ලුණු, මිරිස්, ගම් මිරිස්, තමන්ගේ කැමැත්ත අනුව එකතු කරන්න. ඉවීම කෙරෙන අතරේ බීමට යමක් ගත්තා නම් එය ඉවර කරන්නත් පුළුවන්.

උදුනකට දමන්නේ නැතිව, ලිපේම  මේක උයා ගන්න හැකියි. හැබැයි මද ගින්නේ පැයක්  විතර ඉදෙන්න දෙන්න. ටිකක් වෙලා යන ඉවිමක්. ඕක ප්‍රංශ කෑමක් වන Coq au vin වල මගේ ඉන්ටර්ප්රිටෙෂන් එකයි. මා කෑලි  මිරිස් ටිකක්  එකතු කරන්න අමතක කරන්නේ නැහැ. ඕකත් එක්ක කන්න, බත්, පාස්ටා හා අර්තාපල් තම්බා තලා හෝ එකතු කර ගන්න පුළුවන්.

වැඩ ඇරිලා ගෙදරවිත්, ඔය වගේ දේවල් කරන්න වෙලාවල් හෝ මනසක් නැහැ. ඒ වගේම වෙනම අවශ්‍ය ද්‍රව්‍ය ගෙනත්, උයන්නත් සතියේ දිනවල හැකි වන්නේ නැහැ. ඒත්, කන්නට වෙනත් අය  ඉන්න විටත්, උයන්න වෙලාව (හා අවශ්‍ය ද්‍රව්‍ය ගන්න මුදල් තියන විටත්), වෙනසක් හා විනෝදයක් අවශ්‍ය විටත්, ඉවීම වෙනස් කර ගැනීම අපට සතුටක් ගෙන දෙන දෙයක්. එහෙම නැති වෙන්නත් පුළුවන් තමා. එහෙම වන්නේ අප උයන්න නොදන්නා විට. ඉවීම විතරක් නොවේ, ඕනෙම දෙයක් නොදන්නා විට, එවැනි දෙයක් කිරීම පමණක් නොවේ, එව්වා ගැන සිතීමත් අපට අප්‍රිය දෙයක් වනවා.

 

පසු වදන

මා කියන්න උත්සහ කරන්නේ, ඔබේ දිවිය ඒකාකාරී වන්න දෙන්න එපා. අපේ දිවියත් ඒකාකාරී තමා. ඒත් හැකි විට වෙනස් කර ගන්න උත්සහ කරනවා. ඔබට උයන එක, මා කලින් කියුවා වගේ වධයක් වෙන්න පුළුවන්. එහෙනම්, නිවාඩු දිනවලත් උයන්න ගත කර ජීවිතය අවුලක් කර ගන්න එපා. කඩෙන් කන්න ගෙනත්, ටීවී බලමින් මොනවා හරි බොන්න හැකිනේ?

පසුම පසු වදන

මගේ  ලිවීම් එන්න එන්නම ‘බොළඳ’ වීමක් ගැන ඔබට හිතෙනවා නම්, ඒ ගැන මගේ කණගාටුව. ලෝකේ පෙරලි ගැන ලියන ගොඩක් දෙනා ගේ, පෞද්ගලික ජීවිත ඉතා සරළ, එනම් තමන් කියන දෙයට ඉතාමත් ප්‍රතිවිරුද්ධ නිසා කියා මට ජිවිත අත්දැකීම් වලින් හැඟී ගිය නිසා, මා එවැනි ලිවීම් වලින් එන්න එන්නම ඈත්  වී යනවා.

Advertisements

4 Comments

Filed under Food, Lifestyle, Opinion

4 responses to “සර්පයින් ඉවීම!

  1. //අනික් ද්‍රව්‍යද එයටම එක් කර//
    ආගිය අතක් නැති වී ඇති රතු වයින් කෝප්පයත් “අනෙක් ද්‍රව්‍ය” වලට ඇතුළත් කියා හිතනවා.

  2. මේ බොළඳ ලිපිය හොඳයි. මා එයට කැමතියි.

    උදුන, අවන් එකක් ද, මයික්‍රොවේව් අවන් එකක් ද?

    • අදහස් කෙරුවේ, සාම්ප්‍රදායික (ගෑස් හෝ විදුලි) උදුනක් මානවී. නිකම්ම ලිපේත් හදන්න හැකියි.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.